"පඤ්ඤාවත්තස්‌සායං ධම්මෝ ඤායං ධම්මෝ දුප්පඤ්ඤස්‌ස" යයි තථාගතයන් වහන්සේ දේශනා කර වදාළේ ප්‍රඥවන්ත ලෙසම මේ ධර්මය තේරුම් ගත යුතු බවයි. වැරදියට තේරුම් ගතහොත් අනවබෝධය නිසා මාර්ගය වරදවා ගත හැකි තැන් කිහිපයක්‌ම තිබෙන බව සැලකිල්ලට ගත යුතුවේ.
එක්‌තරා කාන්තාවක් භාවනා පුහුණුවට තිබෙන බාධා වලින් නිදහස් වීම සඳහා දුරක පිහිටි පුහුණු මධ්‍යස්‌ථානයකට යන්නට අදහස් කළේය. ගමනට බාධක වශයෙන් පැවැති දරු මල්ලන් රන් අබරණ ඇතුළු වටිනා දේවල් සුරැකිව තබා සුදු වතින් සැරසුණාය. ඇගේ මූලික අරමුණ වූයේ භාවනාව තුළින් ලබාගත හැකි යයි අසා ඇති ශාන්ත සන්සුන් කමද, චිත්ත ඒකාග්‍රතාවද ඇති කර ගැනීමටයි. දරුවන් හා වටිනා දේවල් දමා ගියත් ඇය ක්‍රියා කළ ආකාරයෙන් ඒවාට තිබූ ඇලීම දුරු කළ බවක් දක්‌නට නැත. කයින් වෙන් වුවත් සිතින් අතහැර නැත. ධර්මයෙහි හැසිරෙන බව සිතමින් ඇය සිද්ධ කර ඇත්තේ බාහිර ක්‍රියාකාරකම් කිහිපයක් පමණි.
බොහෝ දේවල් තදින් අල්ලාගෙන සිටිනතාක් සිතේ එකඟකම වර්ධනය වන්නේ කෙසේද? අත හැරිය යුත්තේ සිතින්ය. බඩු බාහිරාදිය භාවිත කරමින් කාර්යය ඉටුකර ගැනීමට විනා ඇල්මෙන් රැක ගැනීමට නොවේ යන ධර්මය යෝගාවචරයා කල් තබා දැන සිටිය යුතුය. ධර්ම මාර්ගයේ ඉදිරියට ගමන් කිරීම යනු මගේ කම ටිකින් ටික දුරු කිරීමයි.
සංයුක්‌ත නිකායේ කාම බූ සූත්‍ර දේශනාව ඇසුරින් මේ කාරණය මැනවින් දැනගත හැකිවේ. ආනන්ද හිමියන් කොසඹෑ නුවර ඝෝෂකාරාමයේ වැඩ සිටියදී කාම බූ නම් වූ භික්‍ෂුවක් විසින් ආනන්ද හිමියන්ගෙන් අසන ලද ප්‍රශ්න කිහිපයක් වේ. ඇස රූපයට බැඳී ඇත්ද? රූපය ඇසට බැඳී ඇත්ද, කණ ශබ්දයට බැඳී ඇත්ද, ශබ්දය කණට බැඳී ඇත්ද, ආදි වශයෙන් ආයතන සය පිළිබඳව සඳහන් කරමින් සත්‍ය ලෙසට සිදුවන දේ විමසා සිටියේය.
