දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

තෘප්තිමත් හා සංතෘප්තිමත් ජීවිතය

කැලණිය විශ්ව විද්‍ර්‍යාලයේ 
සංස්කෘත අධ්‍යයන අංශයේ මහාචාර්ය 
ඉඳුරාගාරේ ධම්මරතන හිමි

බුදුපියාණන් වහන්සේගේ දේශනාවට අනුව තෘප්තිමත් ජීවිතය යනු,
ඌණෝ ලෝකෝ
අතිත්තෝ තණ්හා දාසෝ

ලෝකය සැම විටම අඩුවක්ව,අතෘප්තිකරව තණ්හාවට දාසයකු වී ලෝකවාසී සත්ත්වයන් ජීවත්වන බව එයින් පැහැදිළි වේ. සෑම අවස්ථාවකදීම ලෝකය තුළ ජීවත්වන මිනිසුන් තෘප්තිමත් වීමට උත්සාහ කරනු ලබන්නේ කවර ආකාරයෙන්ද? යන්න පිළිබඳව අද දවසට ඉතාමත්ම වැදගත් කාරණාවක්. එහි අර්්ථය වශයෙන් ගත් විට මිනිසුන් තෘප්තිමත් වන්නේ මුදල් හම්බකරමින්. ගේ දොර නිර්මාණය කරමින්, එසේ නැතහොත් ඉඩකඩම් මිළදී ගනිමිනුයි. එම පිරිස තෘප්තිමත් ජීවිතය මේ යැයි කියා සිතනු ලබනවා. වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණ මඟින් නිරන්තරවම සිදුකරනු ලබන්නාවූ කාරණාවක් වනුයේ, මිසිසා තෘප්තිමත් විය යුත්තේ මෙම කාරණා මඟින් යැයි හඳුන්වා දීම තුළයි. 
වාණිජමය පරමාර්ථයන්ගෙන් යුක්ත සංවිධාන හා ආයතන විසින් තෘප්තිමත් ජීවිතයක් හදුන්වා දෙමින් ඒ සඳහා මිනිසුන් උසිගන්වමින් පෙළඹවීම් සිදුකරනු ලැබ තිබෙනවා. තෘප්තිමත් වීමට නම් ඉහළ අධ්‍යාපනයක්, මෝටර් රථයක්, ඉඩමක්, තට්ටු දෙක තුනක නිවාසයක්,ගුවන් ගමන්, විදේශ චාරිකා විශාල මුදල් ප්‍රමාණයක් තිබීම අවශ්‍යය යනුවෙන් මෙවැනි දේ ච්ත්‍රණය කරමින් ප්‍රදර්ශනය කරමින් පෙළඹවීම් කරනු ලබන්නේ සැබෑ ජීවිතය තුළ තෘප්තිමත් විමට නම් මෙවැනි දේ හිමිකර ගත යුතුයි යන්න දන්වමිනි. හිමිකරගෙන තෘප්තිමත් වීම යන කාරණාවට තලු්ලු කිරීම නිසාම සාමාන්‍ය ජනතාව එකී කැරට් අලය පසුපස වේගයෙන් දිවයනු ලබන්නේ තෘප්තිමත් වීම උදෙසායි.

