දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

බුදුරදුන් පෙන්වා වදාළ උත්තම මාර්ගය


2557 වෙනි 

ගෞතම බුදුරජාණන් වහන්සේගේ

තෙමඟුල සිහි කෙරෙමි.


මේ වෙසක්‌ සමයයි. මුළු බොදු ලොවම බුදුරජාණන් වහන්සේ ගැන වඩාත් සිතන්නට පෙළඹෙයි. උන්වහන්සේ පෙන්වා වදාළ ධර්මය ජීවිතවලට සමීප කරගන්නට උත්සාහ ගනු පෙනේ. මෙවන් සමයක බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ධර්ම මාර්ගය පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමු කරවනු වස්‌ ඒ පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක යෙදෙන්නට මෙම බෙහෙවින්ම යෝග්‍ය කාලය බව හැඟේ.

බුදුදහම සනාතන දහමකි. එය බුදුන් වහන්සේගේ ධර්මාන කාලයෙහි යම් වලංගු භාවයක්‌ තිබුණේ ද එම අකාලික වලංගුභාවය අද මේ විසිවැනි සියවසටත් එපරිද්දෙන්ම උචිතය. එදා මෙන්ම අදටත් එහි ඇති සාංදෘෂ්ඨික භාවය විවාදාපන්න නොවේ. අන්ධානුකරණයෙන් නොව, සැබෑ විමංසනශීලී බුද්ධිපරිපාටවයකින් යුතුව ධර්මය පුහුණු කිරීමක යෙදෙන්නේ නම් අද වුවද, සැකසංකාවකින් තොරව, ධර්මයේ සාංදෘෂ්ඨික පළ නෙළිය හැකිය. මාර්ගඵල ප්‍රතිලාභ අත්දැකීමකට භාජනය කරගත හැකි ප්‍රාසාංගික වටාපිටාවක්‌ අප සැම ඉදිරියෙහි විද්‍යාමානව තිබෙන බවට ජීවමාන විසඳුම් අපේ රටෙන් මෙන්ම බුරුමය, තායිලන්තය ආදී දකුණු ආසියාතික බෞද්ධ රටවලින් ද අප අසා ඇත්තෙමු. තායිලන්තයෙන් ලද නව්‍යමය වූ සිද්ධිවාචක නිදසුන නම්, "මයි චී කයිව් නම් සිල්මාතාව" පිළිබඳ භික්‌ඛු සීලරතනෝ නම් හිමිනමක්‌ ලියා පළ කර ඇති, "මෑත කාලයේ පහළවූ රහත් තෙරණිය නමින්" පෞරාණික බුද්ධංගල වන සෙනසුනෙහි භික්‌ඛු ආනන්ද නම් භාවනා යෝගී යතිවරයාණන් විසින් සිංහලට ද පරිවර්තනය කර ඇති ඇගේ සත්‍යමය වූ චරිතාපදානයයි. ඊට අනුකූලව ඇගේ ආරම්භය දස සිල් මාතාවක්‌ වූ උපාසිකාවක ලෙස අතිශය දුෂ්කර වූ අනෙකවිධ ව්‍යසනයන්ට මුහුණදී ජීවිත අත්දැකීම් ලැබූ නූතන පටාචාරවක බඳු ථෙරීගාතාවක්‌මය. ඇය ලබාදෙන පණිවුඩය බෙහෙවින්ම ජීවමානය, අතිශයින්ම ගැඹුරුය. අර්ථ පූර්ණය. ධර්මයෙහි මැනවින් හැසිරෙන, එයම ජීවිතය කොට ගාම්භීරව හා බරපතළ ලෙස සන්සුන්ව ගන්නා භික්‍ෂු - භික්‍ෂුණියකට පමණක්‌ නොව, එබඳු ගිහි උපාසක-උපාසිකාවකට ද ධර්මයෙහි සාන්දෘෂ්ඨික ඵල මෙම ගෞතම බුදුරදුන් සමයෙහිම ලබාගැනීමෙහි උත්කෘෂ්ඨ වූ පරම භාග්‍ය තවමත් විද්‍යාමාන වන බව නොවේද? ශ්‍රද්ධාව හා ධීරත්වය පිරුණු මේ රසවත් කතන්දරය අපට කියාපාන්නේ· ශ්‍රී ලාංකික හැම කාන්තාවක විසින්ම මෙම චරිතාපදානය කිවයුතු යෑයි අපට හැඟේ.

1901 දී ඉපිද 1991 දී පිරිනිවන් පෑ බුද්ධ ශ්‍රාවිකාවක වූ ඇය, අදත් පිරිසිදුව පවතින මේ නිර්වාණ ගාමී ප්‍රතිපදාව අනුව පිළිපැද සසරින් නිදහස්‌ විය හැකි බවට ලබාදෙන්නේ ප්‍රබල සාක්‍ෂියකි. අප අසා ඇති පරිදි මෙබඳු ජීවමාන සාක්‍ෂිවලින් පිරි චරිත අප රට තුළ ද බෙහෙවින් විරළව අසන්නට ලැබෙන්නේ, එබඳු උත්තම පුද්ගලයන් සිදුවිය යුතු පරිදිම මුනිවත රකින නිසාමය. මාන රාග උපාදානයන් සපුරාම සමුච්ඡේදයෙන් ප්‍රහානය කළ එබඳු උතුමෝ ලෞකික තත්ත්වයෙන් මිදුණේ, ජනප්‍රියතාව නොතකති. උපේක්‍ෂාව පිරිණු එබඳු උතුමෝ ලෝක ධර්මයන් සමත්‍රික්‍රමණය කරති. අපේ වන සෙනසුන්වල මෙන්ම, ග්‍රාමීය විහාරස්‌ථාන වල ද එබඳු උතුමන් පහළව නිරාමිෂ ජීවිතවලින් නිලීනව සමුගන්නා අප්‍රකට මගඵල ලාභීන් මලිය දේව මහරහතන් වහන්සේගෙන් පසු කෙතරම් නම් මේ පින්බිම තුළ පහළව නිවී සැනසී යන්නට ඇත්ද? ධර්මයේ සාංදෘෂ්ඨිකතාව පිළිබඳ බරපතළ ලෙසටම සවිඥනකව දැනෙමින් පවතින අපට නම් ඒ පිළිබඳ අංශු මාත්‍ර සැකයක්‌ කිසිදිනක නොතිබිණි.

පන්සාළිස්‌ වසරක මහා බුදු මෙහෙවර තුළ උන්වහන්සේ මානව යුතුකම් ගැන බෙහෙවින් දේශනා කර වදාළහ. අයිතිවාසිකම් ගැන කතා කළේ ඉතාම අල්ප වශයෙනි. ඉන් පළමු කොට දැඩිව අවධානය යොමු කළේ තමාට තම යුතුකම් ඉටු කිරීම පිළිබඳවමය. එය ආත්ධ්‍යාත්මික යුතුකම් මෙන්ම භෞතික යුතුකම් ලෙස ද ප්‍රකටව හඳුනාගත හැකිය. ඉන් අනතුරුව මෙම දෙඅංශයෙන්ම පොදුවේ තමන්ගේ කමින් ද ඉන් පිටස්‌තරව ද තම යුතුකම් ඉටු කිරීම පිළිබඳව කේන්ද්‍රීය වූ දහමක්‌ මෙබඳු වෙසක්‌ සමයක බුදුරදුන් ලොවට උගන්වා වදාළහ.

බුදුරජාණන් වහන්සේ සියලු කායික මානසික රෝගයනට පිළියම් කළ සියලු වෙදවරුනට පහන් ටැඹක්‌ වූ මහා භේෂඡ්ඡ්‍ය ගුරුවරයාණන් වූහ. උන්වහන්සේ සැමට ලබාදුන්නේ කිසි දිනකවත් පරණ නොවන, අලුත් නොකළ යුතු නියත විධානයක්‌ බඳු බෙහෙත් වට්‌ටෝරුවකි. එය මිනිස්‌ වර්ගයාට පමණක්‌ නොව දෙව්-බඹුන්ට ද සමසේ සාධාරණය. එය දාන සීල භාවනා ලෙසටත්, සීල සමාධි ප්‍රඥ ලෙසටත් ප්‍රකටය.

මෙම බෙහෙත් වට්‌ටෝරුව වඩාත් ඵලදායක ලෙස වළඳින්නට නම් මූලික වූ පෙර සුදුසුකමක්‌ ලබාගැනීම බෙහෙවින්ම ඵල සහිතය. බුදුරජාණන් වහන්සේ තමන්ගේ මාර්ග උපදේශකයාණන් ලෙස හඳුනා ගැනීමත්, ඒ අවබෝධය පෙරටු කරගත්, අර්හත් බීජයන් තමා තුළ පවතින බව නුවණින් යුතුව තේරුම් ගැනීමත්, විශ්වමය අතෘප්තිකරතාවයෙන් හෙවත් දුකෙන් මිදීම සඳහා අප හැම තුළ බරපතළ ශක්‍යතාවන් ඇති බවත් වටහා ගැනීම මෙහිලා බෙහෙවින් වැදගත්ය. ඒ සමගම බුදුරජාණන් වහන්සේ තුළ සම්භාවිතව තිබූ උත්තම සුදුසුකම්වලින් අපිදු පියවරින් පියවර පරිපූර්ණ වෙමින්, ඉවසීම, නිර්භීතභාවය, මහා කරුණාව හා මහා ප්‍රඥාව අපේ ධර්ම මාර්ගය බවට පත් කරගන්නා බවට අධිෂ්ඨාන පූර්වකව සඵතවීමය. මේ ස්‌වයංජාත අවබෝධයෙන් තොරව කෝටි වාරය්ක ඔබ "බුද්ධං සරණං ගච්ඡාමි" යෑයි පුන පුනා කීව ද, ඔබ නාමික බෞද්ධයෙක්‌ මිස සැබෑ බෞද්ධයෙක්‌ නොවන බව වටහාගත යුතුය. මේ අවබෝධය ලබාගැනීම තමාට තමා යුතුකම් ඉටුකිරීමේ පළමු පියවරය.

ධර්මය සරණයැම යනු ස්‌වභාවධර්මයේ නීතිය, පැවැත්ම නුවණින් වටහා ගැනීමත්, එහි යථාර්ථීය ස්‌වභාවය වූ ඇතිවීම, පැවැත්ම හා නැතිවීම ඔබ තුළින් මෙන්ම ඔබ අවටින් ද දකින, අසන, දැනෙන, රසබලන, හැපෙන හා සිතෙන හැම දෙයක්‌ තුළින්ම අවබෝධ කරන්නට උත්සාහවත් වෙමින් ඒ පිළිබඳ දැනුවත්ව වාසය කිරීමය. මෙම වටහා ගැනීමෙන් තොරවූ සිතකට ධර්මයේ පිහිට ලැබේවිදැයි නුවණින් යුතුව විමසිලිමත් විය යුතුය. "ධම්මං සරණං ගච්ඡාමි" යෑයි මුළු ජීවිතය පුරාම හඬගා කීවද ඔබට ධර්මයේ සනාතනික ආරක්‍ෂාව ලැබෙනු ඇත්දැයි අවිනිශ්චිතය. මෙම අවබෝධය නොවෙනස්‌ වන පරිදි අචලව අප සිත් සතන් තුළ පහළ කර ගැනීම තමා තමාට යුතුකම් ඉටුකිරීමේ දෙවන පියවරය.

සඟ සරණ යැම යනු, ඉහත කී යුතුකම් සැපිරූ, සපුරණ හා සපුරන්ට පතන අතීත, වර්තමාන හා අනාගත සත් පුරුෂ සාධුජනතාව තම ජීවමාන ආදර්ශ පිණ්‌ඩය සේ පිළිගැනීමය නොහොත් ඔවුන් තම මාර්ගදේශකයන්සේ මහත් ප්‍රබෝධයෙන් යුතුව වැළඳ ගැනීමය. ඔවුහු අපට මඟ පෙන්වන්නෝය. මේ ධර්ම මාර්ගය පිළිබඳ පූර්ණ විශ්වාසය අප තුළ ජනිත කරවන්නෝය. ඔබ-අප සැමට ජාති ජරා මරණ විරහිත සැබෑ මිදීම පිළිබඳ විශ්වාසය ද, එම හැකියාව පිළිබඳ පූර්ණ තෘප්තිමත්භාවය ද අප තුළ ඇති කරවන්නෝය. එබඳු උත්තමයන් සරණ යැම "සංඝං සරණං ගච්ඡාමි" යන්නෙහි සැබෑම අරුතය. මෙම අවබෝධයෙන් පොහොසත්වීම තමා තමාට යුතුකම් ඉටුකරවාලීමේ තුන් වන පියවරය.

මෙම සත්පුරුෂ පදනමෙහි අක්‌මුල් දැඩිව අල්ලාගන්නා ශ්‍රද්ධාවන්තයෙක්‌ නිරතුරුවම මෙම ධර්ම මාර්ගයට අවතීර්ණ වෙයි. අමුතු මෙහෙයීමක්‌ හෝ පෙළඹවීමක්‌ අවශ්‍ය නැත. අදාළ ද නොවේ. ඔහු හෝ ඇය නිතැතින්ම මෙලොව ඉතාමත් ප්‍රීතිමත් ජීවිතයකට හිමිකම් කියන්නෙක්‌ වන අතර, දුක-සැප, ලාභ-අලාභ, නින්දා-ප්‍රශංසා, යස-අයස නොබිඳුණු සිතින් භාරගන්නා, උපේක්‍ෂාවෙන් ආශිර්වාද ලබන අධ්‍යාත්මික මනුෂ්‍යයකු බවට සැබැවින්ම පත් කරවනු ලබයි. දාන, සීල, භාවනා ඔහුගේ ජීවිතය අලංකාර කරන අමිළ ආභරණ බවට පත්වෙයි. සීල සමාධි ප්‍රඥ ඔහුව උත්තම මනුෂ්‍යයෙක්‌ බවට පත් කරන සෝපානයක්‌ වෙයි.

මෙම උත්තම මාර්ගයෙහි නොවලස්‌ව ගමන් කරන්නකුට මෙලොවදීම ලබාගත හැකි වෙනත් අධිගමයක්‌ තවත් තිබිය හැකිද? මෙලොව සියලු යහපත ලබන ඔහු හෝ ඇය නිවී සැනසී ගිය කෙනෙක්‌ බවට ද සාකල්‍යයෙන්ම පත්වෙයි. ඒ තුළින් ධර්මයෙහි සාංදෘෂ්ඨික ඵල ලබාගත්තෙක්‌ම නිර්මාණය කරවනු නියතයි.


ආචාර්ය තවලම ධම්මික හිමි, 
ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරය

සිල්මාතා කායිව්
මෑත කාලයේ පහළ වූ රහත් තෙරණිය

උතුම් ප්‍රතිපත්ති පූජා සහ පින් අනුමෝදන් වීමට වාසනාව නොලද්දෝ

2557 වෙනි 

ගෞතම බුදුරජාණන් වහන්සේගේ

තෙමඟුල සිහි කෙරෙමි.


උතුම් ප්‍රතිපත්ති ප්‍රතිපදාව පුරන්නා කිසි විටෙක මස්‌ මාංශ නමැති මර සේනාව පසුපස හඹා නොයයි. මිනිසුන් මෘත ශරීර අනුභව කරන්නේ හුදෙක්‌ කුසගින්නට නොවේ. නිරන්තරයෙන් පසුපසඑන තම සසර පව්කාර පුරුදු අත්හැර ගැනුමට සිත එකඟ කර ගත නොහැකි නිසා ය. කුසගින්නට නිර්මාංශ ආහාර කොතෙකුත් තිබුණද, මරා හෝ මරවා ආහාරයට ගන්නා සතුන් ද බොහෝ විට යෑපෙන්නේ නිර්මාංශ ආහාරවලින් බව ද විමසුමට ලක්‌කිරීමට ඔබට කාලය එළඹ ඇත.

තමන් තමන්ගේ ම ජීවිත ගැන සිතනවා නම් තමන් තවෙකකු අතින් හිරිහැරයට ලක්‌වනවාට අකැමැත්තේ නම් තම ජීවිතයේ ඇති වටිනාකම මොනවට පෙනී යනවා නම් සියලු ජීවීන්ගේ ජීවිත ගැන ද එම තක්‌සේරුවෙන්ම සිතන්නට අනිවාර්යයෙන් ම පුරුදු පුහුණු වන්න. එවිට ඔබ උතුම් ශ්‍රී මුඛ කරණීය මෙත්ත සූත්‍රය පරිදිම මෛත්‍රී භාවනාව වැඩීමට සුදුස්‌සකු බවට පත්වනු ඇත. එවිට ඔබ නොවෙනස්‌ මධ්‍යස්‌ථ මතවාදියකු වනු ඇත. මැද පිළිවෙත හෙවත් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන්නකු බවට පත්වනු ඇත.

අනුන්ගේ දෙය අනුන්ගේම ය. එය තමන් සතුකර ගැනීමට නම් එය අයිතිකරුගේ පූර්ණ කැමැත්ත මත පමණක්‌ මුදලකට හෝ යම් දෙයකට හුවමාරු වශයෙන් හෝ වෙනත් අයුරකින් ලබාගත් දෙයක්‌ විය යුතුය. එය ලබාගත යුත්තේ ද ඉතා සාධාරණ අයුරිනි. දානය යනුවෙන් අදහස්‌ කරන්නේත් එයමය. බලයෙන් උදුරගෙන දෙන දැ දානයක්‌ නොව සොරබඩු ලබාදීමකි. දැන් ඔබ මෙලෙස ද සිතන්න. අනුභවය සඳහා ඔබ සත්ත්ව මාංශ ලබන්නේ, අකැමැත්තෙන් වධයෙන් පැහැර ගත් සොරාගත් ආදරයෙන් ධෛර්යයෙන් පෝෂණය කරගත් අන්සතු වටිනා දෙයක්‌ ය. එය අමිල වන්නේ පැහැරගත් පසු නැවත ආපසු ලබාදීමට නොහැකි නිසා ය. දෙවැනි සිල්පදය එකහෙළා සිඳී බිඳී යයි. එවිට ඔබ දුසීලෙකි. සිල් සුවඳ ඔබ ළඟ නැත. ඔබ අශීලාචාරය. ශීලයේ චරන්නකු නොවේ.

ස්‌වභාවයෙන් හැරගිය සත්ත්ව මළ සිරුරක්‌ අනුභවයට තබා දැකීමටත් ඔබ අප්‍රිය කරයි. ඔබ භක්‍ෂණය කරන්නේ නොකළ වරදකට මරණ දඬුවම ලබාගත් අසරණ සතකුගේ පැහැරගත් මෘත ශරීරයකි. සිතීමට සිතක්‌ අප හට මෙන්ම දෙතිස්‌ කුණුප කොටස්‌ සමගින් නව දොරින් ජරාව වැගිරෙන ශරීරය ආශ්‍රිතව ඔබටද නොඅඩුව පිහිටා ඇත.

අන්ධ භක්‌තියෙන් අන්ධානුකරණයෙන් කොයිම ආගමක්‌ හෝ පසුපස හඹායැම විසිඑක්‌වැනි සියවසේ බුද්ධිමතුන්ගේ දර්ශනය නොවේ. නූතන කලියුගයේ හෙවත් මෙම තාක්‍ෂණ යුගයේ බුද්ධිමතුන් බුද්ධියට ඉඩදෙනු විනා බුද්ධිය වසා ගනිමින් පැරැන්නන්ගේ අනුවණ හණමිටි කර ගසාගෙන යන මං සොයන්නේ නැත.

ඕනෑම ආගමක තිබිය යුත්තේ දර්ශනයකි. එව· බලව· විචක්‍ෂණව, තාර්කිකව විශ්ලේෂණාත්මකව බලව· තමාට සාධාරණව හැඟීයන පරිද්දෙන් කටයුතු කරව. ඕනෑම ආගමක මූලික සිද්ධාන්තය විය යුත්තේ එයයි. එය අනිවාර්යයෙන් ම තමාට උරුම විය යුතු ස්‌වාධීනත්වයකි. නැතහොත් ඔබගේ බුද්ධිය වල්වැදී ඔබ පරාධීනයකු බවට පත්වන්නේය. එසේ නැතිව අසවලා පරීක්‍ෂණයකට ලක්‌ නොකරව තොපටය දඬුවම් ලැබේ යෑයි භය කිරීම ආගම් ශාස්‌තෘවරුන් සත්තකින් ම නොකළහ.