ආනන්ද හිමියෝ එහි යථා තත්ත්වය මෙසේ පැහැදිළි කළහ. රූපය ඇසට වත් ඇස රූපයට වත්, කණ ශබ්දයට වත් ශබ්දය කණට වත් බැඳී නැතැයි දක්‌වමින් ආයතන සය පිළිබඳවම එසේ වේ යෑයි පැහැදිළි කළහ. සිද්ධ වී ඇත්තේ කුමක් දැයි විමසිය යුතුය. සිත තුළම හට ගන්නා ඡන්ද රාගය මීට හේතු විය. භාවනා කරන්නේ හිත නතර කිරීමටයි. සිත නතර කරන්නේ ධර්මය දැකීමටයි. ධර්මය දැකීම යනු අනිත්‍ය බව, දුක බව හා අනාත්ම බව දැකීමයි. දරුවන්ට දේපළවලට ඇලීමෙන් මිදෙන්නට යන ගමනකි. ආයතන සයෙන්ම ගන්නා අරමුණු ස්‌පර්ෂ වීමෙන් (ඵස්‌සය) පසු ඒවා හඳුනා ගැනීමේදී (සංඥ) සංස්‌කාර බවට පත් වන්නේය. විඤ්ඤාණය කරා යන්නේ මේ කුසල හා අකුසල සංස්‌කාරයන්ය.
යමෙක් භාවනාවේදී සැප අසුනක් භාවිත නොකර බිම දෙපා නවා වාඩි වෙන්නට පිළිවන. එවිට ටික වේලාවකින් දණහිස් රිදුම් දිය හැක. එහෙත් භාවනා වටම යොමුවීම නිසා එම වේදනාව විඳ ගැනීමට පුරුදු වීමෙන් පසු කාලයේ පුහුණුව වඩාත් දියුණු විය හැක. සැප අසුනක් භාවිත කළත් එයින් අවැඩක් සිදු වෙනවා නම් එසේ විය හැක්‌කේ හිඳ ගන්නා අසුන නිසා නොවේ.
පූජනීය ස්‌ථානයකට යන විට විශේෂයෙන්ම කාන්තාව සුදුසු ඇඳුමක් ඇඳිය යුතුය. ඇඳුමෙන් සංවරවීම යනු එයයි. අන් අයගේ ඇසට ගෝචර වීමෙන් රාගය මතුවීමට ඉඩ ඇති ස්‌ථාන ආවරණය විය යුතුය. යමෙකු මෙම ඇඳුමට ද්වේෂයෙන් කථා කළොත් රාගය වෙනුවට ද්වේෂය මතුවිය හැක. භවය සකස් වන්නේ රාගය හා ද්වේෂය යන දෙකම නිසාය. මේ සඳහා වගකිව යුත්තේ අඩ නිරුවත් ඇඳුම්ද නැතහොත් එදෙස බැලූ සිතද? අයෙක් ගැහැණු ළමයාට දොස් කියති. ඇතැමුන් එදෙස බලා සිටි අයට දොස් කීමට පිළිවන. රාගය වේවා ද්වේෂය වේවා මේ හැම සිතිවිල්ලකටම වග කිව යුත්තේ තමන්ගේ මනසමයි.
එක්‌තරා පුද්ගලයෙක් දහම් ගැටලු විස¹ගැනීමේ අදහසින් ආනන්ද හිමියන් මුණ ගැසීමට පැමිණියේය. එය ආනන්ද හිමියන් දානය වළ¹ අවසන් වූ මොහොතයි. වැළ» දානයෙහි අවශේෂ කොටස් වූ බත් මාලුපිනි අඹ කෙසෙල් හා රස කැවිලි දක්‌නට ලැබිණි. අමුත්තා එදෙස බලා මෙතරම් ආහාර තමන් වත් අනුභව නොකරමියි සිතමින් මෙවන් පැවිද්දෙකුගෙන් මට කෙබඳු උපදේශයක් පැතුව හැකිදැයි සාකයක් මතු විය. ඔහුට තමන් පැමිණි කාරණයත් අමතක විය. එබැවින් උපදෙස් පැතීම පසෙක තබා ආපසු ගියේය. වරදකරු ආනන්ද හිමියන් ද අමුත්තාද? අමුත්තා ඉතිරිව තිබූ ආහාර දෙස බලා ගත් තීරණය නිවැරදිද? පටු තීරණය ගත් අමුත්තාගේ හිත මේ සියල්ලට වගකිව යුතුය.
