දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

බොදු පිළිවෙත නම් කිම?


පූජ්‍ය වැල්ලයාවේ සුමනබෝධි හිමි

බුදුරජාණන් වහන්සේ යනු අසම වූ අසම සම වූ මහා කාරුණික වූ ශාස්‌තෘන් වහන්සේ නමකි. ඒ මහා උතුමාණන් වහන්සේ සියලු සත්වයින් කෙරෙහි සම සිතින් වාසය කළ සේක. සියලු සත්වයන් සුවපත් වේවා යන මහා කරුණා ආධ්‍යාශය නිසාවෙන්ම උතුම් ධර්මය දේශනා කරන සේක. ඒ උතුම් ධර්මය පිළිපදින්නා වූ අනේක අප්‍රමාණ සත්ත්වයෝ සසරින් මිදෙන්නේය.

එසේ ධර්මය දේශනා කරන බුදුරජාණන් වහන්සේගේ සැබෑම කාරුණික බව ශ්‍රාවක සංඝරත්නයට පිළිපැදීම උදෙසා දේශනා කරන දේශනා මඟින් මොනවට පිළිබිඹු වේ. එය ලොව අන් කිසිදු ශාස්‌තෘවරයකුට නැති ගුණයකි. එසේ වූ ඒ ධර්ම රාජයාණන් වහන්සේ සරණ යැමට තරම් භාග්‍යවන්තයෝ වූ අපි සැබෑ ශ්‍රාවකයෝ ලෙසින් ඒ අමාමෑණි ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට සැබෑම පූජාවෙන් පූජා පවත්වමින් ප්‍රතිපත්ති ගරුක විය යුතුමය. සැබෑම සරණාගමනය එයමය.

ඒ ප්‍රතිපත්ති මාර්ගයෙහි ගමන් කරනු පිණිස දේශනා කරන ලද එක්‌ ධර්ම දේශනාවක්‌ වත්මන් බෞද්ධ ජනතාවට අතිශය ප්‍රයෝජනවත් වන්නකි. කිමද යත් වැටත් නියරත් ගොයම කන කල අසරණ වූ බෞද්ධයාට තෙරුවන් සරණ හැර අන් සරණක්‌ නොමැති බව මනාව පසක්‌ වන බැවිනි.

ඒ සූත්‍ර දේශනාව නම් බ්‍රහ්මජාල සූත්‍ර දේශනාවයි. දීඝ නිකායෙහි පළමු වැනි සූත්‍ර දේශනාවයි.

එහි දක්‌වන්නේ තෙරුවන අරමුණු කර සිදු කරන බාලයන්ගේ කෲර ක්‍රියා හමුවේ බෞද්ධයා කටයුතු කළ යුතු අකාරයයි. ඒ මෙසේයි.

"මමං වා භික්‌ඛවේ පරේ අවණ්‌ණං භාසෙයයුං ධම්මස්‌ස වා අවණ්‌ණං භාසෙයයයුං සංඝස්‌ස වා අවණ්‌ණං භාසෙයයයුං තත්‍ර තුම්හේහි න ආඝාතෝ න අප්පච්චයෝ න ෙච්තසෝ අනභිරද්ධි කරයා. මමං වා භික්‌ඛවේ පරේ අවණ්‌ණං භාසෙයයුං ධම්මස්‌ස වා අවණ්‌ණං භාසෙයයයුං සංඝස්‌ස වා අවණ්‌ණං භාසෙයයයුං තත්‍ර ෙච් තුම්හේ අස්‌සථ කුපිතා වා අනත්තමනා වා තුම්හං යේවස්‌ස තේන අන්තරායෝ. මමං වා භික්‌ඛවේ පරේ අවණ්‌ණං භාසෙයයයුං ධම්මස්‌ස වා අවණ්‌ණං භාසෙයයයුං සංඝස්‌ස වා අවණ්‌ණං භාසෙයයයුං තත්‍ර ෙච් තුම්හේ අස්‌සථ කුපිතා වා අනත්තමනා වා අපි නු පරේසං සුභාසිතං දුරීභාසිතං තුම්හේ ආජානෙයයථාර් ති."