එවැනි දැ ග්‍රන්ථාරූඪ කළේ පසු කලකදී නුවණැතියන් බිහි වී ප්‍රතිවිරුද්ධ තර්ක විතර්ක ගෙන හැර පා තමුන්ගේ බොළඳ තර්ක බිඳහෙළාවි යෑයි උපන් බියෙන් තැතිගත් බොළඳ අනුවණයන් ය. ඔවුනට වැරදුණු තැන් ඔවුන්ම නොදන්නා නිසා සර්වබලධාරියකු පිළිබඳ සැකයක්‌ ඇති වුවහොත් පරීක්‍ෂණයට ලක්‌ කිරීම මහා පාපයක්‌ බව ලියා තැබූහ. සම්බුදු රදුන්ගේ මහා දර්ශනයට පරස්‌පර දැ එක්‌ වී ඇත්තේ ද එවැනි දැ විවේචනය මහා පාපයක්‌ බව හඟවමිනි. එහෙත් බුදුන් වහන්සේගේ 'ඒහිපස්‌සිකෝ ඕපනයිකෝ' ධර්මයේ එසේ නැත.

කිසිදු ආගම් ශාස්‌තෘවරයන් වහන්සේ නමක්‌ කිසිදු විටෙකදී අහස පොලොව වන් අසාධාරණ ගෝත්‍රික ප්‍රකාශ නිකුත් නොකරන්නාහ. උන්වහන්සේගේ නිබඳ දර්ශනය වූයේ ද අහිංසාව සහ කරුණා මෛත්‍රියය.

කරුණාව මෛත්‍රිය සමඟ හිංසනය වෛරය අත්වැල් බැඳ නොගනී. පරස්‌පර විකාර ප්‍රකාශ වරින් වර ග්‍රන්ථාරූඪ කරන්නෝ ද, ප්‍රකාශ කරන්නෝ ද සාධාරණ තර්කවලට පිළිතුරු දීගත නොහී තුෂ්නිම්භූත වන්නෝ ද තමන්ගේ උදර පෝෂණය ගැන මිස අනාත්මවාදීව සිහිබුද්ධියෙන් කටයුතු නොකරන්නෝ ය. ආගම් නිර්මාතෘ යතිවරුන් සත්‍ය වසන් කරන අය යෑයි ඔබට මොහොතකටවත් අනුමාන කළ හැකිද? බුද්ධි වර්ධනයට කැප වූ සිතීමට සිත් පහළ වන විසිඑක්‌වැනි සියවසයි මේ.

2012 වර්ෂයේදී ලෝක විනාශයක්‌ සිදු නොවන බවත්, සත්‍ය සම්බුද්ධ දේශනා අනුව එවැන්නක්‌ සිදුවන්නේ කල්පයේ අවසාන බුදුන් වහන්සේ වන මෛත්‍රී බුදුන් වහන්සේගේ බුද්ධාන්තරයෙන් පසුව බවත්, එවැනි බොළඳ ප්‍රකාශ අනුන් රවටන වටිනාකමක්‌ නැති දේ බවත් දැනට වසර අටකට පෙර අප විසින් අවස්‌ථා ගණනාවකදී මාධ්‍ය මගින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත. එසේ තිබියදීත් අවාසනාවකට මෙන් අප රටේ එම වකවානුවේ වඩාත්ම බියට පත් වූයේ අපගේම බෞද්ධ පින්වතුන් ය.

විශේෂයෙන් සඳහන් කළ යුත්තේ මස්‌ මාංශ වළඳමින් පිං යෑයි දෙයක්‌ අනුමෝදන් කරන ඇත්තන් ප්‍රථම, දෙවැනි සහ තෙවැනි වශයෙන් සිහිපත් කරමින් පිං අනුමෝදන් විය යුතු කොට්‌ඨාශ තුනක්‌ නිරන්තරයෙන් ම පූර්ණ වශයෙන් අමතක කර තිබීම අපට ද කිසිසේත් තේරුම් කර ගැන්මට අපහසු උභතෝකෝටික වූ ප්‍රශ්නයකි.

දාන වේලකට මස්‌ මාංශ ලැබෙන්නේ මාංශ වෙළෙන්දන් සහ මාංශ සඳහා මුදල් ආයෝජනය කරන මුදලාලිවරුන්ගේ පිහිටෙන් ය. ඒ නිසා දාන අවසානයේ පිං පෙත් පමුණුවන අවස්‌ථාවේදී එම අය අමතක කර දැමීම බුදුපියාණන් වහන්සේ විසින් ප්‍රගුණ කිරීමට නිතර මතක්‌ කර දුන් කළගුණ සැලකීම අමතක කර දැමීමක්‌ නොවන්නේද? ඔවුන් නොකළ යුතු වෙළෙදාමක යෙදෙන පව්කාරයන් යෑයි කොන් කිරීම කොතරම් දුරට ගැලපේද? ප්‍රශ්නයකි.

මීළඟට පිං පැමිණවිය යුත්තේ මාංශ දාන ලබන අය විසින් තුච්ඡත්වයෙන් සලකා කොන් කරන අපායගාමීන් යෑයි හංවඩු ගසන, එහෙත් දානවලට මාංශ ලබාදීමට ඉමහත් වෙහෙසක්‌ දරා අනත්ත පව් රැස්‌කර ගනිමින් සතුන් මැරූ ඝාතකයා ය. මස්‌ වෙළෙන්දා සිටියද ඔහුට ඝාතකයන් නොමැති නම් වෙළෙදාමට මස්‌ ලැබෙන්නේ නැත. එමගින් දාන වලට මාංශ ලැබෙන්නේ ද නැත. එම නිසා පිං වලට ප්‍රධාන කොටස්‌කරුවකු බවට පත්විය යුත්තේ මස්‌ මරන්නා ය. මස්‌ මරන්නා අමතක කරමින් මාංශ මිලට ගෙන ආ සහ ප්‍රනීතව පිසූ අයට , බෙදූ අයට සහ මුදල් වැය කළ අයට සහ මළගිය ප්‍රාණකරුට පමණක්‌ පිංදීම බලවත් දුර්ජන ලක්‍ෂණයකි. මරණකරුට දිව්‍යලෝකගත වීමට සත්ත්ව ඝාතකයා තොතරම් පිහිට වේද?

ඔහුට දිව්‍යලෝක ගතවීමට පිං නොදෙන්නේ මොනතරම් ගුණමකුකමකටද? සුදනනි, සිතීමට සිතක්‌ ඔබට ඇත. අවසාන වශයෙන්, මෙම භවයේදී නොකළ වරදකට මරණ දඬුවම විඳි රසමසවුලෙන් සප්පායම් වී ආමාශගත කරපු අසරණ සත්ත්ව රෑනට අඩු වශයෙන් වැළඳීමෙන් පසුව හෝ පිං පෙත් අනුමෝදන් කිරීමට අමතක කරන්නේ මරණ වේදනාවට අමතරව ඔවුන්ගේ කුමන පාපයකටද? අවාසනාවකට බඩදරු පැටවුන්ද, සමඟ දැඩි මරණ වේදනාව පැය ගණන් විඳ තවත් කුසක්‌ තුළ නිසලව සුවපත් වූ එම අසරණයන්ට දිව්‍ය සැපත ලැබීමට පිං ටිකක්‌ අනුමෝදන් නොකරන්නේ අසරණ සරණ වීම අමතක වෙලාද සුදනනි,· කළගුණ පසුපස එල වූ නිසාද සුදනනි·

සම්බුදු රදුන් දෙවැනි සතියේ පෑ අනිsමිස ලෝචන පූජාව අමතක වීමක්‌ ද සුපිංවත් සුදනනි· මින් ඉදිරියේදීවත් දානයට පසු පිංපෙතේ අනුමෝදන් කරද්දී කරුණාකර මෙම තුන්කට්‌ටුව අමතක නොකරන්න. සැදැහැවතුනි, ඔබට අනේකවාරයක්‌ පිං සිදුවේවි.


පූජ්‍යපාද ආචාර්ය බුද්ධගයාවේ සිසිලචන්ද්‍ර මෛත්‍රිය හිමි

ඔබේ පින් දීම හා අනුමෝදනාව නිවැරැදිද?

2557 වෙනි 

ගෞතම බුදුරජාණන් වහන්සේගේ

තෙමඟුල සිහි කෙරෙමි.

පින්දීම හා පින් අනුමෝදන් වීම බෞද්ධයාට නුහුරු නුපුරුදු දෙයක්‌ නොවේ. බෞද්ධයෝ දාන, ශීල, භාවනා දී පුණ්‍ය ක්‍රියාවන් සිදු කරගන්නා අවස්‌ථාවන්හි දී ලබා ගන්නා ඒ පුණ්‍ය ශක්‌තිය මිය ගිය ඥාතීන් හා දෙවිදේවතාවුන් ඇතුළු සියලු සත්ත්වයනට අනුමෝදන් කරවීම උතුම් සිරිතක්‌ හා චාරිත්‍රයක්‌ වශයෙන් සිදු කරති. 

පින් දීම නැතහොත් පින් අනුමෝදන් කරවීම එක්‌ අතකින් බැලූ කල දානමය පුණ්‍ය ක්‍රියාවකට සමාන වේ. සැබැවින් ම මුල් බුද්ධ දේශනා අඩංගු ත්‍රිපිටකය තුළ පුණ්‍ය ක්‍රියා යනුවෙන් දක්‌වා ඇත්තේ දාන, ශීල, භාවනා යන පුණ්‍ය ක්‍රියා තුන පමණි. ''පුඤ්ඤකිරිය වFථු'' නමින් හ`දුන්වා ඇති මෙම පුණ්‍ය ක්‍රියා තුන අට්‌ඨකථාචාරීහු විසින් තව දුරටත් වැඩිදියුණු කළහ. ඒ අනුව 'පත්තිදාන' හා 'පත්තානුමෝදන' යන දානමය පුණ්‍ය ක්‍රියා දෙක වෙනම පුණ්‍ය ක්‍රියා දෙකක්‌ ලෙස සැළකූහ. එසේ ම ශීලයට අයත් 'අපචායන' හා zෙව්‍යයාවච්ච' තවත් පුණ්‍ය ක්‍රියා දෙකක්‌ ලෙසත්, භාවනාවට අයත් 'දේශන', 'සවන', 'දිට්‌ඨුඡ්ජුකම්ම' යන පුණ්‍ය ක්‍රියා තුන තවත් පුණ්‍ය ක්‍රියා තුනක්‌ වශයෙනුත් සලකා සියල්ල පුණ්‍ය ක්‍රියා දහයක්‌ ලෙස ''දස පින්කිරිය වත්'' හෙවත් ''දස පුඤ්ඤකිරිය වFථු'' නමින් හැ`දින්වූහ. 

මෙහි දී පත්තිදාන හෙවත් පින්දීම යනුවෙන් හ`දුන්වනුයේ දාන, ශීල, භාවනාදී පින්කම් සිදු කොට රැස්‌කර ගන්නා පින් අසුවලාට පැමිණෙත්වායි හෝ සියලු සත්ත්වයනට පැමිණෙත්වායි හෝ යනුවෙන් පින් පැවරීම යි. පත්තානුමෝදනා හෙවත් පින් අනුමෝදන් වීම ම`ගින් අදහස්‌ කර ඇත්තේ අනුන් විසින් දුන්නා වූ ප්‍රාප්ත දානයක දී හෝ අන්‍ය පුණ්‍ය ක්‍රියාවක දී හෝ යහපත්ය, මැනවයි කියා සතුටට පත්ව අනුමෝදන්වීම යි. 

ප්‍රායෝගිකව සිතා බැලීමේ දී අප ළ`ග ඇති යමක්‌ අන් අයෙකුට දුන් විට අප ළ`ග අඩුවක්‌ හෙවත් ඌණතාවයක්‌ ඇති වේ. එහෙත් පින් දීමේ දී එසේ නොවේ. පින් දීම ද පින්කමක්‌ නිසා පින් දීමේ දී අප ළ`ග ඇති පින් තවත් වැඩිවේ. පහනින් පහන් සිය දහස්‌ ගණනක්‌ ඇවිළුව ද ඒ පහන් සිළෙහි දැල්ල අඩු නොවන්නා සේ පින් දීමෙන් පින් වර්ධනය වීමක්‌ මිස පිනෙහි කිසිදු අඩුවක්‌ සිදු නොවේ. 

අද වෙසක්‌ පුර පසළොස්‌වක පොහෝ දින ශ්‍රී ලංකාව පුරා දාන, ශීල, භාවනාදී පින්කම් රැසක්‌ සිදුවන දිනයකි. එසේ ම එපින් අනුමෝදන් කිරීමෙන් පින් වැඩිකර ගන්නා දිනයකි. එහෙත් සැබැවින් ම එය එසේ දැයි යන්න ම`දකට සිතා බැලිය යුතු කරුණකි. පුණ්‍ය ක්‍රියාවක්‌ සිදුකොට පින් අනුමෝදන් කරවීමට නම් පළමුව පින් රැස්‌කර ගත යුතුය. පතුල සිදුරු වූ කළයකට පැන් පිරවිය හැකි නොවේ. එසේ ම පැන් කළය නිසි පරිදි නොසොල්වා තබා ගැනීම ද වැදගත් ය. එසේ ම ඒ පිළිබ`ද හොඳ අවධානයකින් යුතුව පැන් පිරවිය යුතු වේ. පින් රැස්‌ කර ගැනීමේ දී ද එසේ ම ය. පළමුව සිත කය වචනය සංවර කොටගෙන අප ළ`ග ඇති පරිහානි දොරටු වසාගත යුතුය. එනම් හො`ද බෞද්ධයෙකු වශයෙන් තෙරුවන් සරණ ගිය උපාසකයෙකු බවට පත් විය යුතුය. උපාසකයෙකු තුළ ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල මූලයෝ නොවේ. එවිට පින් රැස්‌ කර ගැනීමට හැකියාව ඇති පුද්ගලයෙකු බවට පත් වේ. 

එපමණක්‌ ප්‍රමාණවත් නොවේ. කළයකට ජලය පිරවීමේ දී කළය නොසොල්වා තබා ගත්තාක්‌ මෙන් අපගේ සිත, කය, වචනය පුණ්‍ය ක්‍රියාව කරන අවස්‌ථාවේ දී පවා නොසොල්වා තබා ගත යුතු වේ. එසේ ම පුණ්‍ය ක්‍රියාව පිළිබ`ද දැඩි අවධානයකින් යුතුව සිටීම ද වැදගත් වේ. මේ ආකාරයට පෙර සූදානම් වී නිවැරදිව පුණ්‍ය ක්‍රියාවක්‌ සිදු කිරීමෙන් පමණක්‌ අන්‍යයන්ට ලබාදිය හැකි පරිදි පින් රැස්‌ කර ගත හැකි වේ.

සෑම පුණ්‍ය ක්‍රියාවක්‌ ම ඇරඹීමට මත්තෙන් බොහෝ විට පංචශීලය සමාදන් වන්නේ ඉහත කී අවශ්‍යතාවයන් සපුරා ගැනීම ස`දහා ය. එහෙත් වර්තමානයේ සිදුකරන බොහෝ පුණ්‍යක්‍රියාවලින් පින් රැස්‌ කරගත හැකි ද යන්න ගැටලුවකි. උදාහරණයක්‌ වශයෙන් දානමය පුණ්‍ය ක්‍රියාවක්‌ සිදු කරන දන්සැලක්‌ ගෙන බලන්න. එහි සැබැවින් ම සිදුවිය යුත්තේ තෙරුවන් සරණ ගිය යහපත් උපාසකයින් විසින් කුසගින්නේ සිටින අය වෙත අනුකම්පාවෙන් තමන් දුක්‌ මහන්සියෙන් උපයා ගත් මුදලින් සපයාගත් ආහාරපානාදියෙන් සංග්‍රහ කොට ඔවුන් තෘප්තිමක්‌ කොට තමනුත් සතුටට පත්වීම නොවේද? එහෙත් අද දින රට පුරා සිදුවන දන්සැල්වල සිදුවන්නේ මෙය ද? සැබැවින් ම නැත. වත්මන් දන්සැල්වල සිදුවන්නේ කුමන හෝ ආකාරයකින් සපයාගත් ආහාරපානාදිය කෑමබීම යහමින් ඇති අයට ම බෙදීමක්‌ ය. දන්සැල් සංවිධානය කරන තැනැත්තන් තුළ කිසිදු ආධ්‍යාත්මික සංවර්ධනයක්‌ සිදුවන්නේ ද නැත. ජනප්‍රිය සංගීතය හා මත්ද්‍රව්‍ය භාවිතය බොහෝ දන්සැල්වල අනිවාර්ය අංගයකි. මෙලෙස දන්සැල් සිදු කිරීමෙන් රැස්‌කරගනු ලබනුයේ පව් මිස පින් නොවේ. 

අනෙකුත් පුණ්‍ය ක්‍රියාවන් සම්බන්ධයෙන් ද තත්ත්වය මෙසේ ම ය. ම`දක්‌ සිතා බලා ක්‍රියා කරන්න. අප විසින් පින් දීමට පළමුව අප පින් රැස්‌ කරගත යුතුය. එබැවින් විමසීමකින් තොරව පින්කම් නොකොට පින් රැස්‌වන අන්දමින් පින්කම් සිදු කළ යුතුය. එහි දී ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල මූලයෝ දුරුකොට අලෝභ, අද්වේශ, අමෝහ යන කුසල මූලයෝ සිත තුළ වර්ධනය කර ගත යුතුය. එලෙස පුණ්‍ය ක්‍රියාවන් සිදුකිරීමෙන් පමණක්‌ පින් රැස්‌ කර ගත හැකිs වන අතර ඒ පින් අනුමෝදන් කරවා අන්‍යයන්ට පින්දීමටත් එම`ගින් තමාගේ පුණ්‍ය ශක්‌තිය වර්ධනය කර ගැනීමටත් හැකි වන්නේය.

පින් අනුමෝදන්වීම සම්බන්ධයෙන් කථා කිරීමේ දී බොහෝ දෙනා සිතන්නේ පින් අනුමෝදන් වනුයේ මළගිය ඥාතීන් හා දෙවියන් පමණක්‌ බවය. එය වැරදි අදහසකි. පින් අනුමෝදන්වීම යනු අනුන් විසින් සිදු කරන්නා වූ ප්‍රාප්ත දානයක දී හෝ අන්‍ය පුණ්‍ය ක්‍රියාවක දී හෝ යහපත් ය. මැනවයි කියා සතුටට පත්ව අනුමෝදන්වීමයි.

මෙසේ පින් අනුමෝදන්වීම ජීවත්ව සිටින අපට පවා සිදුකර ගත හැකිය. වෙනත් අයෙක්‌ සිදුකරන පුණ්‍ය ක්‍රියාවක්‌ දැක යහපත් ය. මැනවය කියා සතුටට පත්වීම ම`ගින් පින් අනුමෝදන් විය හැකිය. එම`ගින් අපට පින් රැස්‌කර ගත හැකි වන්නේය. මේ ස`දහා කිසිදු මුදලක්‌ වැය නොවේ. වැයවන්නේ අපගේ යහපත් ෙච්තනාව පමණකි. එහෙත් මේ නොමිලයේ ම ලබාගත හැකි පින පිළිබ`ද කිසිවකු උනන්දු නොවේ. බොහෝ දෙනා අනෙකකුගේ පින්කම් දැක සතුටුවන බවක්‌ අද දක්‌නට නොලැබේ. ඒ වෙනුවට පුණ්‍ය ක්‍රියාව පිළිබ`දව එය සිදුකළ තැනැත්තා පිළිබ`ද ව හෝ තරහව හෝ ඊර්ෂ්‍යාව ඇති කර ගැනීම වත්මන් ස්‌වභාවය වී තිබේ.

