දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

ඔබත් අනාගාමීද?


'මා එතෙර (කැනඩාවේ) ඉන්න කාලෙදි එතනට ආවා, ඇල්බර්ටා විශ්වවිද්‍යාලයේ තරුණ ආචාර්යවරයෙක්‌ භාවනා කරන්න. ඔහු කීවා මගේ වයස අවුරුදු තිස්‌ පහයි. මගේ නෝනා මහත්තයට වයස අවුරුදු විසි අටයි. අපට ඉන්නව අවුරුදු හතරක පමණ දරුවෙක්‌. අපි දෙන්නම කාලෙක ඉඳල භාවනා කරනවා. විවේක ඇති හැම වේලාවෙම භාවනා කරනවා. අවුරුදු තුනක පමණ සිට අපි දෙන්නා ජීවිත ගත කරන්නෙ සහෝදරයයි, සහෝදරියයි වගේ. අඹුසැමි යුවළක්‌ වගේ ජීවිත ගත කරන්න අපට වුවමනාවක්‌ නැහැ. අපට මොන විධියකින්වත් රාග සිතුවිල්ලක්‌ මතුවන්නේ නෑ. රාගය අපි දෙන්නටම නෑ. කොහෙත්ම නෑ කියල කියන්න පුළුවන්'

'ඒ දෙන්නගෙ පැවැත්ම බැලුවම මට තේරුණා මේ දෙන්නා අනාගාමී බවට පත්වෙලා කියලා' ඉහත දැක්‌වූයේ අග්ගමහා පණ්‌ඩිත අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රය මහ නාහිමිපාණන් වහන්සේගේ ප්‍රකාශනයක කොටසකි. (ලේඛකයාගේ සෝවාන් මඟ කෘතියේ 182 පිටුව)

ආර්ය පුද්ගලයන් අට දෙනා, බුදු පසේබුදු, ගොත්‍රභූ පුද්ගලයා සමග ආර්යයන් වහන්සේලා එකොළොස්‌ දෙනෙකි. එහි අනාගාමී ඵලස්‌ථයා සත්වැන්නායි.

'අනාගාමී' න 'ආගමී' ආපසු නොඑන කාම ලෝකවල උපතට නැවත නොඑන අරුත් දෙයි. 'අනාගාමී' යන පාලි වචනයට ශබ්ද කෝෂය දෙන අර්ථය මෙලොවට නොවන්නා, තෙවැනි ඵලය ලැබූ අය, අනාගාමික - නොඑන බව අනාගාමී බව අනාගමනය නොපැමිණීම ලෙසද, සුමංගල ශබ්ද කෝෂය 'මරණින් පසු කාම භවයට උත්පත්ති වශයෙන් නොඑන, තුන්වැනි මාර්ගයට පැමිණි' යනුවෙන්ද අරුත් දේ.

අනාගාමී මාර්ගස්‌ථයා සහ අනාගාමී ඵලස්‌ථයා යනුවෙන් දෙදෙනෙකි. අනාගාමී මාර්ගස්‌ථයා නම් අනාගාමී ඵලස්‌ථයකු වීම සඳහා මඟේ ගමන් කරන්නාය.ලෝකෝත්තර සිත් අටෙන් අනාගාමී මග්ග සිත නම් නැවත කාමභවයේ උත්පත්තියට නොපැමිණෙන ආර්ය මාර්ග කුසල් සිතයි. තුන්වැනි මාර්ග කුසල් සිත කාම ධාතුවෙහි පිළිසිඳ ගැනීමට කිසි කලෙක නොපැමිණෙන බව සිදුකර දෙන්නාවූ මාර්ගය අනාගාමී මාර්ගය වෙයි.

