දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

ආරෝග්‍ය පරමා ලාභා

කැලණිය විශ්වවිද්‍යාලයේ 
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය 
සුමනපාල ගල්මංගොඩ

බෞද්ධ සම්ප්‍රදායට අනුකූලව ජීවත්වූ අපේ පැරැන්නන් ගොවිතැන් කටයුතු වලින් නිදහස් වූ සෑම අවස්ථාවකම වටවන්දනාවේ යාමට පුරුදුව සිටියා. සොළොස්මස්ථාන, අටමස්ථාන, වන්දනා කිරීම සඳහා ඒ සියලුම ස්ථාන වන්දනා මාන කරනු ලැබුවේ පයින් ගමන් කිරීමෙනි.
අවුරුද්ද අවසානයේ ශ්‍රීපාදය වන්දනා කළා. ගොවිතැන් කටයුතු තුළින් ශරීරිකව ව්‍යායාම ලබාගන්නා පැරැණි බෞද්ධයන් වට වන්දනාව තුළින් මානසික නීරෝගීතාවය ලබාගත්තා. ඒ කාලය තුළ දියවැඩියාව වැනි රෝගීන් දක්නට ලැබෙන්නේ ඉතාම කලාතුරකින් .
නිරෝගිකම ජීවිතයේ උතුම්ම ලාභයයි. කොතරම් සැප සම්පත්වලින් පිරුණු ඉසුරුමත් ජීවිතයක් ලැබුවද, පුද්ගලයකු සතු නිරෝගීකම ඒ සියල්ලට වඩා වටිනාම ලාභය ලෙස බුදු දහම පෙන්වා දෙයි. මොනදේ තිබුණත්, නිරෝගිකම නැත්නම් කිසිවක් කරගත නොහැකියි. පුද්ගල ජීවිතයේදී නිරෝගිකමට පළමු ස්ථානය හිමි විය යුතු වුවද සමාජයේ බොහෝ පිරිසක් රෝගීන් වශයෙන් ජීවත්වෙති. මානසික නිරෝගීතාවය, ශාරීරික නිරෝගීතාවය, සාක්ෂරතාවය සංඛ්‍යා ලේඛණ තුළින් ඉහළ මට්ටමක පැවතියද ප්‍රායෝගික සමාජය තුළ බටහිර බලපෑම් හා වෙනත් වෛද්‍ය සම්ප්‍රදායන්ගේ බලපෑම් නිසාත් බෞද්ධ චර්යා ධර්ම සහ ආයුර්වේද ක්‍රම අභාවයට යාම රෝගීන් වීමට බලපාන ප්‍රධාන හේතුවකි. අපගේ සෑම චර්යා රටාවක්ම ශාරීරික නිරෝගිතාවයට ඍජුවම බලපෑම් කරනු ලබයි.