දැන් අප බොහෝ දෙනා නොදකින නොසිතන පව් දීම හා පව් අනුමෝදන්වීම පිළිබ`ද සිතා බලමු. පින්දීම හා පින් අනුමෝදන්වීම පුණ්‍ය ක්‍රියාවක්‌ වන්නා සේ ම ඊට ප්‍රතිවිරුද්ධ ලෙස පව් දීම හා පව් අනුමෝදන් වීම පාප ක්‍රියාවක්‌ වේ. මෙහි දී පව් දීම යනුවෙන් හ`දුන්වන්නේ අන්‍යයන්ගේ ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල මූලයන් ඇති කිරීමයි. වත්මන් ජනමාධ්‍ය ම`ගින් බහුතරයක්‌ සිදුවන්නේ පව් දීම නොවේ ද? ටෙලි නාට්‍යයක්‌ හෝ වේවා වෙළෝද දැන්වීමක්‌ හෝ වේවා ප්‍රවෘත්තියක්‌ හෝ වේවා ඒ තුළ මිනිසාගේ ආශාව, රාගය, ද්වේශය වර්ධනය කර සිදුකරනුයේ ඒවා නරඹන්නාට පව් දීම නොවේ ද?

අනෙක්‌ පසින් බොහෝ ප්‍රේක්‍ෂකයන් ඒවා නැරඹීම තුළින් තම ආශාවන්, රාගයන්, ද්වේශයන් වර්ධනය කර ගනිමින් සිදු කර ගනුයේ පව් අනුමෝදන්වීමකි. උදාහරණයක්‌ වශයෙන් වත්මනෙහි වර්ධනය වී ඇති කාම චිත්‍රපට හෝ එවැනි රාගය අවුළුවන දෑ නැරඹීමෙන් සතුටට පත්වන පුද්ගලයින් සිදු කර ඇත්තේ පව් අනුමෝදන්වීමකි. එසේ ම රෙස්‌ලින් වැනි ක්‍රීඩාවන් සේ ම සටන් ජවනිකා නැරඹීම හෝ අපරාධ පිළිබ`ද කථා කිරීම, කියෑවීම, නැරඹීම තුළින් අප තුළ නොදැනුවත්ව ම ද්වේෂය ඇති වේ. ඉන් සිදු වන්නේ ද අප තුළ පව් අනුමෝදන් වීමකි. අප බුදුරජාණන් වහන්සේ බෝසතාණන්ව සිටිය දී එක්‌ ආත්ම භාවයක දී මසුන් මරන්නෙකු මසුන් මරනු දැක සතුටට පත්ව පව් අනුමෝදන් විය. එහි විපාකයක්‌ වශයෙන් බුද්ධත්වයෙන් පසුව ද උන්වහන්සේට දරුණු හිසරදයක්‌ වැළ`දුණු බව කියෑවේ. පව් අනුමෝදන්වීම පිළිබ`ද තේරුම් ගැනීමට එකී උදාහරණය ම ප්‍රමාණවත් ය. එහි දී බෝසතාණන් මසුන් මැරුවේවත්, මසුන් මරන්නට අනුබල දුන්නේවත් නැත. එසේ ම එම මසුන් ආහාරයට ගත්තේ ද නැත. එදෙස බලා සතුටු වූ පමණින් ම උන්වහන්සේ තුළ පව් අනුමෝදන් විය. 

මේ නිසා දැන් අපට සිතා බැලිය යුතු යමක්‌ තිබේ. එනම් බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ අප විසින් රැස්‌කර ගන්නා පින් මෙන්ම පව්ද අප සමග සසර පුරා ගමන් කරන බවයි. ධම්මපදයේ අප එම අදහස ඇති ගාථාවන් ඕනෑතරම් අසා කියවා තිබේ. මේ නිසා පින් දීම මෙන් ම පින් අනුමෝදන්වීම ද හොදින් සිතා බලා සිදු කළ යුතු පුණ්‍ය ක්‍රියාවන් දෙකකි. මෙහි දී මා පුණ්‍ය ක්‍රියාවක්‌ සිදුකිරීම පිළිබ`ද දීර්ඝව හා සවිස්‌තරව කරුණු දැක්‌වීමක්‌ සිදු නොකළෙමි. ඊට හේතුව මාගේ අභිප්‍රාය පුණ්‍ය ක්‍රියා ගැන ඔබව දැනුවත් කිරීම නොව පින් දීම හා පින් අනුමෝදන්වීම පිළිබ`ද ඇති ඹබ නොසිතන යමක්‌ සිහිපත් කිරීම ය. 

අවසාන වශයෙන් මේ වෙසක්‌ පුර පසළොස්‌වක පුන් පොහෝ දින මේ පුංචි කරුණ තුළින් ඔබගේ ජීවිතයට අලුතින් සිතන්නට යමක්‌ ඇති කිරීම මාගේ උත්සාහය යි. මෙතුවක්‌ කල් පුණ්‍ය ක්‍රියා යෑයි සිතමින් අප විසින් සැබවින් ම පුණ්‍ය ක්‍රියාවක්‌ සිදු කළේද යන්න නැවත විමසා බැලීමට මෙය වටිනා අවස්‌ථාවකි. එසේ ම අප විසින් නිවැරදිව පින් රැස්‌ කර ගත්තේ ද එපින් දීමෙන් අන්‍යයන්ට පින් අනුමෝදන් කළේද?, අපගේ පුණ්‍ය ශක්‌තිය වැඩි කර ගත්තේ ද යන්න පිළිබ`ද ව නැවත සිතා බැලීමෙන් අනාගතයේ සාර්ථකව පුණ්‍ය ක්‍රියාවන් සිදුකර ගැනීමටත් පින් දීමටත් හැකි වන්නේය. 

එසේ ම මෙතුවක්‌ කල් පින් අනුමෝදන්වීම පිළිබ`දව ඔබ තුළ තිබූ අදහසෙහි සත්‍ය අසත්‍යතාව විමසා බැලීමට සේම පින් අනුමෝදන්වීම පිළිබ`ද අලුතින් සිතා බැලීමට යමක්‌ මේ ලිපිය තුළ පවතී. එසේ ම යහපත්ය, හො`දය, නරකය යෑයි කියමින් මෙතුවක්‌ කල් අප විසින් නොදැනුවත්ව ම පව් අනුමෝදන් වීම පිළිබ`ද අද පටන්වත් සිතා බලා කටයුතු කිරීමට මේ සිහිපත් කිරීම උපකාරී කර ගනිමු. යහමින් පින් රැස්‌ කර ගත හැකි මනුෂ්‍යභාවයක්‌ තිබියදී පව් රැස්‌ කර ගන්නේ ඇයි? එහෙයින් බුදුරදුන් පෙන්වා දුන් ආර්ය මාර්ගයේ ගමන් කිරීමට අප තුළ ඇති ශක්‍යතාව වර්ධනය කර ගැනීමට පින් දීම හා පින් අනුමෝදන් වීම උපකාරී කර ගනිමු. 


රංග බුද්ධික කංකානංගේ 

බුදු සසුනේ දොරටු විවර වන්නේ ප්‍රඥවන්තයන්ට පමණයි

2557 වෙනි 

ගෞතම බුදුරජාණන් වහන්සේගේ

 තෙමඟුල සිහි කෙරෙමි.




ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ 
කථිකාචාර්ය රාජකීය පණ්‌ඩිත 
ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස ස්‌වාමින්ද්‍රයන් වහන්සේ 


බුදු රජාණන් වහන්සේ දෙසූ දහම මහ කරුණාව හා ප්‍රඥව මූලික කොට ගත්තකි. එහෙත් අද බොහෝ දෙනා ගමන් කරන්නේ ප්‍රඥව මූලික කරගත් එමගෙහි නොව සියලු දේ විනාශ කර හෝ සැප විඳීම ම අරමුණු කරගත් ගමනක ය. මේ නිසා වර්තමාන සමාජය මිනිස්‌ පැවැත්මට අහිතකර දූෂිත තත්ත්වයට පත්ව ඇති බව පවසන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ කථිකාචාර්ය රාජකීය පණ්‌ඩිත ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස ස්‌වාමින්ද්‍රයන් වහන්සේ වර්තමාන සමාජය යහපත් කළ හැක්‌කේ බුදු දහම නිවැරදිව හඳුනාගෙන තමා මුල්කොට අවබෝධ කරගෙන කටයුතු කිරීම තුළින් බව අවධාරණය කරති.

රාජකීය පණ්‌ඩිත ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස ස්‌වාමින්ද්‍රයන් වහන්සේ පාලි, සංස්‌කෘත, සිංහල හා ඉංග්‍රීසි භාෂා පිළිබඳ පඬිවරයෙකි. බෞද්ධ දර්ශනය, බෞද්ධ ශිෂ්ටාචාරය සහ සමයාන්තර අධ්‍යයනයන් පිළිබඳ විද්වතෙකි.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය කිසියම් කාලයකට සීමා වන්නක්‌ නෙමෙයි. සන්දිට්‌ඨිකො අකාලිකො වශයෙන් විස්‌තර වන්නේ බුදුදහම සෑම කාලයකට ම පොදු දහමක්‌ බවයි. වර්තමාන සමාජයේ මිනිසා මුහුණ දෙන ගැටලු එදා මිනිසා මුහුණ දුන් ප්‍රශ්නවලට වඩා වෙනස්‌ වෙන්න පුළුවන්. නමුත් මේ යුග දෙකේදීම හටගත්, හටගැනෙන ගැටලුවල ඇතුළාන්තය එක සමානයි. එදත් අදත් උපන් හා උපදින ගැටලු සඳහා මුල් වනුයේ ලෝභ, ද්වේශ, මෝහ, මද මාන, ඊර්ෂ්‍යා යනාදි කරුණුයි.

බුදුන් දවසටත් වඩා අද බුදු දහමේ උපයෝගීතාව වැඩිවෙලා තියෙනවා. ගෝලීය ප්‍රශ්න රැසක්‌ ඇතිවෙලා තියෙනවා. පරිසර විනාශය, යුද බිය, කාම රැල්ල, අෙන්‍යාන්‍ය අවිශ්වාසය, බොරුව වැනි දේ නිසා අද සමාජය මිනිස්‌ පැවැත්මට අහිතකර තැනක්‌ බවට පත්වෙලා තියෙනවා.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය මූලික වශයෙන් ආකාර තුනකට බෙදා දක්‌වන්න පුළුවන්. දාර්ශනික හරය, දාර්ශනික හරය හරහා ගොඩනගාගත් චර්යාව හෙවත් පිළිවෙත සහ ඒ පිළිවෙත මගින් ලබන ධර්මාවබෝධය. මේ ධර්මාවබෝධය තුළින් රැකෙන ප්‍රතිපත්තියකට බෞද්ධයා ගමන් කළ යුතු බව සිඟාලෝවාද, මංගල, පරාභව ආදී සූත්‍ර මගින් පැහැදිලි කර තිබෙනවා. ප්‍රතිපත්තිගරුක වූ මනා ශික්‌ෂණයකින් පෝෂිත ජීවිතය කිසිදිනෙක සිල් පද ඉක්‌මවන්නේ නෑ. ශාසනයේත්, පවුලේත්, ආයතනයේත්, සමාජයේත් පැවැත්ම නම් ඒ තුළ පවතින විනයානුකූල භාවයයි. බුද්ධ දේශනාව දැනුමට උගත්කමට වඩා ගෝචර වන්නේ ප්‍රඥවටයි, බුද්ධියටයි.

බුද්ධ දේශනාව තුළින් හෙළි කොට තිබෙන්නේ තමා මුල් කොට තමන් උදෙසා, තමාගේ යහපත උදෙසා රැකිය යුතු පිළිවෙත් සමුදායක්‌. නිරන්තරයෙන් අප සමාදන් වෙන පංචශීලය අරගෙන බලන්න. පංචශීලය සමාදන් වීම සඳහා අපට කවුරුවත් නියෝග කරන්නේ නෑ. නීතියක්‌ ලෙස එය රටේ ක්‍රියාත්මක වන්නක්‌ ද නෙමෙයි. සික්‌ඛා පදං සමාදියාමි වශයෙන් මම සමාදන් වෙමි යනුවෙන් අප අපටම පොරොන්දු වෙනවා. පර පණ නොනසමි යෑයි පොරොන්දු වුවත් තවකෙකුගේ ජීවිතය නැතිවන තැනට අපි පසුබිම සකස්‌ කරනව නම් පළමු සිල් පදය ආරක්‍ෂා කළා වෙන්නේ නෑ. අන්සතු දෙයක්‌ අනවසරයෙන් නොගනිමි යෑයි පොරොන්දු වුවත් පොදු පරිහරණයට ඇති භාණ්‌ඩ වුවත් පෞද්ගලික පරිහරණයට පාවිච්චි කරනව නම් එතැනදීත් සිදුවන්නේ සොරකමක්‌. යමෙක්‌ කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් අන් පහස විඳී නම් පහස ඉල්ලයි නම් වදනින් සිත දූෂ්‍ය කරයි නම් පවිටු මුසා බස්‌ දොඩයි නම් දුම්වැටි මත්පෙති මත්ද්‍රව්‍ය ඇසුරින් සුළු මොහොතකට මත්වෙයි නම් ඒ ජීවිතය තුළ ප්‍රතිපත්තියක්‌ රැකෙන්නේ නෑ. සීලයක්‌ රැකෙන්නෙ නෑ. මේ ප්‍රතිපත්ති රැකිය යුත්තේ අනුන්ගේ යහපත වෙනුවෙන් නෙමෙයි. තමුන්ගේ යහපත වෙනුවෙනුයි.

පුද්ගලයා තුළ ලඡ්ජාව සහ භය යන ධර්මතා තිබිය යුතුයි. ලඡ්ජා භය ඇත්තෝ පව්කරන්න බයයි. අපේ රටේ ජනප්‍රවාදයක්‌ ලෙස පවතින කාරණයක්‌ තමයි මැණිකක්‌ අතින් ගත් සුරූපී කාන්තාවකට වුව එදා ශ්‍රී ලංකාවේ දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්‌වා නිර්භයව ගමන් කිරීමේ හැකියාව තිබූ බව. මෙයින් අදහස්‌ වෙන්නේ එදා සමාජයේ වස්‌තුවට ලොල් නොබැඳි, කාමභෝගී සම්පත් නොවිඳී පිරිසක්‌ සිටි බව නෙමෙයි. ලඡ්ජා භය ඇති සමාජයක්‌ එදා තිබූ බවයි. නමුත් වර්තමාන සමාජය ඒ තත්ත්වයෙන් බොහෝ දුරට වෙනස්‌ වී තිබෙනවා. එසේ වීමට වර්තමාන ශ්‍රව්‍ය හා දෘෂ්‍ය මාධ්‍යයත් එක හේතුවක්‌.

වර්තමාන චිත්‍රපට කලාව දෙස බලන්න. අද වගේ එදත් දෙමාපියන්ට සහ දූ දරුවන්ට එකට හිඳ නැරඹීමට නොහැකි චිත්‍රපට නොතිබුණා යෑයි කියන්න බැහැ. එහෙත් එදා සමාජගතව තිබූ ලඡ්ජා භය නිසා යම් යම් හුරුපුරුදු එම තත්ත්වයන් මඟ හැරලීමට උදව් වුණා. අද ගෙදර ආලින්දය තුළම ලඡ්ජා භය වළ දමා තිබෙනවා. විද්යුත් මාධ්‍ය අතර පවතින තරගයට හසුවෙලා අම්මල තාත්තලත් විලිබිය නැති දූෂිත සමාජයකට ඇද වැටිල තියෙනව. මව පියා නොහඳුනන, සහෝදරයා සහෝදරිය නොහඳුනන සමාජයක්‌ අද ගොඩනැඟිල තියෙනවා. රටට දැයට සමාජයට ගරු කරන පිරිසක්‌ මාධ්‍ය ක්‍ෂේත්‍රයට අත්‍යවශ්‍ය වී ඇති යුගයක්‌ මේ. නමුත් කලාව තුළත් විවිධ කඳවුරු ගොඩනගාගෙන එකිනෙකාට විරුද්ධව කටයුතු කර අවස්‌ථාත් අපට දකින්නට තිබෙනවා.

වර්තමාන සමාජයේ ඇති දූෂිත තත්ත්වය ඉවත් කරන්නට නම් පන්සිල් සුරකින සමාජයක්‌ බිහිවෙන්න ඕන. මානව හිමිකම් සුරැකීම යනුවෙන් අද අපේ සමාජයත් වෙනත් රටවලුත් ඉතා ඉහළින් මතු කරගෙන තිබෙන සංකල්පය බටහිරින් ආ එකක්‌ විදිහටනෙ හිතන්නෙ. නමුත් එදා පංචශීලය සුරැකීම තුළින් මානව හිමිකම් සුරැකි සංස්‌කෘතියක්‌ අපට තිබුණා. ජීවිත සුරක්‍ෂිතතාව, තමන් සතු දේපළ සුරැකීම, තම ආත්ම ගෞරවය රැකීම, කීර්තිනාමය රැකීම, ලෙඩ දුක්‌වලින් ආරක්‍ෂා වීම පංචශීලය තුළ තහවුරු වෙලා තියෙනවා. බුදු දහම මනා අවබෝධයකින් අනුගමනය කරන්නාට බටහිර දවටනයක එතූ මානව හිමිකම් ප්‍රඥප්තියක්‌ ඕන නෑ. ධර්මයේ ප්‍රතිපත්ති ගරුකව හැසිරෙන පුද්ගලයා ධර්මය විසින්ම ආරක්‍ෂා කෙරෙනවා.

ලෝකයේ පහළ වූ සියලු ශාස්‌තෲවරුන් දේශනා කර තිබෙන්නේ එකම සංකල්පයක්‌ නොවෙයි. අද සමහර මතධාරීන් ආගම් දර්ශනය පටලවා ගනිමින් භයානක මගක ගමන් කරන බව පෙනෙනවා. මෙය අතිශය ෙ€දජනක තත්ත්වයක්‌. සෑම ආගමක්‌ම එක සමාන යෑයි කියන ප්‍රකාශය බුද්ධිමත් නිර්වචනයක්‌ නෙමෙයි.

මේ ගැන හොඳින් අවධානය යොමු කළොත් බුදු දහම හා වෙනත් ආගම් අතර සමාන බවක්‌ නැති බව පැහැදිලිව පෙනෙනවා. හින්දු, කතෝලික, මුස්‌ලිම් ආදී බොහෝ ආගම් මැවුම්වාදී බලවේගයන් පිළිගන්නා අතර මෙලොවට එවන ලද පණිවුඩකරුවෙක්‌ හෝ දූතයෙක්‌ මගින් ක්‍රියාත්මක වෙනවා. නමුත් බුදු දහමේ එබඳු මැවුම්කරුවෙක්‌, දූතයෙක්‌ හෝ මරණින් පසු දෙවියෙක්‌ හෝ වෙනත් බලවේගයක්‌ වෙත වගකීම් භාර දීමක්‌ නෑ. ඉහත බලවේගවලට හෝ දෙවියෙක්‌ වෙත දක්‌වනු ලබන අනුකූලතාව, භක්‌තිමත් බව අනුව සැලසෙන විමුක්‌තියක්‌ පිළිබඳ වෙනත් ආගම් තුළ විශ්වාසයක්‌ ඇතත් එවැනි ඉගැන්වීමක්‌ බුදු දහම තුළ අන්තර්ගත වී නෑ. එම නිසා සියලු ආගම් එක සමානයි කියන සංකල්පය වැරදියි.

ආගම් අතර සහනශීලී දෘෂ්ටියකින් බලන විට ආගමික ශාස්‌තෲවරුන් අතර බුදුරජාණන් වහන්සේ සුවිශේෂ උත්තමයෙක්‌. උන් වහන්සේ ආගමික සහනශීලීත්වය, අන්‍ය මත ගරු කිරීම ඉතා ඉහළින් පිළිගත්තා.

