දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

ආස්වාදයයි ආදීනවයයි

කාමයන්ගේ ආස්වාදයන් සහ ආදීනවයන්ද ඒවායේ නිස්සරණයද අලළා දේශනා කරන ලද මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය ඇසුරු කරගෙන සසර දුක පැහැදීමට ගත් උත්සාහයකි.

බුදු රජාණන් වහනසේ ජේතවනාරාමයේ වැඩවසන සමයේ සිදු වුණු එක්තරා සිදුවීමකි. භික්ෂූන් වහන්සේ පිරිසක් පිඬු පිණිස උදෑසන සැවැත් නුවරට වැඩියහ. උන් වහන්සේලා වඩිද්දී තරමක් උදෑසන වූ හෙයින් අන්තොටු පරිබ්‍රාජකාරාමයට වැඩීමට අදහසක් පහළ විය. ඒ අනුව පරිබ්‍රාජකයන් වෙසෙන ආරාමයකට ගිය භික්ෂූහු ඔවුන් සමඟ තුටු පිළිසඳරක යෙදුණහ. එහිදී පරිබ්‍රාජකයන් භික්ෂූන් වහන්සේලා සමඟ මෙසේ ප්‍රකාශ කළහ:
“ඇවැත්නි, ශ්‍රවණ ගෞතමයන් වහන්සේ කාමයන්ගේ ප්‍රහාණය පනවයි. අපි ද කාමයන්ගේ ප්‍රාහාණය පනවන්නෙමු. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ රූපයන්ගේ ප්‍රහාණය පනවයි. අපිද රූපයන්ගේ ප්‍රහාණය පනවන්නෙමු. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වේදනාවන්ගේ ප්‍රහාණය පනවයි. අපිද වේදනාවන්ගේ ප්‍රහාණය පනවන්නෙමු. ඇවැත්නි, ශ්‍රමණ ගෞතමයන්ගේ හෝ අපගේ හෝ ධර්ම දේශනා සමඟ ධර්ම දේශනාවන්ද, අනුශාසනාවන් සමඟ අනුශාසනාවන්ද අතර වෙනස කුමක්ද? අධික ප්‍රයෝගය කවරේද නා නා කාරණය කුමක්ද?”
මෙය ඇසූ භික්ෂූන් වහන්සේලා පරිබ්‍රාජකයන්ගේ වචනය නොපිළිගත්හ. එහෙත් ප්‍රතික්ෂේප කරද කතා නොකළහ. භාග්‍යවතුන් වහන්සේ විමසාම මේ ගැන විස්තර දැනගන්නෙමුයි සිතා ආරාමයෙන් පිටත්ව ගියහ. ඉන් අනතුරුව බුදුන් වහන්සේ වෙත පැමිණි භික්ෂූන් වහන්සේ පිරිස පරිබ්‍රාජකයන් සමඟ පැවැති පිළිසඳර ගැන සියලු විස්තර බුදුරදුන්ට සැල කළහ.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ:
“මහණෙනි, එසේ නම් ඔවුහු මෙසේ කිව යුතු වන්නාහුය. ඇවැත්නි, කාමයන්ගේ ආස්වාදය කවරේද? කාමයන්ගේ ආදීනවය කවරේද? කාමයන්ගේ නිස්සරණය කුමක්ද? රූපයන්ගේ ආස්වාදය කවරේද? රූපයන්ගේ ආදීනවය කවරේද? රූපයන්ගේ නිස්සරණය කුමක්ද? වේදනාවන්ගේ ආස්වාදය කවරේද? වේදනාවන්ගේ ආදීනවය කවරේද? වේදනාවන්ගේ නිස්සරණය කුමක්ද? මහණෙනි, මෙලෙස අසන ලද්දා වූ පරිබ්‍රාජකයෝ මෙය විස්තර කිරීමට සමත් නොවන්නාහුය; මෙයින් බොහෝ වෙහෙසට පත් වන්නාහුය. ඒ කවර හෙයින්දයත්? එය ඔවුන්ට විෂය නොවන ප්‍රශ්නයක් බැවිනි.
“මහණෙනි, තථාගතයන් වහන්සේගෙන් හෝ තථාගත ශ්‍රාවකයන්ගෙන් හෝ මේ ශාසනයෙන් හෝ නාසා මේ ප්‍රශ්නය විසඳීමට, සිත සතුටු කරගැනීමට දෙවියන් මරුන් සහිත, බඹුන් සහිත ලෝකයෙහි දෙවි මිනිසුන් සහිත මහණ බමුණන් සහිත ප්‍රජාවෙහි කිසිවකු මම නොදකිම්”යි වදාළහ.
ඉන් අනතුරුව බුදුන් වහන්සේ කාමයන්ගේ ආස්වාදය කවරේදැයි විස්තර කරමින් කාමගුණ හයක් පෙන්වා දුන්හ:
“මහණෙනි, චක්ඛු විඤ්ඤාණයෙන් දැනගන්නා ඉෂ්ට වූ, කාන්ත වූ, මන වඩන්නා වූ, පි‍්‍රය වූ, රාගය ඇති වීමට කරුණු වූ පි‍්‍රය රූපයෝය. සෝත විඤ්ඤාණයෙන් දැනගන්නා වූ පි‍්‍රය උපදවන මන බඳින පි‍්‍රය ශබ්දයෝය. ඝාණ විඤ්ඤාණයෙන් දැනගන්නා වූ පි‍්‍රය උපදවන, සිතේ සතුට ඇති කරන පි‍්‍රය ගන්ධයෝය. ජිව්හා විඤ්ඤාණයෙන් දැනගන්නා වූ ඉෂ්ට වූ, කාන්ත වූ, මන වඩන්නා වූ පි‍්‍රය වූ, රාගය ඉපදීමට කරුණු වූ පි‍්‍රය ස්පර්ශයෝය, යන මේ පංච කාමගුණයන් නිසා යම් සැපයක්, සොම්නසක් ඇති වෙයිද එය කාමයන්ගේ ආස්වාදයයි.”
ඊළඟට බුදුන් වහන්සේ කාමයන්ගේ ආදීනව, කාමයන්ගේ නිස්සරණය පිළිබඳව විස්තර කර ඇත. රූපයන්ගේ ආස්වාදය, ආදීනවය, නිස්සරණය, වේදනාවන්ගේ ආස්වාදය, ආදීනවය, නිස්සරණය පිළිබඳවද මෙලෙස දීර්ඝ වශයෙන් විස්තර පෙන්වා දී ඇත්තේ මජ්ක්‍ධිම නිකාය මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රයේය.
මෙම සූත්‍රයේ පෙන්වා දී ඇති පංච කාම ගුණ නිසා සත්ත්ව සන්තානයන්හි කාම ආස්වාදයට ඇති වන ගිජු බව, කැමැත්ත, ආශාව සත්ත්වයා සසරට බැඳගනියි. පටිච්ච සමුප්පාද චක්‍රය නොනැවතී ක්‍රියාත්මක වන්නේ මේ හේතුව නිසාය. ඇසට හමු වන රූපය දැනගන්නේ චක්ඛු විඤ්ඤාණය ඇති වන නිසාය. රූපය පිළිබඳව ඇති වන පි‍්‍රය භාවය ආස්වාද කරන්නේ සිතය. ඇසත්, බාහිර රූපයත්, චක්ඛු විඤ්ඤාණයත් නිසා ස්පර්ශය ඇති වෙයි. මේ ස්පර්ශයත් සමඟම රූපය හඳුනාගන්නා සඤ්ඤා ඇති වෙයි. හඳුනාගැනීමට අනුරූපව වේදනාව ඇති වෙයි. සතුට, මැදහත් බව හෝ අසතුට ඇති වන්නේ හඳුනාගැනීමට අනුවයි. ඵස්ස පච්චයා වේදනා. ඇති වන වේදනාවට අනුව තණ්හාව, ආශාව ඇති වෙයි. වේදනා පච්චයා තණ්හා, ආශාව තණ්හාව තදින් සිත බැඳගනියි. තණ්හා පච්චයා උපාදානං. උපාදානයට අනුව (කර්ම භව) සිතිවිලි ගලායයි. උපාදාන පච්චයා භවෝ. භව පච්චයා ජාති. ඇති වන (කර්ම භව) සිතිවිලි නැවත උපතක් සකස් කරයි. අවිද්‍යාව නිසා ඇති වන මේ සංස්කාර (සිතිවිලි) නිසා මැරෙන මොහොතේ සිතට එන අවසාන සිතේ විපාකය වශයෙන් ප්‍රතිසන්ධි විඤ්ඤාණය සකස් වී නැවත නාම රූප පරම්පරාවක් ඇති කර දෙයි. අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා, විඤ්ඤාණං විඤ්ඤාණ පච්චයා නාම රූපං.
ඇස, කන. නාසය, දිව, කය යන පංච ඉන්ද්‍රියන් තුළින්ම ලබන ආස්වාදය නිසා සසර ගමන දික් වන්නේ මේ හේතු ඵල ක්‍රියාදාමය නොකැඩී පවතින නිසයි. සිත තුළින් ගලා යන සිතිවිලි සතුට සොම්නස ලබා දෙමින් සදාකාලික දුක උරුම කර දෙන්නේ මේ ලෙසිනි.
ඇසෙන් රූප කෝටි ගණන් දැක තිබුණත්, ඒ තුළින් ඒ හා සමානව ආස්වාදය ලබා තිබුණත් සිත සෑහීමකට පත් වන්නේ නැත. සිත බලාසිටින්නේ ඇසෙන් තවදුරටත් රූපාස්වාදය විඳීමටයි. එලෙසම කනෙන් ඇසෙන ශබ්ද ආස්වාදය විඳීමට, නාසයෙන් දැනෙන ගන්ධාස්වාදය විඳීමට, දිවට දැනෙන රසාස්වාදය විඳීමට, කයට දැනෙන පොට්ඨබ්බ ආස්වාදය ලැබීමට නොයිවසිල්ලෙන් බලා සිටින්නේ සිතයි. මැරෙන මොහොත දක්වාම නොසිඳී පවත්නා කාම ආශාවකි. සසරට බැඳ තබන මේ කාම ආශාව දුක්ඛ සමුදය සත්‍යයයි. අවිද්‍යාවෙන් වැසී ඇති නිසා පංචකාම ගුණයන්ගෙන් ලබන සොම්නස සතුට දකින්නේ සැප ලබාදෙන තෝතැන්නක් ලෙසයි.
