දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

බුදුරදුන්ගේ අසිරිමත් පුරිසදම්ම සාරථී ගුණයෙන් දමනය වූ කුලමානය

අනුරාධපුර ශ්‍රී ලංකා
භික්ෂු විශ්ව විද්‍යාලයේ 
සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය 

අලහේනේගම සුමනරතන හිමි

සමාජ පරතරයක් ඇතිකරන, කුලවංශ පරම්පරාවෙන් අඩු පිරිස පහත් කොට සලකන ඇතැම්හු වර්තමානයේ ද ජීවත් වෙති. එහෙත් උගත්කම, ධනවත්කම ආදිය සලකා සමාජ පරතරය නැතිකරමින් වංශ පරම්පරා බැහැරකරමින් පුද්ගලයාගේ යහපත් කල්කිරියාවට පමණක මුල්තැන දී සලකන සමාජ පිරිස් ද නැත්තේ නොවේ. බුදුරජාණන් වහන්සේ සැමවිටම කුලයට, ධන බලයට නොසැලකූ සේක. මිනිසාගේ හැකියාව , විනීතකම, යහපත් ගතිගුණ, සටකපටවලින් තොරවීම ඉතා උසස් කොට සැලකූහ. උන්වහන්සේ සැමවිටම සැමදෙනාටම ගරුකරමින් සමානාත්මතාවය අගය කළහ.
පොළොන්නරු යුගයේ රචනා වූ අමාවතුර ගද්‍ය කාව්‍ය තුළින් බුදුරජාණන් වහන්සේගේ පුරිසදම්ම සාරථී ගුණය ඔස්සේ උන්වහන්සේ බෝසත් කාලයේ සැඬොල් කුලයක මාතංග පණ්ඩිත නම්න් ඉපිද බරණැස් නුවර හතළිස් කෝටියක් ධනය ඇති කුල මානයෙන් ඉදිමී සිටි දිට්ටමංගලිකාවගේ පියාණන් වූ සිටුවරයා ඇතුලු පිරිසක් ද බ්‍රාහ්මණයන් පිරිසක් ද ජාතිමන්ත තවුසා ඇතුලු පිරිසක් ද, දමනය කළ ආකාරය ගුරුළුගෝමී නම් ,පඬිවරයා දක්වා ඇත්තේ සම්‍යක් දෘෂ්ටික සැදැහැතියන්ගේ බුද්ධ ගෞරවය , ආගමික ශ්‍රද්ධාව ඔප්නැංවෙන ආකාරයට ය. දිට්ටමංගලිකාව වනාහි කුලයෙන් උසස් යැයි හඳුන්වාගත් බරණැස් නුවර ධනවත් උසස් සිටුවරයකුගේ රූප සම්පත්තියෙන් අනූන දුටුවන් වශීකරවන එකම දියණියයි. ඇය කුල සම්පත්තියෙන් ද යුක්ත වූවා ය. ඈ වෙත පැමිණෙන පුරුෂයන්ගේ නොයෙක් දොස් දක්වා ප්‍රතික්ෂේප කිරීම ද කළාය. යහවත පැහැපත රෑපත හො රෑපසම්පත්තියෙන් කුල සම්පත්තියෙන් භෝග සම්පත්තියෙන් සම්පන්න වන බැවින් බොහෝ දෙනා විසින් පතන ලදුව යමෙක් යමෙක් ඇය කැමැති වී ද ඔහු ඔහු දැක ජන්මයෙන් හෝ අත් පා ආදියැ හෝ දොස් දක්වා උහු කෙරෙහි කවුරු වෙසෙති. ඒ කාලයේ අප මහා බෝසතාණන් වහන්සේ පහත් යැයි සැලකූ සැඬොල් කුලයේ මාතංග නමින් උපන් හ. දිනක් සැඬොල් බව ද ප්‍රකට කරවමින් ඇතුලු නුවරට පැමිණිය හ. එවිට දිට්ට මංගලිකාව ගංගාවක් වෙත දියකෙළියට යන අතර තිරරෙද්ද අතරින් මාතංග දුටුවා ය. කුලමානයෙන් මත්වූ දිට්ට මංගලිකාව ඉදිරියෙන් එන සැඬොල් මාතංග බලා පෙර කළ අකුසලයකින් එවන් දර්ශනයක් දුටුබව