දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

නව අරහාදී බුදු ගුණ භාවනාව

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අති දීර්ඝ කාලයක් පාපධර්‍මයන්ට ලැජ්ජාව, බය ඇති කර ගනිමින් දාන පාරම්තා, දාන උප පාරමිතා, දාන පරමත්‍ථ පාරමිතා සපුරා ගනිමින් ලොව්තුරා බුදුබව පතා වැඩම කළ සේක. එසේ වැඩම කොට ලොව්තුරා බුදුබවට පත් වූ සේක.
ලෝකවාසීන්ට ද කෙලෙස් ප්‍රහාණය සඳහා ධර්‍ම දේශනා කළ සේක. මේ ආදි අනන්ත ගුණයෙන් සමන්නාගත වූ බුදුරජාණන් වහන්සේ අරහං නම් වන සේක. මේ උතුම් ගුණයෙන් සමන්නාගත වූ බුදුරජාණන් වහන්සේට උත්තමාංග නමස්කාරය වේවා!
සෝ භගවා අරිනං හතත්තා ඉතිපි අරහංඒ භාග්‍යවතුන් වහන්සේ කෙලෙස් සතුරන් නැසූ හෙයින් අරහං නම් වන සේක. සත්ව සන්තානයේ පවතින දස සංයෝජනයේ ප්‍රධානතම කෙලෙස් සතුරො, ඒවා විනාශ කිරීම ඉතා අමාරු වෙනවා.
නොයෙක් මාදිලියේ කෙලෙස් සිතට පැමිණෙනවා. ඒ වාගෙන් ජය ගැනීමට නම් නුවණින් වැඩ කටයුතු කළ යුතුයි. කෙලෙස් සතුරන්ට යටවුනොත් පරාජයට පත්වෙනවා. පිරිහීමට පත් වෙනවා. නිවන් බලාපොරොත්තුවෙන් ගමන් කරන භික්‍ෂු භික්‍ෂුණි උපාසක උපාසිකා යන සිව් පිරිසට කෙලෙස් සතුරන්ගෙන් කරදර පීඩා ඇති වෙනවා.
නුවණින් වැඩ කටයුතු නොකළොත් කායික, මානසික පීඩා සහිත කරදර විඳින්න සිදුවෙනවා. ඒ සියලුම දේ වටහා ගෙන මේ ගමන යා යුතුයි. ආපස්සට එන්න හොඳ නැහැ. ඉදිරියටම යන්න ඕනෑ. මේ යන ගමන නවතින්නේ අමාමහ නිවන් සුව අවබෝධ කරගත් පසුවයි. ඒ නිවන ශාන්තයි. සුන්දරයි.
පිං දහම් කරන්න ගියාම බොහෝම කරදර ඇති වෙනවා. ඒවා මාරක බාධක හෙවත් මාර බලවේග කියලා කියනවා. ඒ සියල්ල බිඳ දැමූ බුදුරජාණන් වහන්සේ අරහං නම් වනනසේක. ඒ අරහං ගුණයෙන් සමන්නාගත වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට උත්තමාංග නමස්කාරය වේවා!
සෝ භගවා සෝතාපත්ති මග්ගේන අරීනං හතත්තා ඉතිපි අරහං
ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සෝවාන් මාර්ගයෙන් කෙලෙස් සතුරන් නැසූ හෙයින් අරහං නම් වන සේක. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ධ්‍යාන, අභිඤ්ඤා, විපස්සනා, මාර්ග ඵල, නිර්වාණ ලොව්තුරා බුදු බවට අනුක්‍රමයෙන් පත් වුණා. ප්‍රථමයෙන් උන්වහන්සේගේ නීවරණ යටපත් වුණා. සෝවාන් මාර්ග ඤාණයෙන් බරපතළ අතිදීර්ඝ කාලයක් සිතේ පැවතුනා වූ සංයෝජන තුනක් ප්‍රහාණය කළා.
1. සක්කාය දිට්ඨි - (වැරදි අවබෝධය)
2. සිලබ්බත පරාමාස - (වැරදි සීල සමාදානය)
3. විචිකිච්ඡා - (සැකය)