බුදුදහමේ උගන්වන සරල දිවිපෙවෙතට අනුව සතර පෝයට ම සිල් ගැනීම නිසා අවුරුද්දට දවස් හතළිස් අටක් රාත්‍රියට ආහාර ලබාගන්නේ නැහැ.සතර පෝයට සිල් ගැනීමෙන් මාසයට දවස් හතරක් රාත්‍රියට ආහාර ලබා නොගනී.එය ඉතාම හොඳ ප්‍රතිපත්තියක් වුවද, වර්තමානය තුළ දක්නට ලැබෙන්නේ උදය වරුවේ සිල් අරගෙන සවසට නිවසට ගොස් රාත්‍රියට කෑම ගැනීමේ ක්‍රමයක්. ආහාර ගැනීමේ පිළිවෙළක් නැතිකම හා අනවශ්‍ය ලෙස ආහාර ගැනීම රෝගීවීමට මූලික හේතුවක්. ආහාර ගැනීමත් සමගම ව්‍යායාම කිරීම අත්‍යවශ්‍ය කාරණාවක් වුවද අද බොහෝ රැකියාවන් පවතින්නේ ශරීරය වෙහෙස නොකරන රැකියාවන්ය. ශරීරය වෙහෙසවීමකින් තොරව හැකිතාක් පෝෂ්‍යදායි ආහාර ලබාගැනීමට පෙළඹෙයි. අපගේ බෞද්ධ සම්ප්‍රදායන් තුළ පැවතුණ පැරණි සිරිත් වලට අනුව,අප සිල් අරගන්න දවසට රාත්‍රිය පහන් කරන්නේද විහාරස්ථානයේදීමයි. රාත්‍රි ආහාර නොගෙන උදේ හා දවල් ආහාරය පමණක් ලබාගනී. ඒ සදහා ‘විකාල භෝජනා වේරමණී සික්ඛා පදං සමාදියාමි’ ලෙස බුදුදහමට අනුව හදුන්වනු ලබයි. සිල් මිදුනාට පසුව “දිවා විකාල භෝජනා වේරමණී සික්ඛා පදං සමාදියාමි” යන සිල්පදයක් තිබුණා. උදේට ආහාර ලබාගත් පසු නැවත ආහාර ලබාගන්නේ දවල්ට හා රාත්‍රියට පමණයි. ඒ ප්‍රධාන ආහාර වේල්තුනට අමතරව කිසිදු ආහාරයක් ලබා නොගනී. බීමට වතුර පමණක් ලබාගනී. වර්තමාන සමාජය තුළ ළමා පරපුර උදේ දවල් හා රාත්‍රි ආහාරය නිවැරැදිව ලබානොගෙන ඒ අතරට විවිධාකාරයෙන් වෙළද දැන්වීම් තුළින් පොළඹවනු ලබන කෙටි ආහාර හා රසකාරක යෙදූ බීම වර්ග බහුල ලෙස ආහාරයට ලබාගනී. අතීතයේ පැරැණි දෙමාපියන් පවා ප්‍රධාන ආහාර වේල් තුනට අමතරව කිසිදු ආහාරයක් ලබාගත්තේ ද නැත.
බෞද්ධ සම්ප්‍රදායට අනුකූලව ජීවත්වූ අපේ පැරැන්නන් ගොවිතැන් කටයුතු වලින් නිදහස් වූ සෑම අවස්ථාවකම වටවන්දනාවේ යාමට පුරුදුව සිටියා. සොළොස්මස්ථාන, අටමස්ථාන, වන්දනා කිරීම සඳහා ඒ සියලුම ස්ථාන වන්දනා මාන කරනු ලැබුවේ පයින් ගමන් කිරීමෙනි.
අවුරුද්ද අවසානයේ ශ්‍රීපාදය වන්දනා කළා. ගොවිතැන් කටයුතු තුළින් ශරීරිකව ව්‍යායාම ලබාගන්නා පැරැණි බෞද්ධයන් වට වන්දනාව තුළින් මානසික නීරෝගීතාවය ලබාගත්තා. ඒ කාලය තුළ දියවැඩියාව වැනි රෝගීන් දක්නට ලැබෙන්නේ ඉතාම කලාතුරකින් .අපි සිල්සමාදන් වුණා. උච්චාසයන මහාසයනා අටුවාවේ සඳහන් වන ආකාරයට “ උච්චාසයන මහාසයනා” යනු සැප පහසු ආසනයි. ඉස්සර මිනිසුන් වාඩිවීම සඳහා පිළ, පැදුර හෝ ගහක් මුළක් භාවිතා කරනු ලැබුවා.