ඊළඟට කාමයන්ගේ ආදීනව බුදුන් වහන්සේ ඉතා දීර්ඝ ලෙස සූත්‍රයේ පෙන්වා ඇත. ජීවිකාව පවත්වාගෙන යෑම සඳහා ගොවිතැන් කටයුතුවලදී නොයෙක් ආකාරයෙන් මිනිසා වෙහෙසට පත් වෙයි. වෙන යම් කිසි කර්මාන්තයක් කිරීමේදී වුවද ශීතල, උණුසුම, බඩගින්න, පිපාසය, ඇඟේ මහන්සිය ආදිය දරාගත යුතුය. රැකියා කටයුතුවලදී උසස් නිලධාරීන්ගේ නීතිරීතිවලට යටත් වී කටයුතු කළ යුතු ය. නොයෙක් තාඩන, පීඩන, මානසික අසහනකාරී තත්ත්වයන්ට මුහුණ දිය යුතුය. මේ සියලු දුක් කාමයන් නිසා ඇති වන ආදීනවයෝය. ගොවිතැන් කටයුතු කර අස්වැන්න නෙළාගන්නා කාලයේදී වර්ෂාව නිසා ගොවිතැන් හානි වෙයි. අලින්, වල් ඌරන් වැනි සතුන්ගෙන් ආරක්ෂා කරගැනීමට නොහැකිව භවභෝග විනාශ වෙයි. මේවාද කාමයන්ගේ ආදීනවයි. ඉතා වෙහෙසමහන්සියෙන් උපයාගත් වස්තුව සොර-සතුරන් පැහැරගන්නා විට දුකක් ඇති වෙයි. දරුවන් සිටින දෙමව්පියෝ දරුවන්ගේ දියුණුව වෙනුවෙන් දරුවන් ඇතිදැඩි කරගැනීමට සිය කාලය ධනය, ශ්‍රමය කැප කරති. දරුවන් වැඩෙන විට හොඳින් අධ්‍යාපනය ලබන විට, දරුවන්ගේ දියුණුව දෙස බලමින් සතුටු වෙයි. එහෙත් ඒ වෙනුවෙන් දරන වෙහෙසමහන්සිය කාම ආදීනවයක් බව නුවණින් අවබෝධ කරගත යුතුයි. දෙමව්පියන් කොයි තරම් මහන්සි ගත්තත් සමහර දරුවෝ නිකරුණේ තමන්ගේ අනාගත සුභසිද්ධිය නැති කරගනිති. එවිට දෙමව්පියන්ට ඇති වන්නේ ඉවසිය නොහැකි දුකකි. මේවාද නුවණින් අවබෝධ කරගත යුතු කාමයන්ගේ ආදීනවයි. කාමයන් නිසා ඇති වන ආදීනව මෙනයින් තමා විසින්ම අවබෝධ කරගත යුතුය.
බුදු පියාණන් වහන්සේ කාමයන් නිසාම කාම ආස්වාදය විඳීමට ආශාවෙන් මිනිසා සිතින්, කයින්, වචනයෙන් දුශ්චරිතයේ යෙදෙන බවද, එවිට ඒ තැනැත්තා හෝ තැනැත්තිය ඒ හේතුවෙන් මරණින් පසු නිරයේ උපදින බවද, මේ සූත්‍රයේ පෙන්වා දී තිබේ. නිරයේ ඉපදී විඳින්නට සිදු වන අතිවිශාල දුක් රැස කාමයන් නිසාම ඇති වූ කාමයන්ගේ ආදීනව බව බුදුන් වහන්සේ පෙන්වා දෙති. මිනිසා සිතින්, කයින්, වචනයෙන් කරන සෑම ක්‍රියාවක්ම සිදු කරන්නේ පංච ඉන්ද්‍රියන් පිනවීමේ අපේක්ෂාවෙන්මයි. පංච ඉන්ද්‍රියන් පිනවීම සඳහා පස් පව්, දස අකුසල් කරමින් සිත කය, වචනය යන තිදොරින් දුශ්චරිතයෙහි යෙදීම නිසා බරපතළ ලෙස විපාක විඳීමට සිදු වෙයි. සෑම ක්‍රියාවක්ම කිරීමට සිත මූලික වෙයි. ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල් මූලයන් ඇති වන්නේ සිත තුළයි. පංච කාම සැප වින්දනය වෙනුවෙන් එයම මූලික කරගෙන ඇති වන අකුසල් සිතිවිලි මරණින් පසුව නිරයේ උපතකට මඟ සලසයි. මරණින් පසුව අපායගාමීව කල්ප ගණන් මහා දුක් රැසක් විඳින්නට සිදු වන්නේ කාමයන්ගේ ආදීනව නිසාමයි. “මහණෙනි, මේ කාමයන්ගේ ආදීනවයක් වූ පරලොවෙහිදීවිඳින්නට සිදු වන මේ දුක් රැස කාමය හේතු කොටගෙන කාමය මුල් කරගෙන කාමයන්ගේ හේතුවෙන්ම සිදු වෙයි” යනුවෙන් බුදු පියාණෝ පෙන්වා දෙති.
ඊළඟට උන් වහන්සේ කාමයන්ගේ නිස්සරණය කවරේදැයි පෙන්වා දෙති. කාමයන් කෙරෙහි ඇති වන කැමැත්ත, ඡන්ද රාගය සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරීම කාමයන්ගේ නිස්සරණය බව බුදුන් වහන්සේ පෙන්වා දෙති.
හේතූන්ගෙන් හටගන්නා, හේතු නැතිව යන විට නැති වී යන පංචඋපාදානස්කන්ධ ධර්මයන් මොහොතින් මොහොත වෙනස් වෙයි. උදාහරණයකට දිවට දැනෙන රසය ගැන ඇති වන සිතිවිලි වෙනස් වෙන ආකාරය බලන්න. දිවට දැනෙන රසය වෙනස් වන විට සිතිවිලි ඒ අනුව වෙනස් වෙයි. ඒ වගේම දිවේ යම් දෙයක් ගෑවෙන මොහොතේ පමණය රසය දැනෙන්නේ. අනෙක් වේලාවට දිව තිබෙන බව වත් මතක නැත. එහෙත් මැරෙන මොහොතේ කෑම ගැන ආශාවෙන් සිතිවිල්ලක් ඇති වුණහොත් ප්‍රේත ලෝකයක උපදින්න පුළුවනි. පංච ස්කන්ධ ධර්මයන්ගේ යථා ස්වභාවය විදසුන් නුවණින් දකින විට එහි තිබෙන අනිත්‍ය බව දකියි; පාලනය කළ නොහැකි අනාත්ම බව දකියි; නැති වී යන ශූන්‍යාත්වයට පත් වන බව දකියි; එයින් ඇති වන දුක අවබෝධ වෙයි. පංචඋපාදානස්කන්ධ ධර්මයන්ට ආශා කරන්නේ නැති සිතක්, නෑලෙන සිතක් ඇති වීමට සිතත්, කයත් දෙක ගැනම හොඳ අවබෝධයක් භාවනාවෙන් ලැබිය යුතුයි. පංච කාමයන් නිසා ඇති වන සතුට, සොම්නස, සැපයට ඇති කැමැත්ත නැති වීම කාමයන්ගේ නිස්සරණයයි.
මෙය එක් වරම කළ හැකි කටයුත්තක් නොවෙයි. පියවරෙන් පියවර ඉදිරියට යා යුතුයි. සක්කාය දිට්ඨිය, එනම්: මම-මගේ වශයෙන් පවතින සදාකාලික ආත්මයක් නැති බව මුලදී අවබෝධ කරගත යුතුයි. හේතු නිසා ඇති වන, හේතු නැති වන විට නැති වී යන රූපයක් සහ හේතු සකස් වන ආකාරයට ඇති වී නැති වී යන වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන නාමයක් පමණක් ඇති බව මුලින්ම අවබෝධ කරගත යුතුයි. ඒ සඳහා විදර්ශනා භාවනාවක් වැඩිය යුතුයි. සිත සහ කය පිළිබඳව තමා තුළින්ම ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලබාගත හැක්කේ එවිටයි. මෙහිදී තමාගේම නුවණින් රූපයේ නිරෝධය සහ නාමයේ නිරෝධය තමාගේ යටිසිතට අවබෝධ වී ගිය හොත් සදාකාලික ආත්මයක් නැති බව දැනගත හැකි වේ. සිත සහ කය හේතූන්ට අනුරූපව පවතින දෙයක් බව දැනගන්නා විට සක්කාය දිට්ඨිය සිතෙන් බැහැරව යයි; වෙනත් මාර්ගයකින් නිවන් අවබෝධ කරගැනීිමට බැරි බව දකියි; බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රය කෙරෙහි අචල විශ්වාසයක් සිතේ ගොඩනැඟෙයි.
එවැනි අවබෝධයක් ලබාගත් කෙනෙක් රූපයේ ආස්වාදය ආස්වාදය ලෙස දකී; රූපයේ ආදීනවය ආදීනව ලෙස දකී. රූපයේ නිස්සරණය කෙසේ සිදු වන දෙයක්දැයි අංශු මාත්‍රයක හෝ අවබෝධයක් එවිට ඇති වෙයි.
රූපයේ ලස්සන නිසා යම් ආස්වාදයක් ලැබීම සත්‍යයක් වන නමුත් ඒ රූපයේ ලස්සන, පැහැය, ශක්තිමත් බව, නීරෝගී පෙනුම හැමදා රඳා පවතින දෙයක් නොවෙයි. වයසට යන විට, ලෙඩ වන විට ජරාවට, මහලු වියට යන විට රූපයේ ආස්වාදය පවතින්නේ නැත. මරණයට පත් වීම වළක්වන්න බැහැ. මැරී දිනක් දෙකක් සතියක් යන විට රූපය ඉදිමී, පුපුරා ගොස් ඕජාව ගලායයි. පණුවෝ රූපය ආහාරය කරගනිති. ඇට-කටු ටිකත් අන්තිමට දිරාපත්ව පොළොවට පස් වෙයි. මම-මගේ නොවන ශරීරයක් නිසා ලබන ආස්වාදය ටික කලකට සීමා වෙයි. ආදීනවය ඊට වඩා දුකක් ලබාදෙයි. සමාධිමත් සිතකින් භාවනාවේ යෙදෙන කෙනකුට සමාධිය ගැඹුරින් ගැඹුරට ගිය විට මේ ශරීරය නොදැනී යයි. ශරීරය නොදැනී ගිය විට දැනෙන්නේ ලොකු සැහැල්ලුවකි. ඒත් සමාධියෙන් මිදී සිතට මේ ශරීරය දැනෙන්නට පටන් ගත් විට ලොකු අපහසුවක්ද ඇති වෙයි. ශරීරය ගැන දැනීම ඇති වන්නේ සිත පවතින බැවිනි. අපට නින්ද ගිය විට ශරීරය දැනෙන්නේ නැත. ඒ වගේම සිහි නැති වූ විට නැත් නම් සිහි නැති කළ අවස්ථාවක සිතට මේ ශරීරය දැනෙන්නේ නැත; සියලු විඳීම් දැනෙන්නේ නැත. සියලු විඳීම් දැනෙන්නේ සිත පවතින නිසාය. පළමුවන ධ්‍යානය, දෙවැනි ධ්‍යානය ආදි ධ්‍යානයන්ට සමවැදීමට හැකියාව ලබාගත් කෙනෙක් වේදනාවේ ආස්වාදය අවබෝධ කරගනී. එවිට නිරාමිස සුඛ වේදනාවක් ඇති වෙයි. ධ්‍යාන සුවයෙන් මිදුණු වහාම ඒ සුවය නැති වී යයි. සියලු විඳීම් අනිත්‍යයයි. රූපාවචර ධ්‍යානද වගේම අරූපාවර ධ්‍යාන ලබා තිබුණත් ඒ ධ්‍යාන සුවයෙන් මිදුණු මොහොතේම ඒ සුඛ වේදනා අනිත්‍යයට යයි. එවිට පහළ වන්නේ දුකකි. සියලු විඳීම් අනිත්‍යයි, දුකයි, අනාත්මයි. නාම රූප නිරෝධය තමා විසින් ගැඹුරු සමාධිමත් සිතින් අවබෝධ කරගත් විට සියලු විඳීම්වලින් තොර වූ නිවනේ සැබෑ නිරාමිස සුවය යම් තරමකට හෝ සිතට අවබෝධ වෙයි. එවිට කාමයන්ට ඇලීමට අකැමැත්තක් ඇති වේ.