මේ සංයෝජන ධර්‍මයන් ප්‍රහීන වීමෙන් අතීත සංසාර ගමනේ දී අවබෝධ නොවූ සෝවාන් මාර්ගඵල ඥාණය සාක්‍ෂාත් කළා. නිවන අවබෝධ උනා. සෝවාන් මාර්ග ඥාණයෙන් කෙළෙස් සතුරන් ප්‍රහාණය කළ නිසා අරහං නම් වන සේක. ඒ අරහං ගුණයෙන් සමන්නාගත වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට උත්තමාංග නමස්කාරය වේවා.
සෝ භගවා සකදාගාමි මග්ගේන අරීනං හතත්තා ඉතිපි අරහං
ඒ භග්‍යවතුන් වහන්සේ සකදාගාමී මාර්ගයෙන් කෙලෙස් සතුරන් නැති කළ බැවින් අරහං නම් වන සේක. සකදාගාමි උතුමා එක වරක් කාම ලොවට එනවා. කාමරාග, ව්‍යාපාද යන සංයෝජන දෙක තුනී කළා. තව තවත් සිත පිරිසිදු බවට පත් වුණා. නිවන දෙවැනි මාර්ග ඤාණයට අරමුණු වුණා. ජීවිතයේ ඉතා ප්‍රනීත තත්ත්වයට උසස් තත්ත්වයකට පත් වුණා. මෙසේ කෙලෙස් සතුරන් නැති කළ බුදුරජාණන් වහන්සේ අරහං නම් වන සේක. ඒ අරහං ගුණයෙන් සමන්නාගත බුදුරජාණන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා.
සෝ භගවා අනාගාමී මග්ගේන අරීනං හතත්තා ඉතිපි අරහං
ඒ භාග්‍යවතුන් වහන්සේ අනාගාමී මාර්ගයෙන් කෙලෙස් සතුරන් නැසු බැවින් අරහං නම් වන සේක. අනාගාමී මාර්ගයෙන් කාමරාගය, ව්‍යාපාදය යන සංයෝජන දෙක සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙනවා. සිතට විශාල සතුටක් ලැබෙන අවස්ථාවක්. කාමරාගය, ව්‍යාපාදය බරපතළ ක්ලේශයෝ. ඒවා නැති කරගැනීම නිසා නැවත ආපසු උපදින්නේ නැහැ. සුද්්ධාවාස බඹතලයේ සිට පිරිණිවන් පානවා. එම කෙලෙසුන් ප්‍රහීන කළ බුදුරජාණන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා.
සෝ භගවා අරහත්ත මග්ගෙන අරිනං හතත්තා ඉතිපි අරහං
ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත් මාර්ගයෙන් කෙලෙස් සතුරන් නැසු හෙයින් අරහං නම් වන සේක. අර්හත්වයට පත්වීමෙන් දස සංයෝජන වලින් පහක්ම නැති වෙනවා.
1. රූප රාග - රූපලොව ඉපදීමේ කැමැත්ත
2. අරූප රාග - අරූපලොව ඉපදීමේ කැමැත්ත
3. මාන මාන්නය
4. උද්ධච්ච - සිතේ විසිරීම
5. අවිජ්ජා - මෝහය - මෝඩකම

මේ සංයෝජනයන් ප්‍රහීන කළ බුදුරජාණන් වහන්සේ සියලුම කෙලෙසුන්ගෙන් ජයගත්තා. උත්තරීතර තත්ත්වයකට පත් වුණා. නැවත කෙලෙස් සිතේ හට ගත්තේ නැහැ. ඊට පසු බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඤාණය අවබෝධ කළා.
අනන්ත ගුණ, අනන්ත ඤාණයන්ගෙන් සමන්විත වුණා. ;ලාව්තුරා බුදු බවට පත් වුණා. වාසනා සහිත සකල ක්ලේශයන් ප්‍රහීන උනා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අරහං නම් වන සේක. සතර මාර්ග ඤාණයෙන් කෙලෙස් නැති කළ බුදුරජාණන් වහන්සේ අරහං නම් වන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා.

ආර්ය පුද්ගලයෝ 108 දෙනා

සෝතාපත්ති පුද්ගලයෝ 12
1. එක බීජි එකවරකින් රහත් වීම
2. කොලං කොල වාර දෙක තුනකින් රහත් වීම
3. සන්නක්කත්තු පරම වාර හතකින් රහත් වීම

ප්‍රතිපදා 4 යි
1. සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා
2. සුඛාපටිපදා දන්ධාභිඤ්ඤා
3. දුක්ඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා
4. දුක්ඛා පටිපදා දන්ධා භිඤ්ඤා

34 = 12 යි

සකදාගාමී පුද්ගලයෝ 24
1. අන්තරා පරිනිබ්බායි
2. උපහච්ච පරිනිබ්බායි
3. අසංඛාර පරිනිබ්බායි
4. සසංඛාර පරිනිබ්බායි
5. උද්ධංසෝත අකනිට්ඨගාමී

අවිහ බඹලොව - 5
අනප්ප බඹලොව - 5
සුදස්සි බඹලොව - 5
සුදස්ස බඹලොව - 5
20

අකනිට්ඨක බඹලොව 5 වැනි පුද්ගලයා නොමැත. එහි 4 යි. සියල්ල 24 යි.
අර්හත් පුද්ගලයෝ 2 යි
සමථයානික - 1
විපස්සනායානික - 1
සෝතාපත්ති පුද්ගලයෝ - 12
සකෘදාගාමී පුද්ගලයෝ - 12
අනාගාමී පුද්ගලයෝ - 24
රහත් පුද්ගලයෝ - 02
මාර්ග - 04

සද්ධා ධුර
ප්‍රඥා ධුර
254 = 108


කහගොල්ලේ සෝමවංස හිමි