සකදාගාමී ඵලස්‌ථ ආර්ය පුද්ගල තෙමේ නැවතත් ඒ ත්‍රිලක්‌ෂණ භාවනා වඩන කල්හි විදර්ශනා ඥන පහළවීමෙන් මාර්ග චිත්ත වීථිය ඇතිවී එහි අනුලෝම චිත්තයට අනතුරුව චෝදනා සිත ඉපිද නිරුද්ධ වූ කල්හි තුන්වැනි වරට චතුරාර්ය සත්‍යය අවබෝධ කරමින් කෘත්‍ය සතරම ක්‌ෂණිකව සිද්ධ කරමින් අනාගාමී මාර්ග සිත නිවන අරමුණු කොට උපදින්නේය. මාර්ග සිතට අනතුරුවම ඵල සිත උපදින්නේය.

අනාගාමී මාර්ගයට පෙර ප්‍රහීන කෙළෙස්‌ සහ සංයෝජන (සෝවාන් මගින් හා සකදාගාමී මගින්) සක්‌කාය දිට්‌ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන අපායට පමුණුවන කාමරාග සහ පටිඝ සංයෝජනද දිට්‌ඨි, විචිකිච්චා කෙලෙස්‌ද, දිට්‌ඨි, මුසාවාද, මිථ්‍යා කම්මන්ත හා මිථ්‍යා ආජීව යන මිච්ඡත්තද, මච්ඡරිය හෙවත් මසුරු කමද, අනිත්‍යයෙහි නිත්‍යයි, අනාත්මයෙහි ආත්මයි ගන්නා සංඥ චිත්ත, දිට්‌ඨි, විප්පල්ලාසද, දුකෙහි සුඛයයිද, අශුභයෙහි ශුභ යෑයිද ගන්නා දිට්‌ඨි විපල්ලාසද, ඡන්දා, දොaසා, භයා, මෝහා යන සතර අගතීහු ද දිට්‌ඨාශවයද, දිට්‌ඨි යොගයද විචිකිච්ඡා හා ඕලාරික කුක්‌කුච්ඡ, නීවරණද පරමාස මිථ්‍යා දිට්‌ඨියද, දිට්‌ඨි, සීලබ්බත පරාමාස, අත්තවා යන උපාදානද, ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිථ්‍යාචාර, මුසාවාද, මිථ්‍යා දිට්‌ඨි අකුසල කර්මපථද, දිට්‌ඨිගත සම්ප්‍රයුක්‌ත සිත්සතර විචිකිච්ඡා සම්ප්‍රයුක්‌ත සිතද, ඕලාරික කාමරාග, පටිඝ සංයෝජනද ඕලාරික පටිඝ සම්ප්‍රයුක්‌ත චිත්තොත් පාදයද යන කෙලෙස්‌ අනු කෙලෙස්‌ ප්‍රහීනයහ.

අනාගාමී වීම සඳහා අනුගමනය කළ යුතු මාර්ගය

සෝවාන්වීම සඳහා සමුච්ඡේද වශයෙන් ප්‍රහානය කළයුතු මුල් සංයෝජන තුන දර්ශනයෙන් ප්‍රහානය කළ යුතු බව අභිධර්මයේ දැක්‌වෙන අතර, ඉතිරි සංයෝජන භාවනාවෙන් ප්‍රවාහනය කළයුතු බවත් දැක්‌වේ. එසේ නම් කාමරාග, පටිඝ යන සංයෝජන දෙකේ ප්‍රබලත්වය අඩු කිරීමටත්, සම්ච්ඡේද වශයෙන් ප්‍රහීන කිරීමටත් ඊට උචිත කමටහන් වැඩිය යුතු වේ. චරිත වශයෙන් ගත් කල රාග චරිතයාට අසුභ කමටහන්ද, ද්වේෂ චරිතයාට මෙත්තා කමටහනද, තථාගථ නියමයි. එසේ අසුභයත්, මෙත්තාවත් සමථ විපස්‌සනා යුගනන්ධ වශයෙන් වඩන විට අනාගාමී වීමට පුළුවන.

අනාගාමී ඵලයට පත්වූ ආර්යයන්ගේ සිත අභිධර්මයේ මෙසේ පැහැදලි කර ඇත.

