දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

අනුත්තරීය වූ උතුම් බඹසර

ආචාර්ය පූජ්‍ය මිරිස්‌සේ ධම්මික හිමි

'සික්‌ඛානිසංස මිදං භිකඛවේ 
බ්‍රහ්මචරියං වුස්‌සති - පඤ්ඤුත්තරං විමුත්ති 
සාරං සතාධිපතේය්‍යං'


'මහණෙනි, ශික්‌ෂා අනුසස්‌කොට ඇති ප්‍රඥ උතුම්කොට ඇති විමුක්‌තිය සාරකොට ඇති සිහිය ආධිපත්‍යයකොට ඇති මේ බඹසර වාසය කරනු ලබන්නේ වෙයි.''
බඹසර පිළිබඳ උතුම් දේශනාවක්‌ අංගුත්තර නිකායේ චතුක්‌ක නිපාතයේ සික්‌ඛානිසංස සූත්‍රයෙහි දැක්‌වෙයි. එම සූත්‍රය ඇසුරුකරගෙන, ධර්ම විවරණයක්‌ සකස්‌ කරගනිමු. භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරති.
'මහණෙනි, මේ බඹසර කෙසේ ශික්‌ෂා ආනිසංස කොට ඇත්තේද? මේ ශාසනයෙහි ශ්‍රාවකයන්ට මා විසින් අපහැදවූ අයගේ පැහැදීම පිණිසත්, පැහැදුණු අයගේ වැඩි පැහැදීම පිණිසත, උතුම්වත් පිsළිබඳ වූ ආභිසමාචාරික ශික්‌ෂා පනවන ලද්දේය. යම් ආකාරයකින් මා විසින් පැහැදුනු අයගේ පැහැදීම පිණිසත්, පැහැදුනු අයගේ වැඩි පැහැදීම පිණිසත් ආභිසමාචාරික ශික්‌ෂා පනවන ලද ,ඒ ඒ සැටියෙන් හෙතෙම ඒ ශික්‌ෂාවන්හි අඛණ්‌ඩකාරී වෙයි. (මුලින් හෝ අගින් සිල් නොකැඩුණේ වෙයි). අච්äද්දකාරී වේ. (මැද එක ශික්‌ෂා පදයක්‌ද නොකැඩුණේ වෙයි). අසබලකාරී වෙයි. (පිළිවෙළින් ශික්‌ෂාපද දෙක තුන නොකැඩුණේ වෙයි), අකල්මාෂකාරීවෙයි. (එකක්‌ හැර එකක්‌ ලෙස ශික්‌ෂාපද නොකැඩුණේ වෙයි). ඉතා හොඳින් සමාදන්ව ශිකෂා පදයන්හි හික්‌මෙයි. තවද මහණෙනි, මා විසින් සර්ව ප්‍රකාරයෙන් මොනවට දුක්‌ නස්‌නා පිණිස ශ්‍රාවකයන්ට ආදි බ්‍රහ්මචර්ය (මාර්ග බ්‍රහ්මචර්යාවට මුල වූ සංවරය) ශික්‌ෂා පද පනවන ලද්දේය. මහණෙනි, යම් යම් ආකාරයකින් මා විසින් සර්වප්‍රකාරයෙන් මනාකොට දුක්‌ නැසීම පිණිස ශ්‍රාවකයන්ට ආදී බ්‍රහ්මචර්යා ශික්‌ෂා පනවනලදද, ඒ ඒ ආකාරයෙන්ම ඒ ශික්‌ෂාවන්හි අඛන්ඩකාරී වෙයි. අච්äද්දකාරී වෙයි. අශබලකාරී වෙයි. අකල්මාෂකාරී වෙයි. මනාකොට සමාදන්ව ශික්‌ෂා පදයන්හි හික්‌මෙයි. මහණෙනි, මේ ආකාරයෙන් මේ බඹසර අනුසස්‌කොට ඇතිවෙයි'.
භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ඒ ධර්ම රසයෙන් මිහිරි වූ ශ්‍රී සද්ධර්මය මුල, මැද, අග නම් තුන් තැනින්ම පිරිසිදුවූයේ වෙයි. එනම් රාග, දොaස, මෝහයෙන් බැහැර වූයේ වෙයි. අර්ථ රසයෙන් සදහම් මිහිරි රසයෙන් යුක්‌තව, සියලු ආකාරයෙන් පරිපූර්ණව, පිරිසිදුවූ බ්‍රහ්මචර්යාවෙන් යුක්‌ත වෙයි. ඒ නම් මේ පවසන බඹසරයි. 'අභිවිසිට්‌ඨෝ උත්තමෝ සාමාචාරො ආභිසමාචාරො' එනම් උත්කෘෂ්ට වූ හැසිරීම හෙවත් ආචාරය ආභිසමාචාර නම් වෙයි. මෙයින් අදහස්‌ වනනේ උතුම් හැසිරීමයි. මේ අනුව, ෂේය ශික්‌ෂා පද 75 ක්‌ ඇතුළු සියලු කුඩා අනුකුඩා ශිකෂා පද මනාකොට ආරක්‌ෂා කිරීම උතුම් හැසිරීමට අයත් වෙයි. එනම් සිවුරු පෙරවීම, ගමන් කිරීම, ආහාරපාන වැළඳීම ආදී වත් පිළිවෙත් මෙයට ඇතුළත් වෙයි. එමෙන්ම වත්තක්‌ ඛන්ධකයේ සඳහන් අයුරින් පහත සඳහන් වත් පිළිවෙත් සැපිරීමද ආභිසමාචාරික සීලයෙන් බඹසර සමන්නාගත වෙයි. සෑ මළු වත, බෝමළුවත, උපාධ්‍යායවත, ආචරියවත, ගිනිහල්ගේ වත, පොහොයගෙයිවත වශයෙනි.
එමෙන්ම ආගන්තුක වත, ආවාසික වත, ගමක වත, අනුමෝදන වත, භත්තග්ගවත, පිණ්‌ඩචාරික වත, ආරඤ්ඤක වත, සේනාසන වත, වැසිකිලිs වත, සද්ධිවිහාරික වත, අන්තේවාසිකවත ආදියද මෙම උතුම් ශීලයටම අයත් වෙයි. සීලයෙන් අනුසස්‌ වන උතුම් බඹසරෙහි, උතුම් හැසිරීම සංකේතවත් කිරීම පිණිස, සේයා ශික්‌ෂාවන්ට අයත් ශික්‌ෂාපද කීපයක්‌ මෙහි දැක්‌විය හැකිය. 
'පරිමණ්‌ඩලං නිවාසෙස්‌සාමීති සික්‌ඛා කරණීය' (හාත්පසින් වටකොට අඳනය අඳින්නෙමි). 'පරිමණ්‌ඩලං පාරුපිස්‌සාමීති සික්‌ඛා කරණීයා' (හාත්පසින් වටකොට සිවුරු පොරවන්නෙමි), 'න සුරු සුරු කරකං භුඤ්ජිඝසාමීති සික්‌ඛා කරණීය' (සුරු සුරු යන හඬ ඇතිකොට නොවළඳන්නෙමි), 'න හFථ නිල්ලෙහකං භුඤ්ජිස්‌සාමිති සික්‌ඛා කරණීයා' (අත ලෙව කමින් නොවළඳන්නෙමි) මේ ආදී වශයෙනි.