මෙලොව මිනිසා සටන් වදින්නේ කාම සම්පත්තිය ලබා ගැනීම හා දෘෂ්ටිගතිකත්වය නිසා බව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. රුධිරය සමග ජාතිය යන සංකල්පය ගොඩනැගෙන්නා වගේම හදවත සමග ආගම යන සංකල්පයත් ගොඩනැගෙනවා. අද බොහෝ දෙනෙක්‌ තුළ තිබෙන්නේ තමන් අදහන දෙය අන් අයද ඇදහිය යුතුයි කියන ප්‍රාථමික තර්කය. නමුත් අදහන දහමට පිරිස වැඩිකර ගැනීමට වඩා බුදු දහම අගය කරන්නේ අදහන පිරිසේ ගුණාත්මක බව වැඩි කිරීමයි. බුදුරජාණන් වහන්සේ පිරිස වටකොටගෙන මේ මගේ ශ්‍රාවකයන් යෑයි පුහු ආඩම්බරයෙන් සිටි උත්තමයෙක්‌ නෙමෙයි. ප්‍රථම ධර්මදූත සැට නම අමතා උන්වහන්සේ කළ ප්‍රකාශය එයට හොඳ උදාහරණයක්‌. තමන් පසුපස එන ලෙස නොව බොහෝ දෙනාගේ හිත සුව පිණිස ජනපද චාරිකාවේ යෙදෙන්නැයි එදා උන්වහන්සේ දේශනා කළා. යමෙක්‌ තමාවටා පිරිසක්‌ රැස්‌කර ගැනීම ආගමික සංකල්පයක්‌ නෙමෙයි. දේශපාලන ක්‍රියාවලියක්‌.

දෘෂ්ටියට නොගොස්‌ සීලවන්ත දර්ශනයක පැවතිය යුතු බව දිට්‌ඨිංච අනුපගම්ම සීලවා දස්‌සනේන සම්පන්නො ආදී වශයෙන් බුදු රජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා.

යමෙකුට යමක්‌ අවබෝධ කර ගැනීමට බුද්ධිමය වෑයමක්‌ අවශ්‍ය වුවත් යමක්‌ විශ්වාස කිරීමට බුද්ධිමය වෑයමක්‌ අවශ්‍ය නෑ. තමන්a වහන්සේ දේශනා කළ ධර්මය රාගයෙන් ඇලුණු, අවිද්‍යා අන්ධකාරයේ ගිලුණු සමාජය අවබෝධ කර නොගන්නා බව බුදු රජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. මේ මුළු මහත් සමාජයම පියුම් විලකට සමාන කර තිබෙනවා. මෝරා, දිය මතු පිටට විත් හිරු එළිය දැකීමට අපේක්‍ෂාවෙන් සිටින පියුම් වගේම මඩෙහිම ගිලී කුණුවී යන පියුම් ද එහි තිබෙනව. අද පවතින්නේ බුද්ධි ශක්‌තිය හීන, විශ්වාස මත පදනම් වූ ආගමික ඇදහිලිවලට වඩාත් නැඹුරු වූ සමාජයක්‌. ලෙඩ රෝග සුව කිරීම, ධනවත් කිරීම ආදි ප්‍රාථමික උපක්‍රම මගින් පිරිස වැඩිකර ගැනීමේ ආගමික සංවිධාන අද බොහෝ බිහි වී ඇති බව පෙනෙනවා. එසේම ධර්මාවබෝධයට අවශ්‍ය කරන පුණ්‍ය ශක්‌තියෙන් හෙබි පිරිසක්‌ ද මේ සමාජයේ සිටිනවා.

සියලු දේ විනාශ කර හෝ තමුන් සැපවත් වී සිටීමටයි අද බොහෝ දෙනෙක්‌ කල්පනා කරන්නේ. නමුත් මරණයෙන් පසු තමන් යළි යළිත් උපදින්නේ තමන් ඒ විනාශ කළ ලෝකයේම බව ඔවුන් කල්පනා කරන්නේ නෑ. මෙය ඉතාමත් ෙ€දනීය තත්ත්වයක්‌. අප යහපත් ලොවක්‌ බිහි කළොත් මරණින් පසු අප යළි උපදින්නේ නම් උපත ලබන්නේ ද යහපත් ලොවක බව කල්පනා කළ යුතුයි. ඒ නිසා මේ ලෝකය රැක ගැනීමට අප සියලු දෙනාම සතු මනා වගකීමක්‌ තිබෙනවා. පංචශීල ප්‍රතිපත්තියේ පිහිටා අප කටයුතු කළ යුත්තේ ඒ නිසයි.

මේ ලෝකයත් එහි වෙසෙන මිනිසුනුත් ආරක්‍ෂා වෙන්නේ පංචශීල ප්‍රතිපදාවෙනුත්, ඔවුනොවුන් අතර සුහදව කටයුතු කිරීමෙන් හා කරුණාව, දයාව, මෛත්‍රිය අනුකම්පාව ආදී ගුණදහම් වර්ධනය කිරීමත් තුළිනුයි.

වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බව බුදු දහමේ ඉතා පැහැදිලිව දක්‌වා ඇතත් වර්තමාන ලෝකය එම ප්‍රතිපත්තියෙන් වේගයෙන් බැහැර වෙමින් සිටින බව පෙනෙන්නට තිබෙනවා. ඇතැම් බලවත් රටවල් අද අතීතයේ සිදුවූ වැරදිවලට පළිගැනීමට පවා පෙළඹී සිටිනවා. රට රටවල් අවුල් කරනවා. බළලුන් ලවා කොස්‌ ඇට බාවනවා වැනි ක්‍රියාවන්a කරනවා. බල ලෝභය නිසා සිදුකරන ක්‍රියාවන් හරහා ලෝභ, ද්වේශ, මෝහාදී අකුසලයන් සිදුකරනවා. මේ ලෝකය කියන්නේ මිනිසාට පමණක්‌ නොව ගස්‌වැල්, සතා සිවුපාවාට ද අයිති දෙයක්‌. ඒ සියල්ලන්ගේම පැවැත්ම තහවුරු කිරීම බුදුදහමේ අඩංගුයි. බුදුදහමේ අඩංගු එම ධර්ම කරුණු නිවැරදිව හඳුනාගෙන, තමා මුල් කොට අවබෝධ කරගෙන කටයුතු කිරීම තුළින් අපේ රටේ යහපත් සමාජයක්‌ ඇති කරන්න පුළුවන්. ඒ සඳහා බුදු සසුනේ දොරටු විවර වන්නේ ප්‍රඥවන්ත යහපත් සිත් ඇත්තන්ට පමණයි.

* සාකච්ඡා කළේ
පාලිත සේනානායක
2013 මැයි  26 ඉරිදා දිවයින

බෞද්ධ ආර්ථික දර්ශනය පිළිබඳ විමසුමක්‌ !

2557 වෙනි 

ගෞතම බුදුරජාණන් වහන්සේගේ

 තෙමඟුල සිහි කෙරෙමි.

සම්බුදු සෑම බෞද්ධයකුගේම අපේක්‍ෂාව මේ අනන්ත වූ සසර ගමනේ කෙළවර ‘නිවන් සුව’ අත් කර ගැනීමයි. ඒ සඳහා ඉපදෙමින්, මැරෙමින් සසරේ දිගු ගමනක්‌ යා යුතුය. මේ අප ගත කරමින් සිටින්නේ එම සසර ගමනේ එක්‌ භවයක්‌ පමණය. එසේ නම් නිවන දක්‌වා සමාජගත පුද්ගලයාට ගමන් කිරීමට විමුක්‌ති මාර්ගයක්‌ තිබේ. බුදු දහමේ ආර්ථික විද්‍යාව (බෞද්ධ ආර්ථික දර්ශනය) පුද්ගල ජීවිතය තුළ අනුගමනය කිරීමෙන් එම බෞද්ධ විමුක්‌ති මාර්ගය ද වඩාත් අර්ථවත් කර ගත හැකිය. බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූයේ ආර්ථික විද්‍යාඥයකුගේ කාර්යභාර ඉටු කිරීමට නොවුනත් බුද්ධ දේශනාව තුළ අන්තර්ගත ආර්ථිකමය වශයෙන් වැදගත් අදහස්‌ රාශියක්‌ තිබේ. බුදු දහමේ ආර්ථික විද්‍යාව ලෙස අප හඳුනා ගන්නේ බුදුන් වදාළ ධර්මයේ නොයෙක්‌ තැන්හි අන්තර්ගත මෙම ආර්ථික දැනුම් සම්භාරයයි. මේ අනුව අපට පැහැදිලි වන්නේ බුදු දහමේ ආර්ථික විද්‍යාව, සංසාර ගමනට හා නිවනට ද සම්බන්ධ වන බවයි. ඒ ගැන සහ කොළඹ සරසවියේ ආර්ථික විද්‍යා අංශයේ ප්‍රධානී මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමියන් විසින් වත්මන් සමාජ, ආර්ථික වටපිටාව ගැන කරන විග්‍රහයකට මෙවර ‘ආර්ථික ඇසින්’ තීරුව වෙන් වේ.
සසරේ භවයෙන් භවයට ගමන් කරන දිගු කාලීන බෞද්ධ විමුක්‌ති මාර්ගයේ එක්‌ භවයකට අදාළව අනුගමනය කළ හැකි ආර්ථික වැඩපිළිවෙළක්‌ තිබේ. බුදුරජාණන් වහන්සේගේ නොයෙකුත් සුත්‍ර දේශනා තුළින් මේ වැඩපිළිවෙළ අපට හඳුනා ගත හැකිය. එහෙත් බටහිර ආර්ථික විද්‍යාව එබඳු සංකීර්ණ හෝ පුළුල් පරාසයක්‌ කරා දිවෙන හෝ විග්‍රහයක්‌ නොවේ. බුදු දහම වූ කලී ප්‍රත්‍යක්‍ෂ ඥානයකි. එහෙත් ආර්ථික විද්‍යාව එවැන්නක්‌ නොවේ. ඒ නිසා බටහිර ආර්ථික විද්‍යාවේ දැනුම් සම්භාරය, බුදු දහමේ ආර්ථික විද්‍යාවට වඩා සාපේක්‍ෂව පටු වූවකි. අප විග්‍රහ කරන සංසාර ගමනට හෝ විමුක්‌තියට (නිවනට) එහි ඇති සම්බන්ධයක්‌ නැත. මේ නිසා ඇතැම් විට බටහිර ආර්ථික විද්‍යාව අනුව කටයුතු කිරීමෙන් පුද්ගලයන්ට මෙන්ම රටකටත් ආර්ථිකමය වශයෙන් සාර්ථකත්වයක්‌ අත්පත් කර ගත හැකි බව සැබෑය. එහෙත් පුද්ගලයන් වශයෙන් ෙච්තනාන්විතව කරන ක්‍රියා හේතුවෙන් හොඳ, නරක කර්ම රැස්‌ වේ. ඒ තුළ මේ භවයේම ජීවත්ව සිටින ඉදිරි කාලයටත් අනාගත භවයන්ටත් එම ක්‍රියාවන්ගේ ප්‍රතිඵල ඇති වේ. එම ප්‍රතිඵල ආර්ථිකමය වශයෙන් අයහපත් ප්‍රතිඵල ද වන්නට පුළුවන. නිදසුනක්‌ ලෙස ආර්ථිකමය වශයෙන් සශ්‍රීක නොවන පරිහානි කාලයක උපතක්‌ ලැබීමෙන් ඇතැම් විට ආහාරපාන, ඇඳුම් පැළඳුම්, නිවාස සහ බෙහෙත්හේත් වැනි මූලික මිනිස්‌ අවශ්‍යතාවන් පවා සපුරා ගත නොහැකි තත්ත්වයක්‌ සමාජගත පුද්ගලයාට ඇති විය හැකිය.
ආර්ථික කළමනාකරණය, ඵලදායිතාව සහ කාර්යක්‍ෂමතාව වැනි කරුණු මෙන්ම බටහිර ආර්ථික විද්‍යාව තුළ තවත් කවර න්‍යායයන් සංවර්ධනය කර තිබුණත්, ඒවා අප උපරිම කාර්යක්‍ෂමතාවයෙන් අනුගමනය කළත්, පුද්ගලයාට සිය කර්ම බලපෑම්වල ප්‍රතිඵල යටපත් කර ගන්නට නොහැකි වෙයි. හේතුව නම් එම ආර්ථික කළමනාකරණය, ඵලදායිතාව සහ කාර්යක්‍ෂමතාව හෝ බටහිර ආර්ථික විද්‍යාව තුළ ඇති සියලු න්‍යායයන් අභිබවා යමින් පුද්ගලයාගේ අතීත කර්මයන්ගේ හොඳ නරක ප්‍රතිඵල නැඟී සිටීමයි. මේ සමගම සටහන් කළ යුතු වන්නේ සංවර්ධිත යෑයි කියන රටවල ඇතැයි කියන ආර්ථික කළමනාකරණය සහ ඵලදායිතාව අපට නැතිවාට, බුදු දහමේ ඇති දැනුම තුළ මේ සියල්ල අන්තර්ගතව පවතින බවයි. අප කළ යුතුව ඇත්තේ ඒ දැනුමින් වැඩ ගැනීමයි. නිදසුනක්‌ ලෙස ව්‍යග්ගපඡ්ජ සූත්‍රයේ ව්‍යාපාරයක මෙන්ම පුද්ගලයකුගේත්, සමාජයකත් එනම් සාර්ව අර්ථයකින් රටකටත් අවශ්‍ය වන වැදගත් කළමනාකාරීත්ව දර්ශනයක්‌ අන්තර්ගතව තිබේ. මෙහි එක්‌ කරුණකින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ අඩු පරිශ්‍රමයකින් සහ අඩු වියදමකින් වැඩි ඵලදායිත්වයක්‌ ලැබෙන පරිදි කටයුතු කිරීම ගැන උපායශිලී වීම හා විමංසනශීලී වීම අත්‍යවශ්‍ය බවයි.
බෞද්ධ දර්ශනය තුළ අප දන්නා දෙයක්‌ නම් අපගේ විඤ්ඤාණය (ජීවය භවයෙන් භවයට ගමන් කරවන මානසික ශක්‌ති දහරාව) තුළ අපගේ අතීත කර්මයන්ගේ ප්‍රතිඵල ලබාදෙන කර්ම ශක්‌තිය ද අන්තර්ගතව තිබෙන බවයි. පුද්ගලයා මුහුණ දෙන සියලු දේවලින් සියයට 20 ක සම්භාවිතාවක්‌ (නියාම ධර්ම සංකල්පය අනුව) කර්මයට තිබේ. ඒ නිසා අපි එම කර්ම ප්‍රතිඵලවල හිමිකරුවෝ වෙමු. ඒ අනුව අනාගත තත්ත්වය නම් (මේ භවයේ ඉදිරි කාලය සහ අනාගත භවයන්) වර්තමානයේ පුද්ගලයා කරන ක්‍රියාවන් තුළින් ඔහු, ඔහුට අනාගතයේදී හොඳ නරක ප්‍රතිඵල අත්කර දෙන (කර්ම) ශක්‌තිය ඔහුගේ විCඳ්C¹නය තුළ රැස්‌ කර ගන්නා බවයි.
ආර්ථික විද්‍යාවේ පදනම හිඟකමයි. මෙහිදී හිඟකම ලෙස අදහස්‌ කරන්නේ මිනිස්‌ අවශ්‍යතාවලට සාපේක්‍ෂව සම්පත්වල පවත්නා සීමිත භාවයයි. මිනිස්‌ අවශ්‍යතාවල ස්‌වභාවය වන්නේ අසීමිත බවයි. මෙම මිනිස්‌ අවශ්‍යතා අසීමිත වීමට ප්‍රධානතම හේතුවක්‌ වන්නේ මිනිස්‌ සිතෙහි පවතින අතෘප්තිකර ස්‌වභාවයයි. ඒ නිසා සමාජ ක්‍රමයක්‌ තුළ පවතින සීමිත සම්පත් මිනිසුන්ගේ අසීමිත තරඟකාරී විකල්ප වුවමනා රාශියක්‌ අතර උපරිම කාර්යක්‍ෂම ලෙස බෙදාහැරීම සඳහා ලෝකයට ආර්ථික විද්‍යාව අවශ්‍ය කර තිබේ.
මේ අනුව තෘෂ්ණාව නිසා ලෝකයට ආර්ථික විද්‍යාවක්‌ අවශ්‍ය කර තිබෙන බව පැහැදිලිය. මෙහිදී ආර්ථික විද්‍යාවෙන් මිනිසාගේ අසීමිත වුවමනාවලට බලපෑමක්‌ නොකර, පවතින හිඟ සම්පත් ඒ අසීමිත වුවමනා අතර වඩාත් කාර්යක්‍ෂමව බෙදා හැරීම ගැන පමණක්‌ කතා කරයි. එහෙත් බුදු දහමින් සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගැනීම ගැන පමණක්‌ නොව, අසීමිත අවශ්‍යතා සීමා කර ගැනීම යන කාරණා දෙකටම ප්‍රායෝගික වැඩපිළිවෙළක්‌ ඉදිරිපත් කර තිබේ. මේ නිසා බුදු දහම තුළින් හිඟකමේ ප්‍රශ්නයට, තේරීමේ ගැටලුවට සාර්ථක පිළියමක්‌ ලැබේ. එනම් අල්පේච්ඡතාව තුළින් අවශ්‍යතා සංතෘප්තිය යම් ශික්‍ෂණයකට ලක්‌ කිරීමෙනි. මෙය රටක්‌ මුහුණ දෙන ආර්ථික ප්‍රශ්න විස¹ ගැනීම මෙන්ම සාර්ව ආර්ථික කළමනාකරණය ද වඩාත් පහසු කරයි. මේ තුළ බෞද්ධ ආර්ථික විද්‍යාව එක්‌ භවයකටත්, භවයෙන් භවයට යන සංසාර ගමන තුළින් එහි කෙළවර නිවන දක්‌වාත් විසංවාදී නොවන ආර්ථික වැඩපිළිවෙළක්‌ තුළ ආර්ථිකමය සහ ආර්ථිකමය නොවන ප්‍රතිඵල අත්පත් කර දෙමින් ඉදිරියට ගමන් කරයි. ඒ නිසා බුදු දහමේ ආර්ථික විද්‍යාව පුද්ගල ජීවිතය තුළ අනුගමනය කිරීමෙන් කුසල් රැස්‌වන නිසාත්, අකුසල් දුරු වන නිසාත් ‘නිවනට්‌ සමීප වීමක්‌ ද සිදු වේ.
අද පවතින විනාශකාරී සමාජ පරිසරයට හේතුව මිනිසා අසීමිත ආශාවන් පසුපස දිවීමයි
වර්තමානයේ බොහෝ ප්‍රශ්නවලට ප්‍රධානතම හේතුව අපේ මූලික අවශ්‍යතා ඉටු නොවීමම නොවෙයි. දැන් භික්‍ෂුන් වහන්සේලාට නම් සිවුපසය තියෙනවා. අද තියෙන සමාජ ප්‍රශ්න බොහොමයකට මුල ඔය මූලික දේවල් එනම් ආහාරපාන, ඇඳුම් පැළඳුම්, බෙහෙත් හේත් සහ නිවාස වැනි මූලික අවශ්‍යතා නැතිකමම නොවෙයි. එයට හේතුව මිනිසා අසීමිත ආශාවන් පසුපස ගමන් කිරීමයි. ඉතා ඉක්‌මණින් තමන්ට බොහෝ දේවල් එක්‌කාසු කර ගැනීමට තියන කෑදරකම, ගිජුකම නිසා තමයි මේ සමාජ විනාශකාරී ප්‍රශ්න රැසක්‌ ඇති වී තිබෙන්නේ. සමාජය විනාශයකට ගමන් කරමින් තිබෙන්නේ. අර බුදු දහමේ කියන සරල බව, මැඳුම් පිළිවෙත අනුව කටයුතු කිරීම සහ සැහැල්ලු ගති පැවතුම් යනාදිය නැතිකම නිසයි. ඒ නිසා බුදුÊදහමේ උගන්වන මූලික අදහස වන මැඳුම් පිළිවෙත හරහා ගමන් කරනව නම් තෘප්තිමත්ව ඉන්නව නම්, (ලද දෙයින් සතුටු වීම) සමාජගත පුද්ගලයාගේ ආර්ථික ප්‍රශ්න බොහොමයක්‌ සමනය වෙනවා. මේ අදහස්‌ කරන්නෙ සියලුම දේම අතහැරල වනගත වීමක්‌ ගැන නෙවෙයි. ඒ නිසා තෘෂ්ණාව අධික කමින්, ඉතා ඉක්‌මනින් බොහෝ දේ රැස්‌කර ගැනීම සඳහා අනුන්ට ඊර්ෂ්‍යා කිරීම, විවිධාකාර සමාජ හිංසා සහ සමාජ විරෝධී ක්‍රියා සිදු කිරීම යනාදියෙන් වැළකී සිටිමින් ලද දෙයින් සතුටු වී, බුදු දහමේ පෙන්වන සරල ජීවිතයට අප යොමු විය යුතුයි. දැන් පැරණි සමාජය තරගෙට ගෙවල් හැදුවෙ නෑ. තරගෙට ඇඳුම් ඇන්දෙ නෑ. තරගෙට ආභරණ ගත්තෙ නෑ. ඉතා ක්‍ෂණිකව සමාජ තරගයක්‌ තුළ අනවශ්‍ය පරිදි සම්පත් රැස්‌කර ගැනීමට සහ ඒවා භුක්‌ති විඳීමට යැම නිසයි අද මේ විනාශකාරී සමාජ පරිසරය ඇතිවෙලා තියෙන්නේ.
මේ තුළ වර්තමානයේ අපට බොහෝ විට අහන්නට දකින්නට ලැබෙන්නේ සිත කළකිරවන්නා වූ සිද්ධීන්. මේ සිද්ධීන් ගැන අපි විවිධ තලයන්වල කතා කරනවා. අන්තිමට ඒ සඳහා යම් යම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළොත් හොඳයි කියන අදහසුත් පවතිනවා. නමුත් ස්‌ථිර මට්‌ටමේ තිරසාර පදනමක්‌ සහිත ප්‍රතිපත්තියක්‌ හෝ ප්‍රතිපත්ති මාලාවක්‌ ක්‍රියාත්මක වීමක්‌ දකින්නට පුළුවන්කමක්‌ නෑ. මේ අහිතකර සමාජ පරිසරය එක්‌වරටම මතු වූවා නොවෙයි. මෙය කාලයක්‌ තිස්‌සේ සමාජ පරිණාමයේදී අප නොසලකා හරින ලද විවිධ හේතූන් නිසා ඇති වූ අනපේක්‍ෂිත සහ බලාපොරොත්තු නොවූ ප්‍රතිවිපාකයි. මේවා ටික ටික ඇතිවන විට, අප ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත්තෙත් නෑ. ඒ ගැන හිතුවෙත් නෑ. දැන් වුණත් ඒ සඳහා දිගු කාලීන දැක්‌මක්‌ සහිත ක්‍රියාමාර්ගයක්‌ ගන්නෙත් නෑ. බෞද්ධ හා බෞද්ධ නොවන සමාජයේ හැම දෙනාම අද මේ ප්‍රශ්නවලට මුහුණ දෙනවා. ඉදිරියේදී සමාජය හදා ගැනීමට නම් වර්තමානයේ ඒ සඳහා අප ක්‍රියාමාර්ග ගත යුතුයි. මෙය ප්‍රධාන වශයෙන් ම ආරම්භ කළ යුත්තේ නිවසින්. පවුලින්. අතීත සමාජයේ ළමයින් හා වැඩිහිටියන් අතර ඉතා සමීප ගුණගරුක සම්බන්ධයක්‌ තිබුණා. අද දෙමව්පියන් බොහෝ විට උත්සාහ කරන්නේ ළමයින්ට වැඩිපුර අධ්‍යාපනය දෙන්නයි. ළමයින්ගෙ ගුණගරුක බව ගැන එතරම් අවධානයක්‌ නැහැ. ශිෂ්ඨ සම්පන්න ලෝකයේ පිළිගත්ත චර්යා රටාවන් සමූහයක්‌ තියෙනවනෙ. අඩුම තරමින් අපි මේ චර්යා රටාවන් ටිකවත් ළමයින්ට කියල දෙන්නෙ නැහැ. මේ නිසා සමාජය අගාධය කරා ගමන් කරමින් සිටිනවා. මේ තත්ත්වය වැඩිවෙනවා මිස අඩු වීමක්‌ පෙනෙන්නට නැහැ. ඒ නිසා මේ තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ක්‍රියාමාර්ග ගැනීම වැදගත්. අප කාටත් පිළිගත හැකි යහපත් චර්යා රටාවන් ළමයින්ට ගෙදරදීම කියල දෙන්න ඕන. මේ සඳහා මම අත්පොතක්‌ යෝජනා කරනවා. ඒ අත්පොත ළමයින්ට නොව දෙමාපියන්ටයි. එහි ශිෂ්ඨ සම්පන්න සමාජයක වගකීමක්‌ සහිත පුද්ගලයකු හැසිරෙන්නේ කොහොමද කියන එක ගැන මඟ පෙන්වීමක්‌ ඇතුළත් කළ යුතුයි. ළමයෙක්‌ පාසලකට ඇතුළත් කර ගැනීමේදී ඒ අත්පොතේ සඳහන් කාරණා ළමයින්ට උගන්වල තියෙනවද කියන එක අනිවාර්යයෙන් බලන්න ඕන. මේ අයුරින් සමස්‌ත සමාජයට හානියක්‌ නොවන, ගුණ ගරුක පුරවැසියෙක්‌ බිහි කිරීම මෙහි මූලික අරමුණයි. සම්බුදු තෙමඟුල සමරන මෙවැනි මොහොතක මේ සඳහා අපි අධිෂ්ඨාන කළ යුතුයි. එවැනි පුද්ගලයන් අධික තෘෂ්ණාවෙන් තමන්ට අවශ්‍ය දේ රැස්‌කර ගැනීම සඳහා සමාජ විරෝධී ක්‍රියාවල නිරත වන්නේ නැහැ. යුක්‌තවය.