'අනාගාමී මාර්ග කුසල් සිතට අනතුරුව අනාගාමී ඵල සිත් දෙකක්‌ හෝ තුනක්‌ ආන්නතරිය සමාධිය හා අකාලික විපාක වශයෙන් ඉපිද නිරුද්ධවීමෙන් පසු පළමු පරිදි චිත්ත සන්තතිය භවංග වේ.'

පටිපදා සතරක්‌ ධර්මයේ දැක්‌වේ.

ප්‍රතිපදාව සැප සහිත හා අභිඥව පහළවීම ඉක්‌මන්. ප්‍රතිපදාව සැප සහිත එහෙත් අභිඥාව පහළවීම ප්‍රමාදය. ප්‍රතිපදාව දුක්‌ සහිත එහෙත් අභිඥාව පහළවීම ඉක්‌මන්. ප්‍රතිපදාව දුක්‌ සහිතයි අභිඥව පහළවීමත් ප්‍රමාදයි.

මේ සතර ප්‍රතිපදාවෙන් එක්‌ ප්‍රතිපතාවකින් අනාගාමී මග ඵල කෙනෙක්‌ ලබයි.

උදා (- අංක 01 ප්‍රතිපදාවෙන් සැරියුත් තෙරණුවෝද, අංක 3 ප්‍රතිපදාවෙන් මුගලන් තෙරණුවෝද අනාගාමීව අර්හත්වයට පත් වූහ.

ප්‍රඥාවේ තීක්‍ෂණත්වය හා මෘදුත්වය අනුවද අනාගාමී වීම ඉක්‌මන් සහ ප්‍රමාද වේ. පෙර සසර භාවනා වඩා ප්‍රඥව තියුණු කරගත් තැනැත්තා භාවනා වඩනවිට අප්‍රමාදව ඉතා කෙටි කලකින් අනාගාමීත්වයට පත් වේ.

අනාගාමී වන්නන් හය දෙනා සුඛ පටිපදාවෙන් අනාගාමී වීම

1. කෙනෙක්‌ කාමයන්ගෙන් වෙන්ව, අකුසල ධර්මයන්ගේ (පංචකාම හා දොළොස්‌ අකුසලයෙන්) වෙන්ව සමථ කමටහනකින් පළමු දැහැන ලබා එහි සිට විදසුන් වඩා සෝවාන් මඟ ඵල ලබා සකදාගාමී මගඵල අනාගාමි මග ඵල ලබයි.

2. කෙනෙක්‌ කාමයෙන් වෙන්ව, අකුසල ධර්මයන්ගෙන් (පංචකාම හා දොළොස්‌ අකුසලයෙන්) වෙන්ව සමථ කමටහනකින් දෙවන දැහැන ලබා එහි සිට විදසුන් වඩා සෝවාන් මඟ ඵල ලබා සකදාගාමී මග ඵල ලබා අනාගාමී මගඵල ලබයි.

3. කෙනෙක්‌ කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් (පංචකාම හා දොළොස්‌ අකුසලයන්ගෙන්) වෙන්ව සමථ කමටහනකින් තෙවැනි දැහැන ලබා එහි සිට විදසුන් වඩා සෝවාන් මඟ ඵල ලබා සකදාගාමී මග ඵල ලබා අනාගාමී ඵල ලබයි.

4. කෙනෙක්‌ කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මය්ගෙන් (පංචකාම හා දොළොස්‌ අකුසලයෙන්) වෙන්ව සමථ කමටහනකින් හතරවැනි දැහැන ලබා එහි සිට විදසුන් වඩා සෝවාන් මගඵල ලබා සකදාගාමී මගඵල ලබා අනාගාමී ඵල ලබයි.

5. කෙනෙක්‌ කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් (පංචකාම හා දොළොස්‌ අකුසලයෙන්) වෙන්ව සමථ කමටහනකින් පස්‌වැනි දැහැන ලබා එහි සිට විදසුන් වඩා සෝවාන් මඟඵල ලබා සකදාගාමී මගඵල ලබා අනාගාමී මගඵල ලබයි.