ප්‍රකාශ කරමින් මුහුණ සේදීමට ජලය ගෙනෙන ලෙස සේවකයන්ට දන්වා ආපසු හැරී මාලිගාවටම ගියා ය. අමාවතුර කතුවරයා කුල භේදයේ තරම අතිශය තීව්‍ර ආකාරය පෙන්වීමට දිට්ට මංගලිකාවගේ වචනයෙන්ම දක්වා තිබේ. ඔහු දුරින් එන්නහු දැක මේ කවරු යි පිළිවිසැ සැඬලක යනු අසා ඇපි කිනම් , අකුසලයක් කළම්හ. හෝ මේ කවර පාපයක්හුගේ විපාකය හෝ මා නස්නා කලෙක් වන්නේ වෙයි පිරිසිදුවන්නට යන්නෙමි සැඬක්හු දිටිමියි සිවුරු වෙවුල්වා ගරහා කෙළ පියා දැස්නට එනකල්හි වහා දිය ගෙනවැ සැඬලක්හු දුටු ඇස දු ,නම් කී මුවය දු දෙවිය මැනැවැයි දෙ වැ රථය නවතාගෙනැ හැම දෑ ගෙට දී යවා ගොස් ජනයට නැංගහ.පිරිවර ජනයෝද මාතංග පණ්ඩිතයා ළගට ගොස් අතින් පයින් තලා මැරුණේ යැයි සිතා කසළ ගොඩට දමා යන්නට ගියහ. පණ්ඩිතයා එවිට දිට්ටමංගලිකාව විවාහ කරගනිමි සිතා එතැනින් නොනැගිට ඇය නොලැබුණොත් එතැනම මිය යමි අනතුරුව මේ සිදුවීම දුටු අනෙක් පිරිවර මිනිස්සු සැඬොල් පණ්ඩිතයා බිම වැතිරී සිටි බව ප්‍රකාශ කළහ. දිට්්ට මංගලිකාවගේ පියා වු සිටුවරයාට දැන් වූහ. චණ්ඩාලයා එතැනම මළොත් සිටුපවුලට අයත් සැම දෙනාම චණ්ඩාල වන බව ප්‍රකාශ කළ සිටුවරයා මසුරමත්, කහවනුවත්, සේවකයන් අත යවා වුවද, මාතංගව යවා ගත නොහැකි විය. මාතංග ද දුවණිය ලද හොත් මිස නොනැගිටිමි යැ බිම වැතිරී සිතා සිටියේ ය. එයින් පසු කහවනු සියයක්, දාහක්, ලක්ෂයක් ගෙවීමට පොරොන්දුවී පවා මාතංග ඉවත් කරවා ගත නොහැකි විය . අන්තිමට බැරිමතැන කුලය ආරක්ෂා කරගැනීම සඳහා මාතංගට දිට්ටමංගලිකාව සරණපාවා දුන්හ. එම අවස්ථාවේ සැඬොලා සමඟ විවාහ වු දිට්ට මංගලිකාව සිවුමැලි තැනැත්තියක වුවද, පිරිස විසින් තළා පෙලා දැමූ මිනිහා රැගෙන යාමට උත්සාහ කළා ය. අන්තිමට දිට්ටමංගලිකාව තම ස්වාමියා වූ මාතංග කරපිට තබාගෙන පිටිනුවර සැඬොල්ගමට ගියා ය. හත්දිනක් මාතංග ඇය සමඟ එකට වාසය කළත්, ඇගේ කන්‍යාභාවය නොසිඳ කෙසේ හෝ ඇයට උපකාර කරමියි සිතා වනයට ගොස් දින හතක් ඇතුළත අෂ්ට සමාපත්ති උපදවාගෙන යළිත් ඇය ඉදිරියේ පෙනී සිටියේ ය. දිට්ටමංගලිකාව මුළු නුවර රජවරුන්ගේ පූජාවට පාත්‍ර කරන්නෙමි සිතා ඇඟිල්ලෙන් නැබ පිරිමැද දරුවෙකු ලබාදීමටද අවස්ථාව සැලසී ය. තමාගේ සැමියා මහා බ්‍රහ්මයා බවත්, මතු දින හතක් අවසානයේ සඳමඬල පලාගෙන මෙලොවට එන බවත්, ප්‍රචාරය කිරීමට කියා ජනයාට පෙනෙන සේ ප්‍රාතිහාර්යයකින් මාතංග පණ්ඩිතයා සඳමඬලතුළට ගියේ ය.
