බෞද්ධ ධර්මය ලොව පැතිරවීමේදී උත්තරීතර කේන්ද්‍රස්ථානය ලෙස වැජඹුණ ඉසිපතනාරාමය විනාශ වුයේ ද ඉතාමත් ඛෙදජනක අන්දමිනි෴
Welcome !
නමෝ බුද්ධාය !
Cross Browser Support
"අප්පමාදෙන සම්පාදෙථ" අප්‍රමාදයෙන් නිර්වානය පිණිස කටයුතු කරගනිවු !
This is an example of a large container with 5 columns
නිවැරදි ධර්මය සැමදා විද්‍යමාන නොවේ..... අධර්මයෙන් එය වැසීයමින් පවතී......
යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා නොගනීද... එවන් අයහට නොපමාව එම විපත දැන හඳුනා ඉන් මිදීමට උපකාරය පිණිස ද
යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා ගනීද... එවන් බුද්ධිමත් නැණවතුනට අංශුමාත්‍රයක හෝ උපකාරය පිණිස ද දරන උත්සාහයකි මේ.....
ඔබේ ප්‍රඥාව, ධෛර්ය, වීර්ය, කාලය යොදවා ඔබ පුහුණු කරන ධර්මය ඔබ සුගතිය කරා රැගෙන යනු ඇත.
දහම් විලේ මූලික අරමුණ සැදැහැවත් මිනිසුන් වෙනුවෙන් ඒ මඟ පෙන්වා දීමයි. ධර්මය අසන්න. ධර්මය පිළිපදින්න..
Here is some content with side images
බෞද්ධයන් වැඩි දෙනෙක් සිතා සිටින්නේ මරණින් මතු තමන් නැවතත් මේ මනුලොවම උපදින බවයි. නමුත් ඒ පින ඇත්තේ ඉතාමත් ම ස්වල්ප දෙනෙක්ට පමණක් බව බොහෝ දෙනා නොදනී. මේ නිසාම ඔවුන් බොහෝ අකුසලයන් සිදු කරන්නේ යළි කිසිදාක මේ මනුලොවට පැමිණෙන්නට නොහැකි වන තරමින් ය. යමෙක් පෙර පිනකින් මේ මනුලොව නැවත උපන්නත්, අනාගතයේ පිරිසිදු සත් ධර්මය ඉතා දුර්ලභ වීමෙන් එසේ මනුලොව උපදින්නන්ට බුදු දහමේ පහස ලබන්නට නොහැකි වේ.Read more...
යමෙක් නුවනින් සිතා නැවත මේ මනුලොව පැමිණෙනු වෙනුවට දිව්‍ය බ්‍රහ්ම සුගතියක උප්පත්තිය සඳහා ධර්මයෙන් පිහිට ලබන්නට උනන්දු වේ නම් හේ සැබෑ පුණ්‍ය වන්තයෙකි. අඩුම තරමින් වසර පනහක හැටක මනුලොව විඳින සැප දුක් අභිබවා කල්ප ගණනක දිව්‍ය බ්‍රහ්ම සැපය පිණිස හෝ මිනිසා අති දුර්භ වූ මිනිසත් භවය ප්‍රයෝජනයට ගත යුතුයි. ඒ සඳහා ඇති එකම ඵල සහිත මාර්ගය වන්නේ බුදු දහමේ පිහිට පමණකි. යම් කිසිවෙක් ඒ වෙනුවෙන් කටයුතු කරයිද, එසේ කටයුතු කිරීමට සිතයිද හේ බුදුධිමත් අයෙකි. Read more...

කවරෙක් වුව දිව්‍ය බ්‍රහ්ම සුගතියක උප්පත්තිය ලබා එහි අති දීර්ග කාලයක් පුරා ලබන්නා වූ අතිමහත් වූ සැපයන්ගෙන් මුලා නොවී තවදුරටත් ධර්මය පුරැදු කරයි නම්, එහිම පිරිනිවනට පත්වෙන්නට මෙන්ම බුදුවරැන් වෙතින් ධර්මය අසන්නට තරම් අති පුණ්‍ය වන්තයෙක් වෙයි...