දුක්‌ඛ පටිපදා

06. කෙනෙක්‌ ධ්‍යාන නොවඩා විදර්ශනා භාවනා වඩා, සෝවාන් මඟඵල සකදාගාමි මගඵල, අනාගාමී මගඵල ලබයි.

අනාගාමී පුද්ගලයන්

1. අන්තරා පරිනිබ්බායි - අවිහාදි පංච ශුද්ධාවාස අතුරින් එක්‌ සුද්ධාවාසයක ඉපිද එහි ආයු ප්‍රමාණයෙන් මධ්‍යයට පැමිණීමට පෙර රහත්ව පිරිනිවන්පාන අනාගාමී ආර්යයා.

2. උපසච්ච පරිනිබ්බායි පංච සුද්ධාවාසවලින් එකක ඉපිද ඊට නියමිත ආයුසයෙන් අඩක්‌ පසුකර රහත්ව පිරිනිවන් පාන අනාගාමී ආර්යයා. අසංඛාර පරිනිබ්බාධි නිරුත්සාහයෙන් අර්හත් මාර්ගය උපදවා පිරිනිවන්පාන අනාගාමී වූ මෙවැනි අනාගාමීහු දෙදෙනෙක්‌ ලෙස අංගුත්තර නිකායේ ක්‌ලේශ පරිනිබ්බායි සූත්‍රයේ වදරා ඇත. 479

3. විදර්ශනා ඉන්ද්‍රිය බලවත් නිසා මෙලොවදීම ක්‌ලේශ පරිනිර්වාණයට පැමිණෙන සංස්‌ඛාර පරිනිබ්බායි.

4. විදර්ශනා ඉන්ද්‍රිය දුබල නිසා මරණින් මතු සුද්ධාවාස බඹලොවක ඉපිද එහිදී රහත්ව පිරිනිවන් පාන්නා සංසඛාර පරිනිබ්බායි අනාගාමීවූ දෙදෙනෙක්‌ ද දැක්‌වේ.

5. සමථ ඉන්ද්‍රිය බලවත් නිසා මෙලොවකදී ක්‌ලේශ පරිනිර්වාණය පැමිණෙන්නා

6. සමථ ඉන්ද්‍රිය දුබල නිසා (මෘදු ඉන්ද්‍රිය) මරණින් මතු බඹලොව ඉපිද එහිදී පිරිනිවන් පාන්නා උද්ධංඝොත අන්තර පරිනිබ්බායි අකණිඨාගාමී අනාගාමිය තිදෙනෙකි.

අවිහයෙහි උපන් කෙනෙකි. පිරිනිවන් පාන්නා ආයු මධ්‍යයට පැමිණ පිරිනිවන්පාන්නා, ආයු මධ්‍යයට පැමිණීමට පෙර පිරිනිවන්පාන්නා, උපහච්ච පරිනිබ්බායි එක්‌ අයෙකි. උද්ධංසොත අකණිට්‌ඨාගාමි එක්‌ අයෙකි.

මේ පස්‌දෙනා අසංඛාර සසංඛාර වශයෙන් 10 කි. අවිහ, අතප්ප, සුදස්‌ස, සුදස්‌සී යන බඹලොව 4ං10+40 දෙනෙකි. අකණිටුගාමිහු හතර දෙනෙකි. ඒ සතර දෙනා අසංඛාර වශයෙන් 8 දෙනෙකි. එකතුව 48 කි.

සුද්ධාවාසවල ආයුෂ කල්ප (සුද්දාවාසය යනු කෙලෙස්‌වලින් පිරිසිදු අය වෙසෙන යන අරුත්ය.)

අවිහ බඹලොව මහාකල්ප 1000, අතප්ප බඹලොව මහාකල්ප 2000, සුදස්‌ස බඹලොව මහාකල්ප 4000, සුදස්‌සී බඹලොව මහාකල්ප 8000, අකණිට්‌ඨ බඹලොව මහාකල්ප 16000.

යොදුනක්‌ දිග, යොදුනක්‌ පළල, යොදුනක්‌ උසට අබ ඇටවලින් පුරවා වර්ෂ 100 කට වරක්‌ එක්‌ අබ ඇටය බැගින් ඉවත් කළත් අබ ඇට අවසන් වුවද කල්පයේ ආයුෂ අවසන් නොවේ.