රාගයට වග කිව යුත්තේ ශරීරයේ යම් කොටසක් නම් එය කපා දැමීමෙන් රාගය සන්සිඳේද? රාගය ඇස නිසා නම් ඇස හෝ ඒ ඇසට අරමුණ වූ රූපය වගකිවයුතු නොවේ. කණ හෝ ඇසුණ ශබ්දය වගකිව යුතු නොවේ. එසේ කිසියම් ඉන්ද්‍රියයක් රාගයට හේතු වී යෑයි එය කපා දැමූ මිනිසෙකුගෙන් බුදුරජාණන් වහන්සේ අසා වදාළේ මෝඩ පුරුෂය තොප කපා දැමුවේ කපා දැමීමට අවශ්‍ය දේ නොවේ යනුවෙන්ය. අර මුලින් සඳහන් කළ කාන්තාව තම දරුවන් සහ දේපළ අමතක කර අරමුණ ඉටුකර ගැනීමට පිට ප්‍රදේශයකට යැම ආත්මාර්ථයකි. විශාකාව සෝවාන් ඵලයට පත් වී සිටියත් ගෘහස්‌ථ ජීවිතයේ සියලු වගකීම් මනාව ඉටු කරමින් නිවසේම සිටියාය. එක්‌තරා කාන්තාවක් තම මිනිබිරිය මළ සොවින් හඬමින් වැළපෙමින් තෙත් වූ කෙස් වැටිය සහිතවම සිටියාය. ළෙන්ගතු යම් කෙනෙක් මළ විට තෙත් වූ කොණ්‌ඩය සහිතව විසීම එකල සිරිතක් විය. බුදු පියාණන් මේ කාන්තාව දැක, රටේ හැම තරුණියක්‌ම ඔබේ මිනිබිරියන් වූවා නම් ඔබට හැම දාම කොණ්‌ඩය තෙත් කරගෙන සිටීමට සිදුවේ. ඔබ එයට කැමතිදැයි විමසූ සේක. එහෙම නම් එපා යෑයි ඇය පිළිතුරු දුන්නේය.
කාම බූ හිමියන් ඇසූ ප්‍රශ්නය හැම කලටම ගැළපේ. අවුලට හේතුව ඇසේ වත් රූපයේ වත් නොවේ. කණේ හෝ ශබ්දයේ වත් නොවේ. නාසයේ හෝ ඝන්ධයේ වත්, දිවේ හෝ රසයේ වත්, ශරීරයේ හෝ ස්‌පර්ෂයේ වත්, මනසේ හෝ අරමුණු වල වත් නොවේ. මේ අභ්‍යන්තර හා බාහිර අරමුණු පිළිබඳව ඇති අනවබෝධයයි. ඇස ගැන හෝ රූපය ගැන නොදනී. අනෙකුත් ආයතන පිළිබඳවත් එසේමයි.
මුගලන් මහ රහතුන් ඉදිරියට අඩ නිරුවතින් ගණිකාවක් පැමිණියාය. මාහිමියෝ ඇය දෙස නිහඬව බලා සිටියහ. බලා සිටි අයුරු වරදවා වටහාගත් ගණිකාව තමා දෙස ආශාවෙන් බලා සිටිනවා නේදැ යි ඇසීය. මා ඔබ දෙස බලා සිටි ආකාරයට ඔබත් මා දෙස බැලුවා නම් ඔබට මා එපා වෙයි කියා මුගලන් මාහිමියෝ පැවැසූහ. මුගලන් මාහිමියන් ඇය දෙස බැලුවේ ඇගේ කය අභ්‍යන්තරයේ ඇති මස් ලේ නහර වලින් සැදුනු කුණුපයයි. එම නිසා මේ දෙදෙනාම බැලූ ආකාරය දෙවිදියකි.