ඒ අනුව තෘප්තිමත් ජීවිිතයක් සදහා වන නිර්ණායන් වන්නේ හොඳ රැකියාවක්, විශාල වැටුපක් ලබාගත හැකි රැකියාවක් නැතහොත් ආයෝජනයක් , ව්‍යාපාරයක්, විශාල මුදලක්, එම මුදල් තුළින් විවාහයක් කරගැනීම ආදී ද්‍රව්‍යාත්මක කාරණාවන්ය. මෙහිදී හොඳ රැකියාවක් යනු සේවය කළ හැකි රැකියාවක් ද යන්න නොවේ. මේ තුළ තෘප්තිමත් වීමේ සීමාව කොතැනක හෝ රැඳී පැවත ඇත්නම්, එම තෘප්තිමත්වීමේ සීමාව කොතනද? යන්න හඳුනාගත හැකි නම්, එකී සීමාව ඉක්මවා යා හැකි නම්, එම අවස්ථාවන් තුළ මෙම නිර්ණායක ඉතා වැදගත් වෙයි. එහෙත් ලෝකයේ මිනිසුන් එකී තෘප්තියේ සීමාවෙහි රඳන බවක් ෙමි වන විට පෙනෙන්නට නැහැ.
බුදුපියාණන් වහන්සේගේ චරිතයයි, බෝසතාණන් වහන්සේගේ චරිතයයි යන චරිත දෙකෙන් තෘප්තිමත්ම චරිතය වන්නේ බුද්ධ චරිතයයි. තෘප්තිමත් නොවන චරිතය වන්නේ බෝසත් චරිතයයි. බෝසතාණන් වහන්සේ තමන් වහන්සේගේ පැවැත්ම පිළිබඳව තෘප්තිමත්ව සිටියේ නැහැ. තමන් වහන්සේට තිබුණු දේපල, ඉඩකඩම්, රාජ්‍යත්වය පිළිබඳව උන්වහන්සේ තුළ තෘප්තිමත් බවක් තිබුණේ නැහැ. ඒ වගේම බෝසතාණන් වහන්සේ තමන් වහන්සේ සමීපයෙහි තිබුණු රම්‍ය, සුරම්‍ය, සුභ මාලිගා තුළින් තෘප්තියක් ලැබුවේ නැහැ. බෝසත් චරිතය සෑහීමකට පත්විය හැකි චරිතයක්ව තිබුණේ නැහැ. ඒ නිසාමයි උන්වහන්සේ බෝසත් ජීවිතය අළුයම ලූ කෙළ පිඬක් සේ අත්හරිනු ලැබ තිබෙන්නේ, එම අතෘප්තිකර ජීවිතයයි. සත්‍ය වශයෙන්ම ප්‍රකාශ කරනවා නම්, සන්තෝෂයෙන් නොපිරුණු ජීවිතයයි. එම අතෘප්තිකර ජීවිතය අතහරිමින් බෝසතාණන් වහන්සේ බුදුපියාණන් වහන්සේ බවට පත්වුවාට පසුව උන්වහන්සේට බොහොම තෘප්තිමත් ජීවිතයක් ලැබුණා. මෙම තෘප්තිමත් ජීවිතය තුළ කිසිඳු ආකාරයක ද්‍රව්‍යාත්මක දෙයක් නැහැ. එක් පැත්තකින් පවතින තෘප්තිමත්භාවයත් සමඟ ගේ දොර ඉඩකඩම් යාන වාහන දැසි දසුන් ඇත්, අස්, රිය, පා බල මහසේනාව නැහැ. තව පැත්තකින් එම සියලු දේ තිබුණත් තෘප්තිමත් බවක් පැවතියේ නැහැ. මිනිසා ද්‍රව්‍යාත්මකව තෘප්තිමත් කළ නොහැකියි යන කාරණාව මේ තුළින් ගම්‍යමාන වෙයි. ඒ නිසාම පවුල් ජීවිතයක් ගත කිරීම සඳහා නම්, ද්‍රව්‍යාත්මක සන්තකයේ සීමා මායිම් සටහන් කරගත යුතුයි. ද්‍රව්‍යාත්මක ජීව්තයක් නැති බව ඒ තුළින් අදහස් වන්නේ නැත. ද්‍රව්‍යාත්මක ජීවිතයේ මායිමක් ගොඩනඟා ගැනීම අත්‍යවශ්‍ය කාරණාවක්. එම ද්‍රව්‍යාත්මක ජීවිතයේ මායිම යනුවෙන් අදහස් කරනු ලබන්නේ, මට මෙවැනි ප්‍රමාණයක ගෙදරක් ඇති. මට මෙම ප්‍රමාණයේ රැකියාවක් ඇති. මට මෙම ප්‍රමාණයේ කිසියම් ආකාරයක ආදායමක් ඇති. මට මෙම ප්‍රමාණයේ වාහනයක් ඇති. මෙම අතෘප්තිකර හා ආසාවන්ගේ සීමාවන් නැති, මායිමක් නැති දෝරගලාගෙන යන ආසාවන්ගෙන් තෘප්තිමත් කරගන්න බැරි