ධ්‍යානලාභී අනාගාමි ආර්යයා මරණින් මතු පංච සුද්ධාවසයන්හි ඉපිද එහිදීම රහත්ව පිරිනිවන් පාති. ශුෂ්ක විදර්ශක වූ අනාගාමී ආර්යයා දිවිහිමියෙන් ධ්‍යාන නොවඩා කාල ක්‍රියා කළේ වී නම් ඔහු තුළ කාමරාග, පටිඝ නැති බැවින් කාම ලෝකයේ ප්‍රතිසන්ධිය නොගනී. හෙතෙම චුතියට පෙර චතුත්ථ ධ්‍යානය ලබා එයින් චුතව සුද්ධාවාසවලින් එකක උපදී.

ස්‌ත්‍රීහු අනාගාමී වුවද එක්‌වරම සුද්ධාවාසවල උපත නොලබති. ධ්‍යානලාභී කාන්තාවන්ට නියම වන්නේ බ්‍රහ්ම පාරිසඡ්ජයයි. එහිදී චතුත්ථ ධ්‍යානය ලබා බ්‍රහ්ම පාරිසඡ්ජයෙන් වුවද චුතව සුද්ධාවාසයක උපදී.

මෙලොවදී සංස්‌කාර පරිනිබ්බාණයි වීමට නම්,

1. කයෙහි අසුභය බැලීම වැඩීම

2. ආහාරයේ පිළිකුල් සංඥව වැඩීම

3. සියලු සංස්‌කාරවල අනිත්‍ය මෙනෙහි කිරීම

4. සියලු ලෝකවල අනභිරති සංඥව

5. මරණ සතිය වැඩීම

6. සද්ධාව, හිරි, ඔත්තප්ප, විරිය, ප්‍රඥ යන සේඛබල පහෙන් යුක්‌තවීමය.

මෙලොවදී අසංකාර පරිනිබ්බායි වීමට නම්,

1.කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව 1, 2, 3, 4 වැනි ධ්‍යාන ලබාගැනීම

2. සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥ යන ඉන්ද්‍රීය පහෙන් අධිමාත්‍රාව පහළ වීම

අනාගාමී ඵලස්‌ථ ආර්යයන්ගේ ප්‍රත්‍යවේක්‍ෂාව

1.මම මේ මාර්ගයේ ගමන් කර ඒකාන්තයෙන්ම සත්‍යය අවබෝධ කර ගනිමියි ආ මාර්ගය ප්‍රත්‍යවේක්‍ෂා කිරීම

2.මේ මාර්ගයේ ගමන් කිරීමෙන් මේ මේ අනුසස්‌ ලබන ලදැයි ප්‍රත්‍යාවේක්‍ෂ කිරීම

3. මා මේ මාර්ගයේ ගමන් කිරීමේදී මේ මේ කෙලෙස්‌ ප්‍රහීන වී යෑයි ප්‍රත්‍යවේක්‍ෂා කිරීම

4.මා විසින් මෙම ධර්මය ප්‍රතිවේධ කරන ලදැයි ප්‍රත්‍යවේක්‍ෂා කිරීම

5. එසේම මේ කෙලෙස්‌ ප්‍රහීන කිරීමට ඇතැයි ප්‍රත්‍යවේක්‍ෂ කිරීම

අනාගාමී ආර්යයා සමාපත්තීන්හි පිහිටීම

ආර්ය ඵලයේ නිරෝධයෙහි අර්පණාව පිහිටීම ඵලසමාපත්ති නම් වේ. සියලු සියලුම ආර්යයෝ තම තමාගේ ඵල සමාපත්ති ඵලයට සමවදිති. අනාගාමී ආර්යයා සෝවාන්, සකදාගාමී ආදීන්ගේ ඵල සමාපත්තිවලට සම නොවදිත්.