එමෙන්ම ආදීබ්‍රහ්මචරියා සීලයන් (මාර්ග බ්‍රහ්මචරියාවට මුල් වූ සංවර බව) බඹසරට එකතුවෙයි. සතර මාර්ගයට උපකාරී වන ආජීවය අටවෙනි කොට ඇති, මෙම සීලයෙන් පාරිශුද්ධ වූ ආජීවයක්‌ හෙවත් පිරිසිදු දිවි පැවැත්මක්‌ බලාපොරොත්තු වෙයි. මිච්ඡා ආජීවයට යොමු වූවොත් ගිහි වුවත්, පැවිදි වුවත් නිවන් මඟ අරමුණු කරගත් මාර්ග බ්‍රහ්මචරියාවෙන් බැහැර වෙයි. භාග්‍යවතුන් වහන්සේ, පෙන්වා දෙන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය. මේ ලාබ සත්කාර කීර්ති. ප්‍රශංසා දරුණුය. මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මිනිසාගේ සමේ සිවියසිඳී, සිවි සිඳ, හම සිඳී හම සිඳ, මස්‌ සිඳී, නහරසිඳ, ඇට පැදී ඇට සිඳ, ඇට මිදුළු පසාරුකරගෙන ගොස්‌ සිටී යනුවෙනි. (ලාබ සත්කාර සූත්‍රය). ආදී බ්‍රහ්මචාරියා සීලයෙන් පරිපූර්ණ වූ පැවිද්දා විසින් ප්‍රාතිමෝක්‌ෂ සංවරසීලයෙන් යුතුව බඹසරද පරිපූර්ණ කරගනී. ගෘහස්‌ත ජීවිතයක්‌ ගත කරන උපාසක- උපාසිකාවද ආර්ය මාර්ගයට පිළිපන් ශ්‍රාවකයෙන් ශ්‍රාවිකාවක්‌ වී මාර්ග බ්‍රහ්මචරියාවටම අනුයුක්‌ත වෙයි.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරති. මහණෙනි, බඹසර කෙසේ ප්‍රඥව උතුම්කොට ඇත්තේද? මහණෙනි, මේ ශාසනයෙහි ශ්‍රාවකයන්ට මා විසින් සියලු ආකාරයෙන් මනාකොට දුක්‌ නසනු පිණිස චතුරාර්ය සත්‍ය ධර්මයෝ දේශනා කරන ලදහ. යම් ආකාරයකින් මා විසින් සියලු ආකාරයෙන් මනාකොට දුක්‌ නසනු පිණිස ශ්‍රාවකයන්ට දහම් දෙසන ලදද, ඒ ඒ ආකාරයෙන් ඔවුන් විසින් ඒ ධර්මයෝ මනාකොට අවබෝධ කරන ලද්දාහු වෙත්. මහණෙනි, මෙසේ මේ බඹසර ප්‍රඥව ශ්‍රේෂ්ඨ කොට ඇතිවෙයි'. එසේ නම් බ්‍රහ්මචරියාවෙහි අත්‍යන්ත වූ නිශ්ඨාව විය යුත්තේ බඹසර ප්‍රඥවමයි. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධයයි.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ නැවතත් දේශනා කරති. 'මහණෙනි, බඹසර කෙසේ විමුක්‌තිය සාර කොට ඇත්තේද? මහණෙනි, මේ ශාසනයෙහි මා විසින් සියලු ආකාරයෙන් දුක්‌නසනු පිණිස ශ්‍රාවකයන්ට දහම් දෙසන ලදී. මහණෙනි, යම් යම් ආකාරයකින් මා විසින් සියලු ආකාරයෙන් මනාකොට දුක්‌ නසනු පිණිස ශ්‍රාවකයන්ට දහම් දෙසන ලදද, ඒ ඒ ආකාරයෙන්ම ඒ ධර්මයෝ විමුක්‌ති ඥනයෙන් ස්‌පර්ශ ලද්දාහු වෙති. මහණෙනි, මෙසේ බඹසර විමුක්‌තිය සාරකොට ඇත්තේ වෙයි' භාග්‍යවතුන් වහන්සේ මෙහි දේශනා කළ උතුම්වූ දහම් පෙළ අපට මෙසේ පැහැදිලිකරගත හැකිය. 
සීල, සමාධි, ප්‍රඥ, විමුක්‌ති, විමුක්‌ති ඥන දර්ශන ඔස්‌සේ සියලු කෙලෙසුන් ප්‍රහාණය කරන රහතුන් වහන්සේ මෙසේ නිකෙලෙස්‌ වූ උදානයක්‌ ප්‍රකාශ කරති. '‚ණා ජාති වුසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති'. 'ජාතිය හෙවත් ඉපදීම නැතිකරන ලදී. බඹසර හැසුරුණේ වෙයි. ඒ වෙනුවෙන් කළ යුතු සියල්ල කරන ලද්දේ වෙයි. කළයුතු අන් කිසිවක්‌ ඉතිරිව නැත' යනුවෙනි.