ඉහතින් දැක්‌වූ හැම නිදසුනකම අන්තර්ගත වන ගැටලුව මෙසේ විස¹ ගනිමු. දුරුකළ යුත්තේ ඡන්ද රාගයයි. සත්‍යය දැකීමට ආශාව හා ඇලීම දුරු කළ යුතුය. ඇලෙන්නේ තණ්‌හාව ඇති නිසාය. භාවනා පුහුණුවට ගිය තැනැත්තිය රන් අබරණ ආදිය ගලවා තබා ගියත් ඒවාට ඇති තණ්‌හාවෙන් මිදුනේ නැත. අවිද්‍යාව සියල්ල වසා සිටී. අවිද්‍යා පච්චයා සංඛාරා යන්නෙහි අරුත නම් සකස් වන බිහි වන සියල්ලෙහි හේතුව අවිද්‍යාව බවයි.
අවිද්‍යාව පියා හා සම වේ. තණ්‌හාව මවයි. මේ දෙදෙනාම මරා දමන තුරු අවබෝධ ඥනය බිහි නොවේ. ඇසද රූපයද අවබෝධ කරනතුරු ඇලීම පවතී. ඇසට ගෝචර රූපය ඇති සැටියෙන්ම අපට නෙපෙනේ. ලෝකයේ සත්‍ය ස්‌වභාවය පෙනෙන්නේ විදර්ශනා ඥනයට පමණි. ඒ සඳහා වීර්යය නුවණ හා සිහිය අවශ්‍යය. සංඥව හෙවත් හඳුනා ගැනීම මිරිඟුවකි. නැති දෙයක් ඇත යන මුළාවට අපව පත්කරයි. ප්‍රශ්නය උද්ගත වන්නේ අනවබෝධය නිසාය.
කලු ගොනෙකුද සුදු ගොනෙකුද රැහැනකින් බැඳී සිටී. දෙදෙනා එක තැනක නතරව ඇත. යමෙකුට පෙනෙන්නේ සුදු ගොනා නිසා කලු ගොනාට යා නොහැකි බවයි. තව කෙනෙකුට පෙනෙන්නේ කලු ගොනා නිසා සුදු ගොනාට යා නොහැකි බවයි. වග කිව යුත්තේ සුදු ගොනාද, කලු ගොනාද? මේ කිසිවෙක් නොව රැහැනයි. කපා දැමිය යුත්තේ රැහැනයි. තණ්‌හාව තිබෙන්නේ අනවබෝධය නිසාය. ආශාව තිබෙන්නේ අවිද්‍යාව හෙවත් නොදන්නා කම හේතුවෙනි.
පැවිදි වූවන් ආහාරය දෙස බැලිය යුත්තේ කාන්තාරයකින් එතර වීමට දරුවා සමඟ ගිය මවක හා පියෙකු ලෙසය. කතරින් එතර වන තෙක් දිවි රැක ගැනීමට දරුවාගේ මස පිළිකුළෙන් අනුභව කරමින් සාගිනි නිවා ගත්තේය. මෙය හුදු උපමාවක් පමණි. පැවිදි වූවන් ආහාර ගත යුත්තේ රස තෘෂ්ණාවෙන් හෝ ශරීරයේ ජවය හෝ ඔපය සඳහා නොවේ. ජීවිතය පවත්වා ගනිමින් ධර්ම මාර්ගයේ හැසිරී සසරින් එතරවීමේ දැඩි අධිෂ්ඨානයෙනි. මැදුම් පිළිවෙත එයයි.
මේ හැම දෙයක්‌ම නොමග යවමින් අප මුළාවට පත් කරන්නට හේතු වන මනසේ ප්‍රශ්නයට පහර නොදී අන් කිසි පරිශ්‍රමයකින් පලක් නැත. ඇසට රූපයක් පෙනෙන්නේ ස්‌පර්ෂය නිසාය. ඇත්ත වශයෙන්ම සිදු වන්නේ අපට පෙනෙන දේ අරභයා සිතීම නොව අපේ සිතේම ඇති වන සංඥවකට අප රැවටීමයි. අපේ මුළු මහත් ජීවිතයම පවතින්නේ රැවටිල්ලකය. සංඥව මිරිඟුවක් බව අපි නොදනිමු. එය දැනගත් විට කලකිරීම, ඇතිවීම නොවැළැක් විය හැකිය. අපේ ආයතන වලින්ම හැදූ රූපයක් නිසා අපේ මනස තුළම හැදුනු සංඥවකටයි අප රැවටී ඇත්තේ. බාහිර අරමුණුවලට නොවේ. ස්‌පර්ෂය නිසාය සංඥව ඇති වූයේ. ස්‌පර්ෂය නැති වූ විට සංඥවද නැතිවේ.