මිනිසුන් මහා ඛේදජනක ආකාරයට තමන්ගේ පවුල් ජීවිතද නඩත්තු කරගත නොහැකිව නාස්තිකර ගනිමින්, සල්ලි පසුපස හඹායන ඔද්දල් ජීවිතය වෙනුවට, තෘප්තිමත් ආර්ථිකයක් ගොඩනගා ගැනීමට නම්, සෑහීමකට පත්විමේ මායිමක් සලකුණු කරගත යුතුමයි. තෘප්තිමත් වීමේ සීමා මායිම සලකුණු කරගත යුතු වන්නේ මෙයින් එහාට මට බැරිය. එම බැරි නිසාම මට එපාය. යනුවෙන් ප්‍රතික්ෂේප කිරීමක් නොවේ. එයින් එහාටත් මට හැකි වුවද මෙම ප්‍රමාණය මට ප්‍රමාණවත්ය යන්නයි. බැරි නිසා අතහැරීම තෘප්තිමත් වීම නොවේ. එය තමාට බැරි නිසා අතහැරීමක් පමණයි. එය අතෘප්තියෙන් අතහැරීමක් වෙයි. ඒක නිසා මිනිසුන්ට ආර්ථිකමය වශයෙන්, භෞතික සම්පත් වශයෙන් තෘප්තිමත් වීමට නම්, තෘප්තිමත් වීමේ මායිම සළකුණු කරගත යුතුයි. තෘප්තිය යනුවෙන් හඳුන්වන්නේ සංතෘප්තිය බව වැදගත් කාරණාවක් වෙයි. සංතෘප්තිය යනු මානසික වශයෙන් ලබන තෘප්තිමත් භාවයයි. එකී මානසික තෘප්තිමත් භාවය ලබාගැනීමට වැඩියෙන්ම අවශ්‍ය වන්නේ වාහන, ගේදොර, ඉඩකඩම්, වැනි අතට හසුවන මායිමේ හෝ ඇසට හසුවන මායිමේ හෝ තිබෙන්නාවූ කාරණාද? එසේ නැතහොත් සහෝදරකම, ලෙන්ගතුකම, දරුකම, මවිකම හා පියකම, අසල්වාසීකම, ස්නේහවන්තකම, විශ්වාසවන්තකම, දයාලූභාවය වැනි කාරණා ද?
මිනිසෙක් ගැහැනියක් සමඟ තෘප්තිමත්ව නිවසක ජීවත් වූ ඉතිහාසය දෙස බලන විට මේ සඳහා පිළිතුරු සොයාගැනීම එතරම්ම අපහසු කාරණාවක් නොවේ. සාමාන්‍යයෙන් පෙර ලංකාව තුළ මිනිසුන් ජීවත්වුයේ අතෘප්තියෙන්ය යන්න කවදාවත්වම අසා නැහැ. ඒ පිරිසට විශාල ගේ් දොර, යාන වාහන, ඉඩකඩම්, තිබුණාම නොවේ. එහෙත් ඒ පිරිස බොහොම සහයෝගයෙන් ජීවත් වූ ආකාරය පිළිබඳව අසන්නට ලැබෙනවා.
අද වන විට එවැනි අවස්ථාවන් දක්නට නැතුවා නොවේ. එසේ බලාගෙන යන විට තෘප්තියෙන් යුතුව මිනිසුන්ට ජීවත් වීමට නම්, සීමා සහිත ද්‍රව්‍යාත්මක එකතුකරගැනීමක් හෝ එසේ නැතහොත් තථාගත දේශනාවට අනුව ඇඳුම් පැළඳුම්, ආහාර පාන , ඉඳුම් හිටුම් බේත් හේත් (චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය) යන එකී කාරණා මූලික වශයෙන් තෘප්තිමත් මට්ටමකට තබාගෙන එතැන් සිට ජීවිතයේ වැඩිපුර අවධානය යොමුකර ගත යුත්තේ පවුලේ එකමුතුව, සංහිඳියාව, විශ්වාසය සහ සන්තෝෂය නොබ්ඳී නොසිඳී ආරක්ෂා කරගත හැක්කේ කෙසේද? යන කාරණාවයි. එතැනදී ස්වාමී භාර්යා දෙපොළ අතරත පැවතිය යුතු ව්ශ්වසනීය භාවය, සෑම හැන්දෑවක්ම සිනා සපිරි හැන්දෑවක් බවට පත්කර ගැනීම. ආදරණීය දරුවන් සමඟ ලෙන්ගතු කතාබහක නියුක්ත වීම, සෑම රාත්‍රියක්ම දිගු කතාබහක සාකච්ජාවකින් අනතුරුව සිදුකිරීම, හිමිදිරි පාන්දර අවදිව දෙන්නා දෙමහල්ලන් හා දරුවන් සමඟ එකතු වී සාකච්ජා කරමින් දවසේ කටයුතු සූදානම් කිරීම, එක