නැවතත් භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරති. 'මහණෙනි, කෙසේ බඹසර සතිය හෙවත් සිහිය ආධිපත්‍ය කොට ඇත්තේද? මෙසේ සම්පූර්ණ නොවූ ආභිසමාචාරික ශික්‌ෂා පුරයිද, පරිපූර්ණ වූ ආභිසමාචාරික ශික්‌ෂා ඒ ඒ තැන විදර්ශනා ප්‍රඥවෙන් ලුහුබැඳ ගනිමියි, තම සිත්හි 'සිහිය මනාකොට පවත්වා ගන්නේ වෙයි. මෙසේ සම්පූර්ණ නොවූ ආදි බ්‍රහ්මචර්යා ශික්‌ෂා පුරමියි හෝ පරිපූර්ණ ආදී බ්‍රහ්මචරියා ශික්‌ෂා ඒ ඒ තැන විදර්ශනා ප්‍රඥයෙන් ලුහු බැඳ ගනිමියි ආධ්‍යාත්මයෙහි 'සිහිය' මනාකොට පවත්වා ගන්නේ වෙයි. මෙසේ මාර්ග ප්‍රඥයෙන් නොදක්‌නා ලද චතුරාර්ය සත්‍ය ධර්මය මාර්ග ප්‍රඥයෙන් දකිමියි, හෝ මාර්ග ප්‍රඥයෙන් දක්‌නා ලද චතුරාර්ය සත්‍ය ධර්මය ඒ ඒ තැන මාර්ග ප්‍රඥයෙන් ලුහුබැඳ ගනිමියි ආධ්‍යත්මයෙහි සතිය හෙවත් 'සිහිය' නොකොට පිහිටුවා ගන්නේ වෙයි. මෙසේ ඥන ස්‌පර්ශයෙන් ස්‌පර්ශ නොකරන ලද ධර්මය අරහත් ඵල විමුක්‌තියෙන් ස්‌පර්ශ කරන්නෙමියි හෝ ස්‌පර්ශ කරන ලද ධර්මය, ඒ ඒ තැන ලුහුබැඳ ගනිමියි, ආධ්‍යාත්මයෙහි සිහිය මනාකොට පිහිටවන්නේ වෙයි. 
මෙසේ බඹසර සතිය අධිපතිකොට ඇතිවෙයි. ආභිසමාචාරික හෝ ආදි බ්‍රහ්මචරියක ශීලයන්හි නොපිරුණු බවක්‌ වේ නම් සිහියෙන් යුතුව එහි පරිපූර්ණත්වයට පැමිණෙයි. පරිපූර්ණත්වයෙහි සිටින්නේ නම් විදර්ශනා ප්‍රඥවෙන් යුතුව ශික්‌ෂා මාර්ගයෙහි ගමන් කරයි. මාර්ග ප්‍රඥවත්, බඹසර විමුක්‌තියත් ඒ ලෙසින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබොධය පිණිසම පිහිට පත්වන්නේ වෙයි. අර්හත් ඵල විමුක්‌තිය පිණිස සිහිය පිහිටුවන ශ්‍රාවකයාට 'යං කිඤචි සමුදය ධම්මං සබ්බාං තං නිරෝධ ධම්මං' 'යමක්‌ හටගන්නා සුළුද, ඒ හැම නැසෙන සුළුය' නම්වූ විමුක්‌ති ඥන දර්ශනය ප්‍රකට වෙයි. මින් ප්‍රකට වන්නේ 'සබ්බේ සංඛාරා අනිච්චාති, සියලු සංස්‌කාර ධර්මයො අනිත්‍යයි. 'සබ්බේ සංඛාර දුක්‌ඛාති - සියලු සංස්‌කාර ධර්මයෝ දුක්‌ඛහය. 'සබ්බේ ධම්මා අනත්තාති' සියලු ධර්මයෝ අනන්තයහ. එනම් මා වසඟයෙහි නොපවන්නේය' යනුවෙන් මාර්ග ඵලාවබෝධය පිණිස හේතුවන විදර්ශනා මාර්ගයමයි. උදයවය ඥනය, භාග ඥනය (උදයFථ ගාමිනියා පඤ්Æ) ආදී වශයෙන් මතු කරන්නාවූ නව මහා විදර්ශනාවම මෙහි එකතු කර ගැනීමට හැකිය. උතුම් බඹසර මෙසේ අනුත්තරීය වෙයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