ඇස, කන, නාසය, දිව, කය යන පංච ද්වාරය නිසා පහළ වන වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන නාම ධර්මවල අනිත්‍ය බව දකියි. දුක දකියි. අනාත්ම බව, හිස් වූ ශූන්‍ය දෙයක් බව දකියි. පංච උපාදාන ස්කන්ධයන් නිසා ඇති වන දුක දකියි.
සියලු බැඳීම්වලින් තොර වූ, සියලු විඳීම්වලින් තොර වූ, නැවත උපතක් නැති පිරිනිවීමෙන් සසර ගමන නවතා දමන්නට හැකි වන්නේ අධිෂ්ඨානයෙන් යුතුව මේ ධර්ම මාර්ගයේ අවසානය දක්වාම උත්සාහය අත් නොහරින කෙනකුට පමණි.
සීතා පද්මිනි ලියනගේ

බුදු හිමියන්ටත් හමුවූ මාරයා ඔබටත් කවදා හෝ මුණ ගැසේවි


බුදුරජාණන් වහන්සේට හා උන්වහන්සේගේ ශ්‍රාවකයාණන් වහන්සේලාට නිරන්තරයෙන්ම විපත් ඇති කරන බලවේගය මාරයා නමින් හැඳින්වේ. මාරයා කවරාකාරද යන්න වටහා ගැනීමට පහත සඳහන් විග්‍රහය ප්‍රයෝජනවත් විය හැකි. බුදුදහමෙහි මෙන් ම වෙනත් ආගම්වල ද ධර්ම විරෝධී බලවේගයක් වශයෙන් විවිධ නම්වලින් මාරයා හඳුන්වා ඇත. කිතු සමයෙහි “සාතන්” නමින් එය හැඳින්වෙන අතර, පාලියෙන් පාපිමා, පජාපති, පමත්තබන්ධු, අන්තක, නමුචි ආදී නම්වලින් දැක්වේ. බුදුරදුන් විසින් රාධ තෙරුන්ට “මාර යනු රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ණා යන පංචස්කන්ධය” මාරයයි (සං.නි.) වදාළ අතර, කාමාදී ක්ලේශයන් මරසෙන් ලෙස බුදු වූ අලුත මාරයාට ම ( පධාන සුත්ත) පෙන්වා දී ඇත. මාරයා බුදුන්ට පමණක් නොව භික්ෂු භික්ෂුණීනට ද නොයෙක් විට කළ කී දේ මාරසංයුක්තයේ පළවේ.
අටුවාචාරීන් විසින් පංචවිධ, චතුර්විධ, ත්‍රිවිධ වශයෙන් “මාර” යන්න බෙදා දක්වා ඇත. (ම.නි. සෙලසුත්ත අටුවා ආදියෙහි “ක්ලේශමාර, අභිසංකාරමාර, ස්කන්ධමාර, මෘත්‍යුමාර, දේවපුත්තමාර දැක්වේ.) මේ පස්මරුන් අතුරෙන් පුද්ගලත්වය ඇත්තේ දේවපුත්තමාර යන්නට පමණකි. අනික් සතරෙන්ම ගැනෙන්නේ චිත්ත චෛතසිකයන් හා මහාභූත ආදී රූපත් හුදු මරණයත්ය.”
(පංචමාර, 1 පි, ඛේමානන්ද නා හිමි, හෑගොඩ ආදී 1990)
අප මහා බෝසතාණන් වහන්සේ නේරංජනා නම් ගං තෙර ඉතාමත් ම උග්‍ර දුෂ්කර ක්‍රියා කරමින් නිවන් මඟ සොයන කාලයේ එක් දවසක් ඉහත සඳහන් දෙවපුත්ත මාරයා උන්වහන්සේ ඉදිරියට පැමිණියේ ය. බෝසතුන් උග්‍ර තපස් රැකීමෙන් ඒකාන්තයෙන් ම බුදු වනු ඇතැයි අනුමාන කළ මාරයා උන්වහන්සේ රවටා නිවන් අවබෝධ කිරීම වැළැක්විය හැකි යැයි සිතා ඉතාමත් ම අනුකම්පාසහගත විලාශයකින් බෝසතාණන් වහන්සේට මෙසේ කීවේ ය.
“ඔබ වැහැරී ගොසිනි. දුර්වර්ණ වූ ඔබ දැන් මරණාසන්න වී ඇත. දහස් වාරයකින් මරණයට ආසන්න වූ ඔබගේ ජීවිතයට තව ඇත්තේ එක් අංශයක් පමණි. මිත්‍රය, ජීවත් වන්න, ජීවිතය උතුම් ය. ජීවත් වෙලා පින් කරන්න. බ්‍රහ්මචර්යාවේ හැසිරෙමින් ගිනි දෙවියා පුදන ඔබට බොහෝ පින් රැස්වේ. නිවනට වීර්යය කිරීමෙන් ඇති ඵලය කුමක්ද?”
(ඛුද්දක නිකාය, සුත්ත නිපාතය, පධාන සූත්‍රය, 427 – 430 ගාථා)
මාරයා මෙසේ කීවිට බෝසතාණන් වහන්සේ මාරයාට උත්තර දුන්නේ මෙසේ ය.
“මට පින් වලින් අංශුමාත්‍රයක් වත් වැඩක් නැත. කාට හෝ පින්වලින් වැඩක් වේ නම්, මාරයා ඒ අයට ඒක කියන්න. මට ශ්‍රද්ධාව වගේම වීර්යය ද ප්‍රඥාව ද තිබේ. මෙසේ නිවනට යොමු වූ මට දිවි රැක ගන්නැයි කියන්නේ ඇයි?” මේ මාගේ ධ්‍යානයෙන් උපන් වායුව ගංගාවල සැඩ පහරවල් පවා වියළීමට සමත්වේ. එසේ නම් දැඩි වීර්ය ඇති මගේ ලේ නොවියළේ ද? ලේ වේළෙන විට පිත හා සෙම ද වියළෙයි. මෙසේ මස් වියළෙන විට සිත පැහැදේ. එවිට මගේ සිහිය, ප්‍රඥාව හා සමාධිය ස්ථිරව පිහිටයි. මෙලෙස මගේ සිත උතුම් විඳීමට පත් වී කම් සැපත අපේක්ෂා නොකරයි. සත්ත්වයෙකුගේ පාරිශුද්ධිය බලව, නුඹේ පළමුවැනි සේනාව කාමයයි, ගුණධර්මවල සිත නොඇලීම දෙවැනි සේනාවයි. බඩගින්න හා පිපාසය තුන්වැනි සේනාව වන අතර රස තණ්හාව සිව්වැනි සේනාවයි. චිත්ත චෙතසිකයන්ගේ අලස බව පස්වැනි සේනාව වන අතර බය සයවෙනි සේනාවයි. ප්‍රතිපදාව ගැන ඇති වෙන සැකය සත්වැනි සේනාව වේ, අටවැනි සේනාව වන්නේ මකු බව හා තද බවයි, ලාභ, කීර්ති හා ප්‍රශංසා පිළිබඳ තෘෂ්ණාව නවවැනි සේනාව වන අතර දස වැනි සේනාව වන්නේ තමා උසස්කොට සැලකීම හා අනුන්හට අවමන් කිරීමයි. මාරය, අඳුරු වූ නුඹගේ අන්තරායකර සේනාවන් නම් මේවාය. අදක්ෂයාට මොවුන්ට දිනිය නොහැක. දක්ෂයා මොවුන් දිනා සැප ලබයි.”
(ඛුද්දක නිකාය, සුත්ත නිපාතය, පධාන සූත්‍රය 433 – 441 ගාථා)
බෝසතාණන් වහන්සේ මෙසේ ප්‍රකාශ කළ විට මාරයා කිසිවක් කරකියාගත නොහැකි වූ නිසා අපේක්ෂා භංගත්වයට පත් වී එතැනින් පලාගිය නමුත් උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙන අවස්ථාවේදී නැවතත් මාරයා බෝසතුන් ඉදිරියට පැමිණියේ මාර සේනාවද සමඟ ය. ඒ අවස්ථාවේ දී ද මාරයා උන්වහන්සේ ඉදිරියේ පරාජයට පත් වූ අතර එය “මාර පරාජය” හෝ “මාර යුද්ධය” ලෙස බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වී ඇත. පන්සිය පනස් ජාතක පොතේ “බුද්ධවංශය” නම් කොටසෙහි විස්තර වන “මාරයුද්ධය” මේ පිළිබඳ ඉතාමත් ම අලංකාර වර්ණනාවක් බව පැවසීමට පුළුවන. ඒ විස්තරය මෙසේ ය.
“ එ සමයෙහි මාරදිව්‍යපුත්‍ර තෙම “සිද්ධාර්ථ කුමාර තෙමේ මාගේ විෂය අතික්‍රාන්ත කරුණු කැමැත්තේය. ඔහුට මාගේ විෂය අතික්‍රාන්ත කොටගත නොදෙමි.”යි මාරසෙනඟ සමීපයට ගොස් කියා බ්‍රහ්මාණ්ඩය දක්වා ඇති දිව්‍ය බ්‍රහ්මයන් වෙවුල්වන මාරඝෝෂා නම් වූ භෙරි ඝෝෂාවක් කරවූ සේක. ඒ භෙරි ඝෝෂාව අසා නොයෙක් ආයුධ ගෙන අවුත් ඔහු පිරිවැරූ මර සෙන් ගෙන නික්මුනේ ය. මරහුට ඉදිරිව අටසාලිස් ගව්වෙක මරසෙන් දිවෙති. පශ්චාද්භාගයෙන් මුහුද සේ චක්‍රවාට පර්වතය දක්වා දිව එති. උඩින් සතිස් ගව්වෙක දිව එති. ඒ මරසෙනගේ ඝෝෂාව සාරදහසක් ගව්වෙහි පොළව පැළීයනු හඬක් සේ ඇසෙයි. ඉකිබිත්තෙන් මරදෙව් පුත් යෙළසියයක් යොදුන් ගිරිමෙඛල නම් හස්තිරාජයා පිටට ආරූඪව අත් දහසක් මවා අනෙක ප්‍රකාර ආයුධ ගත්තේ, අවශේෂ මාර පිරිස අතුරෙනුදු දෙදෙනක් එකෙක් ගත් ආයුධයක් නොහෙණ විශේෂ ආයුධ ගත්තාවූ අනෙක ප්‍රකාර වර්ණ හා අනෙක ප්‍රකාර මුඛ මවාගෙන ගුරුළුරජක්හු ගන්නට නික්මෙන දියබරණක් සේ තෛ‍්‍රලෝකෛකප්‍රවර සුරුම වූ බෝධිසත්ත්වයන් මැඩපවත්වන්නට නික්මුනාහුය.”