නිවසක් තුළ ඔවුනොවුන් ට හිමි රාජකාරීන් බාරගැනීම, පුංච් දූ පුතුන්ගේ පවා තමන්ට හිමි කොටස බාරදීම, පවුලේ සෑම සාමාජිකයකුටම ඔවුනට හිමි ආවේණික ලක්ෂණ, ආවේණික රාජකාරී කොටසක් වෙන්කර තැබීම, සතිපතා හෝ විනෝද චාරිකා හෝ වන්දනා ගමන්වල නියුක්ත වීම එකිනෙකාගේ අදහස් නොගැටෙන සේ පෙළගස්වා ගැනීම, මාසිකව හෝ වාර්ෂිකව කිසියම් උත්තේජනාත්මකව ප්‍රහර්ෂපූර්ණ කටයුත්තක් ගෙදර සංවිධානය කිරීම, වැනි පවුල සී සී කඩ විසිරී නොයන සේ එකට ඒකාබද්ධතාවයෙන් යුක්තව, කටයුතු කිරීම උදෙසා වන ක්‍රමෝපායන් භාවිතය මඟින් පවුල ඒකරාශීව තබාගැනීම. ඒ සමඟම අම්මා, තාත්තා වැනි වැඩිහිටියන් නිරන්තරව ආශ්‍රය කරමින් ඔවුන් පිළිබඳව තමන්ගේ වගකීම් හා යුතුකම් කොටස ඉෂ්ට කරමින්, නිරන්තර ඥාතීන් බලන්නට යාම, සුහද සබඳකම් පවත්වාගෙන යාම, අසල්වාසීන් සමඟ ප්‍රමාණාත්මක සබඳතා ගොඩනගාගැනීම, තමාගෙන් අනෙකාට හානියක් නොවන සේ අසල්වාසීන් සමඟ ම්ත්‍රශීලිව කටයුතු කිරීම, තමන්ගේ ආර්ථිකය පරිපාලනය කරගත යුතු ආකාරය පිළිබඳව නිරන්තර අවධානය යොමුවීම, ශාරීරික වශයෙන් නිරෝගීකම පවත්වා ගැනීම උදෙසා සෑම අවස්ථාවකම සෑම කෙනෙක්ම කටයුතු කිරීම වැනි පවුල එකට ඒකරාශීව කටයුතු කරන තැනක තෘප්තිමත් ජීවිතය රැඳී පවතියි.
තෘප්තිමත් ජීවිතය යන්නෙන් අදහස් කරනු ලබන්නේ භෞතිකව මිළඳී ගත යුතු, මිළඳී ගතහැකි නඩු හබ ආදීයෙන් සතුකරගත හැකි සන්තකයක් පවත්වාගැනීම පිළිබඳ දැවැන්ත ව්‍යායාමයක නියුක්ත වෙමින් සතුට පලවා හරින තැනකට වඩා අත්‍යවශ්‍යවන්නේ නිරන්තරවම සන්තෝෂයෙන් ගෙදර රැඳෙන පවුල කේන්ද්‍රකරගත්ත , එකී කේන්ද්‍රකරගත්ත පවුල මත ඉඳගෙන ධරමානුකූලව කටයුතු, සාහිත්‍ය කටයුතු, කලා හා විනෝද කටයුතු පිළිබඳව පවුලේ වැඩි අවධානය යොමුවීම මඟින් තෘප්තිමත් ජීළුිතය නිර්මාණය වේ. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය යැයි කී අත්‍යවශ්‍යතා හතර නිර්මාණය කරගැනීමත් එකී අත්‍යවශ්‍යතා හතර මඟින් තෘප්තිමත්ව ජීවිතය ගත කිරීම උදෙසාවන වින්දනීය කලාවක් හුරුකර ගැනීම, ධර්මානුකූලව හා වෙනත් කටයුතුවල නිරත වීමත්, අත්‍යවශ්‍ය කාරණා වෙයි.
විශේෂයෙන්ම පොත්පත් කියවීම, කියවීමට හුරුකිරීම, කියවීමට හුරුවීම කියවන ලද පොතපත පිළිබඳව සාකච්ජා කිරීම , වගේම ගායනා කිර්මාණ කටයුතු කිරීම, ගායනා නිර්මාණ පිළිබඳව ඇගයිම, ච්ත්‍ර ප්‍රතිබිම්බ කලා වැනි කලා මාධ්‍යයන්හි නියුක්ත වීම, සමඟියෙන් ජීවත් වීම උදෙසා රැහැන් වගේ වැදගත්වෙයි. නිරන්තර මානව සබඳකම් ගොඩ නගා ගත හැකි ක්‍රමෝපායන් මඟින් තෘප්තිමත් ජීවිතයක් ගත කළ හැකිවන්නේ තෘප්තිමත් ජීවිතයක් සදහා භෞතික සම්පත් ගොඩගසා ගැනීමට වඩා සුහද මානව සබඳතා ඉතාම වටිනා කාරණාවේ.

