දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

ආරෝග්‍ය පරමා ලාභා

කැලණිය විශ්වවිද්‍යාලයේ 
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය 
සුමනපාල ගල්මංගොඩ

බෞද්ධ සම්ප්‍රදායට අනුකූලව ජීවත්වූ අපේ පැරැන්නන් ගොවිතැන් කටයුතු වලින් නිදහස් වූ සෑම අවස්ථාවකම වටවන්දනාවේ යාමට පුරුදුව සිටියා. සොළොස්මස්ථාන, අටමස්ථාන, වන්දනා කිරීම සඳහා ඒ සියලුම ස්ථාන වන්දනා මාන කරනු ලැබුවේ පයින් ගමන් කිරීමෙනි.
අවුරුද්ද අවසානයේ ශ්‍රීපාදය වන්දනා කළා. ගොවිතැන් කටයුතු තුළින් ශරීරිකව ව්‍යායාම ලබාගන්නා පැරැණි බෞද්ධයන් වට වන්දනාව තුළින් මානසික නීරෝගීතාවය ලබාගත්තා. ඒ කාලය තුළ දියවැඩියාව වැනි රෝගීන් දක්නට ලැබෙන්නේ ඉතාම කලාතුරකින් .
නිරෝගිකම ජීවිතයේ උතුම්ම ලාභයයි. කොතරම් සැප සම්පත්වලින් පිරුණු ඉසුරුමත් ජීවිතයක් ලැබුවද, පුද්ගලයකු සතු නිරෝගීකම ඒ සියල්ලට වඩා වටිනාම ලාභය ලෙස බුදු දහම පෙන්වා දෙයි. මොනදේ තිබුණත්, නිරෝගිකම නැත්නම් කිසිවක් කරගත නොහැකියි. පුද්ගල ජීවිතයේදී නිරෝගිකමට පළමු ස්ථානය හිමි විය යුතු වුවද සමාජයේ බොහෝ පිරිසක් රෝගීන් වශයෙන් ජීවත්වෙති. මානසික නිරෝගීතාවය, ශාරීරික නිරෝගීතාවය, සාක්ෂරතාවය සංඛ්‍යා ලේඛණ තුළින් ඉහළ මට්ටමක පැවතියද ප්‍රායෝගික සමාජය තුළ බටහිර බලපෑම් හා වෙනත් වෛද්‍ය සම්ප්‍රදායන්ගේ බලපෑම් නිසාත් බෞද්ධ චර්යා ධර්ම සහ ආයුර්වේද ක්‍රම අභාවයට යාම රෝගීන් වීමට බලපාන ප්‍රධාන හේතුවකි. අපගේ සෑම චර්යා රටාවක්ම ශාරීරික නිරෝගිතාවයට ඍජුවම බලපෑම් කරනු ලබයි.

බුදුදහමේ උගන්වන සරල දිවිපෙවෙතට අනුව සතර පෝයට ම සිල් ගැනීම නිසා අවුරුද්දට දවස් හතළිස් අටක් රාත්‍රියට ආහාර ලබාගන්නේ නැහැ.සතර පෝයට සිල් ගැනීමෙන් මාසයට දවස් හතරක් රාත්‍රියට ආහාර ලබා නොගනී.එය ඉතාම හොඳ ප්‍රතිපත්තියක් වුවද, වර්තමානය තුළ දක්නට ලැබෙන්නේ උදය වරුවේ සිල් අරගෙන සවසට නිවසට ගොස් රාත්‍රියට කෑම ගැනීමේ ක්‍රමයක්. ආහාර ගැනීමේ පිළිවෙළක් නැතිකම හා අනවශ්‍ය ලෙස ආහාර ගැනීම රෝගීවීමට මූලික හේතුවක්. ආහාර ගැනීමත් සමගම ව්‍යායාම කිරීම අත්‍යවශ්‍ය කාරණාවක් වුවද අද බොහෝ රැකියාවන් පවතින්නේ ශරීරය වෙහෙස නොකරන රැකියාවන්ය. ශරීරය වෙහෙසවීමකින් තොරව හැකිතාක් පෝෂ්‍යදායි