(පන්සිය පනස් ජාතක පොත, අවිදුරෙ නිදාන කථා, මාර යුද්ධය)
මෙසේ පැමිණි මාරදිව්‍ය පුත්‍යයා දුටු දෙවිවරු, නාග හා බ්‍රහ්මාදී සියලුදෙනා මර බියෙන් තැතිගෙන පැන දිව්වෝය. අන්තිමේදී බෝ මැඩ ඉතිරි වූයේ බෝධිසත්වයෝ පමණකි. උන්වහන්සේ දානාදී දස පාරමිතා ධර්ම පිරූ ආකාරය සිහිපත් කරමින් බෝමැඩ වැඩ සිටිද්දී, පැමිණි මාරයා ඉතා ප්‍රබල කුණාටුවක් ද, ගල් වැස්සක් හා ගිනි අඟුරු වැස්සක් ද මැවූ මුත් බෝසතුන්ට ඒවායින් කිසිදු අනතුරක් සිදු නොවුණි. ඉන් අනතුරුව මාර දිව්‍ය පුත්‍රයා උණු, අළු, වැලි, ගිනිගත් මඩ ආදිය වස්සවමින් උන්වහන්සේ බියකිරීමට උත්සාහ කළත් පලක් නොවූ තැන අඳුරක් ද මැවූ නමුත් උන්වහන්සේ බියට පත් කරවීමට නොහැකි විය. මෙවැනි මාරදිව්‍ය පුත්‍රයා තම සේනාව හා ගිරිමේඛලා නම් ඇත් රජු ද මෙහෙයවමින් බෝසතුන්ට ඉදිරියට පැමිණ උන්වහන්සේ වජ්‍රාසනයෙන් පලවා හැරීමට වහසිබස් දෙඩුවත් අපේ බෝධිසත්වයෝ මාරදිව්‍ය පුත්‍රයාට මෙසේ කීහ.
“මාරය, තා විසින් පිරූ දශපාරමිතාවකුත් නැත. කළ පඤ්ච මහා පරිත්‍යාගයකුත් නැත. පිරූ ඥාත්‍යර්ථ චරියාවකුත් නැත. ලෝකාර්ථ චර්යාවකුත් නැත. බුද්ධචරියාවකුත් නැත. එහෙයින් තට මේ පරියංකය නොපැමිණෙයි. මට මේ අස්න පැමිණෙන්නේය.” යි වදාළ සේක. එපවත් ඇසූ මාර දිව්‍යරාජ තෙම කිපී ක්‍රෝධ ඉවසාගත නොහී සනරාමර ලෝක ප්‍රතිවර්තිත නිරුත්තර ධර්ම චක්‍ර ප්‍රවර්තනයෙහි සමර්ථ වූ මහාපුරුෂයාණන් වහන්සේට තමාගේ මහානුභාව සම්පන්න වූ චක්‍රායුධය දමා ගැසීය. ඒ චක්‍රායුධය දශ පාරමී ධර්මයන් ආවර්ජණය කරන්නා වූ මෝහතම ප්‍රබන්ධ විධ්වංසන ප්‍රවතදත්‍ය වූ මහා පුරුෂයාණන් වහන්සේගේ මස්තකයෙහි මල් වියනක් මෙන් සෑදී සිටගත. ක්ෂුරධාරා සංඛ්‍යාත කරමුවහත් ඇති ඒ චක්‍රායුධය වනාහී සෙසු දවසෙහි කිපී ඔහු විසින් ගැසී නම් ඒකඝන මහාමෙර හා ගල්ටැඹෙක්හිඳු වැදුනහොත් වංශකලීර සංඛ්‍යාත හුණ දලුවක්සේ, සිඳීයෙයි. මෙහි වනාහී ධාතුගුණ සම්පන්න වූ බෝධිසත්වයන් කරා පැමිණ මල්වියනක් සේ සිට ගත්තේය. එකල්හි අවශේෂ මර සෙනඟ මෙවිට මේ පර්යංතයෙන් නැඟී යන්නේයයි ගිනිගෙන දිලිහෙන මහත් පර්වතකූට මවා දමා ගැසූහ. ඒ පර්වතකූටයෝ ද, දශපාරමී ධර්මයන් ආවර්ජනය කරන්නා වූ මහා පුර්ෂයාණන් වහන්සේට පූජා පිණිස මල් වර්ෂාවක් වැස්සාක් මෙන් භූමියෙහි ප්‍රපතික වූවාහුය.”
(පන්සිය පනස් ජාතක පොත, අවිදුරෙ නිදාන කථා, මාරයුද්ධය)
මෙසේ අප බෝසතාණන් වහන්සේගෙන් පරාජයට පත් වූ මාර දිව්‍ය පුත්‍රයා හා මාර සෙනඟ එතැනින් පලාගිය අතර අනෙකුත් දෙව්බඹහු උන්වහන්සේ කරා ළඟා වූයේ සිද්ධාර්ථ කුමාරයා මාරපරාජය කිරීමෙන් පසු බුද්ධත්වයට පත්වන අයුරු දැක බලා ගැනීමට ය. උන්වහන්සේ වෙසක් පොහෝ දින උදා වන විට සතර මාර්ග ඵල පිළිවෙළින් අවබෝධ කොටගෙන අවසානයේ දී සම්මා සම්බුද්ධත්වයට පත්වූ සේක. මෙසේ බුද්ධත්වයට පත් අප බුදුරජාණන් වහන්සේට මාර දේව පුත්‍රයා එක දිගට ම යම් යම් විපත් හා කරදර ඇති කිරීමට මාන බැලූ බව ත්‍රිපිටකයේ බොහෝ තැන්වල සඳහන් වී ඇත. මේ පිළිබඳ සිත්ගන්නා සුළු කතාවක් මාරසංයුත්තයට අයත් නාග සූත්‍රයේ සඳහන් වී ඇත. එම සූත්‍රය මෙසේ ය.
“මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ බුදු වූ අලුත උරුවෙල් දනව්වෙහි නේරංජරා ගං තෙර අජපාල නුගරුක මුල වැඩවසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ දැඩි අන්ධකාර රාත්‍රියේ එළිමහනේ වැඩ සිටි සේක. වැහි පොද ද ටික ටික වැටෙයි. ඒ අතර පව්කාර මාරයා භාග්‍යවතුන් වහන්සේට බය, වෙව්ලීම, ඇඟ ලොමුඩැහැගැනීම ඇතිකරනු කැමතිව ඇත් රජෙකුගේ වේශයක් මවාගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. ඔහුගේ හිස මහකලුගලක් බඳුය, ඔහුගේ දත් පිරිසුදු රිදී වගේ ය. ඔහුගේ හොඬ නැඟුලියක් බඳුය.
ඉන් පසුව භාග්‍යවතුන් වහන්සේ මෙයා පව්කාර මාරයා යැයි දැනගෙන, පව්කාර මාරයාට ගාථාවකින් මෙසේ දෙසූහ. “බොහෝ කාලයක් මුළුල්ලේ සැරසරමින් සුබ අසුබ වෙස් අරංගන මාළඟට පැමිණියා. පව්කාරය, එයින් ඔබට පලක් නැත. මෙහිදී ඔබ පැරදුණා.”
ඉන්පසු පව්කාර මාරයා ‘භාග්‍යවතුන් තෙමේ මාව හඳුනාගත්තේය, සුගත තෙමේ මාව හඳුනාගත්තේ’යි දුකට පත් වී කනගාටු සිතින් යුක්තව එතැනම අතුරුදන් විය.
(සංයුක්ත නිකාය, මාරසංයුක්තය, නාග සූත්‍රය)

බුදුරජාණන් වහන්සේ නික්ලේශී උත්තමයෙකු බව වටහා ගැනීමට මාරයාට හැකියාවක් තිබුණේම නැත. මාරයා නිතරම කල්පනා කළේ විවිධ බියවැද්දීම්වලින් උන්වහන්සේ කම්පා කිරීමට තමන්ට හැකිබවය. එක් කලෙක බුදුරජාණන් වහන්සේ රජගහ නුවර කලන්දකනිචාපයේ වේළුවනාරාමයේ වැඩ සිටින කාලයේ අන්ධකාරයෙත් යුක්ත රාත්‍රියක එළිමහනෙහි වැසි පොද වැටෙන වෙලාවක වැඩ සිටියහ.
එවිට පව්කාර මාරයා භාග්‍යවතුන් වහන්සේට බයක්, තැති ගැනීමක්, ලොමුදැහැගැනීමක් ඇති කරවීමට කැමැති වී මහා නා රජෙකුගේ වේශයක් මවාගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. ඔහුගේ ශරීරය තනි ගසකින් කළ නැවක් බඳුය. ඔහුගේ පෙණය රා පෙරන්නන්ගේ පෙරණයක් බඳුය.
ඔහුගේ ඇස් කොසොල් රජුගේ විශාල රන් පිඟාන බඳුය. වැසි වසින විට විදුලි කොටගන්නාක් සේ ඔහුගේ කටින් දිව නික්මෙයි. කම්මලේ මයිනහම අදිනකොට වගේ ශබ්දයක් හුස්ම ගන්නා විට ඇසෙයි.
එවිට භාග්‍යවතුන් වහන්සේ මේ තමා පව්කාර මාරයා කියා දැනගෙන මාරයාට ගාථාවලින් මෙසේ දෙසූහ. කවුරු හරි කෙනෙක් නිදාගැනීමට පාළු කැන් සොයාගනී ද,එ මුනිිවරයා ආත්ම සංවරයෙන් යුතු අයෙකි. ඔහු සියලු ආශාවන් දුරු කරලයි කටයුතු කරන්නේ. එබඳු අයට එය ඉතාම සුදුසුයි.
බොහෝ භයානක සත්තු සිටිති, බිහිසුණු අරමුණු ද බොහොමයි. ලේ බොන මැස්සෝ හා සර්පයෝ ද බොහෝ ය. එබඳු පාළු තැනක සිටින මහා මුනිවරයාගේ ලොම් ගසක්වත් සොලවන්න ඒ අරමුණුවලට බැහැ. අහස පැලිල ගියත්, පොළව පුපුරල ගියත්, ඔක්කොම සතුන් තැතිගත්තත්, පපුවට තියුණු උල්වලින් ඇන්නත්, බුදුවරු ආශාවන්ගෙන් රැකවරණ නොසොයති. ඉන්පසු පව්කාර මාරයා” භාග්‍යවත් තෙමේ මාව හඳුනාගත්තේය, සුගත තෙමේ මාව හඳුනාගත්තේය,” යි දුකට පත් වී කනගාටු සිතින් යුක්ත ව එතැන ම අතුරුදන් වීය.”
(සංයුක්ත නිකාය, මාරසංයුත්තය, සප්ප සූත්‍රය)
මාරයා ආසාවන්ගෙන් පිරුණු පාපකාරී අයෙකු වුව ද බුදුරජාණන් වහන්සේලාගේ සිත් පවා දැක ගැනීමට සමත් දක්ෂයෙකු වූ බව ත්‍රිපිටක සූත්‍රවල සඳහන් වී ඇත.
“එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ කොසොල් රටේ හිමාලය ප්‍රදේශයේ ආරණ්‍ය කුටියක වැඩ සිටින සේක. එකල තනිව චිත්ත විවේකයෙන් වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේට” නොමරමින්, නොමරවමින්, ධනය රාජසන්තක නොකරමින්, නොකරවමින්, ශෝක නොකරමින්, ශෝක නොකරවමින් දැහැමි ව රාජ්‍යය කරන්න පුළුවන්ද? යන සිතිවිල්ල ඇති විය.
එවිට පව්කාර මාරයා තමාගේ සිතින් භාග්‍යවතුන් වහන්සේගේ සිත දැනගෙන උන්වහන්සේ වෙත පැමිණ මෙසේ කීවේ ය. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ නොමරමින්, නොමරවමින්, ධනය රාජසන්තක නොකරමින් නොකරවමින්, ශෝක නොකරමින්, ශෝක නොකරවමින් දැහැමිව රාජ්‍යය කෙරේවා, සුගතයාණෝ රාජ්‍යය කෙරේවා”
(සංයුක්ත නිකාය, මාර සංයුත්තය, රජ්ජ සූත්‍රය)
මෙසේ රාජ්‍යය කිරීමට ආරාධනා කරන්නේ ඇයි දැයි උන්වහන්සේ මරයාගෙන් විමසූ විට මාරයා පැවසුවේ බුදුරජාණන් වහන්සේ සතර සෘද්ධි පාද වඩා ඇති නිසා හිමාලය පර්වතය රන් පව්වක් වේවායි පැතුවත් එය පවා ඉටුවන නිසා රාජ්‍යය කිරීමට සුදුසු බවය. මෙහිදී කරුණු දක්වන බුදුරජාණන් වහන්සේ එබඳු පර්වත දෙකක් තිබුණත් මිනිසා සෑහීමකට පත් නොවන නිසා සම ව හැසිරෙමින් පස්කම් සැප දුරු කළ යුතු බව මාරයාට පැවසූ සේක. මාරයා බුදුරජාණන් වහන්සේට පමණක් නොව උන්වහන්සේගේ ශ්‍රාවක මහරහත් තෙරණුවන්ට හා තෙරණියන්ට ද විවිධ අවස්ථාවල කරදර කළේ ය.
මාරයා මුගලන් මහ රහතන් වහන්සේට කරදර කළ අවස්ථාවක් මෙසේය. එක් කලක මුගලන් හාමුදුරුවෝ භගු රටේ සුංසුමාරගිරි නුවර භේසකලා වනයේ මිගදායෙහි වැඩ සිටිති. උන්වහන්සේ එළිමහනෙහි සක්මන් කරන විට කුස තුළ විශාල බරක් ඇති විය. ඒ නිසාම උන්වහන්සේ වෙහෙරට වැඩම කොට ආසනයක වැඩ සිටිමින් තමා පිළිබඳ නුවණින් මෙණෙහි කරද්දී දුටුවේ මාරයා තමන්ගේ කුසට රිංගා ගෙන සිටින ආකාරයයි. මුගලන් හාමුදුරුවෝ මාරයාට තමන්ගේ කුසින් නික්ම යන ලෙස කීවත් මාරයා කල්පනා කළේ මුගලන් හිමියන් තමන් ව නොදැක එසේ පිටව යන ලෙස කියන බවයි. ඒ නිසාම මාරයා ආරාමයෙන් පිටත දොරටුව ළඟ සිටගෙන සිටියේ ය. එවිට මුගලන් හිමියන් මාරයාට උපදෙස් දෙමින් වදාළේ පෙර කකුසඳ බුදුරදුන් දවස තමන් දුසී නම් මාරයාව ඉපිද බොහෝ පව් රැස්කරගෙන දුගතියේ උපන් ආකාරයයි.
“කකුසඳ බුදුරදුන් සමඟ ගැටී දුසී මාරයා පව් රැස්කර ගත්තේ ය. පව්කාරය, නුඹ මට කළ දේවල් නිසා පව් නොලැබේ යැයි සිතනවාද?
කරන කෙනාට පව් රැස්වෙයි, දිග කාලයක් සේ වැළපෙයි. පව්කාරය, බුදුරදුන් වෙතින් ඉවත් වී යව, භික්ෂූන් කෙරෙන් ඉවත් වී යව.”
(මජ්ක්‍ධිම නිකාය, චූලයමක වග්ගය, මාරතජ්ජනීය සූත්‍රය)
මෙලෙස බුදුරදුන්ට හා බුදු සව්වන්ට කරදර හා විපත් ඇති කළ මාරයා ඉන් අනතුරුව පසුකාලවලදී ද සිල්වත් භික්ෂූන්ට කරදර කළ ආකාරය පොත් පත්වල සඳහන් වී ඇත.
සද්ධාතිස්ස රජතුමා රාජ්‍යය කරන කාලයෙහි ඵුස්සදේව නම් වූ ඉතා සිල්වත් භික්ෂූන් වහන්සේ නමක් කටකන්දර නම් විහාරයේ වැඩ සිටියහ. උන්වහන්සේට කරදර කිරීමට පැමිණි මාරයා අවසානයේ දී පරාජයට පත් වූ ආකාරය සඳහන් කථා ප්‍රවෘත්තියක් සහස්සවත්ථුප්පකරණයේ ඇත.
“කටකන්දර වාසී ඵුස්සදේව තෙරුන්වහන්සේ වනාහී සද්ධාතිස්ස මහරජතුමාගේ සහෝදරියගේ පුතායි. ඵුස්සදේව නම් ඇමැතියා තම බිරිඳ වූ සුමනදේවි රැජින සමඟ ගිරි නම් වූ ගමට ගොස් වාසය කරන විට හත්ථිකුච්ඡි නම් වූ විහාරය සිත්කළු යැයි අසා, ප්‍රතිපත්ති ගරුක භික්ෂූන් එහි වසන බව ද දැනගෙන එම විහාරයට ගොස් මහ දන් පවත්වා හත්ථිකුච්ඡි මහා විහාරයේ චෛත්‍යයට පූජා සිද්ධ කර, භික්ෂු සංඝයා කෙරෙහි සිත පහදවාගෙන, හිඳිනා ලෙන තබා තිබූ ආකාරය දැක සාසනයෙහි පැහැදී ගිහිගෙයින් නික්ම පැවිදි වීමට සිතා, එම විහාරයෙහි ම මහාදේව තෙරුන් වහන්සේගේ සමීපයෙහි පැවිදි විය.
බුදුරජාණන් වහන්සේ නික්ලේශී උත්තමයෙකු බව වටහා ගැනීමට මාරයාට හැකියාවක් තිබුණේම නැත. මාරයා නිතරම කල්පනා කළේ විවිධ බියවැද්දීම්වලින් උන්වහන්සේ කම්පා කිරීමට තමන්ට හැකිබවය. එක් කලෙක බුදුරජාණන් වහන්සේ රජගහ නුවර කලන්දකනිචාපයේ වේළුවනාරාමයේ වැඩ සිටින කාලයේ අන්ධකාරයෙත් යුක්ත රාත්‍රියක එළිමහනෙහි වැසි පොද වැටෙන වෙලාවක වැඩ සිටියහ.
එවිට පව්කාර මාරයා භාග්‍යවතුන් වහන්සේට බයක්, තැති ගැනීමක්, ලොමුදැහැගැනීමක් ඇති කරවීමට කැමැති වී මහා නා රජෙකුගේ වේශයක් මවාගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. ඔහුගේ ශරීරය තනි ගසකින් කළ නැවක් බඳුය. ඔහුගේ පෙණය රා පෙරන්නන්ගේ පෙරණයක් බඳුය.
ඔහුගේ ඇස් කොසොල් රජුගේ විශාල රන් පිඟාන බඳුය. වැසි වසින විට විදුලි කොටගන්නාක් සේ ඔහුගේ කටින් දිව නික්මෙයි. කම්මලේ මයිනහම අදිනකොට වගේ ශබ්දයක් හුස්ම ගන්නා විට ඇසෙයි.
එවිට භාග්‍යවතුන් වහන්සේ මේ තමා පව්කාර මාරයා කියා දැනගෙන මාරයාට ගාථාවලින් මෙසේ දෙසූහ. කවුරු හරි කෙනෙක් නිදාගැනීමට පාළු තැන් සොයාගනී ද,එ මුනිිවරයා ආත්ම සංවරයෙන් යුතු අයෙකි. ඔහු සියලු ආශාවන් දුරු කරලයි කටයුතු කරන්නේ. එබඳු අයට එය ඉතාම සුදුසුයි.
බොහෝ භයානක සත්තු සිටිති, බිහිසුණු අරමුණු ද බොහොමයි. ලේ බොන මැස්සෝ හා සර්පයෝ ද බොහෝ ය. එබඳු පාළු තැනක සිටින මහා මුනිවරයාගේ ලොම් ගසක්වත් සොලවන්න ඒ අරමුණුවලට බැහැ. අහස පැලිල ගියත්, පොළව පුපුරල ගියත්, ඔක්කොම සතුන් තැතිගත්තත්, පපුවට තියුණු උල්වලින් ඇන්නත්, බුදුවරු ආශාවන්ගෙන් රැකවරණ නොසොයති. ඉන්පසු පව්කාර මාරයා” භාග්‍යවත් තෙමේ මාව හඳුනාගත්තේය, සුගත තෙමේ මාව හඳුනාගත්තේය,” යි දුකට පත් වී කනගාටු සිතින් යුක්ත ව එතැන ම අතුරුදන් වීය.”
(සංයුක්ත නිකාය, මාරසංයුත්තය, සප්ප සූත්‍රය)
මාරයා ආසාවන්ගෙන් පිරුණු පාපකාරී අයෙකු වුව ද බුදුරජාණන් වහන්සේලාගේ සිත් පවා දැක ගැනීමට සමත් දක්ෂයෙකු වූ බව ත්‍රිපිටක සූත්‍රවල සඳහන් වී ඇත.
“එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ කොසොල් රටේ හිමාලය ප්‍රදේශයේ ආරණ්‍ය කුටියක වැඩ සිටින සේක. එකල තනිව චිත්ත විවේකයෙන් වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේට” නොමරමින්, නොමරවමින්, ධනය රාජසන්තක නොකරමින්, නොකරවමින්, ශෝක නොකරමින්, ශෝක නොකරවමින් දැහැමි ව රාජ්‍යය කරන්න පුළුවන්ද? යන සිතිවිල්ල ඇති විය.
එවිට පව්කාර මාරයා තමාගේ සිතින් භාග්‍යවතුන් වහන්සේගේ සිත දැනගෙන උන්වහන්සේ වෙත පැමිණ මෙසේ කීවේ ය. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ නොමරමින්, නොමරවමින්, ධනය රාජසන්තක නොකරමින් නොකරවමින්, ශෝක නොකරමින්, ශෝක නොකරවමින් දැහැමිව රාජ්‍යය කෙරේවා, සුගතයාණෝ රාජ්‍යය කෙරේවා”
(සංයුක්ත නිකාය, මාර සංයුත්තය, රජ්ජ සූත්‍රය)
මෙසේ රාජ්‍යය කිරීමට ආරාධනා කරන්නේ ඇයි දැයි උන්වහන්සේ මරයාගෙන් විමසූ විට මාරයා පැවසුවේ බුදුරජාණන් වහන්සේ සතර සෘද්ධි පාද වඩා ඇති නිසා හිමාලය පර්වතය රන් පව්වක් වේවායි පැතුවත්, එය පවා ඉටුවන නිසා රාජ්‍යය කිරීමට සුදුසු බවය. මෙහිදී කරුණු දක්වන බුදුරජාණන් වහන්සේ එබඳු පර්වත දෙකක් තිබුණත් මිනිසා සෑහීමකට පත් නොවන නිසා සම ව හැසිරෙමින් පස්කම් සැප දුරු කළ යුතු බව මාරයාට පැවසූ සේක. මාරයා බුදුරජාණන් වහන්සේට පමණක් නොව උන්වහන්සේගේ ශ්‍රාවක මහරහත් තෙරණුවන්ට හා තෙරණියන්ට ද විවිධ අවස්ථාවල කරදර කළේ ය.