This is a heading title
සදහම් සිසිල
ධර්ම ගරුත්වය ඇති වන්නේ අප තුල ධර්මය කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගෙන ඒ වැඩිදියුණු කර ගැනීමෙනි. ධර්ම රත්නය ගැන ශ්‍රද්ධාව ඇති කරගැනීමට ධර්ම රත්නයේ ගුණ සහ එහි අනන්ත බව දැනගත යුතුය. ධර්ම රත්නයෙහි ගුණ පිළිබඳව ඇති වැටහීමත් ඒ ගැන ඇති ශ්රද්ධාවත් අනන්ත සම්බුදු ගුණ....Read more...
අපගේ ශාස්තෘ වූ තිලෝගුරු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ජේතවනාරාමයහි වැඩවාසය කරන සේක් උතුම් වූ අනේපිඬුමහසිටානන් විසින් මෙහෙයවන ලදුව ඔහුගේ යහළු එක්තරා අන්‍යලබ්ධික තීර්ථකයන් පන්සියදෙනෙක් භාග්‍යවතුන් වහන්සේගෙන් ...Read more...
Lists in Boxes
Here are some image examples
යෝගියා සීලයක පිහිටා ඊට ආදර ගෞරවයෙන් යුතුව සීලය ආරක්ෂා කර ගතයුතු වේ. සීලයට අහිතකර කරැණු වන ක්‍රෝධ, වෛර, තෘෂ්නාව, මානය, කම්මැලිකම, කාමරාගී සිතුවිළි වැනි දේ වලින් සිතට බාදා ඇති නොවන පරිදි හැකිතාක් ආරක්ෂා විය යුතු....Read more...
ලංකාවේ අන්තිම රහත් හිමිනම මලියදේව මහ රහතන් වහන්සේ යැයි පොදු ජනයා තුළ මෙන්ම බොහෝ උගතුන් තුළ ද විශ්වාසයක් ඇත. මේ විශ්වාසය අදහස කොතෙක්දුර තර්කානුකුල දැයි විමසීම මේ ලිපියේ පරමාර්ථයයි. පළමුවෙන්ම මලියදේව රහත් හිමියන් ජීවත්වුණු රහත් හිමියන් ජීවත්වුණු වකවානුව....Read more...
Lists in Boxes
Here are some image examples
"මහණෙනි, යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ උතුම් සම්මා සම්බෝධිය අවබෝධ කළ සේක්ද, යම් රාත්‍රියක පිරිනිවන් පාන සේක්ද, ඒ අතරතුර යමක් වදාරත්ද, ප්‍රකාශ කරත්ද, ඒ සියල්ල එලෙසම සිදු වේ. වෙන ලෙසකට සිදු නොවේ. එමනිසා තථාගත යන නම යෙදී ඇත."Read more...
ධර්මදේශනාවන්ට සවන් දිය යුත්තේ කවර අරමුණක් උදෙසාද කියා අද බොහෝ දෙනෙක් නොදනී. බෞද්ධ හෝ අබෞද්ධ හෝ කවරෙකු වුව සත්ධර්මය ශ්‍රවනය කිරීමෙන් මේ මහා තෙරක් නොමැති සසරේ භයානක පැවැත්ම දැන නුවනින් විමසා අවබෝධ කර ගැනීම... Read more...
Lists in Boxes
Here are some image examples
ශ්‍රද්ධාව බලවත් කළ හැක්කේ කෙසේද...? බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝයා ගැන මෙන්ම කර්ම - කර්ම ඵල විශ්වාසය තදින් සිතට ගැනීමෙනි. අතිශයින් පැහැදීමක් ඇතිකර ගැනීමෙනි. වඩාත් ශ්‍රද්ධාව බලයක් බවට පත්කර ගැනීමෙනි.
Read more...
භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ යම් කෙනෙක් තුළ ශ්‍රද්ධාව තියෙනවා නම්, ශ්‍රද්ධා බලය තුළ එය පිහිටා සිටිනවා නම් ඒ තාක් එයා තුළ අකුසල් හට ගන්නවා කියන දේ සිද්ධ වෙන්නේ නෑ කියල. හිරි බලය තුළ පිහිටා සිටිනතාක් එයා තුළ අකුසල්... Read more...