බුදුදහමේ විශේෂත්වය හා විචිත්‍රත්වය

2557 වෙනි 

ගෞතම බුදුරජාණන් වහන්සේගේ

 තෙමඟුල සිහි කෙරෙමි.

ක්‍රි. පූ. 6 වෙනි සියවසේ අද වැනි උතුම් පුරපසළොස්‌වක පොහොය දිනයක භාරතයේ සියලු ආගමික මතවාද, දෘෂ්ඨින් අභිභවනය කරමින් නවතම දර්ශන මාර්ගයක්‌, එම දර්ශනය සාක්‍ෂාත් කරගත හැකි උතුම් මෙහෙවරක්‌ හා ඒ සඳහා අත්‍යවශ්‍ය කාලරාමුවක අවශ්‍යතාවක්‌ ඉතාමත් පැහැදිලිව අනාවරණය කරමින් බුදු දහම ප්‍රභවය වුණි. ඒ තුළ ප්‍රධාන වශයෙන් අංශ දෙකක්‌ දැකිය හැකිය.

1. ලැබු සහ ලබන්නා වූ ජීවිතවල සුගතිගාමී බව උදාකර ගැනීම

2. සියලු සසර දුක්‌ නිමාකොට සදාකාලික සැනසුම උදාකර ගැනීම

මේ අතුරින් බුදු දහමේ පරමාර්ථය වන නිර්වාණාවබෝධය ඉලක්‌ක කර ගත් ජීවන ප්‍රතිපාදවක අවශ්‍යතාව විශේෂයෙන් අවධාරණය විය යුතුය. වර්තමානයේ, නිර්වාණාවබෝධය පසෙක තැබූ, මරණින් පසු ලැබිය යුතු ප්‍රාර්ථනාවක්‌ බවට පත් කර ගනිමින් ලෞකික ලෝකයේ ඉෂ්ඨාර්ථයන් සාධනයට පමණක්‌ වඩා වැඩි අවධානයක්‌ යොමු වී ඇත. අතිබහුතරයක්‌ මාධ්‍ය මගින් ප්‍රචාරය වන්නේ ද රටේ තැනින් තැන ජනප්‍රියතාවයෙන් කෙරෙන විවිධ දේශනාවන්ගෙන් ද, ඒ ලොව්තුරා සම්බුදු වදන, පෙළ අටුවා, ටීකා පාදක කරගෙන දේශනා කිරීමක්‌ නොව ගිහි ජීවිතයක පැන නගින දෛනික ගැටලු, සැඟවිය යුතු කරුණු, ප්‍රසිද්ධියේ සාකච්ඡා නොකළ යුතු කරුණු, තවත් කෙනකුට, තවත් පිරිසකට පහර වදින කරුණු හා නව තාල ක්‍රම අනුව දේශනා කරන කවි ගී ගායනා කිරීමයි. නමුත් බුදු දහමේ පරමාර්ථය හා ඊට යොමු විය යුතු ප්‍රතිපදාව, මාර්ග පිළිබඳව කාලෝචිතව, ශාසන සම්ප්‍රදාය නොබිඳිමින්, තාක්‍ෂණික භාවිතයෙන්, නිර්මාණාත්මකව කටයුතු කිරීමෙන් මීට වඩා සාධනීය ආකල්ප පරිවර්තනයක්‌ තුළින් එදා බුදු දහම බිහිවීමේ අවශ්‍යතාව අදට වඩාත් ඵලදායක කර ගත හැකිය. එම මාවත ඔස්‌සේ ක්‍රියාත්මක වීමෙන් සද්ධර්මය අතුරුදන් නොවී ධර්මය වැනි වු දෑ ප්‍රතිනිර්මාණය නොවෙමින් රාජ්‍ය නොවන හා අන්‍ය මතවාදයන්ගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක නොවන, තත්ත්වයෙන් උත්තරීතර සද්ධර්මය යළිත් සමාජගත කරගත හැකිය.

සම්බුදුරජාණන් වහන්සේගේ මුල්ම ධර්ම දේශනාවෙන් බුදු දහමේ විශේෂත්වය විචිත්‍රත්වය පිළිබඳව ඉතා පැහැදිලිව අනාවරණය කර ඇත. විශේෂත්වය නම් දෙසැටක්‌ ආගම්, දර්ශනවාදයන් සියල්ලක්‌ම අභිභවනය කර මෙතෙක්‌ නොවූ විරූ නවතම අනාවරණයක්‌ ඉදිරිපත් කිරීමයි. "පුබ්බේ අනනුස්‌සුතේසු ධම්මෙසු...." ආදී වශයෙන් බුදු වදනින්ම එය දැක්‌විය හැකිය. පෙර නොවූ විරූ නවතම දහමක්‌ යෑයි උන්වහන්සේ පැහැදිලි කළ අවස්‌ථාවේ පටන් වර්තමානය තෙක්‌ කිසිවෙකුටත් එම ප්‍රකාශය අසත්‍යයෑයි හෝ වෙනස්‌ විය යුතු යෑයි හෝ ප්‍රකාශ කළ නොහැකි වී ඇත.

බුදුරජාණන් වහන්සේගේ එම අනාවරණය කෙටිකාලීන ගවේෂණයක ප්‍රතිඵලයක්‌ නොව සාරාසංඛෙයH කල්ප ලක්‍ෂයක්‌ ආත්මාවබෝධයකින් ලැබූවකි. එම අනාවරණය නම් " ලෝකය හා සත්ත්වයා පිළිබඳ වූ සත්‍යයයි" ම. නි. අරියපරියේසන සූත්‍රයේ සඳහන් ආකාරයට "කිං සචච ගවේෂීව" ජීවිතය මෙහෙයවනු ලැබුවේ සත්‍ය කුමක්‌ දැයි සොයා ගනු පිණිසය. එම සත්‍යය, පුද්ගලයාගෙන් පිටස්‌තර වූවක්‌ නොව, පිටසක්‌වල වූවක්‌ ද නොව පුද්ගලයා හා ලෝකය පිළිබඳව වූ සත්‍යයයි. එනම් සියල්ල පටිච්චසමුප්පන්න වීමත්, අනිත්‍ය, වෙනස්‌ වන, විපරිනාමයට පත්වීමත් එබඳු දෑ උපාදානය කර ගැනීම (දැඩිව ඇල්ලීම) දුකක්‌ බව, මමය, මාගේය, මාගේ ආත්මය ය වශයෙන් ගැනීම මායාවක්‌ බවත්ය. මේ සත්‍ය හඳුන්වන්නේ "අරියසච්ච" නමිනි. අරිය සච්ච" යෑයි සොයාගත් වෙනත් සත්‍යයක්‌ නැත. බුදුරජාණන් වහන්සේ හැර අරිය සච්ච සොයාගත් වෙනත් ආගමක්‌ හෝ දර්ශනයක්‌ හෝ ශාස්‌තෘවරයෙක්‌ නැත. එම ආර්ය සත්‍යයා ලෝකය විනාශ වූවද පවතී. එම සත්‍යයට දේශ දේශන්තර හෝ කාල, පුද්ගල වශයෙන් හෝ සංශෝධනයක්‌ නැත. සැමදා, සෑම තැන, සැමට සාධාරණ වූ සුවිශේෂී සත්‍යකි. එම ආර්ය සත්‍ය සතරාකාරයෙන් දැක්‌වෙන තැන "චතු අරිය සච්ච" නමින් හැඳින්වේ. එනම් චතුරාර්ය සත්‍යයයි. එහි දුක්‌ඛ අරිය සච්ච" යනුවෙන් විස්‌තර වන්නේ "පරිඤ්ඤෙයH" යන වචනය මූලික කරගෙනය. එනම් දුක කුමක්‌ දැයි සර්වප්‍රකාරයෙන් දැන ගැනීමයි. නිර්වාණාවබෝධය පිණිස වු මේ ප්‍රතිපදාවේ මුල්ම කාරණය වන්නේ දැන ගැනීමයි. දැන ගැනීමද, කුමක්‌ හෝ ලුහුඬින් හෝ නොව සත්‍ය, සර්වප්‍රකාරයෙන් දැන ගැනීමයි. ලෞකික ජීවිතයේදී පුද්ගල හෝ සමාජ හෝ ජාතික හෝ ජාත්‍යන්තර හෝ ගැටුම් නිරාකරණයේ මුල්ම පියවර සියල්ල මැනවින් දැන ගැනීමයි. භයානක සංසාර ඕඝයෙන් එතරෙ වීම සඳහා ද සියල්ල දැනගත යුතුය. මෙහි සියල්ල යනු ඉන්ද්‍රීය හා අරමුණුය. උපත, (නිෂ්පාදනය) පැවැත්ම, දිරායාම, මරණය (විනාශය) කැමති දෑ නොලැබීම, වශයෙන් වු සියල්ල පිළිබඳව හාත්පසින්ම අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍යයි. "දුක්‌ඛ" යන්නෙහි වර්තමානයේ දෘශ්‍යමාන තත්ත්වය වන්නේ, ජාති (උපත) ජරා (වයසට යාම) ව්‍යාධි (ලෙඩවීම) මරණ, සෝක පරිදේව, දුක්‌ඛ, දෝමනස්‌ස උපායාස ආදියයි. මේ වර්තමාන තත්ත්වයන්ට ආසන්න හේතුව "භවය" ය. මෙහි "භවය" යනු උප්පත්තිස්‌ථානයයි. කාම, රූප, අරූප වශයෙන් එය ත්‍රිවිධය. භවය නිර්මාණය වීමට ආසන්න හේතුව උපාදානය හෙවත් මනසින් දැඩිව අල්ලා ගැනීමයි. උපාදානයට ආසන්න හේතුව තෘෂ්ණාවයි. එය කාම, භව, විභව වශයෙන් තෙවදෑරුම් ය. තෘෂ්ණාව කාම භව විභව වශයෙන් හටගන්නේ ස්‌පර්ශය හේතුවෙනි. ස්‌පර්ශය යනු ඇසට රූප, කණට ශබ්ද, නහයට ගඳ සුවඳ, දිවට රස, ශරීරයට පහස, මනසට සිතුවිලි වශයෙන් ඉන්ද්‍රීය හා අරමුණු ගැටීමයි. ස්‌පර්ශ ඇතිවීමට මූලික හේතුව සළායතනයයි. සළායතන යනු ඇස, කණ, නාසය, දිව, කය මනස යන ඉන්ද්‍රිය හය ය. සළායතන බිහිවීමට මූලික හේතුවක්‌ වන්නේ නාම රූපයයි. නාමරූප යනු රූප, වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන්නයි. නාම රූප සම්භවයට මූලික හේතුවක්‌ වන්නේ විඤ්ඤාණයයි. විඤ්ඤාණය යනු ඉන්ද්‍රීය හා අරමුණු ගැටීමෙන් සිදුවන්නා වූ චිත්ත ප්‍රවාහයයි. විඤ්ඤාණය ඇතිවීමට මූලික හේතුව සංඛාරයයි. සංඛාර යනු කුශලාකුසල වශයෙන් අභිසංස්‌කරණයන්ට ලක්‌කිරීමයි. සංඛාර හටගන්නේ අවිද්‍යාව මූලික කරගෙනය. අවිද්‍යාව යනු ත්‍රිලක්‍ෂණය, චතුරාර්යසත්‍ය වශයෙන් වූ සත්‍ය නොදැනීමයි. නොදැකීමයි. අවිද්‍යාවටද හේතුවක්‌ ඇත. එනම් පංචනීවරණයයි. මේ ආදී වශයෙන් පුද්ගලයා හෝ ලෝකය සම්බන්ධ සත්‍ය පුද්ගලයා වෙතම පැවරී ඇති බව වටහාගත හැකිය. එහෙයින් පුද්ගලයා සත්ත්වයා යනු දෙවියන්ගේ නිර්මාණයක්‌ හෝ කැමැත්තක්‌ හෝ නොව තම තමන්ම කාය, වචන, සිත මෙහෙය වූ ආකාරය අනුව උරුම වන්නකි. බුදු දහමේ විශේෂත්වය වන්නේ පුද්ගලයා, සත්ත්වයා භවය, සසර තම තමන්ගේ නිර්මාණයක්‌ වන හෙයින් තමාගේ ගැලවුම්කරුවා, භව නිරෝධකයා තමාම යයි දක්‌වමින් ස්‌වයං ඉන්ද්‍රීය ප්‍රත්‍යක්‍ෂඥාන ගවේෂණ ක්‍රියාවලියකින්ම විමුක්‌තිය සලසා ගත යුතු බවයි. ඒ සඳහා නිර්දිෂ්ඨ ප්‍රතිපදාව ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. එබඳු ප්‍රතිපදාවක්‌ කිසිදු ශාසනයක හෝ ශාස්‌තෘවරයෙකු විසින් අවධාරණය කර නැත. බුදු දහමේ විශේෂත්වය හා විචිත්‍රත්වය මේ මූලික ඉගැන්වීම තුළ ප්‍රකට වන ප්‍රධාන කාරණා දෙකක්‌ ඇත.

1. තමාගේ මැවුම්කරුවා තමාම බව

2. තමාගේ ගැලවුම්කරුවා තමාම බව

මේ ආර්ය සත්‍ය අනාවරණය කළ බුදුරදුන් තුළත් එම ආර්ය සත්‍ය තුළත් ඇති විශේෂත්වය හා විචිත්‍රත්වය වෙනත් ශාස්‌තෘවරයෙක්‌ සමග හෝ වෙනත් දර්ශනයක්‌ සමග තුළනය නොකළ යුතුය. එය කළ නොහැකි තරම් වූ සුවිශේෂී තත්ත්වයකි.

බුද්ධ යන රූප කාය සම්පත්තියත්, ධම්ම යන ඤාණ හා දේශනා සම්පත්තියත් සංඝ යන පරිවාර සම්පත්තියත් වෙන් වෙන් වශයෙන් ගෙන අවබෝධ කිරීමට වඩා සමස්‌තය වශයෙන් ගත් කල්හි වචනයෙන් හෝ ගුණයෙන් ප්‍රමාණ කළ නොහැකිය. 