මාරයා මුගලන් මහ රහතන් වහන්සේට කරදර කළ අවස්ථාවක් මෙසේය. එක් කලක මුගලන් හාමුදුරුවෝ භගු රටේ සුංසුමාරගිරි නුවර භේසකලා වනයේ මිගදායෙහි වැඩ සිටිති. උන්වහන්සේ එළිමහනෙහි සක්මන් කරන විට කුස තුළ විශාල බරක් ඇති විය. ඒ නිසාම උන්වහන්සේ වෙහෙරට වැඩම කොට ආසනයක වැඩ සිටිමින් තමා පිළිබඳ නුවණින් මෙණෙහි කරද්දී දුටුවේ මාරයා තමන්ගේ කුසට රිංගා ගෙන සිටින ආකාරයයි. මුගලන් හාමුදුරුවෝ මාරයාට තමන්ගේ කුසින් නික්ම යන ලෙස කීවත් මාරයා කල්පනා කළේ මුගලන් හිමියන් තමන් ව නොදැක එසේ පිටව යන ලෙස කියන බවයි. ඒ නිසාම මාරයා ආරාමයෙන් පිටත දොරටුව ළඟ සිටගෙන සිටියේ ය. එවිට මුගලන් හිමියන් මාරයාට උපදෙස් දෙමින් වදාළේ පෙර කකුසඳ බුදුරදුන් දවස තමන් දුසී නම් මාරයාව ඉපිද බොහෝ පව් රැස්කරගෙන දුගතියේ උපන් ආකාරයයි.
“කකුසඳ බුදුරදුන් සමඟ ගැටී දුසී මාරයා පව් රැස්කර ගත්තේ ය. පව්කාරය, නුඹ මට කළ දේවල් නිසා පව් නොලැබේ යැයි සිතනවාද?
කරන කෙනාට පව් රැස්වෙයි, දිග කාලයක් සේ වැළපෙයි. පව්කාරය, බුදුරදුන් වෙතින් ඉවත් වී යව, භික්ෂූන් කෙරෙන් ඉවත් වී යව.”
(මජ්ක්‍ධිම නිකාය, චූලයමක වග්ගය, මාරතජ්ජනීය සූත්‍රය)
මෙලෙස බුදුරදුන්ට හා බුදු සව්වන්ට කරදර හා විපත් ඇති කළ මාරයා ඉන් අනතුරුව පසුකාලවලදී ද සිල්වත් භික්ෂූන්ට කරදර කළ ආකාරය පොත් පත්වල සඳහන් වී ඇත.
සද්ධාතිස්ස රජතුමා රාජ්‍යය කරන කාලයෙහි ඵුස්සදේව නම් වූ ඉතා සිල්වත් භික්ෂූන් වහන්සේ නමක් කටකන්දර නම් විහාරයේ වැඩ සිටියහ. උන්වහන්සේට කරදර කිරීමට පැමිණි මාරයා අවසානයේ දී පරාජයට පත් වූ ආකාරය සඳහන් කථා ප්‍රවෘත්තියක් සහස්සවත්ථුප්පකරණයේ ඇත.
“කටකන්දර වාසී ඵුස්සදේව තෙරුන්වහන්සේ වනාහී සද්ධාතිස්ස මහරජතුමාගේ සහෝදරියගේ පුතායි. ඵුස්සදේව නම් ඇමැතියා තම බිරිඳ වූ සුමනදේවි රැජින සමඟ ගිරි නම් වූ ගමට ගොස් වාසය කරන විට හත්ථිකුච්ඡි නම් වූ විහාරය සිත්කළු යැයි අසා, ප්‍රතිපත්ති ගරුක භික්ෂූන් එහි වසන බව ද දැනගෙන එම විහාරයට ගොස් මහ දන් පවත්වා හත්ථිකුච්ඡි මහා විහාරයේ චෛත්‍යයට පූජා සිද්ධ කර, භික්ෂු සංඝයා කෙරෙහි සිත පහදවාගෙන, හිඳිනා ලෙන තබා තිබූ ආකාරය දැක සාසනයෙහි පැහැදී ගිහිගෙයින් නික්ම පැවිදි වීමට සිතා, එම විහාරයෙහි ම මහාදේව තෙරුන් වහන්සේගේ සමීපයෙහි පැවිදි විය.
ඒහිමියන්ට උපසම්පදාව දී රහත්වීමට පින ඇති බව දැක,
ඔබ,උපසම්පදාව ලැබූ තැන් පටන් කමටහන් වඩා යම් තැනක ආවාසිකයෙකු නැද්ද එහි වසන්නැ”යි කියා යැවීය. ඵුස්සදේව තෙරණුවෝ උපාධ්‍යාය හාමුදුරුවන්ට වැඳ එහි විහාරයෙන් නික්මගොස්, පිළිවෙළින් චාරිකාවේ හැසිරෙමින් කටකන්දර විහාර පිහිටවිය යුතු ස්ථානයට පැමිණ, එක රැයක් කටකන්දර ගංතෙර, කුඩා ගසක් යට වැලිතලාවේ විසූහ. එම ගසට අරක් ගත් වෘක්ෂ දේවතාවා පසු දින තෙරුන් වහන්සේට මුහුණ සේදීමට ජලය හා දැහැටි පිළිගන්වා,”ස්වාමීනි, කටකන්දර ගමේ පිඬු පිණිස වඩින සේක්වා”යි කීවේය. තෙරුන් වහන්සේ ශරීරකෘත්‍ය කටයුතු නිමවා කටකන්දර ගමේ පිඬු පිණිස හැසිරීමට නික්මුණ සේක. එවිට දේව පුත්‍රයා මිනිස් වෙසින් ඉදිරියෙන් ගොස් මෙසේ ශබ්ද නගා කීවේය. “කටකන්දර වාසී ඵුස්සදේව තෙරණුවෝ පිඬු පිණිස හැසිරෙති. තමන්ට හැකි පමණ කැඳ බත් ද පිළියෙළ කරත්වා” ඔහුගේ ශබ්දය අසා මිනිස්සු දැනගෙන තෙරණුවන්ට කැඳ බත් දී තෙරණුවන් සමඟ ගමෙන් පිටතට ගොස් බත් කිස නිම පසු තෙරණුවන් කැමති කරවාගෙන කටකන්දර ගංතෙර වෙහෙරක් කර නැවැත්වූහ.එතැන් පටන් තෙරුන් වහන්සේ පිඬු පිණිස වඩින බව දකින මිනිස්සු බර වැඩ නිසා වෙහෙසට පත් ගවයන් නවතා තෙරුන්වහන්සේට වැන්දාහ. ඒ වෙලාවට තමන්ට නිදහස ලැබෙන නිසා තෙරුන් වහන්සේ දැක සිත පහදාගෙන දිව්‍ය ලෝකයේ උපන් ගවයන් ගව දෙවියෝ නම් වූහ.
සොරුන් යැයි අල්ලාගෙන මරන්නට නියම කර තිබුණත් නොමරණ ලද සොරන් තෙරුන් සමීපයේ ධර්මය අසා, සිල් රැක පොහෝ දිනවල පෙහෙවස් සමාදන් වී භාවනා කර දිව්‍ය ලෝකයේ දිව්‍ය පුත්‍රයන් ලෙස උපන් අය නොයෙක් සිය ගණනකි. සුධර්මා නම් දේව සභාවේ දෙදෙව්ලොව දෙවියන්,සතරවරම් දෙවිවරුන් හා ශක්‍ර දෙවියන් ඉදිරියේ ඵුස්සදේව තෙරුන්ගේ ගුණ වර්ණනා කෙරෙයි. ඒ බව අසා ශක්‍රදේව රාජයාණන්ගේ නාටිකාවෝ “තෙරුන් වහන්සේගෙන් ධර්මය අසමු”යි සක්දෙවියන්ට කීහ. සක්දෙවියෝ එකිනෙහිම බලා ඇවිත් තෙරුන්ට වැඳ “ස්වාමීනි,අපේ අන්තඞපුරයේ අය ඔබවහන්සේ ගේ ධර්මය ඇසීමට කැමැතියි. ඒ අයට ධර්මය දේශනා කෙරේවා”යි කියා තෙරුන් වැඩ සිටි ආසනය පිටින්ම ගෙන හිස මත තබාගෙන ගියහ. තෙරුන් වහන්සේ දිව්‍ය අප්සරාවන් දැකීමට අකමැති නිසා මනුෂ්‍ය ලෝකයේදීම ඇස් පියාගත් අතර අභිධර්ම දේශනාවක් කළ සේක. ශක්‍රදේවේන්ද්‍රයාගේ බිසෝවරු ධර්මය අසා තෙරුන් දැකබලාගෙන සතුටු සිතැතිව, දිව්‍ය පූජාවන් පූජා කර තෙරුන් වැඩ සිටි තැනටම රැගෙන යන මෙන් ශක්‍රයාට කීවෝය. ශක්‍රයා තෙරුන්ව රැගෙන ගොස් ඒ විහාරයට ම ඇරලවීය.
ඉක්බිති එක දවසක් තෙරුන් වහන්සේ සෑ මලුව අතුගා බුදුරදුන් මුල්කරගත් පී‍්‍රතියෙන් යුක්තව සිටිසේක. එවේලෙහි මාරයා තෙරුන්ට උපන් පී‍්‍රතිය නැති කරනු කැමතිව පාද පෙරළමින් එතැන සාරා, ගොම දමා, වැලි අවුස්සා යන්නට ගියේය.තෙරණුවෝ ගොම අරන් දා,වැලි මට්ටම් කොට, අගු ගා “මේ හාත්පස ගොන්නු නැත. මාව අවුල් කිරීමට පැමිණියා වූ මාරයාවත්දැයි” යි කල්පනා කොට “නුඹ මාරයා”දැයි ඇසීය. ශ්‍රමණ තේජසින් යුක්ත ශ්‍රමණයාගේ කථාව අසා වංචාවක් නොකොට”ඔව්, මා මාරයා වෙමි”යි කීවේය. තෙරුන් වහන්සේ ඔහුව වංචා කිරීමට”ඔබ අපේ ශාස්තෘවරයාගේ රූපය දක්වන්නැ”යි කීවේය. ස්වාමීනි, එසේ නොකියන්න, ඔබ වහන්සේගේ ශාස්තෘවරයාගේ රූපය මා බඳු මාරයන් දහසකට වුවත් මැවීමට නොහැකියැ”යි කීය. ඔබට හැකි පමණින් අපට දක්වන්නැ”යි කීය. මාරයා තමාගේ වේශය අතහැර අහසේ සිට අසූ අනුව්‍යජ්ජනයන්ගෙන් විසිතුරු වූ මහා පුරුෂ ලක්ෂණ තිස්දෙකින් යුක්ත වූ සවනක් රැස් වලින් යුත් රැස් වලල්ලකින් හාත්පස අලංකාර වු බුදුරුවක් මවා බබළමින් සිටියේය. තෙරුන් වහන්සේ නිශ්චලව සිටිමින් බුද්ධාරම්මනයෙන් හටගත් කාය පී‍්‍රතියෙන් සිත පහදාගෙන රහත් වූ සේක. මාරයා තෙරුන් වහන්සේගේ රහත්වීම දැනගෙන “ස්වාමීනි, මාව හොඳටම රැවැට්ටුවා නේද?යි කියා දුකට හා දොම්නස් බවට පැමිණ එතැනදීම අතුරුදන් විය.තෙරුන් වහන්සේ එම ආරාමයේම වසමින් මිනිසුන්ට සේවය කොට ආයුෂ ඇතිතෙක් වැඩ සිට පිරිනිවන් පෑ සේක”.