මහණෙනි අනුන් මාගේ හෝ දොස්‌ කියයි ද ධර්මයෙහි හෝ දොස්‌ කියයි ද සංඝයාගේ හෝ දොස්‌ කියයි ද එහි ඔබලා විසින් කෝපය, නොසතුටක්‌, සිත් අමනාපකමක්‌ නොඉපදවිය යුතුය. මහණෙනි අනුන් මාගේ හෝ දොස්‌ කියයි ද ධර්මයෙහි හෝ දොස්‌ කියයි ද සංඝයාගේ හෝ දොස්‌ කියයි ද ඉදින් එහි ඔබලා කිපීමක්‌ හෝ නොසතුටු බවක්‌ හෝ වන්නේ නම් ඔබලාටම එයින් අන්තරාවක්‌ වන්නේය. මහණෙනි අනුන් මාගේ හෝ දොස්‌ කියයි ද ධර්මයෙහි හෝ දොස්‌ කියයි ද සංඝයාගේ හෝ දොස්‌ කියයි ද ඉදින් එහි ඔබලා කිපීමක්‌ හෝ නොසතුටු බවක්‌ හෝ වන්නේ නම් ඒ අනුන්ගේ කීම සත්‍යයක්‌ ද අසත්‍යයක්‌ ද යෑයි ඔබලා දැනගන්නේ ද?

පසුගිය කාලයෙහි ඇතැම් පාප පුද්ගලයන් විසින් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මිනී මස්‌ අනුභව කළා යෑයි කියමින් අප ලොව්තුරා ශාන්තිනායක දසබලධාරී සර්වඥරාජෝත්තම සුගත තථාගත සම්මා සම්බුදුරජාණන්ට අපහාස කළේය. එය සැදැහැතියනට ඉමහත් වේදනා ගෙනෙන හීන ග්‍රාම්‍ය නින්දිත ප්‍රකාශයකි. එනමුත් සැබෑවටම සරණ ගියා වූ අපට බුදුරජාණන්වහන්සේ ඉහත ධර්ම මාර්ගය වදාරන සේක. කෙසේද යත් බුදුරජාණන් වහන්සේ වූ තමාට යමෙකු අපහාස කරන්නේ නම් එහිලා ශ්‍රාවක වූ අප නොකිපිය යුතුය. කීම? එයින් අනර්ථයක්‌ වන්නේ කිපෙන්නෙහුටමය.

ඒ කෙසේද?

ද්වේශය යනු අකුසලයකි. සිත දූෂ්‍ය වන කරුණක දුෂ්‍ය වනවා යනු දෝමනස්‌ස සහගත පටිඝ සම්පයුක්‌ත අසංසාරික සසංසාරික අකුසල සිත් පහළ වන්නේය. ඒ හේතුවෙන් කාය කර්ම ලෙස හෝ වචී කර්ම ලෙස හෝ මනෝ කර්ම ලෙස හෝ අකුසල සංස්‌ඛාරයෝ රැස්‌ වන්නේය. එහි විපාක ලෙස දුගති පීඩා එන්නේය. එබැවින් අරමුණ කුමක්‌ වුවද හටගන්නේ ද්වේශයක්‌ නම් ඒ හේතුවෙන් දුකට පත්වන්නේ එකී අකුසල් රැස්‌කර ගන්නහුමය. එබැවින් තමන් වහන්සේ කෙරෙහි හෝ නැත්තාවූ නුගුණ කියන කල නොකිපිය යුතුබව, සිත දූෂ්‍ය කර නොගත යුතු බව තථාගතයාණන් වහන්සේ දේශනා කළ සේක.

අහෝ ආශ්චර්යයකි. 

මාගේ මෑණි වූ ලොව්තුරා බුදු වූ උතුමාණන් වහන්සේ හැර අන් කවරෙකුට මෙබඳු වදනක්‌ පැවසිය හැකිද? කිසිවකුටත් නොහැකිමය. කිසිවකුත් පවසා ද නැත්තේමය. තමා සරණ ගියා වූ ශ්‍රාවකයකු හට අබමල් රේණුවක තරමේ වත් අහිතක්‌ නොවීමට මග සකසන මා බුදු පියාණන් කෙතරම් කාරුණිකද? ඔබ වහන්සේ සරණ යාමට තරම් මා පුණ්‍යවන්තයකු වීම වාසනාවකි.

තමාට ගරු නොකරන්නේ නම් මරා දමන ලෙස අණ කරන නාමික ශාස්‌තෘවරයෙකුට වඩා මා පියාණන් වූ බුදු රජාණන්වහන්සේ ශේ්‍රෂ්ඨය. එබැවින් ඒ ධර්ම පර්යාය පිළිපැදීම පිළිබඳ මා හට කිසිදු නොහැකියාවක්‌ නොමැත. කිසිදු චකිතයක්‌ නැත. කිසිදු සැකයක්‌ නොමැත. නැත්තේමය.

එසේ නොකිපෙන මා කුමක්‌ කරම්ද?