එක්‌ නිදසුනකින් පමණක්‌ මේ බව තහවුරු කර ගනිමු. බුදු රදුන්ගේ වාග් විලාසය වනාහි මහා ආශ්චර්යමත් වුහ. පෘථග්ජන පුද්ගලයෙක්‌ එක්‌ වචනයක්‌ උච්චාරණය කරන කාලය තුළ ආනන්ද මහ රහතන් වහන්සේට වචන අටක්‌ උච්චාරණය කළ හැකිය. ආනන්ද මහරහතන් වහන්සේ එක්‌ වචනයක්‌ උච්චාරණය කරන කල්හි බුදු රදුන්ට වචන 16 ක්‌ උච්චාරණය කළ හැකිය. ඒ අනුව සාමාන්‍ය පුද්ගලයෙක්‌ වචනයක්‌ උච්චාරණය කරන කාල පරාසය තුළ බුදුරදුන්ට වචන 128 ක්‌ උච්චාරණය කළ හැකිය. එම විශේෂ වූද විචිත්‍රවත් වූ ද තත්ත්වයට හේතූන් බොහොමයක්‌ ඇත. සංසාරයේදී පිරූ සත්‍යපාරමිතා බල මහිමයත්, සත්‍ය දැන ගැනීම, දැක ගැනීම, අවබෝධ කර ගැනීම, අන්‍යයන්ට අවබෝධ කරවීම, ආදියත් ප්‍රාණඝාතාදී පාපකර්ම නොකිරීමත්ය. කුසල කර්ම පථ බල මහිමයෙන් සන්නිවේදනයේ සියලු ප්‍රමිතීන් අති විශිෂ්ට තත්ත්වයකින් සාධනය කරගත හැකි වුණි. තව්තිසා දෙව්ලොවදී අභිධර්මය දේශනා කිරීම තුළ මේ සන්නිවේදන විචිත්‍රත්වය මැනවින් වටහාගත හැකිය. තුන්මසක්‌ තුළ එතරම් දීර්ඝ අනුශාසනාවක්‌ ලෙස අප හට දැනුනද එය පැවැත්වූයේ විනාඩි කිහිපයක්‌ පමණි. එතරම් සුළු වේලාවකින් දීර්ඝ අනුශාසනාවක්‌ කළ හැකි වූයේ මේ විශේෂත්වය හේතුවෙනි. ඊට සරිලන ආකාරයෙන් පළල් දිවක්‌ (පහූත ජිව්හා) දත් හතළිහක්‌ (සමචත්තාලිස දන්ත) සමාන වු දත්, (සම දන්ත) අවිවර වූ දත් (අවිවරදන්ත) සිංහහනු (සීහහනු) ආදී මහා පුරිස ලක්‍ෂණ බ්‍රහ්ම ස්‌වරයක්‌ පිටවීම කෙරෙහි ඉවහල් වුණි. එම මහා පුරිෂ ලක්‍ෂණ පිහිටීමටත් ඒ තුළින් විචිත්‍රවත් වූ සන්නිවේදන කුසලතාවක්‌ ඇති කර ගැනීමටත් හැකි වූයේ සංසාරයේ පුරුදු පුහුණු කරන ලද කුසල ශක්‌ති බල මහිමයයි.

පූජ්‍ය තලහගම ඉන්දරතන හිමි
2013 මැයි 24 සිකුරාදා දිවයින

බුදුරදුන් පෙන්වා වදාළ උත්තම මාර්ගය

2557 වෙනි 

ගෞතම බුදුරජාණන් වහන්සේගේ

 තෙමඟුල සිහි කෙරෙමි.


මේ වෙසක්‌ සමයයි. මුළු බොදු ලොවම බුදුරජාණන්වහන්සේ ගැන වඩාත් සිතන්නට පෙළෙඹෙයි. උන්වහන්සේ පෙන්වා වදාළ ධර්මය ජීවිතවලට සමීප කර ගන්නට උත්සාහ ගනු පෙනේ. මෙවන් සමයක බුදුරජාණන්වහන්සේ පෙන්වා වදාළ ධර්ම මාර්ගය පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමු කරවනුවස්‌ ඒ පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක යෙදෙන්නට මෙම බෙහෙවින් ම යෝග්‍ය කාලය බව හැඟේ.

බුදු දහම සනාතන දහමකි. එය බුදුන් වහන්සේගේ ධරමාන කාලයෙහි යම් වලංගුභාවයක්‌ තිබුණේද එම අකාලික වලංගුභාවය අද මේ විසිවැනි සියවසටත් එපරිද්දෙන්ම උචිතය. එදා මෙන්ම අදටත් එහි ඇති සාංදෘෂ්ඨ§කභාවය විවාදාපන්න නොවේ. අන්ධානුකරණයෙන් නොව, සැබෑ විමංසනශීලි බුද්ධි පරිපාටවයකින් යුතුව ධර්මය පුහුණු කිරීමක යෙදෙන්නේ නම් අද වුවද සැක සාංකාවකින් තොරව ධර්මයේ සාංදෘෂ්ඨික ඵල නෙළිය හැකිය.

මාර්ගඵල ප්‍රතිලාභ අත්දැකීමකට භාජන කරගත හැකි ප්‍රාසාංගික වටා පිටාවක්‌ අප සැම ඉදිරියෙහි විද්‍යමානව තිබෙන බවට ජීවමාන විසඳුම් අපේ රටෙන් මෙන්ම බුරුමය, තායිලන්තය ආදී දකුණු ආසියාතික බෞද්ධ රටවලින් ද අප අසා ඇත්තෙමු. තායිලන්තයෙන් ලද නව්‍යමය වූ සිද්ධිවාවක නිදසුන නම්, 'මයි චී කයිව් නම් සිල් මාතාව' පිළිබඳ භික්‌ඛු සීලරතනෝ නම් හිමිනමක්‌ ලියා පළ කර ඇති මෑත කාලයේ පහළ වූ රහත් තෙරණිය නමින් පෞරාණික බුද්ධංගල වන සෙනසුනෙහි භික්‌ඛු ආනන්ද නම් භාවනායෝගී යතිවරයාණන් විසින් සිංහලයටද පරිවර්තනය කර ඇති ඇගේ සත්‍යමය වූ චරිතාපදානයයි. ඊට අනුකූලව ඇගේ ආරම්භය දස සිල් මාතාවක්‌ වූ උපාසිකාවක ලෙස අතිශය දුෂ්කර වූ අනේකවිධ ව්‍යසනයන් ට මුහුණදී ජීවිත අද්දැකීම් ලැබූ නූතන පටාචාරවක බඳු ථෙරී ගාථාවක්‌මය. ඇය ලබා දෙන පණිවුඩය බෙහෙවින්ම ජීවමානය. අතිශයින්ම ගැඹුරුය. අර්ථ පූර්ණය. 

ධර්මයෙහි මැනවින් හැසිරෙන, එයම ජීවිතය කොට ගාම්භීරව හා බරපතළ ලෙස සන්සුන්ව ගන්නා භික්‌ෂු භික්‌ෂුණියකට පමණක්‌ නොව, එබඳු ගිහි උපාසික - උපාසිකාවකටද ධර්මයෙහි සාන්දෘෂ්ඨික ඵල මෙම ගෞතම බුදුරදුන් සමයෙහිම ලබා ගැනීමෙහි උත්කෘෂ්ඨ වූ පරම භාග්‍ය තවමත් විද්‍යමාන බව බව නොවේද? ශ්‍රද්ධාව හා ධීරත්වය පිරුණු මේ රසවත් කතාන්තරය අපට කියාපාන්නේ· ශ්‍රී ලාංකික හැම කාන්තාවක විසින්ම මෙම චරිතාපදානය කිවයුතු යෑයි අපට හැඟේ.

1901 දී ඉපිද 1991 දී පිරිනිවන් පෑ බුද්ධ ශ්‍රාවිකාවක වූ ඇය, අදත් පිරිසිදුව පවතින මේ නිර්වාණ ගාමී ප්‍රතිපදාව අනුව පිළිපැද සසරින් නිදහස්‌ විය හැකි බවට ලබා දෙන්නේ ප්‍රබල සාක්‍ෂියකි. අප අසා ඇති පරිදි මෙබඳු සාක්‍ෂිවලින් පිරි චරිත අප රට තුළ ද බෙහෙවින් විරළව අසන්නට ලැබෙන්නේ, එබඳු උත්තම පුද්ගලයන් සිදුවිය යුතු පරිදිම මුනිවත රකින නිසාමය. මාන, රාග උපාදානයන් සපුරාම සමුච්ඡේදයෙන් ප්‍රහානය කළ එබඳු උතුමෝ ලෞකිකත්වයෙන් මිදුණේ, ජනප්‍රියතාවය නොතකති. 

උපේක්‍ෂාව පිරුණු එබඳු උතුමෝ ලෝක ධර්මයන් සමත්‍රික්‍රමණය කරති. අපේ වනසෙනසුන්වල මෙන්ම, ග්‍රාමීය විහාරස්‌ථාන වලද එබඳු උතුමන් පහළව නිරාමිස ජීවිතවලින් නිලීනව සමුගන්නා අප්‍රකට මගඵලලාභීන් මලියදේව මහරහතන් වහන්සේගෙන් පසු කෙතරම් නම් මේ පින්බිම තුළ පහළව නිවී සැනසී යන්නට ඇත්ද? ධර්මයේ සාංදෘෂ්ඨිකතාව පිළිබඳව බරපතළ ලෙසටම සවිඥනකව දැනෙමින් පවතින අපට නම් ඒ පිළිබඳ අංශු මාත්‍ර සැකයක්‌ කිසි දිනක නොතිබිණ.

පන්සාලිස්‌ වසරක මහා බුදුමෙහෙවර තුළ උන්වහන්සේ මානව යුතුකම් ගැන බෙහෙවින් දේශනා කර වදාළහ. අයිතිවාසිකම් ගැන කථා කළේ ඉතාම අල්ප වශයෙනි. ඉන් පළමු කොට දැඩිව අවධානය යොමු කළේ තමාට තම යුතුකම් ඉටුකිරීම පිළිබඳවමය. 

එය ආධ්‍යාත්මික යුතුකම් මෙන්ම භෞතික යුතුකම් ලෙස ද ප්‍රකටව හඳුනා ගත හැකිය. ඉන් අනතුරුව මෙම දෙඅංශයෙන්ම පොදුවේ තමන්ගේ කමින්ද ඉන් පිටස්‌තරව ද තම යුතුකම් පිළිබඳව කේන්ද්‍රීය වූ දහමක්‌ මෙබඳු වෙසක්‌ සමයක බුදුරදුන් ලොවට උගන්වා වදාළහ. බුදුරජාණන් වහන්සේ සියලු කායික මානසික රෝගයකට පිළියම් කළ සියලු වෙදවරුනට පහන් ටැඹක්‌ වූ මහා හේෂ්‍යඡ්ජ්‍ය ගුරුවරයාණෝ වූහ. උන්වහන්සේ සැමට ලබා දුන්නේ කිසිදිනකවත් පරණ නොවන අලුත් නොවන දෙව් බඹුන්ටද සමසේ සාධාරණය. එය දාන, සීල, භාවනා ලෙසටත්, සීල සමාධි ප්‍රඥා ලෙසටත් ප්‍රකටය.

මෙම බෙහෙත් වට්‌ටෝරුවට වඩාත් ඵලදායක ලෙස වඳින්නට නම් මූලික වූ පෙර සුදුසුකමක්‌ ලබා ගැනීම බෙහෙවින්ම ඵලසහිතය. බුදුරජාණන් වහන්සේ තමන් මාර්ග උපදේශකයාණන් ලෙස අඳුනා ගැනීමත් විශ්වයම ඒ පෙරටු කොටගත් අර්හත් බීජයන් තමා තුළ පවතින බව නුවණින් යුතුව තේරුම ගැනීමත් ඒ විශ්වයම අතෘප්තිකරතාවයෙන් හෙවත් දුකෙන් මිදීම සඳහා අප හැම තුළ බරපතළ ශක්‍යතාවන් ඇති බවත් වටහා ගැනීම මෙහිලා බෙහෙවින් වැදගත්ය. ඒ සමගම බුදුරජාණන් වහන්සේ තුළ සම්භාවිතාව තිබූ උත්තම සුදුසුකම්වලින් අපිදු පියවරින් පියවර පරිපූර්ණ වෙමින්, ඉවසීම, නිර්භීතභාවය, මහා කරුණාව, හා මහා ප්‍ර්‍රඥව අපේ ධර්ම මාර්ගය බවට පත්කර ගන්නා බවට අධිෂ්ඨාන පූර්වකව සඵතවීමය. 

මේ ස්‌වයංජාත අවබෝධයෙන් තොරව කෝටි වාරයක්‌ ඔබ ''බුද්ධං සරණං ගච්චාමි'' යෑයි පුන පුනා කීවද, ඔබ නාමික බෞදAධයෙක්‌ මිස සැබෑ බෞද්ධයෙක්‌ නොවන බව වටහා ගත යුතුය. මේ අවබෝධය ලබා ගැනීම තමාට තමා යුතුකම් ඉටුකිරීමේ පලමු පියවරය.

ධර්මය සරණයාම යනු ස්‌වභාව ධර්මයේ නීතිය පැවැත්ම නුවණින් වටහා ගැනීමත්, එහි යථාර්තීය ස්‌වභාවය වූ ඇතිවීම, පැවැත්ම හා නැතිවීම ඔබ තුළින් මෙන්ම ඔබ අවටින්ද දකින, අසන, දැනෙන, රස බලන හැපෙන හා සිතෙන හැම දෙයක්‌ තුළින්ම අවබෝධ කරන්නට උත්සාහවත් වෙමින් ඒ පිළිබඳ දැනුවත්ව වාසය කිරීමය. 

මෙම වටහා ගැනීමෙන් තොරවූ සිතකට ධර්මයේ පිහිට ලැබේවි දැයි නුවණින් යුතුව විමසිලිමත් විය යුතුය. ''ධම්මං සරණං ගච්ඡාමි'' යෑයි මුළු ජීවිතය පුරාම හඬ ගා කීවද ඔබට ධර්මයේ සනාතනික ආරක්‍ෂාව ලැබෙනු ඇත්දැයි අවිනිශ්චිතය. මෙම අවබෝධය නොවෙනස්‌ වන පරිදි අචලව අප සිත් සතන් තුළ පහළ කර ගැනීම තමා තමාට යුතුකම් ඉටුකිරීමේ දෙවන පියවරය.

සඟසරණ යාම යනු, ඉහත කී යුතුකම් සැපිරූ, සපුරණ හා සපුරන්නට පතන අතීත වර්තමාන හා අනාගත සත්පුරුෂ සාධු ජනතාව තම ජීවමාන ආදර්ශ පිණ්‌ඩයසේ පිළිගැනීමය. නොහොත් ඔවුන් තම මාර්ගදේශකයන්සේ මහත් ප්‍රබෝධයෙන් යුතුව වැළඳ ගැනීමය. 

ඔවුහු අපට මග පෙන්වන්නෝය. මේ ධර්ම මාර්ගය පිළිබඳ පූර්ණ විශ්වාසය අප තුළ ජනිත කරවන්නෝය. ඔබ අප සැමට ජාති ජරා මරණ විරහිත සැබෑ මිදීම පිළිබඳ විශ්වාසයද එම හැකියාව පිළිබඳ පූර්ණ තෘප්තිමත්භාවයද අප තුළ ඇතිකර වන්නෝය. එබඳු උත්තමයන් සරණයැම සංඝං සරණං ගච්ඡාමී යන්නෙහි සැබෑම අරුතය. මෙම අවබෝධයෙන් පොහොසත්වීම තමා තමාට යුතුකම් ඉටුකරවාලීමේ තුන්වන පියවරය.

මෙම සත්පුරුෂ පදනමෙහි අක්‌මුල් දැඩිව අල්ලා ගන්නා ශ්‍රද්ධාවන්තයෙක්‌ නිරතුරුවම මෙම ධර්ම මාර්ගයට අවතීර්ණ වෙයි. අමුතු මෙහෙයීමක්‌ හෝ පෙළඹවීමක්‌ අවශ්‍ය නැත. අදාළද නොවේ. ඔහු හෝ ඇය නිතැතින්ම මෙලොව ඉතාමත් ප්‍රීතිමත් ජීවිතයකට හිමිකම් කියන්නෙක්‌ වන අතර දුක - සැප, ලාභ - අලාභ, නින්දා - ප්‍රංශසා, යස- අයස නොබිඳුණු සිතින් භාරගන්නා, උපේක්‍ෂාවෙන් ආශිර්වාද ලබන අධ්‍යාත්මික මනුෂ්‍යයෙකු බවට සැබවින්ම පත්කරවනු ලබයි. දාන සීල භාවනා ඔහුගේ ජීවිතය අලංකාර කරන අමිල ආභරණ බවට පත්වෙයි. සීල, සමාධි, ප්‍රඥ ඔහුව උත්තම මනුෂ්‍යයෙක්‌ බවට පත්කරන සෝපානයක්‌ වෙයි.

මෙම උත්තම මාර්ගයෙහි නොවලස්‌ව ගමන් කරන්නෙකුට මෙලොවදීම ලබාගත නොහැකි වෙනත් අධිගමයක්‌ තවත් තිබිය හැකිද? මෙලොව සියලු යහපත ලබන ඔහු හෝ ඇය නිවී සැනසී ගිය කෙනෙක්‌ බවටද සාකල්‍යයෙන්ම පත්වෙයි. ඒ තුළින් ධර්මයෙහි සාංදෘෂ්ඨික ඵල ලබා ගත්තෙක්‌ම නිර්මාණය කරවනු නියතයි.


ආචාර්ය තවලම ධම්මික හිමි
ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරය
ස්‌විට්‌සර්ලන්තය

කුසලය සහ ධර්මිෂ්ඨ සමාජය

2557 වෙනි 

ගෞතම බුදුරජාණන් වහන්සේගේ

 තෙමඟුල සිහි කෙරෙමි.