(සහස්සවත්ථුප්පකරණය, ඵුස්සදේව ථෙර වස්තුවෙනි අර්ථ උත්පත්තිය)

උපගුත්ත නම් වූ මහරහතන් තෙරුන්වහන්සේ නමක්ද මාරයා පරාජයට පත් කර එයින් නොනැවතී අවසානයේදී මාරයා බෞද්ධයෙකු බවටද පත්කළ කථා පුවතක් දිව්‍යාවදාන නම්වූ සංස්කෘත ග්‍රන්ථයේ සඳහන් වී ඇත. ක්‍රි.ව. 2 වන සියවසේදී පමණ රචනා කරන්නට ඇතැයි අනුමාන කෙරෙන මෙම කෘතියෙහි අශෝක රජතුමා පිළිබඳ බොහෝ විස්තර ඇතුළත්ව තිබේ. ඔහුගේ ධර්මාචාර්යවරයා ලෙස උපගුප්ත මහ රහත් තෙරණුවන් කටයුතු කළ බව මෙහි සඳහන් වී තිබේ. මේ පිළිබඳ විස්තර කිසිවක් ථෙරවාද පාලි පොත්පත්වල සඳහන් වී නැති අතර උන්වහන්සේ සර්වාස්තිවාදි භික්ෂුවක් විය හැකි යැයි යනුවෙන් මතයක් ඉදිරිපත් වී ඇත. ඉහත සඳහන් කල උපගුප්ත තෙරුන්වහන්සේ හා මාරයා පිළිබඳ කථාපුවත මෙසේය. “එක් දිනක් මථුරා නගරයේදී විශාල පිරිසක් ඉදිරියේ ධර්මය දේශනා කරනවිට මාරයා හා පිරිසගේ අවධානය වෙනතකට යොමු කරවීමට මුතු මාලාවල් ප්‍රදර්ශනය කළේය.
දෙවැනි දින ද උන්වහන්සේගේ ධර්ම දේශනාව සිදු කෙරෙන අතරවාරයේ රත්තරන් හා ස්වභාවික මුතු වැස්සක් ද හැලුණේය. උපගුප්ත තෙරුන් වහන්සේ ධර්මය දේශනා කිරීමට පටන්ගත් විට, මාරයා දිව්‍යාංගනාවන් ලවා දිව්‍යවාදන භාණ්ඩ වාදනය කරවා පිරිස මැද ගී ගැයීමට හා නැටීමට සැලැස්විය . ඒ නිසා ශ්‍රාවකයන්ගේ සිත්ඇදී ගියේ දිව්‍ය අප්සරාවන්ට හා ඔවුන්ගේ සංගීතයටය. මාරයා බොහොම සතුටට පත් වී උපගුප්ත ස්ථවිරයන් වහන්සේගේ හිස වටා මල් මාලාවක් දැමුවේය. ඉන්පසු මාරයා පරාජය කිරීමට සිතූ මේ උතුම් භික්ෂුව නයෙකුගේ බල්ලෙකුගේ හා මිනිසෙකුගේ ඇටකටුවලින් කළ මල් මාලයක් මාරයාගේ හිසවටේ පළඳුවේය. මාරයා එය පැළඳගත්තාට පසු මල්මාලයක් වෙනුවට දකින්න ලැබුණේ නයෙකුගේ, බල්ලෙකුගේ හා මිනිසෙකුගේ ඇටකටු ඔහුගේ හිසේ, බෙල්ලේ හා කන්වල තිබෙන ආකාරයයි. මාරයා ඒ ඇටකටු ඇඟෙන් ඉවත් කිරීමට උත්සාහ කලත් එය සාර්ථක නොවීය. ඉන්පසු ඔහු අහසට පැන නැගී ඉන්ද්‍ර, රුද්‍ර, විෂ්ණු , යම, වරුණ වැනි දෙවිවරුන්ගෙන් ඉල්ලා සිටියේ තමන් කෙසේ හෝ මුදා ගන්නා ලෙසය. නමුත් ඒ දෙවිවරු ද එසේ කිරීමට හැකියාවක් නොමැති බව ප්‍රකාශ කළෝය .අන්තිමේදී මාරයා මහා බ්‍රහ්මයා වෙත ගිය විට ලැබුණු උපදේශය වූයේ හැකි ඉක්මනින් උපගුප්ත තෙරුන් මුණගැසී ගැලවීම උදාකර ගන්නා ලෙසය.
ඉන් පසු බලවත් සේ පසුතැවිලි වූ මාරයා උපගුප්ත තෙරුන්ගේ පාමුල වැටී එම හිස්කබල් හා ඇටකටු මාලය ඉවත්කර දෙන ලෙස ඉල්ලා සිටියේය. මින් මතු මාරයා කිසිඳු භික්ෂුවකට කරදර කරන්නේ නැතිනම් හා බුදුරජාණන් වහන්සේගේ මනුෂ්‍ය ස්වභාවය මවා පෙන්වූවොත් පමණක් ඔහුව මුදාහැරීමට උන්වහන්සේ කැමැති විය. ඊට හේතුව නම් එහිමියන් බුදුරදුන්ගේ ධර්මකාය දැක තිබුණත් රූපකාය දැක නැති නිසාය. මාරයා ඊට එකඟ විය. නමුත් තමන් මවන බුදුරුවට නොවැඳිය යුතු බවත්, එසේ වැන්දොත් උන්වහන්සේ විනාශවන බවත් ඔහු තවදුරටත් කීය. ඉන්පසු මාරයා අතුරුදන් වී මහාපුරුෂ ලකුණු තිස් දෙකින් යුතු බුද්ධ ස්වරූපය මවාගත්තේය. එය ඇසට ඉතාමත්ම ලස්සන,වර්ණවත් අලංකාර නිර්මාණයක් විය. මෙම අලංකාර දර්ශනය දුටු උපගුප්ත තෙරුන් බුදුරජාණන් වහන්සේගේ රූපයේ වුවද පවතින්නා වූ අනිත්‍යය මෙනෙහි කළේය.
උපගුප්ත තෙරුන්වහන්සේ බුදුරුව දැක එය මැවීමක් බව අමතක වූ නිසා බුදුරුව ඉදිරිපස කඩාවැටුණු දර කොටයක් මෙන් දිගාවී වැන්දේය. කලින් වූ පොරොන්දුව මාරයා උන්වහන්සේට මතක් කරදුන් විට උන්වහන්සේ පැවසුවේ තමන් වැන්දේ, මාරයාට නොව බුදුරජාණන් වහන්සේට බවය. බුදුරදුන් විරාජමාන නොවුවද මිනිසුන් මැටියෙන් කළ දේව පිළිමවලට වඳින විට ගරු කරවනුයේ දෙවියන්ට නිසා මේ වැඳීම ද බුදුරදුන් උදෙසා කළ දෙයක් බව උන්වහන්සේ පැවසූහ.
ඉන් අනතුරුව මාරයා තමාගේ යථා ස්වභාවයට පත්වී උපගුප්ත තෙරුන්ගෙන් බණ ඇසීමට මිනිසුන්ට ආරාධනා කළේය. (දිව්‍යාවදානය, පාංශුප්‍රදානාවදානය)
නමුත් මාරයා මෙකල වැඩවසන සිල්වත් හා භාවනානුයෝගී භක්ෂූන් වහන්සේලාට පවා බාධා කරන බව සත්‍යයකි. මෙකල ලංකාවේ ඉතාමත්ම ජනපි‍්‍රය පොත් පෙළක් වන “මහ රහතුන් වැඩි මග ඔස්සේ,” නමැති ග්‍රන්ථ මාලාව රචනා කරන ස්වාමින් වහන්සේ මේ පිළිබඳ ඉතාමත්ම සිත් ගන්නා සුළු කතා පුවතක් දක්වා ඇත. උන්වහන්සේගේ එම අද්දැකීම ග්‍රන්ථයේ දක්වා ඇත්තේ මෙසේය.
දැන් භික්ෂුව මෙහි සඳහන් කරන්නේ සැබෑම මධ්‍යම ප්‍රතිපදාව තුළ එනම් තුන් සිව්රත් පාත්‍රයත් දරමින් දැඩි අධිෂ්ඨානයෙන් අවංකභාවයෙන් මේ ධර්ම මාර්ගයේ ගමන් ගත් එක්තරා භික්ෂුවක් සමාධියෙන් පසු වෙද්දි අත්දුටු මාරයාගේ නිවට දීන ක්‍රියාවකි. මේ මාරයා යනු පරනිම්මිත වසවර්තිය නමැති දිව්‍යතලයේ අධිපති වසවර්ති මාරදිව්‍ය පුත්‍රයාය. භික්ෂුව රාත්‍රී 11.00 ට පමණ සමාධියෙන් පසුවෙත් දී භික්ෂුව ඉදිරියට ඉතාමත් වේගයෙන්, ජවයෙන්, වියරුවෙන් කුළුහරක් රංචුවක් පැමිණියහ. මෙම වියරු කුළු හරක් රංචුව භික්ෂුවට මීටර් 25 ක් පමණ ඉදිරියෙන් ක්ෂණයෙකින් පහළ වී භික්ෂුවගේ ඉදිරියට දිව ආහ. මේ සෑම කුළු හරකෙක්ම ඉතාමත් ජව සම්පන්න හැඩි දැඩි සතුන්ය.මෙසේ වේගයෙන් පිඹිමින් භික්ෂුව ඉදිරියට දිවමින් භික්ෂුවට මීටර් පණහක් පමණ තිබියදී මේ වියරු කුළු හරක් රංචුව දකුණු පැත්තට හැරී පලාගියහ. මෙම රංචුවේ අවසාන මී හරකාත් භික්ෂුවට සමාධියෙන් නොපෙනීයාමත් සමගම එක ක්ෂණයකින් භික්ෂුවට මීටර් විසිපහකට පමණ ඉදිරියෙන් තනි කුළු හරකෙන් පහළවිය. මොහු කුළු හරකෙක් නොව හරක් රජෙකි.