රහතන් වහන්සේලාටත් ආර්යයන්ටත් නිරෝධ සමාපත්තියට සම වැදිය හැක. ඒ ඔවුන් තුළ පංචනීවරණ සමුච්ඡේද වශයෙන් ප්‍රහානය වී ඇති බැවිනි. සමාපත්තියට සමවැදුණු විට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්‌පර්ශ ආදී සංඥ නිරෝධ වේ. ඒ සංඥවෝ අක්‍රීයය. ඒ කාලය තුළ ධ්‍යාන සුඛයත් නිවන් සුඛයත් වළඳති. චතුත්ථ ධ්‍යානයට සමවැදුනහුට නොයෙකුත් සෘද්ධි ලැබිය හැකිය.

සමාපත්තියට සමවැදීමට පෙර පංච වසිතාවන් සිහිපත් කරයි. එනම් ආවර්ජන, සමාවඡ්ජන, (සමාපත්තියේ යෙදෙන කාලය තීරණය කිරීම හා සමාපත්තියෙන් නැගිටීම) අධිෂ්ඨාන, වුට්‌ඨාන ප්‍රත්‍යවේක්‌ෂණ පහයි.

අනාගාමී ඵල සමාපත්තියේ ගතකරන කාලය උපරිම දින හතකි. ඒ කාලය තුළ කිසිම අහරක්‌ නොගනී. (මිථ්‍යා දෘෂ්ටිකයන්ට ද ඔවුනගේ ධ්‍යාන බලයෙන්ද ආහාර නොගෙන දින ගණනක්‌ ගෙවත හැක) මනෝ සංවේතනා ආහාරයෙන් යෑපෙත්. එනම් ධ්‍යාන සුඛයි, සිතේ සන්තානයේ ජනනය වන ඒකග්‍රතාවයයි. ඒ චතුර්ථ හෝ පංචම ධ්‍යාන ලැබූ අනාගාමීන් හට පමණක්‌ ලැබෙන්නකි. ඒ සඳහා රූප, ශබ්ද, ගන්ධ ආදියෙන් තොර පරිසරයක්‌ අවශ්‍ය වේ. සමාපත්තියේ යෙදුණ ද තමාට සිදුවීමට එන යම් විපතක්‌ වේනම් වහා එය තම මනසට දැනේ. වරක්‌ සැරියුත් තෙරුණුවෝ ඵල (නිරෝධ) සමාපත්තියෙහි යෙදී සිටින විට අහසින් ගමන් කරන මිථ්‍යාදෘෂ්ටික යකෙක්‌ උන්වහන්සේ ගේ හිසට පා පහරක්‌ දුන්නේය. ඒ පහර කොතරම් බල සම්පන්නද කියතොත් ඇතුන් සත් දෙනකුගේ ජවය තරම් බලවත්ය. එහෙත් සැරියුත් තෙරුණුවෝ ක්‌ෂණයෙන් ඒ පහර වළකාලූහ. අනාගාමී වූවෝ කවරහුද යන්න පෘතග්ජනයාට අවබෝධ කළ නොහැක්‌කකි. ඔහුද තමා අනාගාමී යෑයි ප්‍රකාශ නොකරයි. අනාගාමී වූවකු තුළ පවත්නා ලක්‌ෂණ කීපයක්‌ බ.අ. නාහිමිපාණන්ගේ පෙර සඳහන් ප්‍රකාශයේ දැක්‌වේ.

අංගුත්තර නිකායේ සූත්‍ර දෙකක දැක්‌වෙන ප්‍රකාශවලින් අනාගාමීන් කවුරුන් දැයි හඳුනාගත හැකි කරුණු කිහිපයක්‌ දැක්‌වේ. එහි නන්දමාතා සූත්‍රයේ නන්මාතා නම් වූ උපාසිකාව සැරියුත් මහරහතන් වහන්සේ දන්වළ\ අවසානයේ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් තමා තුළ ඇති මේ ආශ්චර්යය කරුණු ප්‍රකාශ කර ඇත.