පෙනෙන ඇසෙන හැම දෙයක්ම අයිති කරගත හැකි ද?

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි 
ප්‍රධාන අනුශාසක ආචාර්ය 
මිරිස්සේ ධම්මික හිමි

භාග්‍යවතුන් වහන්සේ එසේ ලොල්ගති ඇති වානරයාගේ කතාව උපමාවට දක්වමින් මෙහෙම දේශනා කරනවා මහණෙනි, අසතියෙන් යුක්තව ලොල්ගති පවත්වාගත් වානරයාට වැදි පුද්ගලයා විසින් කැමැති පරිදි යමක් කළ හැකි වූයේ අසතියෙන් කටයුතු කිරීම නිසායි. තමාගේ ස්වභාවයෙන් පැවතුණ සිහියවත් නොපවත්වාගත් නිසායි. එයට හේතුව කුමක්ද? ඒ අර බාල ගති යැයි සඳහන් කළ අසංවරය, අශික්ෂණය ඒ වගේ ම මනා සේ සිහිය පිහිටුවා නොගත් නිසාය.
මහණෙනි, එමෙන් ම යමෙක් නුඹලාට ගෝචර නොවන අන්සතු තැනක අන්සතු විෂයක හැසිරෙනවා නම් ලොල් ගති පැවතුණ වානරයාට සිදුවුණ දෙයටම නුඹලාට මුහුණපාන්නට සිදුවෙනවා. ඒ නිසා නුඹලා, නුඹලාට ස්වභාවයෙන් ඇති වී තිබෙන සතියත්, ශික්ෂණයත් මනා සේ පවත්වා ගත යුතුයි. ඇතිකරගත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරනවා.
“තස්මා තිහ භික්ඛවෙ, මා අගෝචරෙ චරිත්ථ පරවිසයෙ.
අගෝචරෙ භික්ඛවෙ, චරථං පරවිසයෙ
ලච්ඡති මාරො ඔතාරං, ලච්ඡති මාරො ආරම්මණං”
මහණෙනි, එහෙයින් මෙහිලා අගෝචර වූ අන් සතු විෂයෙහි හැසිරෙන්නට එපා. අගෝචර වූ අන්සතු විෂයෙහි හැසිරෙන්නවුන්ගේ බැසගැනීම නම් මාරයාට හසුවීමයි. මාරයා අරමුණක් කොට පවත්වා ගැනීමයි.
මෙහි දී භාග්‍යවතුන් වහන්සේ විසින් අගෝචර අන්සතු විෂය යැයි කුමක් අදහස් කරන්නේ දැයි අප විසින් මනා සේ තේරුම් ගත යුතුයි. අගෝචර ස්ථානය නම්, විෂය නම් මාරයාට අයිති මාරාවේෂ වෙන ස්ථානයයි. ඒ විෂයයි.
භාග්‍යවතුවන් වහන්සේ මෙසේ දේශනා කරනවා. ඒ අගෝචර ස්ථානය හා විෂය නම් පංචකාම ගුණයයි. කුමක් ද? පංචකාම ගුණය යැයි සඳහන් කරන්නේ එනම්,
“චක්ඛුවිඤේඤය්‍යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමුපසංහිතා රජනීයා”
එනම් ඉටු කැමැති, මන වඩන, ප්‍රිය දැයෙහි කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසෙන් දත යුතු රූපයයි.