ආහාර ලබාගැනීමට පෙළඹෙයි. අපගේ බෞද්ධ සම්ප්‍රදායන් තුළ පැවතුණ පැරණි සිරිත් වලට අනුව,අප සිල් අරගන්න දවසට රාත්‍රිය පහන් කරන්නේද විහාරස්ථානයේදීමයි. රාත්‍රි ආහාර නොගෙන උදේ හා දවල් ආහාරය පමණක් ලබාගනී. ඒ සදහා ‘විකාල භෝජනා වේරමණී සික්ඛා පදං සමාදියාමි’ ලෙස බුදුදහමට අනුව හදුන්වනු ලබයි. සිල් මිදුනාට පසුව “දිවා විකාල භෝජනා වේරමණී සික්ඛා පදං සමාදියාමි” යන සිල්පදයක් තිබුණා. උදේට ආහාර ලබාගත් පසු නැවත ආහාර ලබාගන්නේ දවල්ට හා රාත්‍රියට පමණයි. ඒ ප්‍රධාන ආහාර වේල්තුනට අමතරව කිසිදු ආහාරයක් ලබා නොගනී. බීමට වතුර පමණක් ලබාගනී. වර්තමාන සමාජය තුළ ළමා පරපුර උදේ දවල් හා රාත්‍රි ආහාරය නිවැරැදිව ලබානොගෙන ඒ අතරට විවිධාකාරයෙන් වෙළද දැන්වීම් තුළින් පොළඹවනු ලබන කෙටි ආහාර හා රසකාරක යෙදූ බීම වර්ග බහුල ලෙස ආහාරයට ලබාගනී. අතීතයේ පැරැණි දෙමාපියන් පවා ප්‍රධාන ආහාර වේල් තුනට අමතරව කිසිදු ආහාරයක් ලබාගත්තේ ද නැත.
බෞද්ධ සම්ප්‍රදායට අනුකූලව ජීවත්වූ අපේ පැරැන්නන් ගොවිතැන් කටයුතු වලින් නිදහස් වූ සෑම අවස්ථාවකම වටවන්දනාවේ යාමට පුරුදුව සිටියා. සොළොස්මස්ථාන, අටමස්ථාන, වන්දනා කිරීම සඳහා ඒ සියලුම ස්ථාන වන්දනා මාන කරනු ලැබුවේ පයින් ගමන් කිරීමෙනි.
අවුරුද්ද අවසානයේ ශ්‍රීපාදය වන්දනා කළා. ගොවිතැන් කටයුතු තුළින් ශරීරිකව ව්‍යායාම ලබාගන්නා පැරැණි බෞද්ධයන් වට වන්දනාව තුළින් මානසික නීරෝගීතාවය ලබාගත්තා. ඒ කාලය තුළ දියවැඩියාව වැනි රෝගීන් දක්නට ලැබෙන්නේ ඉතාම කලාතුරකින් .අපි සිල්සමාදන් වුණා. උච්චාසයන මහාසයනා අටුවාවේ සඳහන් වන ආකාරයට “ උච්චාසයන මහාසයනා” යනු සැප පහසු ආසනයි. ඉස්සර මිනිසුන් වාඩිවීම සඳහා පිළ, පැදුර හෝ ගහක් මුළක් භාවිතා කරනු ලැබුවා.
මෙහි සැපපහසු ඇඳන් සහ පුටු පරිහරණය කිරීම සඳහන් වනවා. වර්තමානයේ ලීවලින් සාදන ලද පුටු ඇඳන් භාවිතයෙන් ඉවත්කර රබර් මෙට්ට කොට්ට දමන ලද සුඛෝපභෝගී ඇඳන් පුටු භාවිතයට පුරුදු වී සිටීමත් රෝගීන්වීමට ප්‍රධාන හේතුවක්. බුදුදහමේ උගන්වන “උච්චාසයනා මහාසයනා” යන්න පුරුදු කරනු ලබන්නේ සිල් ගන්නා දාට පමණක්ම සරල ආසන භාවිතයට හුරුවක් වීම නොවෙයි. බුදුදහමේ උගන්වන අල්පේච්ඡ ජීවිතය අනුව සාමාන්‍ය ජීවිතයේදීත් උච්චාසයන මහාසයනා අනුගමන කළ යුතුය.