දිනක්‌ ඇය රාත්‍රියේ පාරායන වග්ගය සඡ්Cධායනා කරමින් සිටින විට අහසින් ගිය වෙසමුණි රජු නැවතී සඡ්Cධායනා අවසන් වන තෙක්‌ සිට සැරියුත්, මුගලන් මහරහතන් වහන්සේලා ඇය වසන ගමට පැමිණ ඇති බවත්, මහ දන්දී පින් තමාටද අනුමෝදන් කරන ලෙසත් ඉල්ලා ඇත. ඇගේ එකම පුතාට රජු විසින් මරණ දඬුවම දුන් නමුත් ඇය ඊට කම්පා නොවූ බව, තම ස්‌වාමියා මැරී යක්‍ෂයකුව ඉපිද තමා ඉදිරියේ පෙනී සිටිය නමුත් බිය නොවූ බව, පතිවත රැකීම, සික්‍ෂාපද සමාදන් වූදා පටන් නොබිඳ රැකීම, චතුර්ථ ධ්‍යානය ලබාතිබීම ඒවා වේ.

තවත් සූත්‍රයක්‌ අංගුත්තර නිකායේ එයි. එය උග්ග ගහපති සූත්‍රයයි. උග්ග ගහපති තෙමේ තම නිවසට දානයට වැඩි භික්‌ෂුන් වහන්සේ නමක්‌ ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් මෙම ආශ්චර්ය කරුණු තමා තුළ ඇති බව ප්‍රකාශ කර ඇත.

දෙවියන් තමා ඉදිරියට පැමිණ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ස්‌වාක්‌ඛාත බව කියූවද, දෙවියන් නොකීවාට තමා ඒ බව දැන සිටීයෑයි කීම, ගිහිව සමාදන් වූ බ්‍රහ්මචාරී සික්‍ෂාපද නොබිඳ රැකීම, ඔහුට සිටි භාර්යාවන් හතරදෙනා ඔවුන් කැමැති අයට වස්‌තුව සමග විවාහ කර දීම (මෛථුන සේවනයෙන් වෙන්වීම), තමා සතු ධනය සිල්වතුන් සොයාම පරිත්‍යාග කිරීම, තමන් හමුවට පැමිණෙන භික්‌ෂුන් වහන්සේ ධර්මය දේශනා නොකරන්නේ නම් ඔවුන්ට ධර්මය දේශනා කිරීම, දෙවිවරු තමා ඉදිරියට පැමිණ අසවල් භික්‌ෂුන් වහන්සේ සිල්වත්ය, දුසිල්වත්ය කියා කියතත් කිසි වෙනසක්‌ නොකොට සියලු දෙනාට එක සේ සැලකීම. දෙවියන් තමා සමග කතා කළා කියා සිතේ මානයක්‌ ඇතිකර නොගැනීම. තමා තුළ පහ නොවූ ඕරම්භාගි සංයෝජන නැතැයි දැන සිටීම.

ඉහත දැක්‌වූ සූත්‍ර දෙකේ දැක්‌වෙන කරුණු විවිධ වෙතත්, ඒ කරුණු සම්පිණ්‌ඩනය කළ විට සෝවාන්, සකදාගාමී, අනාගාමී මගඵල වලදී ප්‍රහානය වූ සංයෝජන පහ හා අනෙකුත් ක්‌ලේශයන් ඇත්තකු හට එවැනි සෘජු ප්‍රකාශ කළ නොහැකි බව පෙනේ. විශේෂයෙන්ම අසත්‍ය තොරතුරු පිටකයට ඇතුළත් නොකරුනු ඇත. (අනාගාමී ඵලය තෙක්‌ ප්‍රහීන වූ කෙලෙස්‌ මෙහි දක්‌වන ලදී) මේ සූත්‍ර දෙකේම දැක්‌වෙන පොදු ආශ්චර්ය කරුණු නම් වෙසමුනි රජු නන්දමාතාව සමගත්, උපදෙස්‌ දෙන දෙවිවරු උග්ගගහපති සමග කතා කිරීමත්)

සෝවාන්, සකදාගාමී, අනාගාමී යන තිදෙනාගේම ප්‍රත්‍යවේක්‍ෂාව සමාන බැවින් තමා තුළ පවත්නා සංයෝජන, උප ක්‌ලේශ, නීවරණ හා අනෙකුත් කෙලෙස්‌ පිළිබඳ පැහැදිලි නිරවුල් අවබෝධයක්‌ තිබෙන බවට කිසිම සැකයක්‌ නැත. මේ ආර්ය සම්මා දිට්‌ඨිය ලත් පුද්ගලයාගේ ප්‍රඥවේ ලක්‌ෂණයි.