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න
දිවි නසා ගැනීම ප්‍රාණඝාත කර්මය.......
මස්මාංශ අනුභවය පිළිබඳව....
මස්මාංශ අනුභවය පිළිබඳව සමාජයේ විවිධ මත පවතී. කෙනෙක් මස්මාංශ අනුභවය පවට අනුබල දීමක් යෑයිද ඒ නිසා මස් මාංශ අනුභවය පවක් යෑයි ද තර්ක කරති. කෙසේ හෝ වේවා මේ තත්ත්වය හමුවේ අසරණ වන බෞද්ධ පින්වතුන්ට මෙහි සැබෑ තත්ත්වය පහදා දීම මෙම ලිපියේ අරමුණයි.Life Rahas
“පාත්‍ර ධාතුව“
බුදුරදුන්ගේ අසිරිමත් පුරිසදම්ම සාරථී ගුණයෙන් දමනය වූ කුලමානය
පොළොන්නරු යුගයේ රචනා වූ අමාවතුර ගද්‍ය කාව්‍ය තුළින් බුදුරජාණන් වහන්සේගේ පුරිසදම්ම සාරථී ගුණය ඔස්සේ උන්වහන්සේ බෝසත් කාලයේ සැඬොල් කුලයක මාතංග පණ්ඩිත නම්න් ඉපිද බරණැස් නුවර හතළිස් කෝටියක් ධනය ඇති කුල මානයෙන් ඉදිමී සිටි දිට්ටමංගලිකාවගේ පියාණන් වූ සිටුවරයා ඇතුලු පිරිසක් ද බ්‍රාහ්මණයන් පිරිසක් ද ජාතිමන්ත තවුසා ඇතුලු පිරිසක් ද, දමනය කළ ආකාරය ගුරුළුගෝමී නම් ,පඬිවරයා දක්වා ඇත්තේ සම්‍යක් දෘෂ්ටික සැදැහැතියන්ගේ බුද්ධ ගෞරවය , ආගමික ශ්‍රද්ධාව ඔප්නැංවෙන ආකාරයට ය. දිට්ටමංගලිකාව වනාහි කුලයෙන් උසස් යැයි හඳුන්වාගත් බරණැස් නුවර ධනවත් උසස් සිටුවරයකුගේ රූප සම්පත්තියෙන් අනූන දුටුවන් වශීකරවන එකම දියණියයි. ඇය කුල සම්පත්තියෙන් ද යුක්ත වූවා ය. ඈ වෙත පැමිණෙන පුරුෂයන්ගේ නොයෙක් දොස් දක්වා ප්‍රතික්ෂේප කිරීම ද කළාය. යහවත පැහැපත රෑපත හො රෑපසම්පත්තියෙන් කුල සම්පත්තියෙන් භෝග සම්පත්තියෙන් සම්පන්න වන බැවින් බොහෝ දෙනා විසින් පතන ලදුව යමෙක් යමෙක් ඇය කැමැති වී ද ඔහු ඔහු දැක ජන්මයෙන් හෝ අත් පා ආදියැ හෝ දොස් දක්වා උහු කෙරෙහි කවුරු වෙසෙති. ඒ කාලයේ අප මහා බෝසතාණන් වහන්සේ පහත් යැයි සැලකූ සැඬොල් කුලයේ මාතංග නමින් උපන් හ. දිනක් සැඬොල් බව ද ප්‍රකට කරවමින් ඇතුලු නුවරට පැමිණිය හ. එවිට දිට්ට මංගලිකාව ගංගාවක් වෙත දියකෙළියට යන අතර තිරරෙද්ද අතරින් මාතංග දුටුවා ය. කුලමානයෙන් මත්වූ දිට්ට මංගලිකාව ඉදිරියෙන් එන සැඬොල් මාතංග බලා පෙර කළ අකුසලයකින් එවන් දර්ශනයක් දුටුබව ප්‍රකාශ කරමින් මුහුණ සේදීමට ජලය ගෙනෙන ලෙස සේවකයන්ට දන්වා ආපසු හැරී මාලිගාවටම ගියා ය. අමාවතුර කතුවරයා කුල භේදයේ තරම