දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

පෙනෙන ඇසෙන හැම දෙයක්ම අයිති කරගත හැකි ද?

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි 
ප්‍රධාන අනුශාසක ආචාර්ය 
මිරිස්සේ ධම්මික හිමි

භාග්‍යවතුන් වහන්සේ එසේ ලොල්ගති ඇති වානරයාගේ කතාව උපමාවට දක්වමින් මෙහෙම දේශනා කරනවා මහණෙනි, අසතියෙන් යුක්තව ලොල්ගති පවත්වාගත් වානරයාට වැදි පුද්ගලයා විසින් කැමැති පරිදි යමක් කළ හැකි වූයේ අසතියෙන් කටයුතු කිරීම නිසායි. තමාගේ ස්වභාවයෙන් පැවතුණ සිහියවත් නොපවත්වාගත් නිසායි. එයට හේතුව කුමක්ද? ඒ අර බාල ගති යැයි සඳහන් කළ අසංවරය, අශික්ෂණය ඒ වගේ ම මනා සේ සිහිය පිහිටුවා නොගත් නිසාය.
මහණෙනි, එමෙන් ම යමෙක් නුඹලාට ගෝචර නොවන අන්සතු තැනක අන්සතු විෂයක හැසිරෙනවා නම් ලොල් ගති පැවතුණ වානරයාට සිදුවුණ දෙයටම නුඹලාට මුහුණපාන්නට සිදුවෙනවා. ඒ නිසා නුඹලා, නුඹලාට ස්වභාවයෙන් ඇති වී තිබෙන සතියත්, ශික්ෂණයත් මනා සේ පවත්වා ගත යුතුයි. ඇතිකරගත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරනවා.
“තස්මා තිහ භික්ඛවෙ, මා අගෝචරෙ චරිත්ථ පරවිසයෙ.
අගෝචරෙ භික්ඛවෙ, චරථං පරවිසයෙ
ලච්ඡති මාරො ඔතාරං, ලච්ඡති මාරො ආරම්මණං”
මහණෙනි, එහෙයින් මෙහිලා අගෝචර වූ අන් සතු විෂයෙහි හැසිරෙන්නට එපා. අගෝචර වූ අන්සතු විෂයෙහි හැසිරෙන්නවුන්ගේ බැසගැනීම නම් මාරයාට හසුවීමයි. මාරයා අරමුණක් කොට පවත්වා ගැනීමයි.
මෙහි දී භාග්‍යවතුන් වහන්සේ විසින් අගෝචර අන්සතු විෂය යැයි කුමක් අදහස් කරන්නේ දැයි අප විසින් මනා සේ තේරුම් ගත යුතුයි. අගෝචර ස්ථානය නම්, විෂය නම් මාරයාට අයිති මාරාවේෂ වෙන ස්ථානයයි. ඒ විෂයයි.
භාග්‍යවතුවන් වහන්සේ මෙසේ දේශනා කරනවා. ඒ අගෝචර ස්ථානය හා විෂය නම් පංචකාම ගුණයයි. කුමක් ද? පංචකාම ගුණය යැයි සඳහන් කරන්නේ එනම්,
“චක්ඛුවිඤේඤය්‍යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමුපසංහිතා රජනීයා”
එනම් ඉටු කැමැති, මන වඩන, ප්‍රිය දැයෙහි කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසෙන් දත යුතු රූපයයි.
නැවතත්, ඒ පංචකාම ගුණය මෙසේ පැහැදිලි කළහැකියි. ඉටු කැමැති එනම් සිතේ පවතින දේවල් ඉටු කර ගන්න කැමැති, මන වඩන, සිත සතුටු කරන, ප්‍රිය දැයෙහි කාමයෙන් යුත් ඒ වගේ ම නැවත නැවතත් ඇලුම් කරන ඇසින් දැකගත යුතු රූප, ඒ වගේ ම කනෙන් අසා දැන ගත යුතු ශබ්ද, නාසයෙන් ආඝ්‍රණය ලබන්ට කැමැති සුගන්ඳය නැතිනම් අඝ්‍රාහණය, දිවෙන් ප්‍රිය ස්වභාවයෙන් ලබන්න කැමැති රසය, ඒ වගේ ම ඉටුවඩන, මනවඩන ආදී වශයෙන් කයින් ලබන්නට කැමැති ස්පර්ශය, මෙන්න මේවා පංච කාම ගුණ හැටියට දක්වා තිබෙනවා. මහණෙනි, මේවා අගෝචර වූ අන්සතු විෂය හැටියට දකින්නට යැයි ආරාධනා කරනවා.