මෙහි සැපපහසු ඇඳන් සහ පුටු පරිහරණය කිරීම සඳහන් වනවා. වර්තමානයේ ලීවලින් සාදන ලද පුටු ඇඳන් භාවිතයෙන් ඉවත්කර රබර් මෙට්ට කොට්ට දමන ලද සුඛෝපභෝගී ඇඳන් පුටු භාවිතයට පුරුදු වී සිටීමත් රෝගීන්වීමට ප්‍රධාන හේතුවක්. බුදුදහමේ උගන්වන “උච්චාසයනා මහාසයනා” යන්න පුරුදු කරනු ලබන්නේ සිල් ගන්නා දාට පමණක්ම සරල ආසන භාවිතයට හුරුවක් වීම නොවෙයි. බුදුදහමේ උගන්වන අල්පේච්ඡ ජීවිතය අනුව සාමාන්‍ය ජීවිතයේදීත් උච්චාසයන මහාසයනා අනුගමන කළ යුතුය.
අපගේ පැරැන්නන් පැදුරක් එළා බිම නිදාගැනීමෙන් සම්පූර්ණයෙන්ම ශරීරයට අවශ්‍යය විවේකය ලබාගත්තා. වර්තමාන සමාජය සැප පහසු ඇඳන්වල නිදාගැනීම නිසා ශරීරය උෂ්ණ වීම නිසාම කෝප සහගත සිතිවිලි බහුල වීම නිසා ද්වේශය හටගනු ලබයි. ඒවගේම ඇඳක නිදාගැනීම තුළින් නිතරම ඇඳෙන් බිමට වැටෙයි යන බියක් පවතී. පැදුරක් දමා බිම නිදා ගැනීමෙන් ශරීරයට අවශ්‍ය සම්පූර්ණ නින්ද ලබාගැනීමට හැකිවනවාක් මෙන්ම බිය සහ මානසික ආතතියෙන් මිදීමට හැකිවෙයි. බුදු දහමේ උගන්වන අල්පේච්ඡ වූ සරල දිවිපැවැත්මට අනුකූලව ජීවත්වීමෙන් නිරෝගීතාවය ලබාගත හැකිවේ.
වර්තමානයේදී මානසික ආතතිය බහුල වශයෙන් දක්නට ලැබෙයි. ජීවිතයේදී එනු ලබන අභියෝගවලට මුහුණදීමට නොහැකි වීමෙන් මානසික ආතතිය හටගනී. මනස නිතරම පීඩාවට ආතතියට හේතුවක් වෙයි.
බුදුපියාණන් වහන්සේ භික්ෂූන් වහන්සේට වදාරනු ලැබුවේ බත්පිඬු හතරකට හෝ පහකට ඉඩ තබා වතුර බොන ලෙසයි. ආයුර්වේදයේ සඳහන් පරිදි ආමාශයේ කොටස් හතරකට බෙදුවොත් කොටස් දෙකක් ආහාරයද අනෙක් කොටස වතුරද ඉතිරි කොටස ආහාර ජීර්ණ ක්‍රියාවලිය සඳහා යොදාගනු ලබයි. අප ආහාර ගැනීමෙදී සීමාවක් නැතිව ආහාර ලබාගැනීම ශාරීරික රෝගාබාධවලට විශාල බලපෑමක් කරනු ලබයි. කෑම කන්නේ ආසාවට මිස අවශ්‍යතාවයට නොවේ .” චරථභික්ඛවේ චාරිකං” යනුවෙන් බුදුපියාණන් වහන්සේ භික්ෂූන්ට වදාරනු ලැබුවේද බොහෝ දෙනාගේ හිත සුව පිණිස වෙහෙස මහන්සිවී කැප වන ලෙසය.