උස අඩි පහක් පමණ ඇත. හොඳ පුෂ්ඨිමත් කුළු හරකෙකි. මොහුට අං පිහිටියේ නැත, මෙම කුළු හරකගේ සම වෙල්වට් සමකි. එම සතාගේ සම දිලිසෙන ගී‍්‍රස්වල ඇති කළු පැහැයක් ගෙන තිබිණි. මෙම ප්‍රතාපවත් කුළුහරකාගේ සම කඩ කැපූ සිව්රක් සේ දිගැටි ආකාරයට අඟලේ අඟලේ ප්‍රමාණයට දිගට දහස්කඩ සිව්රක්සේ සම නිර්මාණය වී තිබිණි. මොහු ආයුෂ, වර්ණය, සැපය, බලය උපරිම තලයේ කුළුහරකෙකි. මෙම කුළුහරකාගේ නාසයට රිදී පැහැති අඟල් හයක් පමණ වට රවුමකින් යුත් වළල්ලක් දමා තිබුණි. එය මාපට ඇඟිල්ලක් තරම් මහතය. දැන් ඔබ මොහොතක් සිතන්න. නාසයට රිදී වළල්ලක් දැමූ දහස්කඩ චීවරයක් බඳු වෙල්වට් සමක් සහිත මෙම ප්‍රතාපවත් කුළු හරකාගේ ස්වභාවය. ඔබ මනසින් මෙනෙහි කරන්න. ඉහත ස්වභාවයේ ප්‍රතාපවත් මේ කුළුහරකා භික්ෂුවට මීටර් 25ක් ඉදිරියෙන් පහළ වෙච්ච තැනදීම වේගයෙන් හිස වරක් කරකවලා බොහොම සෘජුව හිස කෙලින් කර භික්ෂුව දෙස බලා සිටියා.
ඔබ දැකලා ඇති මල්ලව පොර තරඟවලදී බොහෝම හැඩිදැඩි විදේශීය ක්‍රීඩකයන් ප්‍රතිවාදියා සිටින වේදිකාවට ගොඩවෙන කොටම හිස බොහෝම ගාම්භීර ආකාරයෙන් කරකවලා සෘජු බැල්මක් ප්‍රතිවාදියාට හෙළනවා. මෙහෙම කරන්නේ ප්‍රතිවාදියාව තරගයට පෙරදීම බිය ගන්වන්න. ඉහත කුළු හරකාද පහළ වූ නිමේශ-යේම ගාම්භීර ලෙස නාසයේ රිදී වළල්ලක් පැළඳි හිස කරකවා තේජස්බව තව දැඩිකරගෙන සමාධියෙන් පසුවන භික්ෂුව දෙස වියරු බැල්මක් හෙළා නාසයේ කුහර දෙකෙන් දූවිලි පැහැදුමක් පිටකරමින් වියරුවෙන් මෙන් භික්ෂුව ඉදිරියට හඹා පැමිණියහ. හරියටම භික්ෂුවට මීටර් පහක් පමණ ඉදිරියෙන් මෙම කුළු හරක් රජුද දකුණු දෙසට හැරී පලා ගියහ. භික්ෂුව තවමත් සුපුරුදු සමාධිය තුළය. දර්ශනය නිම වූ පසුව භික්ෂුව සමාධියෙන් අවධිවිය. භික්ෂුවගේ මුහුණට සිහින් සිනාවක් නැගිණි. සිහින් සිනාවක් සමඟ මේ සිතිවිල්ල භික්ෂුව තුළ පහළ විය. පරනිම්මිත වසවර්ති දිව්‍යතලයේ වසවර්ති දිව්‍ය පුත්‍රයා භික්ෂුව ඉදිරියේ කුළු හරකෙක් වීමට තරම් දීන වූවා නේද යන සිතිවිල්ල භික්ෂුවට පහළ විය. භික්ෂුව බිය ගැන්වීම සඳහා කරන ලද මේ පරාජිත මාර ක්‍රියාවේ දී භික්ෂුව බියගැන්වීමට මාරයාට අවශ්‍ය විය.
මාරදිව්‍ය පුත්‍රයාගේ නිවට භාවය යනු ඔහු තවමත් සිතන්නේ ධර්ම මාර්ගයේ ගමන් කරන ආර්යන් වහන්සේලා බියගැන්වීමට තමන්ට හැකිය කියාය. මේ ආකාරයෙන් මාරයා භික්ෂුව බියගැන්වූයේ සමහරවිට භික්ෂුව අවබෝධ කළ යම් ධර්මයක් වේද එම ධර්මය ලෝකයාට දේශනා කිරීම වැළැක්වීමටය. බිය ගැන්වීමටය. එම අවස්ථාවේ භික්ෂුව වැඩ සිටියේ ලොකු ප්‍රපා-තයක් අසලම තිබුණු කඳු බෑවුමක කුටියකය. භික්ෂුව මේ මොහොතේ බියගන්වා ගැනීමට පුළුවන් වුණොත් කුළුමීමා එන වේගයෙන්ම භික්ෂුව බාග බිත්තිය බැඳ තිබූ එම කුටියේ එළියට පැන ප්‍රපාතයට වැටී අපවත් කිරීමට හැකි යැයි සිතුවාද විය හැකියි. එසේ වූවා නම් මෙම සටන ඔබ අතට පත් නොවන බව මාරයා දනී. එහෙත් මාරයාට සිදුවූයේ එහි අනෙක් පැත්තය. භික්ෂුවගේ රෝමකූපයකටවත් අනතුරක් කිරීමට මාරයාට නොහැකි විය. සමාධි සුවයෙන් සිටි භික්ෂුවගේ සමාධිමත් ස්වභාවය එක දශමයකින් හෝ හීන කිරීමට මාර පුත්‍රයාට නොහැකි විය. මෙම ශක්තිය භික්ෂුවගේ ආශ්චර්යයක් නොව ධර්මයේ ආශ්චර්යයි.
(මහරහතුන් වැඩිමග ඔස්සේ, අත්හැරීම 3, සතර අපායෙන් මිදෙමු, චැනල්ලින්ක් පුද්ගලික සමාගම පන්නිපිටිය, 2013 ජූලි)
ලංකාවේ පමණක් නොව වර්තමානයේ ලෝකයේ වැඩවසන වෙනත් භාවනා-නුයෝගී භික්ෂූන් වහන්සේලා ද ඇතැම් අවස්ථාවල මාරයාගේ බලපෑම අත්දැක ඇති බව උන්වහන්සේලා විසින් ප්‍රකාශ කරන ලද තොර-තුරු වලින් අවබෝධ වේ. වර්තමානය මියන්මාරයේ (බුරුමයේ) දකුණු මයිං යං ප්‍රදේශයේ සුන්ලුන් නම් ග්‍රාමයේ උපන් මව්’ ක්යව් දින් නමැති දරුවා සුන්ලුන් සයාඩෝයුකවි නමින් පැවිදි වීමෙන් අනතුරුව භාවනා කරන විට ලැබුණු මාරයා පිළිබඳ අත්දැකීමක් මෙසේ ය.
“රාත්‍රී කීපයකට පසු කවි සාමණේරයන්ට” ඔබේ ජීවිතය අත්හරින්න යනුවෙන් පාලි භාෂාවෙන් කියන හඬක් ඇසුණි. එහි තේරුම ඒහිමියන්ට මරණයට පත් වීමට ආරාධනා කිරීමයි. (ආයු සංස්කාරය අත්හරින්න) කවි සාමණේරයෝ ‘නැහැ මම එහෙම කරන්නේ නෑ’ යනුවෙන් දැඩිව කීවේ ය. එවිට එම හඬ අතුරුදන් විය. පසුදා උදෑසන එහිමියෝ සිදුවූ දෙය පිළිබඳ ව යේ ලෙයි සයාඩෝ හිමියන්ට සැළ කළහ. එවිට උන්වහන්සේ, “ඔබ “ඔව්” කියල කිව්වද ඒ අයගේ ඉල්ලීමට?” යනුවෙන් ඇසූහ. “නැහැ ස්වාමීනි මම ඊට එකඟ වුණේ නැහැ. “කවි සාමණේරයෝ පිළිතුරු වශයෙන් කීහ. “ඒ අයගේ කීම පිළිගන්න වත් ඊට එකඟවෙන්නවත් එපා. ඒ අය තවම ආපහු ගිහින් නෑ. මාරයෝ (නපුරු ආත්ම) ආපසු ඒවි. පරිස්සම් වන්න’යි යේ ලෙයි සයාඩෝ හිමියෝ අනතුරු හඟවමින් කීහ.
රාත්‍රී කීපයකට පසුව, එක්තරා භූතාත්මයක් තනිවම අවුත් කවි සාමණේරයන්ගෙන් ඉල්ලා සිටියේ කරුණාකර චතුරාර්ය සත්‍ය දේශනා නොකරන්න, කියාය. "මම එය දේශනා කරනවාමයි" කවි සාමණේරයෝ පිළිතුරු ලෙස කීහ. "ඔබ මම කියන දේ අහන්නේ නැද්ද? යනුවෙන් ඔහුගේ ඉල්ලීමට ඇහුම්කන් දියයුතු බව අවධාරණය කරමින් ඇසුවේය. භූතාත්මය තුළ පවතින තරහ තේරුම් ගත් කවි සාමණේරයෝ මෛත්‍රිය කිරීමට තීරණය කළහ. "ඔබ මගේ මෛත්‍රිය භාරගන්නේ නැද්දැ"යි කවි සාම- ණේරයන් ඇසූ විට " ගරු ස්වාමීනි, එහෙයි, මම භාර- -ගන්නවා" යැයි කියමින් අඳුරට දුකින් සුසුමක් හෙළා අයියෝ ! බොහෝ සත්ත්- වයෝ ධර්මය අවබෝධ කරගෙන මිදෙන්න යි යන්නේ" යැයි කීවේය.
ඊළග දවසේ උදේ මේ කතාව ඇසූ යේ ලෙයි සයාඩෝ හිමියෝ ඒ භූතාත්මය පසුපස හඹා යන්නැ'යි කීහ. ඉන්පසු සාමණේරයසන් ඒ භූතාත්මය අරමුණු කර බැලූ විට ආයුසංස්කාරය අත්හරින්න ආරාධනා කළ, ඒ වගේම චතුරාර්ය සත්‍යය දේශනා නොකරන්නැයි තමන්ට බලකළ ඒ භූතාත්මය කවුදැයි හඳුනා ගත්තේය. උන්වහන්සේ තමන් සොයා ගත් දේ පිළිබඳව යේ ලෙයි සයාඩෝ හිමියන්ව දැනුවත් කළහ. '් භූතාත්මය මාරයගේ ගැත්තෙකු පමණයි යනුවෙන් මම තේරුම් ගත්තා. මාරයා දැන් හොඳ කෙනෙකු බවට පත්වෙලා' දින කීපයකට පසුව රතු මල් හිසේ ගසා ගත්ත දෙවඟනන් දෙදෙනෙක් මැදියම් රෑ කවි සාමණේරයන් බැලිමට පැමිණියහ. කවි සාමණේරයන් 'නුඹලා මෙහෙ ආවේ මොනවා කරන්නද? " යැයි කියා ඔවුන්ට තරවටු කළ විට පමණක් ඔවුහු පලා ගියහ."