නිවටව සිටිම්ද?

නැත. ලොව ශ්‍රේෂ්ඨ වූ අනුත්තර වූ උත්තරීතර වූ බුදුරජාණන්වහන්සේ සරණ ගිය මම කුමට නිවටයෙක්‌ වම්ද? කුමට දීන වම්ද? එසේ විය යුතු යෑයි මා ශාස්‌තෘන් වහන්සේද දේශනා කර නැත.

ඉදින් මම් කුමක්‌ කරම්ද?

මෙසේ කළ යුතුය. කෙසේද යත්?

"මමං වා භික්‌ඛවේ පරේ අවණ්‌ණං භාසෙයයයුං ධම්මස්‌ස වා අවණ්‌ණං භාසෙයයයුං සංඝස්‌ස වා අවණ්‌ණං භාසෙයයයුං තත්‍ර තුම්හේහි අභූතං අභූතතෝ නිබ්බේඨෙතබ්බං ඉතිපේතං අභූතං. ඉතිපේතං අතච්ඡං. නත්සෙච්ච්තං අම්හේසු. න ච පනේතං අම්හේසු සංවිඡ්ජධන්ති

මහණෙනි අනුන් මාගේ හෝ දොස්‌ කියයි ද ධර්මයෙහි හෝ දොස්‌ කියයි ද සංඝයාගේ හෝ දොස්‌ කියයි ද එහි ඔබලා විසින් මෙය මෙසේ අභූතයකි. මෙය මෙසේ අසත්‍යයකි. මෙය අප කෙරෙහි නැත. මෙය අප තුළ විද්‍යමාන වන්නේ නැත යෑයි අසත්‍යය අසත්‍ය බව කරුණු දක්‌වා පෙන්විය යුතුය.

බුදුරජාණන් වහන්සේ පිළිබඳව හෝ නුගුණ කියන කල නිහඩව නොසිටිය යුතුය. කියන්නේ කුමක්‌ දැයි අසා දැහැමින් කරුණු දැක්‌විය යුතුය. මේ මේ කාරණා හේතුවෙන් මේ ප්‍රකාශ සාවද්‍යය. මේ මේ හේතුවෙන් මුසාවකි. යනුවෙන් දැහැමින් කරුණු දැක්‌විය යුතුය. අන් කිසිවකටත් නොව ශාස්‌තෘ ගෞරවය සුරැකීම පිණිසය. ධර්ම ගෞරවය සුරැකීම පිණිසය. සංඝ ගෞරවය සුරැකීම පිණිසය. බොහෝ සත්වයන්ගේ හිත සුව පිණිසය. ලොවට අනුකම්පා පිණිසය. 

කිමද යත්? යමෙකු තෙරුවන් සරණ යයි ද ඒ හේතුවෙන් ඔහු සසර දුකින් මිදෙන්නේය. යමෙකු දුකින් මිදීමට තෙරුවන් සරණ යා යුතුය. තෙරුවන් සරණ යාමට තෙරුවන ආරක්‌ෂා විය යුතුය. එබැවින් අන්තවාදී පහත් ක්‍රියාවන්ගෙන් සම්බුදු සසුන සුරැකීම සියලු ලෝ වැසියාගේ හිත සුව පිණිස වන්නේය.

එපමණකින් නොනැවතණු අප මහා ශාස්‌තෘන් වහන්සේ මෙසේද දේශනා කරන සේක.

"මමං වා භික්‌ඛවේ පරේ වණ්‌ණං භාසෙයයයුං ධම්මස්‌ස වා වණ්‌ණං භාසෙයයයුං සංඝස්‌ස වා වණ්‌ණං භාසෙයයයුං තත්‍ර තුම්හේහි න ආනන්දෝ න සෝමනස්‌සං න ෙච්තසෝ උබ්බිලාවිතත්තං කරයං. මමං වා භික්‌ඛවේ පරේ වණ්‌ණං භාසෙයයයුං ධම්මස්‌ස වා වණ්‌ණං භාසෙයයයුං සංඝස්‌ස වා වණ්‌ණං භාසෙයයයුං තත්‍රවේ තුම්හේ අස්‌සථ ආනන්දිනෝ සුමනා උබ්බිලාවිනෝ තුම්හං යේවස්‌ස තේන අන්තරායෝ.

මමං වා භික්‌ඛවේ පරේ වණ්‌ණං භාසෙයයයුං ධම්මස්‌ස වා වණ්‌ණං භාසෙයයයුං සංඝස්‌ස වා වණ්‌ණං භාසෙයයයුං තත්‍ර තුම්හේහි භූතං භූතතෝ පටිජානිතබ්බං. ඉතිපේතං භූතං. ඉතිපේතං තච්ඡං. අත්සෙච්ච්තං අම්හේසු. සංවිඡ්ධජති ච පනේතං අම්හේසුර්ති."