අතිශය තීව්ර ආකාරය පෙන්වීමට දිට්ට මංගලිකාවගේ වචනයෙන්ම දක්වා තිබේ. ඔහු දුරින් එන්නහු දැක මේ කවරු යි පිළිවිසැ සැඬලක යනු අසා ඇපි කිනම් , අකුසලයක් කළම්හ. හෝ මේ කවර පාපයක්හුගේ විපාකය හෝ මා නස්නා කලෙක් වන්නේ වෙයි පිරිසිදුවන්නට යන්නෙමි සැඬක්හු දිටිමියි සිවුරු වෙවුල්වා ගරහා කෙළ පියා දැස්නට එනකල්හි වහා දිය ගෙනවැ සැඬලක්හු දුටු ඇස දු ,නම් කී මුවය දු දෙවිය මැනැවැයි දෙ වැ රථය නවතාගෙනැ හැම දෑ ගෙට දී යවා ගොස් ජනයට නැංගහ.පිරිවර ජනයෝද මාතංග පණ්ඩිතයා ළගට ගොස් අතින් පයින් තලා මැරුණේ යැයි සිතා කසළ ගොඩට දමා යන්නට ගියහ. පණ්ඩිතයා එවිට දිට්ටමංගලිකාව විවාහ කරගනිමි සිතා එතැනින් නොනැගිට ඇය නොලැබුණොත් එතැනම මිය යමි අනතුරුව මේ සිදුවීම දුටු අනෙක් පිරිවර මිනිස්සු සැඬොල් පණ්ඩිතයා බිම වැතිරී සිටි බව ප්‍රකාශ කළහ. දිට්්ට මංගලිකාවගේ පියා වු සිටුවරයාට දැන් වූහ. චණ්ඩාලයා එතැනම මළොත් සිටුපවුලට අයත් සැම දෙනාම චණ්ඩාල වන බව ප්‍රකාශ කළ සිටුවරයා මසුරමත්, කහවනුවත්, සේවකයන් අත යවා වුවද, මාතංගව යවා ගත නොහැකි විය. මාතංග ද දුවණිය ලද හොත් මිස නොනැගිටිමි යැ බිම වැතිරී සිතා සිටියේ ය. එයින් පසු කහවනු සියයක්, දාහක්, ලක්ෂයක් ගෙවීමට පොරොන්දුවී පවා මාතංග ඉවත් කරවා ගත නොහැකි විය . අන්තිමට බැරිමතැන කුලය ආරක්ෂා කරගැනීම සඳහා මාතංගට දිට්ටමංගලිකාව සරණපාවා දුන්හ. එම අවස්ථාවේ සැඬොලා සමඟ විවාහ වු දිට්ට මංගලිකාව සිවුමැලි තැනැත්තියක වුවද, පිරිස විසින් තළා පෙලා දැමූ මිනිහා රැගෙන යාමට උත්සාහ කළා ය. අන්තිමට දිට්ටමංගලිකාව තම ස්වාමියා වූ මාතංග කරපිට තබාගෙන පිටිනුවර සැඬොල්ගමට ගියා ය. හත්දිනක් මාතංග ඇය සමඟ එකට වාසය කළත්, ඇගේ කන්‍යාභාවය නොසිඳ කෙසේ හෝ ඇයට උපකාර කරමියි සිතා වනයට ගොස් දින හතක් ඇතුළත අෂ්ට සමාපත්ති උපදවාගෙන යළිත් ඇය ඉදිරියේ පෙනී සිටියේ ය. දිට්ටමංගලිකාව මුළු නුවර රජවරුන්ගේ පූජාවට පාත්‍ර කරන්නෙමි සිතා ඇඟිල්ලෙන් නැබ පිරිමැද දරුවෙකු ලබාදීමටද අවස්ථාව සැලසී ය. තමාගේ සැමියා මහා බ්‍රහ්මයා බවත්, මතු දින හතක් අවසානයේ සඳමඬල පලාගෙන මෙලොවට එන බවත්, ප්‍රචාරය කිරීමට කියා ජනයාට පෙනෙන සේ ප්රාතිහාර්යයකින් මාතංග පණ්ඩිතයා සඳමඬලතුළට ගියේ ය.