නැවතත්, ඒ පංචකාම ගුණය මෙසේ පැහැදිලි කළහැකියි. ඉටු කැමැති එනම් සිතේ පවතින දේවල් ඉටු කර ගන්න කැමැති, මන වඩන, සිත සතුටු කරන, ප්‍රිය දැයෙහි කාමයෙන් යුත් ඒ වගේ ම නැවත නැවතත් ඇලුම් කරන ඇසින් දැකගත යුතු රූප, ඒ වගේ ම කනෙන් අසා දැන ගත යුතු ශබ්ද, නාසයෙන් ආඝ්‍රණය ලබන්ට කැමැති සුගන්ඳය නැතිනම් අඝ්‍රාහණය, දිවෙන් ප්‍රිය ස්වභාවයෙන් ලබන්න කැමැති රසය, ඒ වගේ ම ඉටුවඩන, මනවඩන ආදී වශයෙන් කයින් ලබන්නට කැමැති ස්පර්ශය, මෙන්න මේවා පංච කාම ගුණ හැටියට දක්වා තිබෙනවා. මහණෙනි, මේවා අගෝචර වූ අන්සතු විෂය හැටියට දකින්නට යැයි ආරාධනා කරනවා.
මේ දහම් කොටස භික්ෂුවක් වුවත්, භික්ෂුණියක් වුවත් අප විසින් මනා සේ පැහැදිලි කරගත යුතුයි. එපමණකුත් නොවෙයි ගෘහස්ථ ජීවිතයක් ගත කරන ඔබ වැනි උපාසක උපාසිකා හෝ එසේ නොමැති වුවත් සාමාන්‍ය වචනයෙන් සඳහන් කළොත් මවෙක්, පියෙක්, ස්වාමියෙක්, බිරිඳක්, දුවෙක්, පුතෙක් හෝ කාර්ය බහුල ජීවිතයක් ගත කරන යම් වූ ද අයෙක් වුවත් මේ දහම් පෙළ පිළිබඳව මනා වූ අවබෝධයක් ඇති කර ගත යුතුමයි.
එසේ නොමැති වුවොත් මනා සේ සිහිය පවත්වන්නට තරම් පුරුදු නොකරන ලද චරිතයක් හා චර්යාවක් තිබුණු හැඳින් වූ පරිදි ලොල් ගති තිබුණ බාලගති ඇති වානරයා තමාට සිදුවන අනතුර පිළිබඳව අවධානයෙන් නොසිට, තමාට පත් වූ විපත පිළිබඳව උදාහරණයක් ලෙස අපට ගත හැකියි. වානරයාට සිදු වූ ව්‍යසනය, විපත පිළිබඳව මොහොතක් සිහිපත් කොට බලන්න. ඔහුගේ තිබුණ අර දැඩි ආශාවන් ලොල් ගති නිසා ඔහුට හොඳ නරක ආරක්ෂාවට හා අනතුර පිළිබඳව අවධානයක් යොමු කරන්නට තරම් මනස පැවැතී තිබුණේ නැහැ. ඒ නිසා ම ලොල් ගති නැති, බාල ගති නැති වානරයන් ලහටු ඇති තැන් මඟහරමින් ජීවිත ආරක්ෂාව ඇතිකරගෙන ගමන් කළත්, ලොල්ගතියෙන් සිතන්නට පුළුවන් ශක්තිය වැසී තිබුණු වානරයා එයට හසු වුණා.
පා හතරත්, හිසත් එක විටම ඇලුණු නැති බව පැහැදිලියි. පළමුවෙන් ම එක අතක් පමණයි ලහටුවේ ඇලුනේ. ඒ එක අතක් ඇලුණු වෙලාවේ වානරයා වානර මනසකට ඇති සිහියට අනුව සිතුවා නම් මම අනිත් පා අලවා නොගෙන ගැළවෙන ක්‍රමයක් සෙවිය යුතුයි කියා බොහෝවිටක ඔහුට ජීවිතය ආරක්ෂා කර ගැනීමට අවස්ථාව තිබුණා. එයට හේතුව ඉතිරි පා තුනෙන් වෙනත් අත්තක එල්ලී හෝ කුමන හෝ ආකාරයකින් ඇලී තිබුණ අත, ඇද ගනිමින් බේරී යෑමට අවස්ථාවක් තිබුණු නිසායි.
එහෙත් හොඳ නරක පිළිබඳව සිතන්නට තරම් සිහියක් නොතිබුණ වානරයා ඊළඟට කළ යුත්තේ කුමක්දැයි සිතන්නට තරම් සිහියක් නොතිබුණු වානරයා තමන්ට සිද්ධවෙන්ට යන අනතුර පිළිබඳව තමාගේ ස්වභාවය අනුව සිතන්නට තරම් සිහියක් ඇති කරගන්න තරම් පුරුද්දක් නොතිබුණු වානරයා එකින් එක එකින් එක පා සතරත් තම හිසත් එහි අලවාගෙන මහත්සේ ව්‍යසනයට පත් වුණා.