කාන්තාවකගේ ලස්‌සන රූපයක් ඇඳ තිබෙන බිත්තියක් ලෙස බලන එක් පුද්ගලයෙක් ඒ රූපය දකින වාරයක් පාසා රාගයෙන් මත්වේ. තවෙකකු ඒ රූපය දකින්නේ තීන්ත ටිකක් උලා ඇති බිත්තියක් ලෙසය. යමෙක් එය තාර උලා විකෘති කළොත් එහි ලස්‌සන දුටු පුද්ගලයා තුළ ඇති වන්නේ කණස්‌සල්ලකි. ද්වේෂයකි. දෙවැන්නා එය දකින්නේ තවත් තීන්ත උලා ඇති බවක් පමණි. අප බලන බැල්මට හෙවත් මනසිකාරයට රැවටී ඇති බව මෙයින් නෙපෙනේද?
හරි දැකීම වලක් වන්නේ සංඥවයි. එසේ වන්නේ ඇයි? අපට ප්‍රඥ ඇස නැති නිසාය. ඒ නිසා අවුල් හදා ගන්නේ අභ්‍යන්තර හෝ බාහිර ආයතන වත් නොව මනසමය. වෙදකම කළ යුත්තේ මනසටයි. අප හඳුනා ගන්නා හැම දෙයම බඹයක් පමණ වන ශරීරය තුළම වේ.
සංඥාව ස්‌පර්ෂය නිසා පහළ විය. සංඥව අපේ මනස තුළම බිහිවන සිතිවිලි සමූහයකි. මහණෙනි, ව්‍යවහාරය සංඥවගේ විපාකයක් කොට කියමි. හඳුනාගන්නේ ව්‍යවහාරය අනුවයි. යම් රටාවකට ලී කැබලි එක් කළ විට පුටුව යයි ව්‍යවහාර වේ. පුටුව කියා හඳුනා ගන්නේ ව්‍යවහාරයට අනුවයි.
රූප, වේදනා, සංඥ, සංඛාර, විඤ්ඤාණ යනු පංචුපාදානස්‌කන්ධයයි. මෙහි හට ගැනීමත් නැතිවීයාමත් නොදැනීම අවිද්‍යාවයි. එය මෙසේ විග්‍රහ කළ හැක. පංචුපාදානස්‌කන්ධයේ හට ගැනීමත් නැති වී යැමත් නොදැනීම අනිත්‍යතාව නොදැනීමයි. අනිත්‍යතාව නොදැනීම දුක හා අනාත්මතාවත් නොදැනීමයි. ඒ නිසා අවිද්‍යාව වනාහි මේ ත්‍රිලක්‍ෂණයම නොදැනීමයි. අවිද්‍යාවේ දැඩිකම මෙයින් පෙනේ. තථාගත ධර්මයෙහි උපකාරයෙන් තොරව අප වැටී සිටින දුක්ත සංසාර ආගාධයෙන් ගොඩ ඒමට උපකාර වන අවිදු අඳුරින් මිදීමට නොහැකි වන බව තරයේ සිතට ගත යුතුය.
මේ අනුව චතුරාර්ය සත්‍යාවබෝධයෙන් නිවන කරා යැමට නම් අපට හැකි වන්නේ පංචුපාදානස්‌කන්ධය අවබෝධ ඥනයට හසුකර ගැනීමෙන් බව අවධාරණය කළ යුතුවේ.
ශාස්‌ත්‍රවේදී පී. ඩී. ආරියරත්න