බාහා බල පරිචිතෙහි (දෑත දෙපය මහන්සි කළ යුතුය . සේදා වක්කිත්තේහි (දහඩිය වැකුණු සිරුරෙන්) ධම්මිකේහි ධම්ම ලද්දේහි) (සාධාරණව ධර්මානුකූලව හම්බකිරීම)ශරීරය , දෑත දෙපය වෙහෙසකරමින් දහඩිය වැගිරුණු සිරුරෙන් යුතුව ධාර්මිකව හරිහම්බ කළ යුතු බව බුදුරජාණන් වහන්සේ වදාරා ඇත. මේ හරිහම්බ කළ යුතු දෙය බෙදාහදාගෙන දානයෙන්, පරිත්‍යාගයෙන් යුක්තව මේවා පරිහරණය කළ යුතු බව බුදුදහම උගන්වන්නේද තනිවම පරිහරණය කිරීමෙන් වන අධිපරිභෝජනයෙන් ඉවත් කිරීම සඳහාය. “දානං සීලංච නෙක්ඛම්මං” දස පාරමිතා වලද “දානංච ධම්ම චරියාච” මංගල සූත්‍රයේද දානය පරිත්‍යාගය බුදුපියාණන් වහන්සේ අගය කොට ඇත. බෞද්ධ ප්‍රතිපත්තියට අනුකූලව අප පරිත්‍යාගශීලි වන තරමටම අප අධිපරිභෝජනයෙන් ඉවත්වීම තුළින්ම නිරෝගීතාවය ඇතිවේ. පරිත්‍යාගශීලිවන විට අප ආහාර ගන්නා ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවෙයි. පරාභව සූත්‍රයේ සඳහන් පරිදි
පහුත භක්කෙ පුරි සො
සභිරඤ්ඤෝ සංභෝජතො
එකොභුඤ්ජති සාධුනි 
තං පරාභවතො මුඛං

රන් රිදී ධනය ආහාරපාන බොහෝ ඇති මිනිහෙක් තනිවම කනවා නම් එය පිරිහීමට කාරණයක්. තනිවම කෑම පිරිහිමේ දොරටුවක්. බුදුදහමට අනුකූලව තමන් ධාර්මිකව හරිහම්බ කරන දේවලින් නිවැරැදිව යුතුකම් ඉටුකරනවා නම්, ඔහු අධිපරිභෝජනයට නොපෙළඹෙයි. හම්බ කරන විටම එය වැඩ කිරීම සඳහා කරුණු කාරණා යෙදීම නිසාත් යුතුකම් කිරීමට යාමෙන් නිරෝගී පිරිසක්ද බිහිවෙයි.
“ආහාරය” භාවනාවක් සදහා යොදාගත යුතුය. එය ආහාරයේ “පටික්කුල සංඥා” හෙවත් ආහාරයේ තිබෙන පිළිකුල් බව වැඩිය යුතුය. මිනිසුන් සිටින්නේ කෑමට පමණක්ද? සමහර වෙලාවට දවසෙන් පැය ගානක් ගෙවාගෙන කෑම සඳහා දුර බැහැරට යන අවස්ථා බොහොමයි. ජීවිතය යනු කෑම බීම පමණද?
කරණීය මෙත්ත සූත්‍රයේ සදහන් වන ,”සුභරතාවය “ යනු පහසුවෙන් පෝෂණය කළ හැකි මිනිසකු බවට පත්වීම මිනිසුන්ගේ පැවැත්ම සදහා කබලිංකාහාර, පස්සාහාර මනෝ සචේතනිකාහාර, විඥානාහාර යනුවෙන් ආහාර වර්ග හතරක් බුදුපියාණන් වහන්සේ වදාරා ඇත. මිනිසුන් ජීවත්වීම මේ ආහාර වර්ග හතර සමබරව ප්‍රමාණවත්ව ගත යුතුයි. මෙම ආහාර වර්ග හතරෙන් තුනක්ම මානසික ආහාර. මානසික ආහර තුනම ගන්නේ නැතිව එකම භෞතික ආහාරයක් පමණක් ගැනීමට යාමෙන් ගැටළු මතුවෙයි. ජීවිතයට හොද යහපතක් වින්දනයක් ලබාදෙන ආහාර ගත යුතුය. මිනිසකු තුළ හොඳ අධිෂ්ඨානයක් තිබිය යුතුය. කිසිදු අධිෂ්ඨානයක් අරමුණක් නොමැතිව බොහෝ දෙනා සමාජය තුළ ජීවත්වෙයි. පුද්ගලයකුගේ පෞරුෂත්වය හොඳ මට්ටමකින් තබාගත යුතුය. ආහාර පිළිබඳව බෞද්ධ සංකල්පය නිවැරැදිව වටහා නොගැනීම නිසාම කායික මෙන්ම මානසික නිරෝගිතාවය පිරිහීමට පත්වනු ඇත. ආයුර්වේදයේ සදහන් වන ආකාරයට වා, පිත් සෙම්,කෝපවීම, තුළින් සියලුම රෝග හටගනී. ලෝභය සෙමට සම්බන්ධයි. ද්වේෂය, පිතටද මෝහය වාතයටද සම්බන්ධයි. ලෝභය, ද්වේෂය මෝහය තුළින් තරගකාරිත්වයක් ඇතිකරයි. ආසාව තිබෙන නිසාම තරගකාරිත්වය තුළින් ද්වේෂය ඇතිවේ. මේ දෙකම පවතින පුද්ගලයා අවුල් සහගත මනසක් ඇති මෝහයෙන් යුක්ත මිනිසකු බිහිකරයි. ලෝභය ද්වේෂය මෝහය තුනම වා, පිත්, සෙම් හටගැනීම කෙරෙහි හේතුවෙයි.