චරිතවලට අනුකූලව සමථ කමටහන් තෝරා ගත යුතුවාක්‌ මෙන්ම, අනාගාමීවීම සඳහා විදර්ශනා කමටහන් තෝරාගත යුතු බව බුද්ධ නියමයයි. එසේ නොකළොත් ධ්‍යාන නොලැබීමටත්, අනාගාමී ඵලය දක්‌වා සත්‍යාවබෝධය නොලැබීමටත් හේත =වනවා ඇත.

ශුෂ්ක විදර්ශක අනාගාමීන් හට කුසල් සිත් තිස්‌ නවයකුත්, සමථයානික අනාගාමීන්හට සිත් හතළිස්‌ අටකුත් ලැබේ. අනාගාමීත්වයට පත්වීමෙන් පසු රහත්වීම සඳහා අරහත් මග්ග සිතින් ප්‍රහීන කිරීමට ඇති සංයෝජන සහ කෙලෙස්‌ මෙසේය.

අර්හත් මාර්ග ඥනයෙන් අකුසල චිත්තයන් අතුරින් දිට්‌ටිගත, විප්පයුත්ත සිත් සතර සහ උද්ධච්ච සම්ප්‍රයුක්‌ත සිතද, දස සංයෝජනයන් අතරින් රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ඡ, අවිඡ්ජා යන පංච උද්ධංභාගිය සංයෝජන පහ ක්‌ලේශයන් අතුරින් ලෝභ, මෝහ, මාන, ථීන, උද්ධච්ච, අහිරික, අනෝතප්ප යන සත් දෙනද මිච්චත්තයන් අතුරින් මිථ්‍යා වාචා, සම්පප්‍රලාප, මිථ්‍යා වායාම, මිථ්‍යා සති, මිථ්‍යා සමාධි, මිත්‍යා විමුක්‌තිය, මිථ්‍යා ඥාන යන මේවාද ලෝක ධර්මයන් අතුරින් භවාන්සවයද, අවිජාශ්‍රව හා භවාශ්‍රවද, නීවරණයන් අතුරින් ථිනමිද්ධ හා උද්ධච්ච දෙකද අනුශය වශයෙන් පවතින භවරාග, මාන අවිද්‍යා ද නිරවශේෂයෙන් සමුච්ඡේද ප්‍රහානය කළ යුතුය.

අනාගාමී ඵලයට පත් ආර්යය සිතින්, වචනයෙන්, කයින් කරන අකුසල් දොළහ වෙන් වේ. භව රාග මිදේ. සියල්ල අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම වශයෙන් දකී. නිවන හැර කිසිම ලෞකික වස්‌තුකාම නොපතයි. සියල්ල අලුයම කෙළ පිඬ සේ සලකයි. සර්ප හැව සේ සලකයි. තමාගේ යෑයි කිසිවක්‌ බදා නොගනී. ඇස, කන, දිව, නාසය, කය යන ඉන්ද්‍රිය පහම වසා අගුලු දමයි. අමෘත මහා නිවන අවබෝධයට මුළු දිවියම කැපකර වීරිය වඩයි. කිසිම භවයක උපත නොපතයි. සද්ධා, සීල, සූත්‍ර, ත්‍යාග, ප්‍රඥ යන ධන පසින් යුක්‌තව වෙසේ. ආර්යකාන්ත සීලය රකී.


අනගාරික සම්‍යක්‌ බ්‍රහ්මචාරී දයාසේන සේනාරත්න