සම්බුදු දෙව් මිනිසුන්ගේ සැපය උදෙසා අර්ථවත් ධර්මානුකූල ජීවිත රටාව පිළිබඳ විස්තර, සියළු කෙලෙසුන් ගෙන් නිවී සැනසුන මුණිවරයන් වහන්සේලා විසින් දෙව් මිනිසුන්ගේ ම හිත සුව පිණිස දේශනා කරන ලදි.එසේ මුල.මැද,අග සම්පූර්ණ වූත් අකාලික වූත් ධර්මරත්නයකින් , සීල,සමාධි , ප්‍රඥාවෙන් ඵල නෙලා ගත් නුවණැතියන්, ලෙඩ වීමත්,වයසට යෑමත්, මරණයත් ජගත් සේම තවත් බොහෝ  අවබෝධ නොකරගත් විශාල පිරිසක් ද මේ ඝෝර සසරෙහි සැමදාමත් සැරිසරමින් සිටීම බුදුරජාණන් වහන්සේ විසින් අප හට මැනවින් පෙන්වා දී තිබේ.
වර්ථමානය තුල බොහෝ කාලයක සිට අප රට පාලනය කරන ඇත්තන්ගේ,නිළධාරීන්ගේ අදූරදර්ශී තීරණ නිසා සිදුවන අපරාධ, සොරකම්,පවුල් ජීවිත තුල දකින්නට ලැබෙන අසමගිය,අප කන බොන වස විස හා එම වස විස විකුණන ආයතන හිමියන්ගේ විෂම ලෝභය  යන අකුසල් වලින් සිදු විය හැකි සමාජ පරිහාණිය ගැන ශ්‍රී සද්ධර්මයෙහි සඳහන්ව ඇත.සත්වයින්ගේ සංසාර ගමන දීර්ඝ වන තරමට සමෘද්ධිමත් යුග මෙන්ම අග-හිඟකම් වලින් පිරි දුර්භීක්ෂ ත්‍රාසය උපදවන කාල වකවානු ද හමුවන එක ලෝකයේ කිසිවෙකුට නතර කළ නොහැකිය.ඒත් මැරෙමින්, ඉපදෙමින් යුක්තිය,සාධරණය,සැපය සොයමින් අවිද්‍යා මාර්ගය මුල් කරගෙන යන මේ සත්වයින්ගේ නුවණ මතු කර දෙන්නට හැකි යුගයක් ද එන්නේය.
දෙව් මිනිස් සත්වයන්ගේ කුසල කර්මයන් බලවත් වන කාලයක ඒ අප මහා බෝසතාණන් වහන්සේ තම අන්තිම ශරීරය දරණ යුගය පහල වන්නේය.බුදුරජාණන් වහන්සේලා පහල වන්නේ බොහෝ කලකට පසුවය.එවන් යුග වල දෙව් මිනිස් ප්‍රජාවට මෙන්ම සමහර තවත් සත්වයින් හට සැප ගෙන දෙන පුණ්‍ය වකවානුවක් ලෙස හැදින්විය හැක.තවමත් අපට ඒ අපගේ භාග්‍යවත්, අරහත් ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පිරිසිදු ශ්‍රී සද්ධර්මය ඇසෙන යුගයක් ව පැවතීම මහත් වූ වාසනාවකි.සම්මාදිට්ඨියෙන් යුතු දෙව්-බඹුන් තවමත් අප අතර සිටිනවා.ප්‍රමාදය මාරයාගේ උගුලක්ය.ප්‍රමාද වූ සත්වයින්ට හිමි වන්නේ ඝෝර සංසාරයයි.සම්මා සම්බුදුරජාණන් වහන්සේලා වදාළ ධර්මයමයි ශ්‍රේෂ්ඨ වන්නේ .මෙය මුණිවරුන්ගේ දහමේ ලක්ෂණයකි.
භාග්‍යවතුන් වහන්සේ වදාළ ලෙස මේ ලෝකය පවතින්නේ හේතුඵල දහමකිනි.ලෝකය තුල අධ්‍යාත්මිකවත්, බාහිරවත් පවතින මේ ගැටළුව දැකිය හැකි වන්නේ ස්වකීය විශේෂ නුවණකින් සත්‍ය අවබෝධ කළ මේ තුන් ලොවටම අග්‍ර වූ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන්වහන්සේට පමණි.අප සරණ ගිය ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් කුසල් වැඩීම තුලින් ධර්මිෂ්ඨ සාමාජයක් බිහිවීමට උපකාර වන කාරණා ශ්‍රී සම්බුද්ධ දේශනා තුලින් බොහෝ අවස්ථාවල වදාළා තිබෙනවා.එයින් එක් අවස්ථාවක් වන්නේ මනුෂ්‍යයාගේ යම් කාල වකවානුවක අතීතයත්,වර්ථමානයත්,අනාගතයත් උන්වහන්සේගේ බුදු ඇසින් දැක දෙව් මිනිසුන්ගේ යහපත උදෙසා දේශනා කිරීමයි.
අද අප සමජය තුල ඇති වී තිබෙන, විසදා ගත නොහැකි බොහෝ කරදර වලට හේතු බුදුපියාණන් වහන්සේගේ මෙම උතුම් ධර්ම කරුණු වලින් වටහා ගැනීමට පින්වත් ඔබ සැමට හැකි වී, බොහෝ පින් රැස කර ගැනීමට හේතු වේවා!
එදවස භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ මගධරට මාතුලා නම් ගමෙහිය.එක් දිනෙක අප බුදුරජාණන් වහන්සේ භික්ෂූ සංඝයා උදෙසා මෙසේ වදාළ සේක.පින්වත් මහණෙනි, වෙනත් සරණක් නොමැතිව තමාව ආරක්ෂා කරමින්,තමන්ව ම පිහිට කරගෙන,ශ්‍රී සද්ධර්මය තුල සිට, ශ්‍රී සද්ධර්මය ම පිහිට කරගෙන වාසය කරන්නේ කෙසේද?
“පින්වත් මහණෙනි, එය වනාහි අපගේ කයෙහි ස්වභාවය අනුව බලමින් කායානුපස්සනාවෙන් ද,විදීමේ ස්වභාවය අනුව බලමින්,වේදනනුපස්සනාවෙන් ද සිතේ ස්වභාවය අනුව බලමින් චිත්තානුපස්සනාවෙන්ද, ධම්මනුපස්සනාවෙන් ද , කෙලෙස් තවන වීරියකින් යුතු නුවණකින් ලෝකයේ කෙරෙහි ඇති ඇල්මත්, මානසික දුක් සහිත පීඩනයත් දුරලමින් වාසය කිරීමයි.” එයින් හැඟෙන්නේ කෙලවරක් නොමැති සංසාර ගමනක සිට එන මේ සත්වයින් එයින් මිදීමට නම් සීලයෙන් යුතුව ධර්මය තුල පිහිටීමෙන් රැකවරණය සලසා ගත යුතු බවයි. එය වනාහි ධර්මය තුල සිහිය පිහිටුවා ගැනීමේ සතරසතිපට්ඨානයයි.
මෙලෙස බුදුරජාණන් වහන්සේ විසින් ඈත අතීතයේදී ධර්මයම රැකවරණය කර ගනිමින්, ධර්මයෙහි රැකවරණය ලබමින් සිටි යුගයත්, පසු කාලයේදී සීලාදී ගුණ ධර්මයන් පිරිහීමෙන් සිදුවුන විනාශයත් පහැදිලි කළ සේක.
ධාර්මික වූ චක්‍රවර්තී රජතුමා පහළවීම
මෙයින් බොහෝ කලකට පෙර මනුෂ්‍ය ආයුෂ 80,000 ක් වන කාලයේ දළ්හනේමි යනුවෙන් සක්විති රජ කෙනෙක් පහළව සිටියහ.මේ මහපොළව පුරා ඇති සියළු මහද්වීප වල සතර මහා සාගර ආවරණයෙන් පහළ වන ධර්මරාජ්‍යයක් තුල කිසිවෙකුට පරාජය කළ නොහැකි ධාර්මික රාජ්‍යයක් ද සමග එතුමා හට පිනෙන් පහළවන මාණික්‍ය හතක්  ද වූහ.මෙසේ චක්‍ර රත්නයෙන් ද,අශ්ව රත්නයෙන් ද, හස්ති රත්නයෙන් ද, මාණික්‍ය රත්නයෙන් ද, ස්ත්‍රී රත්නයෙන් ද,ගෘහපති රත්නයෙන් ද, පුත්‍ර රත්නයෙන් ද යන සප්ත රත්න වලින් කිසිවෙකුට ආක්‍රමණය කළ නොහැකි, දඬුවම් කිරීමකින් තොරව මුළු මහත් පෘතුවි තලයටම අධිපති වී බොහෝ කාලයක් පාලනය කිරීමට දළ්හනේමි සක්විති රජතුමාට පිනැති බලයක් තිබිණි.
මෙසේ පහළ වන චක්‍ර රත්නයට සක්විති රජතුමා විසින් පැන් වඩන කල්හි එම දිව්‍යමය චක්‍ර රත්නය සිව් රඟ සේනා සමග ඉබේ කරකැවෙමින් ලෝකයේ සියළු පාලන රාජ්‍යයන් වෙත යන බවත්,එසේ ගමන් ගන්නා රාජ්‍ය වල රජවරු කිසිම ලේ වැගිරීමකින් හෝ යුද්ධයකින් තොරව තම පාලන ප්‍රදේශ දළ්හනේමි සක්විති රජතුමාට පවරන බවත් ,එතුමාගේ අණින් පාලනය වන ඒ සියළු රජ්‍යයන් වල ජනයා කිසිදු බිය සැකයකින් තොරව, පංචසීලයෙන් යුතුව බොහෝ කාලයක් සැප සහිතව ජීවත් වන බව භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ සේක.ඉක්බිතිව දළ්හනේමි සක්විති රජතෙම තම පාලනයෙන් අවුරුදු දහසකට පසු එක්තරා පුරුෂයෙක් කැඳවා මෙසේ කීහ.”පින්වත් පුරුෂය මේ චක්‍ර රත්නය මේ තිබෙන්නා වූ ස්ථානයෙන් මදක් හෝ වෙනස්ව ඇත්නම් මා හට දන්වන්න”. ඉන්පසු බොහෝ අවුරුදු දහස් ගණනක් දැහැමින් රාජ්‍ය පාලනය කළ පසු ඉහත කී මාණික්‍ය රත්නය තිබෙන්නා වූ ස්ථානයෙන් වෙනස්ව ඇති බව දුටු රාජ පුරුෂයින් ඒ බව රජතුමා හට දන්වනු ලැබූහ.දළ්හනේමි සක්විති රජතුමා එයින් පසු දහසක් වූ තම පුත්‍ර රත්නයට කතා කොට එහි සිටින වැඩිමහල් පුත්‍රයා අමතා මෙසේ කීවේය.පුත නුඹ මේ රාජ්‍යයේ පාලනය භාර ගත යුතුව ඇත.එලෙස රාජ්‍ය පාලනය මැනවින් පවරමින් දළ්හනේමි රජතෙම කෙස් රැවුල් බා ගිහි ගෙයින් නික්ම භාවනා කිරීම සඳහා ගියහ.එසේ සත් දවසකින් දිව්‍ය චක්‍ර රත්නය අතුරුදහන් වුණි.පියාණන්ගෙන් දායදය නොපෙනී ගිය හේතුවෙන් කලබලයට පත් පුත්‍ර රජතෙම තම පියාණන් වන සෘෂිවරයාණන් හමුවී මේ කරුණ සැල කර සිටියේය.කරුණු වටහා ගත් සෘෂිවරයාණන් වහන්සේ විසින් තම පුතුට මෙසේ කීහ.”පුත්‍රය මේ චක්‍ර රත්නය නොපෙනී යෑම ගැන ඔබ කලබල විය යුතු නැත.එය ඔබගේ වරදක් ද නොවේ.මෙය පියාගෙන් ලද දායදයක් ද නොවේ.මෙසේ නොපෙනී ගිය චක්‍ර රත්නයත් සක්විති රජකමත් නැවත ලබා ගැනීමට නම් ඔබ විසින් සක්විතිවත් පිරිය යුතුය.මෙසේ පුත්‍ර රජතෙම සක්විතිවත් විමසන්නේය.
සෘෂිවරයාණන් වහන්ස මෙම නිවැරදි සක්විතිවත් නම් කවරේද?
1 පුතා නුඹ ධර්මයෙහිම පිහිටා කටයුතු කළ යුතුව ඇත.එසේම ධර්මයට අනුග්‍රහය දක්වමින්,ගරු කරමින්, ධර්මයටම ඇලී වාසය කරමින්,ධර්මයට ප්‍රිය මනාපව,ධර්මය පුදමින්,වඳිමින් ධර්ම බලයකින්,ධර්මය මුල් කරගෙනම තමන්ගේ බිරිඳට, දරුවන්ට සීලය ගැන පහදා දී ඒ අනුව ඔවුන්ව පුරුදු කර ඒ තුල ඔවුන්ව පිහිටුවා,ධර්මයෙහි රැකවරණය ඔවුන්ට සැලසිය යුතුයි.
2 රාජපුරුෂයන් ද,රජ පරපුර ද,ගෘහපති පවුල් ද,පංච සීලයෙහි පිහිටුවා ධර්මය තුලින් ආරක්ෂාව ඔවුන්ට ද සැලසිය යුතුය.
3 සියළුම ගම්දනව් වල,ජනපද වල සියළු වැසින්යන්ට සහ සියළුම සත්වයින්ට මෛත්‍රියෙන්, හිංසාවෙන් තොරව කටයුතු කළව.
4 තම රට තුල අධර්මය බලවත් වන්නට ඉඩනොදිය යුතුය.
5 තම රටෙහි සියළුම දුප්පතුන්ට ධනය සහ සැප සම්පත් දිය යුතුය.
6 පුතා තම රටෙහි රාගයෙන් තොරව, අනගාරිකව,බ්‍රහ්මචාරීව වාසය කරන පින්වත් සෘෂිවරයන් වහන්සේලා ඇත් ද, ඔබ ඔවුන් කරා නිතර ගොස් අකුසල් ගැන දැන ගෙන, ඒ අකුසල් වලින් මිදිය යුතුය.කුසල දහම් ගැන අසා, ඒ කුසල් ද වැඩිය යුතුය.
පින්වත් පුත්‍රය, සක්විති රජ කෙනෙකු පිරිය යුතු සක්විති වත් මෙසේය.
ඉන්පසු එම රජතුමා තම පියාණන්වහන්සේ විසින් පවසා සිටි සක්විති වත් ඒ අයුරින්ම සම්පූර්ණ කරන ලදි.මෙසේ සම්පූර්ණ කරන කල්හී නැවත දිව්‍ය චක්‍රරත්නය ඔහු ඉදිරියේ පහල විය.එසේ පෙර යම් සක්විති රජකෙනෙකුට පහල වූවා සේ මේ මහපොළව පුරා ඇති සියළු මහද්වීප වල සතර මහා සාගර ආවරණයෙන් පහළ වන ධර්මරාජ්‍යයක් තුල කිසිවෙකුට පරාජය කළ නොහැකි ධාර්මික රාජ්‍යයක් ද සමග එතුමා හට පිනෙන් පහළවන මාණික්‍ය හතක්  ද වූහ.මෙසේ චක්‍ර රත්නයෙන් ද,අශ්ව රත්නයෙන් ද, හස්ති රත්නයෙන් ද, මාණික්‍ය රත්නයෙන් ද, ස්ත්‍රී රත්නයෙන් ද,ගෘහපති රත්නයෙන් ද, පුත්‍ර රත්නයෙන් ද යන සප්ත රත්න වලින් කිසිවෙකුට ආක්‍රමණය කළ නොහැකි දඬුවම් කිරීමකින් තොරව මුළු මහත් පෘතුවි තලයටම අධිපති වී බොහෝ කාලයක් පාලනය කිරීමට මෙම සක්විති රජතුමා හට ද ලැබිණ.
මේ අයුරින් සක්විති රජතෙම තමන්ගේ සිව් රඟ සේනාවන්ගෙන් සමන්විතව බොහෝ ප්‍රදේශ කරා යමින් සිටින විට, එම ප්‍රදේශ තුල චක්‍රරත්නය පිහිටයි ද, එලෙස තමන් ඇතුළු රාජ සේනාව එම ප්‍රදේශ තුල වාසය කරයි.එසේ වාසය කරන කල්හි එම ප්‍රදේශ වල අණ පතුරුවා සිටින සියළුම රජවරු මෙම සක්විති රජතුමා වෙත පැමිණ මෙසේ කියන්නේය.පින්වත් මහරජාණෙනි,ඔබගේ පැමිණීම යහපත් දෙයක් ය.අප සතුව පවතින මේ සියළුම රාජ්‍යයන් පිළිගෙන අපට අනුශාසනා කළ මැනව.එසේ ප්‍රකාශ කරන විට සක්විති රජතෙම ඔවුන් වෙත අනුශාසනා කරන්නෙහිය. ඔබ සියළු දෙනා ඇතුලු සියළුම රටවැසියන් අද පටන් පංචසීලය රැකිය යුතුය.එය මෙසේය. ප්‍රාණඝාතයෙන් වැලකීම,අනුන්ගේ දේවල් සොරකම් කිරීමෙන් වැළකීම,වැරදි කාම සේවනයෙන් වැලකීම,බොරු කීමෙන් වැළකීම සහ මත්පැන් බීමෙන් වැළකීම යන  සුචරිත කුසල කර්මයන් ය.මෙසේ සක්විති රජතුමා සියළු ප්‍රදේශ වලට ධර්මය පතුරුවමින් යන කල වෙනත් ප්‍රදේශ වල වාසය කරන විරුද්ධ රජ දරුවන්ට ද මෙම පණිවිඩය සැල වී, ඔවුන්ද තම ප්‍රදේශ පූජා කර සක්විත් රජතුමා සමග ගමන් කරන්නනාහුය. මේ සියළු කටයුතු සිදු වන්නේ කිසිදු ලේ වගිරීමකින් හෝ ආක්‍රමණයකින් තොරව ධර්මයේ අනුහස්භාවයෙනි.
මෙසේ සක්විති රජතුමාගේ පාලන කාලය තුල පංචසීලය අනුගමනය කරන හෙයින් රට තුල සොරකම්,ප්‍රානඝාතන ඇතුලු බොහෝ අකුසල් වලින් මිදුන,පරිසරයක් පවතින නිසා රට වැසියන් දියුණුවෙන් දියුණුවට පත්ව බියකින් තොරව සැපවත්ව වාසය කරන්නේය.සැප සම්පත් නිසි අයුරින් උස් පහත් භේදයකින් තොරව සැමට බෙදී යන්නේය.පස සරු වන්නේය. නිසි කලට වැසි ලැබෙන්නේය.අස්වැන්න සරු වන්නේය.කන බොන ආහාර පවා පෝෂනයෙන්, සුවඳින් අග්‍ර වන්නේය. ඉතින් එකල මැරයන් නොමැතිකල්හි,ප්‍රානඝාතකයින්,සොරුන්,වදකයින්,භේබද්දන්,සල්ලාලයන්,ස්ත්‍රී දූෂකයින්,ළමා අපචාර ද නැති හෙයින්,,වස විස වලින් තොරව වගා කරන හෙයින්,මනුස්සයින්ගේ ජීවිත කුසල් දහම් වලින් පිරී යන්නේය.කුසල් දහමින් පිරුනු යුගයක් නිසා සැප සම්පත් ද බහුල වන්නේය.එය දකින දෙවියන් ද බොහෝ සතුටු වන්නේය.
අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තම බුදු ඇසින් අතීතය දැක පින්වත් ස්වාමීන් වහන්සේලා වෙත මෙලෙස වදාළ සේක.
පින්වත් මහණෙනි, මේ විදිහට එම චක්‍ර රත්නය සක්විති රජතුමා විසින් දිනා යම්තාක් දුරට සමුද්‍රය කෙළවර කොට ඇති පොළොව පළමුවැනි සක්විති රජ තුමා ද, දෙවැනි හා තුන්වැනි රජතුමාගේ සිට සත්වෙනි රජතුමා දක්වාම තම වැඩිමහල් පුතණුවන්ගේ රාජ්‍යත්වය මැනවින් පිහිටුවාලමින් බොහෝ වර්ෂ දහස් ගණනක් ගිහිගෙයින් නික්ම තාපස භාවයෙන් මහණ වන්නේය.මෙසේ පරම්පරා හතකට පසුව, සත්වැනි රජතුමා දිව්‍ය චක්‍රරත්නය අතුරුදන් වුන කල්හි සුපුරුදු ලෙස ගිහිගෙය අත් හැර මහණ දම් පුරන තම පියාණන් වහන්සේගෙන් සක්විති වස් නිසි කලට නොවිමසා, තමන්ගේ මතය පරිදි රට පාලනය කරන්නේය.
කුසල ධර්මයන් පිරිහීමෙන් රාජ්‍ය අස්ථාවර වීම
එම සත්වනි රජතුමා විසින් තමන්ට රිසි පරිදි රටවැසියන්ට අනුශාසනා කරන විට රටේ පැවතුන දියුණුවද ක්‍රමක් ක්‍රමයෙන් පරිහානියට පත්වෙන්නට සිදු වුණි.එකල්හි සියළුම රටවැසියන් රැස්ව රජතුමා වෙත ගොස් පිරිසිදු සක්විතිවස් පිරීමට අනුශාසනා කරන ලදි.එය ඇසූ රජතෙම නැවත ධර්මය තුල පිහිටා සියළු රටවැසියන්ට ආරක්ෂාව හා රැකවරණය දුණි.එහෙත් නිතර නිතර බ්‍රහ්මචාරි ලෙස තපස් රකින සෘෂිවරයන් වහන්සේලා බැහැ දැකීම සිදු නොවුන හෙයින් කාලයකට පසු දුප්පත් මිනිසුන් වෙත නිසි ලෙස ධනය නොලැබුණි.