ශාරීරික මානසික නිරෝගීතාවය ඇතිකර ගැනීමට නම් බෞද්ධ සංකල්පවලට අනුකූලව අල්පේච්ඡතාවය පුරුදු පුහුණු විය යුතුය.
සටහන - හේමමාලා රන්දුනු

බුදුන් දැක නිවන් දකිමුද? නිවන් දැක බුදුන් දකිමුද?

මතු බුදුවන බුදුන් වහන්සේ නමක් සියැසින් දුටු දාට පහසුවෙන් නිවන් දකින්නට හැකිවෙතැයි විශ්වාස කරන බෞද්ධ පිරිස් සිටින අතර එවන් අය බුදුන් දැක්ම නිවන් දකින්නට සිතා පිංදහම් කරන බව කියති. එහෙත් මතු බුදුවන්නේ යැයි සිතන මෛත්‍රී බුදුන් වහන්සේ හෝ අන් බුදුන් වහන්සේ නමක් අනාගතයේ කවර වර්ෂයක කවර දිනකදී බුදු වන්නේ යැයි කියා දැන හෝ සිතා ගැනීමටවත් පුළුවන් කමක් නැත.
එසේ සිතීමට නොහැකි හා නොපැමිණි අනාගතයක් ගැන මවන සිහිනයක් හා සමානය මෙය. මෙසේ මිරිඟුවක් පසුපස ලුහුබැඳීමක් බඳු බෞද්ධ පිළිවෙත් ඇතැයි නොතේරුම්කම නිසාම සිතන උපාසක උපාසිකාවන්ට බුදුන් වහන්සේ නොයෙක් වර දේශනා කොට ඇති පරිදි බුදුන් වහන්සේගේ ධර්මය දකින්නාම බුදුන් දකී යන කියමන වටහාදීම තුළින් ගතානුගතික වැරැදි ආකල්ප තුළින් මුදා ගැනීමට හැකියාව ලැබේ.