මේ දහම් කොටස භික්ෂුවක් වුවත්, භික්ෂුණියක් වුවත් අප විසින් මනා සේ පැහැදිලි කරගත යුතුයි. එපමණකුත් නොවෙයි ගෘහස්ථ ජීවිතයක් ගත කරන ඔබ වැනි උපාසක උපාසිකා හෝ එසේ නොමැති වුවත් සාමාන්‍ය වචනයෙන් සඳහන් කළොත් මවෙක්, පියෙක්, ස්වාමියෙක්, බිරිඳක්, දුවෙක්, පුතෙක් හෝ කාර්ය බහුල ජීවිතයක් ගත කරන යම් වූ ද අයෙක් වුවත් මේ දහම් පෙළ පිළිබඳව මනා වූ අවබෝධයක් ඇති කර ගත යුතුමයි.
එසේ නොමැති වුවොත් මනා සේ සිහිය පවත්වන්නට තරම් පුරුදු නොකරන ලද චරිතයක් හා චර්යාවක් තිබුණු හැඳින් වූ පරිදි ලොල් ගති තිබුණ බාලගති ඇති වානරයා තමාට සිදුවන අනතුර පිළිබඳව අවධානයෙන් නොසිට, තමාට පත් වූ විපත පිළිබඳව උදාහරණයක් ලෙස අපට ගත හැකියි. වානරයාට සිදු වූ ව්‍යසනය, විපත පිළිබඳව මොහොතක් සිහිපත් කොට බලන්න. ඔහුගේ තිබුණ අර දැඩි ආශාවන් ලොල් ගති නිසා ඔහුට හොඳ නරක ආරක්ෂාවට හා අනතුර පිළිබඳව අවධානයක් යොමු කරන්නට තරම් මනස පැවැතී තිබුණේ නැහැ. ඒ නිසා ම ලොල් ගති නැති, බාල ගති නැති වානරයන් ලහටු ඇති තැන් මඟහරමින් ජීවිත ආරක්ෂාව ඇතිකරගෙන ගමන් කළත්, ලොල්ගතියෙන් සිතන්නට පුළුවන් ශක්තිය වැසී තිබුණු වානරයා එයට හසු වුණා.
පා හතරත්, හිසත් එක විටම ඇලුණු නැති බව පැහැදිලියි. පළමුවෙන් ම එක අතක් පමණයි ලහටුවේ ඇලුනේ. ඒ එක අතක් ඇලුණු වෙලාවේ වානරයා වානර මනසකට ඇති සිහියට අනුව සිතුවා නම් මම අනිත් පා අලවා නොගෙන ගැළවෙන ක්‍රමයක් සෙවිය යුතුයි කියා බොහෝවිටක ඔහුට ජීවිතය ආරක්ෂා කර ගැනීමට අවස්ථාව තිබුණා. එයට හේතුව ඉතිරි පා තුනෙන් වෙනත් අත්තක එල්ලී හෝ කුමන හෝ ආකාරයකින් ඇලී තිබුණ අත, ඇද ගනිමින් බේරී යෑමට අවස්ථාවක් තිබුණු නිසායි.
එහෙත් හොඳ නරක පිළිබඳව සිතන්නට තරම් සිහියක් නොතිබුණ වානරයා ඊළඟට කළ යුත්තේ කුමක්දැයි සිතන්නට තරම් සිහියක් නොතිබුණු වානරයා තමන්ට සිද්ධවෙන්ට යන අනතුර පිළිබඳව තමාගේ ස්වභාවය අනුව සිතන්නට තරම් සිහියක් ඇති කරගන්න තරම් පුරුද්දක් නොතිබුණු වානරයා එකින් එක එකින් එක පා සතරත් තම හිසත් එහි අලවාගෙන මහත්සේ ව්‍යසනයට පත් වුණා.