මහණෙනි අනුන් මාගේ හෝ ගුණ කියයි ද ධර්මයෙහි හෝ ගුණ කියයි ද සංඝයාගේ හෝ ගුණ කියයි ද එහි ඔබලා විසින් ප්‍රීතිය සොම්නස සිතෙහි ඉපිලීම නොඉපදවිය යුතුය. මහණෙනි අනුන් මාගේ හෝ ගුණ කියයි ද ධර්මයෙහි හෝ ගුණ කියයි ද සංඝයාගේ හෝ ගුණ කියයි ද ඉදින් එහි ඔබලාට ප්‍රීතිය සොම්නස සිතෙහි ඉපිලීම වන්නේ නම් එයින් ඔබලාටම අන්තරාය වන්නේය. මහණෙනි අනුන් මාගේ හෝ ගුණ කියයි ද ධර්මයෙහි හෝ ගුණ කියයි ද සංඝයාගේ හෝ ගුණ කියයි ද එහි ඔබලා විසින් මෙය මෙසේ ඇත්තකි. මෙය මෙසේ සත්‍යයකි. මෙය අපට ඇත. මෙය අප කෙරෙහි විද්‍යමාන වන්නේ යෑයි ඇති දේ ඇති සැටියෙන් ප්‍රතිඥා කළ යුතුය. 

ඇතැම් පුද්ගලයන් බුද්ධ රත්නයේ ගුණ, ධර්ම රත්නයේ ගුණ, සංඝ රත්නයේ ගුණ නිසි ලෙස නොදැන බුදු දහම වර්ණනා කරනු ලබයි. බොහෝවිට බටහිර විද්‍යාව හදාරන පුද්ගලයින් බටහිර විද්‍යාව ද නිවැරදිව නොදැන බුදු දහම ද නිවැරදිව නොදැන බුදු දහම වර්ණනා කරනු යෑයි සිතා නොදැනුවත්කමින් අගෞරව කරන අවස්‌ථා තිබේ. එබඳු අවස්‌ථාවන් හි අප සතුටු වන්නේ නම් අපට පහළ වන්නේ ලෝභ මෝහ අකුසල සිත්ය. එය අපටම අහිත පිණිස පවතින්නකි.

එසේම ඇත්තා වූ ගුණ ද පවසන කල ඒ කෙරෙහි ඇලීම නුසුදුසුය. 

එබැවින් එබඳු අවස්‌ථාවන්හිදී සතුටු නොවී හරි දේ හරි කීමටත් වැරදි දේ වැරදි බව කීමටත් ප්‍රඥාවන්ත විය යුතුය.

එයම සැබෑ ශ්‍රාවක ප්‍රතිපත්තිය වේ. එයම නිවන කරා පවතින්නේ වේ.

ඉදින් මෙසේ ශ්‍රාවක අපහට, ශාස්‌තෘ වූ තමන් වහන්සේ නිසාවෙන් හෝ අකුසලයකට ඉඩක්‌ නොතබන ඒ උතුම් මහා කාරුණිකයාණන් වහන්සේ සරණ යාමට ලැබීම අප ලද භාග්‍යයක්‌ නොවන්නේද?

ඒ උතුමාණන් සරණ ගිය අප සැවොම ඒ මහා උත්තමයාණන් වහන්සේට ගෞරව අත්කර දෙන පරිදි හැසිරීම කළ යුතුම නොවන්නේද? එසේ හැසිරීම අපගේ වගකීම නොවන්නේද?

එබැවින් පින්වතුනි,

යම් මුග්ධ මුද්ගලයන් තෙරුවනට අගෞරව කරන කල්හි නොකිපෙනු මැන. නොකිපී දැහැමින් ඒ අධර්ම ක්‍රියා වලකනු මැන.

ගුණ වර්ණනා කරන කල සැබෑ ගුණ ප්‍රකට කරමින් නැති අගුණ බැහැර කරමින් ධර්මයම ඉදිරිපත් කරනු මැන.

එය ශාස්‌තෘ ගෞරවයක්‌ මෙන්ම ඔබ අප සැමටම නිවන් පිණිස ප්‍රතිපදාව වන්නේය. එබැවින් සියලු

තැන නුවණැති වන්න. දැහැමින් ජය ලබන්න.

ඔබ සැමට තෙරුවන් සරණයි..!!!!

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