බුදුවරයන් වහන්සේ නමක් සියැසින් දුටු පමණින් බුදුන් කවුද? කියා තේරුම් ගැනීමට බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේ ද බොහෝ දෙනකුට නොහැකිවී ඇත. පුක්කුසාති සිටුවරයා බුදුන් දැකීමට පැමිණීමේ කතාව මීට හොඳම නිදසුනකි. පුක්කුසාති සිටුවරයාගෙන් බුදුන් වහන්සේ ඔබට භාග්‍යවතුන් වහන්සේ දැක්කොත් හඳුනාගත හැකිදැයි විමසූ විට ඔහු කීවේ නොහැකියි කියාය. කුඹල් හලක රාත්‍රි පැය ගණනක් බුදුන් සමීපයේ සිට ධාතු විභංග සූත්‍ර දේශනාව අසමින් ධර්මය තේරුම් ගනිමින් බුදුන් දැක ගත් එම සිටුවරයා බුදුන් වහන්සේගේ ශරීරයෙන් මේ බුදුන් යැයි වෙන්කර හඳුනාගැනීමට අසමත් විය. බුදුන් ගැන කලින් අසා දැන සිටියත් අංගුලිමාල නම් වූ අහිංසක තරුණයාටද මුලින්ම බුද්ධ ශරීරය පෙනුනේ ශ්‍රමණ රුවක් ලෙස මිස බුදුන් ලෙස නොවේ. අංගුලිමාල ද එදා දහමට නැමුනේ (දමනය) වුණේ ධර්ම දේශනාව අසා ධර්මය තුළින් බුදුන් දැකගත් නිසාය. ආලවක යක්ෂ සේනාධිපතියාද බුදුන් මුලින්ම දුටුවේ ශ්‍රමණයකු ලෙසටය. ශ්‍රමණය වහා නැගිටිනු, වාඩිවෙනු යනු එනු වශයෙන් බුදුන් වහන්සේට විධාන කළේ එබැවිනි. පසුව බුදුන් වහන්සේ ආලවක යක්ෂයාගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන් දේශනාවන් තුළින් බුදුන් දැක දහමට නැමී දමනය විය.
තව කොටසක් නමින් බුදුන් වහන්සේ හඳුනාගත්තත්, ධර්මය තුළින් බුදුන් නොදැකීම නිසා ඔවුනගේ අතට පත්වූ මහා භාග්‍යයක් නැතිකර ගත්තේය. දේවදත්ත බුදුන් වහන්සේ සමීප ඥාතිවරයකු මෙන්ම බුද්ධ ශාසනයේ පැවිදි වුවත් බුදුන්ගේ දහම නොදැක්ක නිසා අවීචි මහා නරකයට යෑමට සිදුවිය. චිංචි මානවිකාව, මාගන්ධියා වැනි කාන්තාවන්ටද බුදුන් දැක්කත් නිවන් දකින්නට තබා බෞද්ධයකු වීමටවත් නොහැකි විය.
ශ්‍රද්ධාව මෙන්ම බුද්ධියෙන් ද යුක්ත වන ශ්‍රද්ධා බුද්ධි සම්පන්න උපාසකයෙක් හෝ උපාසිකාවක් බවට පත්වීමෙන් බුදුදහම තේරුම්ගෙන බුදුන් වදාළ ධර්මය තුළින්ම බුදුන් දකින්නෝ සතර මහා සතර ඵලයන්ට පත්ව සසර ගමන කෙළවර කරගෙන නිවන් සුවයට පත් වෙයි. සසර කෙළවර කිරීමෙන්ම නිවනට යා යුතු අතර සතර කෙළවර වන තැන ඉබේටම හා යැකි හෝ ලැබෙන නිවනක් නැත. සසර කෙළවර නිවන් සැප ලැබේවායි කෙනෙක් ප්‍රාර්ථනා කළත් වැඩක් නැත. මන්ද සංසාර ගමනේ කෙළවරක් නැත. එය තම තමා විසින්ම කෙළවර කරගත යුතු බැවිනි.
කැරකෙන රෝදයක් නතර කරන්නට නියමිත ස්ථීර තැනක් නැත. තිරිංගය තද වන්නේ යම් තැනෙකද එතන නවතී. තදංග වශයෙන් (තිරිංග මෙන්) රාග,ද්වේෂ, මෝහාදී කෙළෙස් ධර්මයන් තදංග වශයෙන් යටපත් කර ගනිමින් කුසල ක්‍රියාවල නිරත වන විට ස්ථීර වශයෙන්ම සියලු කෙළෙස් ප්‍රහීන වූ මොහොතේ සසර කෙළවර වේ. මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍ය සම්පත්, දිව්‍ය ලෝකයේ දිව්‍ය සම්පත්, බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්ම සම්පත් විඳ සසර කෙළවර නිවන ලැබෙතැයි නොසිතා මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම යන කුමන තලයකදී හෝ රාග, ද්වේෂ, මෝහ යන සිත් තුළ පහළ වන ක්ලේෂ ධර්මයන් සහමුලින්ම ඉවත් කර ගන්නට හැකි වූ දාට ඒ තැනැත්තාගේ සසර ගමන කෙළවර වේ. එය බුදු කෙනකුටවත් තවත් අයකු වෙනුවෙන් කරදිය නොහැකි තම තමන් විසින්ම කරගත යුතු වූ ධර්මතාවකි.