එසේ නම් මනුෂ්‍යයන්ට අස්‍රැතවත් පෘතග්ජන ස්වභාවය නිසා යම් විටක විපතකට පත්විය හැකියි. එයට හේතුව අභාවිත සිත් ඇතිව එනම් මේ සංඛත ලෝකය තුළ සියලු සංස්කාර වස්තූන් අනිච්ච, දුක්ඛ, අනත්ත ත්‍රිලක්ෂණ ධර්මයට යටත් බව වටහා නොගැනීමයි. අවබෝධයට නොපැමිණීමයි.
එවැනි අභාවිත සිත් ඇති මනුෂ්‍යයෙක් අතින් යම් විටක ඉහත සඳහන් කළා සේ එනම් වානරයාට සිදු වූ සේ වැරැද්දකට හසුවීමක් සිදුවිය හැකියි. එනම් ඇසෙන් රූපයක් බලන විට එහි දැඩි ඇලීමකට පත්වීමේ අවස්ථාවක් සැලසිය හැකියි. සප්පාය සම්පජඤ්ඤය නම් වූ තමාගේ සීලය, වයස, ස්වභාවය, සමාධිය ආදී වශයෙන් පවත්නා වූ ඒ සිහිය නැතිවී යා හැකියි. එනම් සප්පාය සම්පජඤ්ඤයෙන් බැහැර වී යා හැකියි. තමා කවුරුන්ද යන්න අමතක වී යා හැකියි. අර රුව කෙරෙහි ඇලිය හැකියි. බැඳිය හැකියි. මමය මාගේය කියා උපකල්පනයට පැමිණිය හැකියි. ඇසෙන් එය සිදු වූවානම් භාවිත සිතක් ඇති යම් කෙනෙක් හැටියයට එහි සිදුවෙන්ට යන විපත වහා තේරුම් ගැනීම අවශ්‍යයයි.
අපි නිදසුනක් ගනිමු, ගෘහස්ථ ජීවිතයක දෛනික සීලය හැටියට පංච සීලය හඳුන්වා. අම්මා, කෙනෙක්, පියාණන් කෙනෙක්, ස්වාමි දියණියක්, ස්වාමි පුත්‍රයෙක්, සහෝදරියක්, සහෝදරයෙක් හෝ පැවිදි උතුමෙක් වැඩිහිටියෙක් හෝ ගුරු උතුමෙක් ආදී වශයෙන් හෝ අවසානයේ අඩුම තරමේ මනුෂ්‍යයෙක් වශයෙන් මා කෙසේ ක්‍රියා කළ යුතු දැයි සිහිය පැවැත්වීම අවශ්‍යයයි.
අභාවිත සිතකට ඔය ඇස්වලින් රූප දකින විට යම් විටක යම් පුද්ගලයෙක් විය හැකියි. යම් දෙයක් විය හැකියි. එහෙත් දකින, දකින, පෙනෙන, පෙනෙන හැම දෙයක් කෙරෙහි සිතින් ආශාවක්, හැඟීමක් ඇති වුණත් ඒවා ලබා ගන්නට යාම හෝ පරිහරණය කරන්නට යාම හෝ තමා සතුකරගන්න යාම හෝ තමාගේ ඉන්ද්‍රියන්ට ගොදුරු කරගන්නට යාම හෝ කළ නොහැකි බව පැහැදිලියි. ලෝකයේ සම්මතයක්, සදාචාරයක්, ශිෂ්ටසම්පන්න බවක්, විනයක් ශික්ෂණයක් තිබෙන බව පැහැදිලියි. අස්‍රැතවත් පෘතග්ජන සිත්වලට දකින දකින දේ ඇසෙන ඇසෙන දේ තමා සතු කරගන්න ගියොත් ඇතිවන විනාශය කුමක් දැයි ඔබට පැහැදිලියි.
දීපා පෙරේරා
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

