මහා සීහනාද සූත්‍රය -මජ්ඣිම නිකාය, මූල පණ්නාසකය (සූත්‍රයෙහි සුගති දුගති පිලිබඳ දේශනා කොටස මෙහි දක්වනු ලැබේ.)භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරන සේක.සාරිපුත්තය, මේ ගති පසකි. කවර නම් පහක්ද යත්: නරකය, තිරිසන් යෝනිය, ප්‍රේත විෂය, මනුෂ්‍යයෝය, දෙවියෝය. සාරිපුත්තය, මම නිරයත් දනිමි. නිරය ගාමිණි මාර්ගයත් දනිමි. නිරය ගාමිණි ප්‍රතිපදාවත් දනිමි. යම් සේ පිලිපදින්නෙක් මරණින් මතු සැපයෙන පහ වූ දුකටම ස්ථාන වූ නිරයෙහි උපදීද එයද දනිමි.සාරිපුත්තය, මම තිරිසන් යෝනියත් දනිමි. තිරිසන් යෝනියට යන මාර්ගයත් දනිමි. තිරිසන් යෝනියට යන ප්‍රතිපදාවත් දනිමි. යම් සේ පිලිපදින්නෙක් මරණින් මතු තිරිසන් යෝනියෙහි උපදීද එයද දනිමි.සාරිපුත්තය, මම ප්‍රේත විෂයයත් දනිමි. ප්‍රේත විෂයට යන මාර්ගයත් දනිමි. ප්‍රේත විෂයට යන ප්‍රතිපදාවත් දනිමි. යම් සේ පිලිපදින්නෙක් මරණින් මතු ප්‍රේතව උපදීද එයද දනිමි.සාරිපුත්තය, මම මනුෂ්‍යයන් දනිමි. මිනිසත්බවට යන මාර්ගයත් දනිමි. මනුෂ්‍ය ලෝකයට යන ප්‍රතිපදාවත් දනිමි. යම් සේ පිලිපදින්නෙක් මරණින් මතු මනුෂ්‍යයන් විෂයෙහි උපදීද එයද දනිමි.සාරිපුත්තය, මම දෙවියන්ද, දෙව්ලොවට යන මාර්ගය දනිමි දෙව්ලොව උපදින ප්‍රතිපදාවත් දනිමි. යම් සේ පිලිපදින්නෙක් මරණින් මතු සුගති වූ ස්වර්ගයෙහි උපදීද එයද දනිමි.සාරිපුත්තය, මම ගති නිස්සරණය නම් වූ නිවනද දනිමි. නිවනට යන මාර්ගයත් දනිමි. නිවනට යන ප්‍රතිපදාවත් දනිමි. යම් සේ පිලිපදින්නෙක් ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් නිරාශ්රව වූ චේතෝ විමුක්තියද ප්‍රඥා විමුක්තියද මෙලොවදීම තමා විසින් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වාසය කරයිද එයත් දනිමි.සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු අපාය වූ, දුගතිය වූ, විවසව පතිත වන, නිරයෙහි යම් සේ උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින් මියගොස් මහත් දුක් ඇති ඒකාන්ත දුක් ඇති තියුණු වූ රළු වූ වේදනා විඳින නිරයෙහි උපන් ඒ පුද්ගලයා දකිමි.සාරිපුත්තය, ගිනිගෙන දැවුණු, අළු නැති දුම් නැති ශරීර ප්‍රමාණයට වැඩි මහත් ගිනි අඟුරු වලක් වේද, ග්‍රීශ්මයෙන් තැවුණු, ක්ලාන්ත වූ, පිපාසයෙන් පීඩිතව දුර්වල වූ ජාල තෘෂ්ණාවෙන් යුත් පුද්ගලයෙක් යම් සේ එම මහත් වූ ගිනි අඟුරු වල වෙතම, ඊටම යොමු වී ඇති එකම මාර්ගයෙන්, ඒ අඟුරු වල උදෙසාම එන්නේද, එකල්හි ඒ පුරුෂයා දකින යම් ඇස් ඇති පුරුෂයෙක්, “මොහු මේ අඟුරු වලටම ඊටම වැටී ඇති මාර්ගයෙන් එන්නේය”යි කියන්නේද, පසුව ඒ ගිනි අඟුරු වලට වැටී දුක් විඳින රළු වේදනා විඳින ඒ පුරුෂයා දකින්නේය. එසේම, සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු අපාය වූ, දුගතිය වූ, විවසව පතිත වන, නිරයෙහි යම් සේ උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින් මියගොස් මහත් දුක් ඇති ඒකාන්ත දුක් ඇති තියුණු වූ රළු වූ වේදනා විඳින නිරයෙහි උපන් ඒ පුද්ගලයා දකිමි.සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ තිරිසන් යෝනියෙහි උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින් මියගොස් මහත් දුක් ඇති තිරිසන් යෝනියෙහි උපන් රළු වූ කටුක වූ දුක් වේදනා ඒ පුද්ගලයා දකිමි.සාරිපුත්තය, අසූචියෙන් පිරුණු ශරීර ප්‍රමාණයට වැඩි අසූචි වලක් වේද, ග්‍රීශ්මයෙන් තැවුණු, ක්ලාන්ත වූ, පිපාසයෙන් පීඩිතව දුර්වල වූ ජාල තෘෂ්ණාවෙන් යුත් පුද්ගලයෙක් යම් සේ එම මහත් වූ ගිනි අඟුරු වල වෙතම, ඊටම යොමු වී ඇති එකම මාර්ගයෙන්, ඒ අසූචි වල උදෙසාම එන්නේද, එකල්හි ඒ පුරුෂයා දකින යම් ඇස් ඇති පුරුෂයෙක්, “මොහු මේ අසූචි වලටම ඊටම වැටී ඇති මාර්ගයෙන් එන්නේය”යි කියන්නේද, පසුව ඒ අසූචි වලට වැටී දුක් විඳින රළු වේදනා විඳින ඒ පුරුෂයා දකින්නේය. එසේම, සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ තිරිසන් යෝනියෙහි උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින් මියගොස් මහත් දුක් ඇති තිරිසන් යෝනියෙහි උපන් රළු වූ කටුක වූ දුක් වේදනා ඒ පුද්ගලයා දකිමි.සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ ප්‍රේත විෂයෙහි උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින්, කය බිඳීමෙන් මියගොස් බහුල වූ දුක් වේදනා විඳින ප්‍රේත විෂයෙහි උපන් ඒ පුද්ගලයා දකිමි.සාරිපුත්තය, යම් සේ විෂම භූමියක හටගත්, ඉතා තුනී පත්‍ර ඇති, සෙවන නැති, ගසක් වේද, ග්‍රීශ්මයෙන් තැවුණු, ක්ලාන්ත වූ, පිපාසයෙන් පීඩිතව දුර්වල වූ ජල තෘෂ්ණාවෙන් යුත් පුද්ගලයෙක් යම් සේ වෘක්ෂය වෙතම, ඊටම යොමු වී ඇති එකම මාර්ගයෙන්, ඒ වෘක්ෂය උදෙසාම එන්නේද, එකල්හි ඒ පුරුෂයා දකින යම් ඇස් ඇති පුරුෂයෙක්, “මොහු මේ වෘක්ෂය වෙතම, ඊටම වැටී ඇති එකම මාර්ගයෙන් එන්නේය”යි කියන්නේද, පසුව ඒ වෘක්ෂය වෙත පැමිණ හිඳගෙන හෝ වැටී හෝ සිටින වැටී දුක් විඳින රළු වේදනා විඳින ඒ පුරුෂයා දකින්නේය. එසේම, සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ ප්‍රේත විෂයෙහි උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින්, කය බිඳීමෙන් මියගොස් බහුල වූ දුක් වේදනා විඳින ප්‍රේත විෂයෙහි උපන් ඒ පුද්ගලයා දකිමි.සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ මනුෂ්‍යය වී උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින්, කය බිඳීමෙන් මියගොස් සැප බහුල වූ සැප වේදනා විඳින මනුෂ්‍යව උපන් ඒ පුද්ගලයා දකිමි.