බුදුවරයන් වහන්සේලාට කළ හැකි වන්නේ සසර ගමන කෙළවර කර ගන්නා ආකාරය හා ඊට මාර්ගය පෙන්වාදීම පමණකි. ගෞතම බුදුපියාණන් වහන්සේද කළේ ඒ දේ පමණි. මතු බුදුවන බුදුරජාණන් වහන්සේලාගෙන් සිදුවන්නේද එයමය. බුද්ධිමත් හා ශ්‍රද්ධාවන්ත බෞද්ධයෙක් නම් ඔහු හෝ ඇය විසින් කළ යුතුව ඇත්තේ ගෞතම බුද්ධ ශාසනය නිරුපද්‍රිතව පවතින මේ කාලයේදීම තථාගත බුදුපියාණන් වහන්සේ පෙන්වාදී ඇති වත් පිළිවෙත් අනුව යා යුතු නොයා යුතු මාර්ග හොඳින් අවබෝධ කර ගැනීමයි. එමෙන්ම දස අකුසල්, දස කුසල් කර ගනිමින් බුදුදහම අද අදම අවබෝධ කර ගැනීමට වෙර වීරිය කිරීමය.
අනිච්චාවත සංඛාරා - උප්පාද වය ධම්මිනො
උප්පජිත්වා නිරුජ්න්‍ධති - තෙසං වුපසමො සුඛොති
සංයුක්ත නිකායේ අනමගත්ත සංයුක්තයේ එන වේපුල්ල පබ්බත සූත්‍රයේ අනිත්‍ය ධර්මතාව පැහැදිලි කර දුන් ඉහත දේශනාව පිළිබඳ බොහෝ බෞද්ධයන් තුළ ඇත්තේ අල්ප මාත්‍ර දැනුමක් හා වැරැදි භාවිතයකි. අයකු මියගිය පසු මතක වස්ත්‍ර පූජා කර පැන් වඩන විටදී හා මිහිදන් කරන විටදී හෝ ආදාහනය කරන විටදී මහ පොළොවෙන් පස් ටිකක් රැගෙන මෙම ගාථාව කියමින් මෘත කලේබරයට පස් ඉසීම චාරිත්‍රයක් වී ඇත. එහෙත් බොහෝ දෙනකු මෙයින් අදහස් කරන්නේ කුමක්ද කියාවත් නොදනී. මෙය මිනීවලට පස් දමමින් කියවන ගීතිකාවක් මන්ත්‍රයක් ලෙස සිතයි.
මෙම දේශනාව බුදුපියාණන් වහන්සේ එදා මගධ රටේ වේපුල්ල පර්වතය උදාහරණයට ගනිමින් ලෝකයේ සෑම දෙයක්ම අනිත්‍ය, ධර්මතාවට නතුව පවතින බැව් පෙන්වාදීමට කළ දේශනාවකි. වේපුල්ල පර්වතය කකුසඳ,කෝණාගම, කාශ්‍යප, ගෞතම යන සතර බුදුවරයන් වහන්සේලා පහල වූ ඒ ඒ කාලවකවානු තුළ අනිත්‍යයට ගොදුරු වී ඇති බැව් මෙයින් මැනවින් පැහැදිලි කර දී ඇත. ඒ ඒ බුදුවරයන්ගේ කාලවලදී මනුෂ්‍යයන්ගේ ආයුෂ හෝ ස්ථාන නාම ආදිය වෙනස්වී ඇති ආකාරයත් වේපුල්ල පර්වතය ක්‍රමයෙන් ක්ෂය වෙමින් වෙනස්වී ඇති අයුරු බැව් මෙයින් මැනවින් පැහැදිලි කර දී ඇත. ඒ බුදුවරයන්ගේ කාලවලදී මනුෂ්‍යයන්ගේ ආයුෂ හා ස්ථාන නාම ආදිය වෙනස්වී ඇති ආකාරයත් වේපුල්ල පර්වතය ක්‍රමයෙන් ක්ෂය වෙමින්, වෙනස්වී ඇති අයුරුත් කියාදී ඇත.