ධනය රටවැසියා වෙත නිසි ආකාරයට නොලැබීම හේතුවෙන් රටේ පවතින දිලිඳුකම ක්‍රමක් ක්‍රමයෙන් වැඩිවීමට පත් වුණි.ජනතාව අතර අග හිඟකම් වැඩීවීම නිසා ඇති හැකි උදවියගෙන් සොරකම් කිරීමට මෙම දිලින්ඳන් පුරුදු විය.අන් අයගේ වස්තුව සොර සිතින් පැහැර ගැනීම සිදුවීමත් සමග පළමුව සොරුන් බිහි වුණි.ඉක්බිතිව රාජ පුරුෂයන් වෙත මෙය දැන ගැනීමත් සමග එම සොරුන්ව රජතුමා ඉදිරියට පමුණුවනු ලැබූහ.රජතුමා විසින් කුමන හේතුවකට ද සොරකම් කළේ යැයි ඇසූ විට, මෙම සොරුන් පැවසුවේ ජීවත්වීමට මගක් නොමැති නිසා සොරකම් කළ බවයි. එවිට රජතුමා එම සොරුන්ට ධනය ලබා දුනි.තවත් සොරුන් අල්ලා ගත් විට ඒ සොරුන්ට ද තව තවත් ධනය ලබා දුනි.මේ බව රටවැසියන්ට ආරංචි වීමත් සමග ඔවුන්ද ධනය ලබා ගැනීමේ අදහසින් සොරකම් කිරීමට පටන් ගන්නා ලදි.මෙසේ සොරකම් වැඩිවුන කල්හී ධනය ලබා දීමෙන් සොරකම් මැඩපැවත්වීමට නොහැකි නිසා, රජතෙම රාජපුරුෂයන්ට අණකර සිටියේ එම සොරුන් අල්ලා මරා දමන ලෙසටය.
රජතුමා විසින් ධනය ලබාදීම අත්හල හෙයින් තව තවත් දිලිඳුකම වැඩිවිය.සොරකම් සහ දඬුවම් දීම් නිසා ආරක්ෂාවට අවි ආයුධද වැඩි විය.එලෙස අසූදහසක් ආයූ ඇති එම රටවැසියන්ගේ ඊලඟ දරු පරම්පරාව අවුරුදු හතලිස් දහසකට අඩු විය.ප්‍රානඝාතය වැඩි වීමත් සමග බොරුවද වැඩි විය.එලෙස ඊලඟ පරම්පරාවේ දරුවෝ අවුරුදු විසිදහසකින් ආයුෂ අඩු විය.මෙසේ බොරු කීම නිසා කේලාම් කීමද වැඩිවීමත් සමග ඊලඟ පරම්පරාවේ දරුවෝ ආයුෂ දස දහසකට අඩු වීමෙන් වර්ණයද පිරිහී ගියහ.එම පුත්‍රයන්ගේ ඊළඟ පරම්පරාවේ පුත්‍රයන් වැරදි කාම සේවනයේ යෙදීම හේතුවෙන් ආයුෂ අවුරුදු පන්දහකට අඩු වුණි.මනුෂ්‍ය ආයුෂ වේගයෙන් අඩු වෙමින් පවතින විට ඔවුන් තුල හටගත් අධික ආශාව,වෛරය,ක්‍රෝධය සහ පලි ගැනීම් නිසා අවුරුදු දාහක ආයු ඇත්තෝ වූහ.
එවිට අප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේසේ වදාළහ.
මහණෙනි දහසක් ආයුෂ වලින් පිරිහීමට ලක් වූ මේ මනුෂ්‍යයින් තුල මිත්‍යාදෘෂ්ඨිය විශාල ලෙස වැඩුණි.මෙසේ පන්සීයක් ආයු ඇති කාලයේ අධර්ම රාගය ද,විෂම ලෝභය ද, මිත්‍යාධර්මයන් ද බහුල ලෙස පැතිර ගියහ.එසේ බොහෝ අකුසල ධර්මයන්ගෙන් සමාජය පිරිහුන විට මේ මනුෂ්‍යයින්ගේ ආයුෂ දෙසිය පනහ දක්වා අඩු විය.දෙසිය පනහක් ආයු ඇති ඔවුන් මවටද, පියාටද හිරිහැර කිරීමටද,සිල්වත් ස්වාමීන් වහන්සේලාට ගැරහීමට ද,වැඩිහිටියන්ට නොසැලකීම ද නිසා නැවත මෙම මනුෂ්‍ය ආයුෂ සියයක් තරම් අඩු ප්‍රමාණයකට පත් වුණි. මේ කාලය තුල සත්වයින්ගේ කුසල ධර්මයන් තව තවත් බොහෝ පිරිහීමට ලක්වීමෙන් කුසලය කුමක්ද? අකුසලය කුමක්ද? මව කවුද? පියා,නැගණිය,සොහොයුරා කවුද? යනුවෙන් වත් නිසි ලෙස හඳුනා ගැනීම්ට නොහැකි වීමෙන් ආයුෂ දහය දක්වා අඩු වන බවත්, එලෙස අඩුවී ඒ සත්වයින්ගේ ජීවිත දැඩි කෝපයකින්,මහත් වූ ව්‍යාපාදයකින්,ද්වේශයද වැඩිවීමෙන් අධික ලෙස වධක මානසිකත්වයකින් හමුවන් සියළු දෙනා ඝාතනය කිරීමේ දැඩි ආශාවකින් සත් දවසක් තුල ආයුධ වලින් සමූළ ඝාතයන් කරමින් මහත් විනාශයක් සිදු කරන බව භග්‍යවතුන් වහන්සේ වදාරන ලදි.එකලට ගිතෙල්,වෙඩරු,තල තෙල් සහ ලුණු යන රසයන් නැතිවී යන්නේය.
දැන් අප රට තුල වර්ථමානයේ පවතින තත්වය ගන සලකා බලමු.මේ වන විට එදා අපිට සුවඳ දුන් පළතුරු වල, එලවළු වල, සහල් වල පෝෂනයද ,රසද සුවඳ ද බෙහෙවින් අඩුවී ඇත.බොහෝ යුරෝපා රටවල උදෑසන ආහාර සඳහා භාවිතයට ගන්නේ කෙඳි සහිත ආහාර වර්ගය.අප බුදුරජාණන් වහන්සේ මීට 2600 වසරකට පෙර මේ බව වදාළ සේක.බුදුරජාණන් වහන්සේ අතීත,වර්ථමාන සහ අනාගත කාල උන්වහන්සේගේ බුදු නෙතින් දැක අපට නොකියන්න අප අද සිටින්නේ කොහෙද කියාවත් සිතා ගැනීමට අපහසු වනු ඇත.ශ්‍රී ලංකාව තුල බොහෝම කතා බහකට ලක්වී තිබෙන වස විෂ වලින් පිරී ගිය අපගේ එළවළු,සහල් අටු කොටු ගැන සහ රෝගී වූ අපේ ජනතාවද, මේ විෂම ලෝභයෙන්,දැඩි ද්වේශයකින් හිතක් පපුවක් නොමැතිව ආසනික් විෂ සහිත පොහොර විකුණන ඇත්තන් ගැන නෙවෙයිද අප භග්‍යවතුන් වහන්සේ විසින් විස්තර කරන්නේ.
සමහර දූෂිත පාලකයන් මෙන්ම, එම පාලනය ඩැහැ ගැනීමට සිටින දූෂිත විරුද්ධවාදීන්ද,ළමා අපචාරයන් කරන,අවි ආයුධ වලින් සන්නද්ධ පාතාලය ගැන,පාසල්, වෙහෙර විහාරස්ථාන අසල තිබෙන අරක්කු තැබෑරුම් ගැන,අධර්මයෙන් පෙලෙන මිත්‍යාදෘෂ්ඨික ආක්‍රමණිකයන් ගැන,පාලන  තන්ත්‍රයේ සිට, නිළධාරීන් දක්වාද, ජනතාවගේ සිට පාසල් වල ඉගෙනුම ලබන දරුවන් දක්වාද ප්‍රචන්ඩත්වය ඇතුළු ගහ මරා ගැනීම් සිදු වන බව දැනටම පැහැදිලිවම පෙනෙන්නට තිබීම ඝෝර සසරෙහි දුක පිළිබඳව බුද්ධ දේශනා මනාවට විදහා දක්වයි.එසේ නම් දැන් සිදුවී තිබෙන්නේ කුමක්ද? ප්‍රානඝාතය,සොරකම,වැරදි කාම සේවනය,බොරු කීම සහ මත් පැන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතය නොවේද?මේ අකුසල් සමග බද්ධ වෛරය,පලිගැනීම,ඊර්ශ්‍යාව,කෲරත්වයත් සමග අපගේ ආහාරත් අපටම විස වීමෙන් වර්ණයද බලයද,සැපය ද, ආයුෂද වැනසී ඇත.අප කළ යුත්තේ එකිනෙකාට විවෙචනය කරගැනීම නොව,තවමත් පිරිසිදු බුද්ධ දේශනා මනා ලෙස අපට කියා දෙන්නට ආර්යන් වහන්සේලා ජීවතුන් අතර සිටින හෙයින් නොපමාව ධර්මයේ හැසිරීමටත්,සිල් ගුණ දියුණු කර ගැනීමට යෝනිසෝ මනසිකාරය ඇති කිරීමට මහන්සි ගැනීමයි.බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි එම භයානක කාලයෙන් මිදිය හැකි වන්නේ සුචරිතයේ හැසිරෙන පිරිසට පමණි.බුදු කෙනෙක් එය අනාගතයේ සිදුවන බව ප්‍රකාශිත හෙයින් එය සිදුවෙනවාමයි.එය වැළක්විය නොහැක. ලෝක ස්වභාවය කිසිවෙකුට වෙනස් කළ නොහැක.තථාගතයන් වහන්සේලාට පුළුවන් වන්නේ ඝෝර සසරින් මිදෙන මග නුවණැතියන්ට විස්තර කර මග පෙන්වීම පමණි.
අනාගතය
අපගේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අනාගතයෙදී මෙසේ ආයුෂ දහයකට සීමා වන විට ඒ භයානක සතියක් තුල එකිනෙකාට මරා ගැනීමෙන් පසු ඉතිරිවෙන ඒ මිනිසුන්ට මෙසේ සිතට පහල වන සිතුවිලි වදාරණ සේක.
අප විසින් පංච සීලය රැකිය යුතුය.දඬු මුගුරු ඉවතලා ගංගා සහිත දූපත් වල,කදු මුදුන් වල හෝ වනයට පැන ගොස් සතියක් එම මහා ඝාතනයෙන් වැළකෙමු යැයි කියාය.එම සතිය ඇවෑමෙන් පසු බොහෝ වර්ෂ දසදහස් ගණනක් කුසල් දහම් වැඩීම හේතුවෙන් නැවත ඒ පින්වත් මනුෂ්‍යයන්ගේ පරමායුෂ අසූදහසක් දක්වා වැඩෙන්නේය. පංචසීලය ආරක්ෂා කරමින්,දෙමව්පියන්ට ,වැඩිහිටියන්ට සලකමින්,කේලම් කීම,පරුෂ වචන බැහැර කරමින්,තරහ දුරු කරමින්,පින්,පව්,කුසල් දහම් හඳුනාගෙන ලෞකික සම්මදිට්ඨියෙන් යුතුව,අධම රාගය,විෂම ලෝභය සහ මිත්‍යාදෘෂ්ඨිය අත්හරිමින් ආයුෂයෙන්, වර්ණයෙන් සහ බලයෙන් අනාගතයේ මනුෂ්‍යයන්ගේ පරම ආයුෂ 80 000ක් දක්වා වැඩිවීම මේ හේතු ඵල දහමේ ස්වභාවයේ සත්‍යතාවය මැනවින් අපගේ බුදු පියාණන්වහන්සේ විසින් වදාළ සේක.
එකලට ලෙඩ රෝග වලින් තොරව වයසට යෑමත්,කුසගින්නත්,අශාවත් පමණක් පවතිනු ඇත.මේ මහා භද්‍ර කල්පය තුලම සිදුවන මේ වෙනසත් සමග අප මහා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පස් නමක්ම පහල වන බව ඒ භාග්‍යවත් අරහත් ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ සේක.පිළිවලින් කකුසඳ සම්මා සම්බුදු රජාණන් වහන්සේ,කෝණාගමන සම්මා සම්බුදු රජාණන් වහන්සේ,කාශ්‍යප සම්මා සම්බුදු රජාණන් වහන්සේ සහ අපගේ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ ත්,අනාගතයේ ආයුෂ අසූදහසක් යන කල්හී ඒ භාග්‍යවත් අරහත් මෛත්‍රී සම්මා සම්බුදු රජාණන් වහන්සේ පහල වන සේක.
මහා භද්‍රකල්පය තුල පහලවන අවසන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ
අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මෙසේ වදාළ සේක.
පින්වත් මහණෙනි, එකලට දඹදිව, කේතුමතී නම් රාජධානියක් පහල වන්නේය.අතිමහත් සමෘද්ධිමත් යුගයක් වන එම රාජධානියේ වෙසෙන මිනිසුන්ගේ පිනටම සංඛ නම් චක්‍රවර්තී රජ කෙනෙක් පහල වන්නේය.ගම්,නියම්ගම්, රාජධානි එකිනෙකට සම්බන්ධව බට වනයක බට එකිනෙකට ලංව පිහිටියා සේ මිනිසුන් බොහෝ උපදින්නේය.කේතුමතී නම් මනරම් රාජධානිය මුල් කරගෙන අසූහාරදාහක් තරම් නගරයන් වල වහලින් වහලට කුකුළෙකුට වුවත් පහසුවෙන් ගමන් කළ හැකි ලෙස දියුණු යුගයක් වන්නේය.
මෙසේ නැවතත් මේ මහපොළව පුරා ඇති සියළු මහද්වීප වල සතර මහා සාගර ආවරණයෙන් පහළ වන ධර්මරාජ්‍යයක් තුල කිසිවෙකුට පරාජය කළ නොහැකි ධාර්මික රාජ්‍යයක් ද සමග එතුමා හට පිනෙන් පහළවන මාණික්‍ය හතක්  ද  වන්නේය.මෙසේ චක්‍ර රත්නයෙන් ද,අශ්ව රත්නයෙන් ද, හස්ති රත්නයෙන් ද, මාණික්‍ය රත්නයෙන් ද, ස්ත්‍රී රත්නයෙන් ද,ගෘහපති රත්නයෙන් ද, පුත්‍ර රත්නයෙන් ද යන සප්ත රත්න වලින් කිසිවෙකුට ආක්‍රමණය කළ නොහැකි දඬුවම් කිරීමකින් තොරව මුළු මහත් පෘතුවි තලයටම අධිපති වී පාලනය කරන්නේය.
මෙකලට දෙවියන්ට,බඹුන්ට,මරුන්ට,ශ්‍රමණක් බ්‍රහ්මයන්ට හෝ ලෝකයේ වෙන කිසිවෙකුට වෙනස් නොකළ හැකි ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය නැවත වතාවක් ඒ භාග්‍යවත් වූ, අරහත් වූ මෛත්‍රී සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් ලෝකයට සිංහනාද කරන්නේය.ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් උසස් ඤාණයෙන් යුතු දෙව් මිනිසුන් වෙනුවෙන් මුල,මැද,අග යහපත් වූද,අර්ථවත් වූද,මැනවින් සම්පූර්ණ වූ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නේය.
පින්වත් මහණෙනි, එකලට පහල වන සංඛ නම් වූ චක්‍රවර්තී රජතෙම තමන් සතු සියළුම රාජ සම්පත් දුගී මිනිසුන්ට දන් දී,ගිහි ගෙයින් නික්ම ඒ භාග්‍යවත් මෛත්‍රී නම් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ඒ උතුම් ශාසනය තුල කෙස් රැවුල් බා පැවිදි වන්නේය.එසේ ඒ උත්තමයන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරමින් අරහත් ඵලයට පැමිණ වාසය කරන්නේය.
පින්වත් මහණෙනි, වෙනත් සරණක් නොමැතිව තමාව ආරක්ෂා කරමින්,තමන්ව ම පිහිට කරගෙන,ශ්‍රී සද්ධර්මය තුල සිට, ශ්‍රී සද්ධර්මය ම පිහිට කරගෙන වාසය කරන්න.
“පින්වත් මහණෙනි, එය වනාහි අපගේ කයෙහි ස්වභාවය අනුව බලමින් කායානුපස්සනාවෙන් ද,විදීමේ ස්වභාවය අනුව බලමින්,වේදනනුපස්සනාවෙන් ද සිතේ ස්වභාවය අනුව බලමින් චිත්තානුපස්සනාවෙන්ද, ධම්මනුපස්සනාවෙන් ද , කෙලෙස් තවන වීරියකින් යුතු නුවණකින් ලෝකයේ කෙරෙහි ඇති ඇල්මත්, මානසික දුක් සහිත පීඩනයත් දුරලමින් වාසය කරන්න.
පිය උරුමයෙන් පැවත එන ඒ සතරසතිපට්ඨාන ධර්මයේ වාසය කිරීමෙන් ආයුෂයෙන් ද , වර්ණයෙන් ද,සැපයෙන් ද,සම්පත් වලින් ද, බලයෙන් ද වැඩෙන්නේය.
පින්වත් මහණෙනි, ආයුෂය බලවත් වන්නේ ඡන්ද,විර්ය,චිත්ත සහ විමංසා යන සතර සෘද්ධිපාද මැනවින් වැඩීමෙනි.
පින්වත් මහණෙනි,භික්ෂුවක් වර්ණයෙන් වැඩෙන්නේ කෙසේද? භික්ෂුවක් විසින් මනා කොට ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් වේද,ගරු සරු ඇතිව වාසය කරන කල් හී සුළු වරදේ හෝ බිය දකී ද,ශික්ෂාපද වල මැනවින් හික්මෙයි ද,එලෙස භික්ෂුව වර්ණයෙන් වැඩෙන්නේය.
පින්වත් මහණෙනි, භික්ෂුවගේ සැපයට කාරණය වන්නේ ධ්‍යාන සමාප්තියට පැමිණ වාසය කිරීමයි.
පින්වත් මහණෙනි, සම්පතට කාරණය වන්නේ භික්ෂුව විසින් සතර බ්‍රහ්ම විහරරණය වන මෛත්‍රී,කරුණා,මුදිතා සහ උපේක්ඛා සාමධිය වැඩීම තුලිනි.
පින්වත් මහණෙනි භික්ෂුවගේ බලයට කාරනය වන්නේ මේ ශාසනය තුලම කෙලෙස් රහිතව, අවබෝධයෙන් ම අරහත් ඵලයට පැමිණ ප්‍රඥා,විමුක්ත ඤාණ දර්ශනයෙන් යුතුව වාසය කිරීමයි.
පින්වත් මහණෙනි මාර බලය තරම් මැඩලීමට අපහසු වෙන බලයක් මා නොදනිමි.එම මාර බලය මැඩ පැවත්විය හැකි වන්නේ මේ උතුම් වූ අරහත් බලයෙන් පමණක් බව ත්,කුසල ධර්මයන් ගෙන්මයි පින වැඩෙන්නේ යැයි අපගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ සේක.
මා පමඤ්ඤේථ පුඤ්ඤස්ස
න මං තං ආගමිස්සති
උදබින්දුනිපාතේන
උදකුම්භෝ පි පූරති පූරති ධීරෝ පුඤ්ඤස්ස
ථෝකථෝකම්පි ආචිනං

“ඕක ඉතින් පොඩි පිනක්නේ” කියලා,තමන්ට විපාක දෙන්නට තමා කරා එන්නේ නැහැ කියලා ගණන් නොගෙන ඉන්න එපා. වතුර වුනත් බිංදුව බිංදුව වැටිලා තමයි කලයක් වුනත් පිරෙන්නේ.
බුද්ධිමත් පුද්ගලයාත් ටික ටික වුණත් පින් කරන කොට, ඒ පින් එකතු වෙලා, අන්තිමේ දී ජීවිතය පිනෙන් ම පිරිලා යනවා.

තෙරුවන් සරණයි!

ධම්ම පදය සහ චක්කවත්තී සීහනාද සූත්‍රය ඇසුරින්
- ලක්මිණ දිසානයක

May 24, 2013 at 12:01 am | lanka C news