අපගේ පැරැන්නන් පැදුරක් එළා බිම නිදාගැනීමෙන් සම්පූර්ණයෙන්ම ශරීරයට අවශ්‍යය විවේකය ලබාගත්තා. වර්තමාන සමාජය සැප පහසු ඇඳන්වල නිදාගැනීම නිසා ශරීරය උෂ්ණ වීම නිසාම කෝප සහගත සිතිවිලි බහුල වීම නිසා ද්වේශය හටගනු ලබයි. ඒවගේම ඇඳක නිදාගැනීම තුළින් නිතරම ඇඳෙන් බිමට වැටෙයි යන බියක් පවතී. පැදුරක් දමා බිම නිදා ගැනීමෙන් ශරීරයට අවශ්‍ය සම්පූර්ණ නින්ද ලබාගැනීමට හැකිවනවාක් මෙන්ම බිය සහ මානසික ආතතියෙන් මිදීමට හැකිවෙයි. බුදු දහමේ උගන්වන අල්පේච්ඡ වූ සරල දිවිපැවැත්මට අනුකූලව ජීවත්වීමෙන් නිරෝගීතාවය ලබාගත හැකිවේ.
වර්තමානයේදී මානසික ආතතිය බහුල වශයෙන් දක්නට ලැබෙයි. ජීවිතයේදී එනු ලබන අභියෝගවලට මුහුණදීමට නොහැකි වීමෙන් මානසික ආතතිය හටගනී. මනස නිතරම පීඩාවට ආතතියට හේතුවක් වෙයි.
බුදුපියාණන් වහන්සේ භික්ෂූන් වහන්සේට වදාරනු ලැබුවේ බත්පිඬු හතරකට හෝ පහකට ඉඩ තබා වතුර බොන ලෙසයි. ආයුර්වේදයේ සඳහන් පරිදි ආමාශයේ කොටස් හතරකට බෙදුවොත් කොටස් දෙකක් ආහාරයද අනෙක් කොටස වතුරද ඉතිරි කොටස ආහාර ජීර්ණ ක්‍රියාවලිය සඳහා යොදාගනු ලබයි. අප ආහාර ගැනීමෙදී සීමාවක් නැතිව ආහාර ලබාගැනීම ශාරීරික රෝගාබාධවලට විශාල බලපෑමක් කරනු ලබයි. කෑම කන්නේ ආසාවට මිස අවශ්‍යතාවයට නොවේ .” චරථභික්ඛවේ චාරිකං” යනුවෙන් බුදුපියාණන් වහන්සේ භික්ෂූන්ට වදාරනු ලැබුවේද බොහෝ දෙනාගේ හිත සුව පිණිස වෙහෙස මහන්සිවී කැප වන ලෙසය.
බාහා බල පරිචිතෙහි (දෑත දෙපය මහන්සි කළ යුතුය . සේදා වක්කිත්තේහි (දහඩිය වැකුණු සිරුරෙන්) ධම්මිකේහි ධම්ම ලද්දේහි) (සාධාරණව ධර්මානුකූලව හම්බකිරීම)ශරීරය , දෑත දෙපය වෙහෙසකරමින් දහඩිය වැගිරුණු සිරුරෙන් යුතුව ධාර්මිකව හරිහම්බ කළ යුතු බව බුදුරජාණන් වහන්සේ වදාරා ඇත. මේ හරිහම්බ කළ යුතු දෙය බෙදාහදාගෙන දානයෙන්, පරිත්‍යාගයෙන් යුක්තව මේවා පරිහරණය කළ යුතු බව බුදුදහම උගන්වන්නේද තනිවම පරිහරණය කිරීමෙන් වන අධිපරිභෝජනයෙන් ඉවත් කිරීම සඳහාය. “දානං සීලංච නෙක්ඛම්මං” දස පාරමිතා වලද “දානංච ධම්ම චරියාච” මංගල සූත්‍රයේද දානය පරිත්‍යාගය බුදුපියාණන් වහන්සේ අගය කොට ඇත. බෞද්ධ ප්‍රතිපත්තියට අනුකූලව අප පරිත්‍යාගශීලි වන තරමටම අප අධිපරිභෝජනයෙන් ඉවත්වීම තුළින්ම නිරෝගීතාවය ඇතිවේ. පරිත්‍යාගශීලිවන විට අප ආහාර ගන්නා ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවෙයි. පරාභව සූත්‍රයේ සඳහන් පරිදි
පහුත භක්කෙ පුරි සො
සභිරඤ්ඤෝ සංභෝජතො
එකොභුඤ්ජති සාධුනි 
තං පරාභවතො මුඛං

රන් රිදී ධනය ආහාරපාන බොහෝ ඇති මිනිහෙක් තනිවම කනවා නම් එය පිරිහීමට කාරණයක්. තනිවම කෑම පිරිහිමේ දොරටුවක්. බුදුදහමට අනුකූලව තමන් ධාර්මිකව හරිහම්බ කරන දේවලින් නිවැරැදිව යුතුකම් ඉටුකරනවා නම්, ඔහු අධිපරිභෝජනයට නොපෙළඹෙයි. හම්බ කරන විටම එය වැඩ කිරීම සඳහා කරුණු කාරණා යෙදීම නිසාත් යුතුකම් කිරීමට යාමෙන් නිරෝගී පිරිසක්ද බිහිවෙයි.