කිසිදා සිදුවීමට අවකාශ නැති කරුණු

1. සෝවාන් පුද්ගලයා සංස්කාර ධර්මයක් නිත්ය යැයි ගැනීම.

2. සෝවාන් පුද්ගලයා සංස්කාර ධර්මයක් සුඛ වශයෙන් ගැනීම.

3. සෝවාන් පුද්ගලයා සංස්කාර ධර්මයක් ආත්ම වශයෙන් ගැනීම.

4. සෝවාන් පුද්ගලයා මවගේ ජීවිතය තොර කිරීම.

5. සෝවාන් පුද්ගලයා පියාගේ ජීවිතය තොර කිරීම.

6. සෝවාන් පුද්ගලයා රහතන් වහන්සේ නමක් ජීවිතයෙන් තොර කිරීම.

7. සෝවාන් පුද්ගලයා දුෂ්ට වූ සිතින් (දුට්ඨෙන චිත්තෙන) තථාගතයන් වහන්සේගේ ලේ සෙලවීම.

8. සෝවාන් පුද්ගලයා සංඝයා භේද කිරීම.

9. සෝවාන් පුද්ගලයා වෙනත් සමයක්, වෙනත් ශාස්තෘවරයෙක් පිළිගැනීම.

මෙම කරුණු නවය දිට්ඨිසම්පන්නෝ පුග්ගලො යනුවෙන් මාර්ග දෘෂ්ටියෙන් යුතු සෝවාන් මාර්ගයට අවතීර්ණ වූ ආර්ය මාර්ගයට බැසගත් පුද්ගලයකු අතින් කිසිදා සිදු නොවේ. එනමුත් මෙම කරුණු ප්රථුජ්ජනො පුහුදුන් පුද්ගලයා වෙතින් සිදුවිය හැකි ය. (ඨානමෙතං විජ්ජති) මෙහි අංක 4 – 9 එන කරුණු 6 සෝවාන් පුද්ගලයා අතින් සිදුවීමට අභව්ය බව රතන සූත්රයේ ද කියැවේ. (ඡචාභිඨානානි අභබ්බො කාතුං)

10. එකම ලෝකධාතුවක පෙර පසු නොවී (අප්රබ්බං අචරිමං) එකවිටම සම්බුදුවරු දෙදෙනෙක් පහළ වීම කිසිදා සිදු නොවේ.

11. එක ලෝක ධාතුවක එකවිට සක්විති රජවරු දෙදෙනෙක් කිසිදිනක පහළ නොවේ.

12. ස්ත්රියක් අර්හත් සම්මා සම්බුද්ධත්වයට පත්වීම කිසිදා සිදුනොවේ.

13. ස්ත්රියක් සක්විති රජකමට පත්වීම කිසිදා සිදු නොවේ.

14. ස්ත්රියක් ශක්ර දේවේන්ද්ර බව කිරීම කිසිදා සිදු නොවේ. (සක්කත්තං)

15. ස්ත්රියක් මාර බව කිරීම කිසිදා සිදු නොවේ. (මාරත්තං)

16. ස්ත්රියක් බ්රහ්ම බව කිරීම කිසිදා සිදු නොවේ. (බ්රහ්මත්තං)
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