ටික කලකින් දිට්ඨ මංගලිකා මණ්ඩව්‍ය නමින් කුමාරයෙකු ප්‍රසූත කළාය. මිථ්‍යා දෘෂ්ටික බමුණෝ ඔහුට නම් තබා ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වූහ. ඔහු මිසදිටු දහමේ එල්බ ගනිමින් නිතර අසූදහසක් බමුණන්ට හකුරු මිශ්‍ර කිරිබත්ම දන් දුන්හ. දිනක් මාතංග පණ්ඩිතයා නම් තවුසා සිවුරු හැඳි අඹුව හා දරුවා බැලිමට පැමිණි විට අසූදහසක් මිසදිටු බමුණන්ට පුත්‍රයා දන්දෙනු දිටී ය. මිසදිටුවනට දන්දීම සුදුසු නොවන බවත්, සිල්වත් අයට පමණක් දන්දීම සුදුසු බවත් මණ්ඩව්‍ය කුමාරයාට ප්‍රකාශ කළ ද , ඒවා පිළිනොගත්තේය.
මෛත්‍රි කරුණා ඇති අයට දන්දීම සුදුසු බවට ප්‍රකාශ කළත්, ඒවා ද පිළිනොගත්තේ ය. තරහ ගිය මණ්ඩව්‍ය කුමාරයා තවුසාට බැණ වැදී කසළගොඩක සිට ආ ප්‍රේතයෙකු සේ සලකා සේවකයන් ලවා තවුසාව එලවූහ. පිඬුසිඟා වැඩි මාතංග තවුසා එම සිද්ධිය දිට්ට මංගලිකාවට පෙන්වා දෙමියි ඉටා ගත්හ. තවුසාට සිදුවූ අසාධාරණය, නුවර රැකවල්හි සිටි දෙවියන්ට පෙනී කුමාරයාගේත් එතන සිටි පිරිසගේත් ගෙල පිටි අතට හරවා අකරතැබ්බයකටම පත් කළහ. දිට්ටමංගලිකාවට මෙම කරදරයකටම දැනෙන්ට ලැබුණ අතර මෙය මාතංග ස්වාමියාගේ බලයක් විය හැකි බැව් සිතුවාය. අසල දන් වළදමින් සිටි පණ්ඩිතයාට වැඳ සිටි දිට්ඨ මංගලිකාව තම පුතාට සිදුවී ඇති කරදරය ද කියා සිටියා ය. මේ පුවත ගැන කල්පනා කළ තවුසා තමා වැළදූ ඉඳුල් වතුරෙන් පුත්‍රයාගේ හා පිරිසගේ මුව දොවන ලෙස දැන්වී ය. අනතුරුව තවුසා හිමාලයටම ගියේ ය. දිට්ඨමංගලිකාව පුතාගේ සහ අනෙක් පිරිසගේ මුව ඉඳුල් වතුරෙන් සේදුවාය. සැඬොල් කුලයේ ඉඳුල්වලින් බමුණාගේ මුව දෙවුහයි යන පුවත නුවර පුරාම ප්‍රසිද්ධ විය. කරදරයට පත් බමුණෝ බමුණු බවින් මිදී සාමාන්‍ය ජනයා සේ ජීවත් වූහ. ඔවුන්ගේ කුල මානය බිඳී ගියහ. බුදුරජාණන් වහන්සේගේ බෝසත් කාලයේ ආශ්චර්යයක මහත. මේ බව ඔබත් දැන කුලභේදය නොසැලකීම සඳහා කරුණු වටහාගන්න.