“ආහාරය” භාවනාවක් සදහා යොදාගත යුතුය. එය ආහාරයේ “පටික්කුල සංඥා” හෙවත් ආහාරයේ තිබෙන පිළිකුල් බව වැඩිය යුතුය. මිනිසුන් සිටින්නේ කෑමට පමණක්ද? සමහර වෙලාවට දවසෙන් පැය ගානක් ගෙවාගෙන කෑම සඳහා දුර බැහැරට යන අවස්ථා බොහොමයි. ජීවිතය යනු කෑම බීම පමණද?
කරණීය මෙත්ත සූත්‍රයේ සදහන් වන ,”සුභරතාවය “ යනු පහසුවෙන් පෝෂණය කළ හැකි මිනිසකු බවට පත්වීම මිනිසුන්ගේ පැවැත්ම සදහා කබලිංකාහාර, පස්සාහාර මනෝ සචේතනිකාහාර, විඥානාහාර යනුවෙන් ආහාර වර්ග හතරක් බුදුපියාණන් වහන්සේ වදාරා ඇත. මිනිසුන් ජීවත්වීම මේ ආහාර වර්ග හතර සමබරව ප්‍රමාණවත්ව ගත යුතුයි. මෙම ආහාර වර්ග හතරෙන් තුනක්ම මානසික ආහාර. මානසික ආහර තුනම ගන්නේ නැතිව එකම භෞතික ආහාරයක් පමණක් ගැනීමට යාමෙන් ගැටළු මතුවෙයි. ජීවිතයට හොද යහපතක් වින්දනයක් ලබාදෙන ආහාර ගත යුතුය. මිනිසකු තුළ හොඳ අධිෂ්ඨානයක් තිබිය යුතුය. කිසිදු අධිෂ්ඨානයක් අරමුණක් නොමැතිව බොහෝ දෙනා සමාජය තුළ ජීවත්වෙයි. පුද්ගලයකුගේ පෞරුෂත්වය හොඳ මට්ටමකින් තබාගත යුතුය. ආහාර පිළිබඳව බෞද්ධ සංකල්පය නිවැරැදිව වටහා නොගැනීම නිසාම කායික මෙන්ම මානසික නිරෝගිතාවය පිරිහීමට පත්වනු ඇත. ආයුර්වේදයේ සදහන් වන ආකාරයට වා, පිත් සෙම්,කෝපවීම, තුළින් සියලුම රෝග හටගනී. ලෝභය සෙමට සම්බන්ධයි. ද්වේෂය, පිතටද මෝහය වාතයටද සම්බන්ධයි. ලෝභය, ද්වේෂය මෝහය තුළින් තරගකාරිත්වයක් ඇතිකරයි. ආසාව තිබෙන නිසාම තරගකාරිත්වය තුළින් ද්වේෂය ඇතිවේ. මේ දෙකම පවතින පුද්ගලයා අවුල් සහගත මනසක් ඇති මෝහයෙන් යුක්ත මිනිසකු බිහිකරයි. ලෝභය ද්වේෂය මෝහය තුනම වා, පිත්, සෙම් හටගැනීම කෙරෙහි හේතුවෙයි.
ශාරීරික මානසික නිරෝගීතාවය ඇතිකර ගැනීමට නම් බෞද්ධ සංකල්පවලට අනුකූලව අල්පේච්ඡතාවය පුරුදු පුහුණු විය යුතුය.
සටහන - හේමමාලා රන්දුනු