එසේ නම් මනුෂ්‍යයන්ට අස්‍රැතවත් පෘතග්ජන ස්වභාවය නිසා යම් විටක විපතකට පත්විය හැකියි. එයට හේතුව අභාවිත සිත් ඇතිව එනම් මේ සංඛත ලෝකය තුළ සියලු සංස්කාර වස්තූන් අනිච්ච, දුක්ඛ, අනත්ත ත්‍රිලක්ෂණ ධර්මයට යටත් බව වටහා නොගැනීමයි. අවබෝධයට නොපැමිණීමයි.
එවැනි අභාවිත සිත් ඇති මනුෂ්‍යයෙක් අතින් යම් විටක ඉහත සඳහන් කළා සේ එනම් වානරයාට සිදු වූ සේ වැරැද්දකට හසුවීමක් සිදුවිය හැකියි. එනම් ඇසෙන් රූපයක් බලන විට එහි දැඩි ඇලීමකට පත්වීමේ අවස්ථාවක් සැලසිය හැකියි. සප්පාය සම්පජඤ්ඤය නම් වූ තමාගේ සීලය, වයස, ස්වභාවය, සමාධිය ආදී වශයෙන් පවත්නා වූ ඒ සිහිය නැතිවී යා හැකියි. එනම් සප්පාය සම්පජඤ්ඤයෙන් බැහැර වී යා හැකියි. තමා කවුරුන්ද යන්න අමතක වී යා හැකියි. අර රුව කෙරෙහි ඇලිය හැකියි. බැඳිය හැකියි. මමය මාගේය කියා උපකල්පනයට පැමිණිය හැකියි. ඇසෙන් එය සිදු වූවානම් භාවිත සිතක් ඇති යම් කෙනෙක් හැටියයට එහි සිදුවෙන්ට යන විපත වහා තේරුම් ගැනීම අවශ්‍යයයි.
අපි නිදසුනක් ගනිමු, ගෘහස්ථ ජීවිතයක දෛනික සීලය හැටියට පංච සීලය හඳුන්වා. අම්මා, කෙනෙක්, පියාණන් කෙනෙක්, ස්වාමි දියණියක්, ස්වාමි පුත්‍රයෙක්, සහෝදරියක්, සහෝදරයෙක් හෝ පැවිදි උතුමෙක් වැඩිහිටියෙක් හෝ ගුරු උතුමෙක් ආදී වශයෙන් හෝ අවසානයේ අඩුම තරමේ මනුෂ්‍යයෙක් වශයෙන් මා කෙසේ ක්‍රියා කළ යුතු දැයි සිහිය පැවැත්වීම අවශ්‍යයයි.
අභාවිත සිතකට ඔය ඇස්වලින් රූප දකින විට යම් විටක යම් පුද්ගලයෙක් විය හැකියි. යම් දෙයක් විය හැකියි. එහෙත් දකින, දකින, පෙනෙන, පෙනෙන හැම දෙයක් කෙරෙහි සිතින් ආශාවක්, හැඟීමක් ඇති වුණත් ඒවා ලබා ගන්නට යාම හෝ පරිහරණය කරන්නට යාම හෝ තමා සතුකරගන්න යාම හෝ තමාගේ ඉන්ද්‍රියන්ට ගොදුරු කරගන්නට යාම හෝ කළ නොහැකි බව පැහැදිලියි. ලෝකයේ සම්මතයක්, සදාචාරයක්, ශිෂ්ටසම්පන්න බවක්, විනයක් ශික්ෂණයක් තිබෙන බව පැහැදිලියි. අස්‍රැතවත් පෘතග්ජන සිත්වලට දකින දකින දේ ඇසෙන ඇසෙන දේ තමා සතු කරගන්න ගියොත් ඇතිවන විනාශය කුමක් දැයි ඔබට පැහැදිලියි.
දීපා පෙරේරා
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