බුද්ධ කාලය වේපුල්ල පර්වතය හැඳුන්වූ නම උස අනුව නැගීමට ගතවන කාලය අග සව්වන් වහ /නම මිනිස් ආයුෂ
කකුසඳ තිවර දින 4 විධුර - සංජීව 1000
කොණාගම රොහිතස්ස දින 3 හිය්‍යො - සුත්තර 30000
කාශ්‍යප සුපපිය දින 2 තිසස් - භාරද්වාජ 20000
ගෞතම මාගධක මොහොතකින් සැරියුත් - මුගලන් 120
මෙසේ මෙම සූත්‍රයෙන් බුදුපියාණන් වහන්සේ දේශනාකොට වදාළේ සංස්කාරයෝ ඒකාන්තයෙන්ම අනිත්‍යය, ඉපිද නැතිවන ස්වභාව ඇතියහ. ඔවුනගේ සංසිඳීම සුවය බවයි.
කකුසඳ බුද්ධ කාලයේදී සුවිශාල ලෙස පැතිරී පැවැති වේපුල්ල පර්වතයට නැගීමට මිනිසකුට දින 04ක් ගතවිය. එය ක්‍රමයෙන් ක්ෂයවී ගොස් කෝණාගම බුදුරදුන්ගේ කාලයේදී දින තුනකින් නැගීමට හැකිවිය. කාශ්‍යප බුදුන්ගේ කාලයේදීද එය දින 02 කින් නැගීමට තරම් කුඩා විය. ඒ සා මහත් පර්වතයක් ගෞතම බුද්ධ කාලය වනවිට මොහොතින් නැගිය හැකි තත්ත්වයට පත්වී ඇත. එමෙන්ම මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 120 දක්වා අඩුවී ඇත. ඒ ස්ථානවලට භාවිත කළ නම් ද අභාවයට ගොස් අලුත් නම් භාවිත කර ඇත. ඒ ඒ බුදුවරුන්ගේ බුද්ධ ශාසනද අතුරුදන්වී ඇත. දෑගසව්වන්ද එසේම වී ඇත. මහා විශාල පර්වතයක සම්බුද්ධ ශාසනයක තත්ත්වය එසේ නම් සියලු සංස්කාරයන්ම සැකයකින් තොරව ඒකාන්ත වශයෙන්ම ඇතිවී නැතිවන අනිත්‍ය ස්වභාව ඇත්තේය. එවන් සංස්කාරයන්ගේ සංසිඳීම සැපක් වන්නේ ය.
ලෞකික වශයෙන් ජීව අජීව සියලු සම්පත් තමන් සතු කර ගැනීමේ සැපක් ලෙස සලකන්නේ අවිද්‍යාව නිසාය. ලෝකෝත්තර මාර්ගයේදී ප්‍රඥාව තුළින් බලන විටදී තෘෂ්ණාවෙන් ළංකර ගත් සියලුම දේවල් චාග සිතෙන් අත්හැර දමන විටදී සංස්කාරයන්ගේ සංසිඳීම තුළින් කිසිම දිනක වෙනස් නොවන සැපතට පත්වේ. එවිට බුදුන් වහන්සේගේ ධර්මය තුළින් බුදුන් දැකීමට හැකි වේ.