සාරිපුත්තය, යම් සේ සම වූ සරුවූ භූමියක හටගත්, මනාව වැඩුණු පත්‍ර ඇති, මනා සෙවන ඇති, ගසක් වේද, ග්‍රීශ්මයෙන් තැවුණු, ක්ලාන්ත වූ, පිපාසයෙන් පීඩිතව දුර්වල වූ ජල තෘෂ්ණාවෙන් යුත් පුද්ගලයෙක් යම් සේ වෘක්ෂය වෙතම, ඊටම යොමු වී ඇති එකම මාර්ගයෙන්, ඒ වෘක්ෂය උදෙසාම එන්නේද, එකල්හි ඒ පුරුෂයා දකින යම් ඇස් ඇති පුරුෂයෙක්, “මොහු මේ වෘක්ෂය වෙතම, ඊටම වැටී ඇති එකම මාර්ගයෙන් එන්නේය”යි කියන්නේද, පසුව ඒ වෘක්ෂය වෙත පැමිණ හිඳගෙන හෝ නිදා හෝ සිටින සැප වේදනා විඳින ඒ පුරුෂයා දකින්නේය. එසේම, සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ මනුෂ්‍යය වී උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින්, කය බිඳීමෙන් මියගොස් සැප බහුල වූ සැප වේදනා විඳින මනුෂ්‍යව උපන් ඒ පුද්ගලයා දකිමි.සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ ස්වර්ගයෙහි (දිව්‍ය/බ්‍රහ්ම තල) උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින්, කය බිඳීමෙන් මියගොස් ඒකාන්ත සැප ඇති, සුගති නම වූ ස්වර්ගයෙහි උපන් මහත් වූ ඒකාන්ත වූ සැප වේදනා විඳින ස්වර්ගයෙහි උපන් ඒ පුද්ගලයා දකිමි.සාරිපුත්තය, යම් සේ ප්‍රාසාදයක් වේද, එහි ඇතුලත පිටත මනාව වැසූ අගුලු දැමූ, සිහිල් වාතය ඇති, මෘදු පලසින් කරන ලද බුමුතුරුණු පලස් උඩු වියන් ඇති පළඟක් (ආසනයක් හෝ සයනයක්) ඇති මහත් සුවපහසු කුටියක්ද වේද, එකල්හි ග්‍රීශ්මයෙන් තැවුණු, ක්ලාන්ත වූ, පිපාසයෙන් පීඩිතව දුර්වල වූ ජල තෘෂ්ණාවෙන් යුත් පුද්ගලයෙක් යම් සේ ඒ ප්‍රාසාදය වෙතම, ඊටම යොමු වී ඇති එකම මාර්ගයෙන්, ඒ ප්‍රාසාදය උදෙසාම එන්නේද, එකල්හි ඒ පුරුෂයා දකින යම් ඇස් ඇති පුරුෂයෙක්, “මොහු මේ ප්‍රාසාදය වෙතම, ඊටම වැටී ඇති එකම මාර්ගයෙන් එන්නේය”යි කියන්නේද, පසුව ඒ ප්‍රාසාදය වෙත පැමිණ ඒ පළඟෙහි සැප ඇතිව හිඳින හෝ නිදන ඒ පුරුෂයා දකින්නේය. එසේම, සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ ස්වර්ගයෙහි (දිව්‍ය/බ්‍රහ්ම තල) උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින්, කය බිඳීමෙන් මියගොස් ඒකාන්ත සැප ඇති, සුගති නම වූ ස්වර්ගයෙහි උපන් මහත් වූ ඒකාන්ත වූ සැප වේදනා විඳින ස්වර්ගයෙහි උපන් ඒ පුද්ගලයා දකිමි.සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. මේ පුද්ගල තෙමේ යම සේ ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් නිරාශ්රව වූ චේතෝ විමුක්තියද ප්‍රඥා විමුක්තියද (අරහත් ඵල සමාධියද, අරහත් ඵල ප්‍රඥාවද ) මෙලොවදීම තමා විසින් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වාසය කරයිද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් නිරාශ්රව වූ චේතෝ විමුක්තියද ප්‍රඥා විමුක්තියද (අරහත් ඵල සමාධියද, අරහත් ඵල ප්‍රඥාවද ) මෙලොවදීම තමා විසින් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ ඊකාන්ත සැපයෙන වාසය කරන ඒ පුද්ගලයා දකිමි.සාරිපුත්තය, පහන් (පැහැදිලි) දිය ඇති, මිහිරි දිය ඇති, සිසිල දිය ඇති, සුදු වැලි තලා ඇති, මනාව පිහිටි තොට (දියට බැසීමට නිසි තොටුපල) ඇති සිත්කළු පොකුණක් වේද, ඊට නොදුරු ඝන වන ලැහැබක් වේද, එකල්හි ග්‍රීශ්මයෙන් තැවුණු, ක්ලාන්ත වූ, පිපාසයෙන් පීඩිතව දුර්වල වූ ජල තෘෂ්ණාවෙන් යුත් පුද්ගලයෙක් යම් සේ ඒ පොකුණ වෙතම වෙතම, ඊටම යොමු වී ඇති එකම මාර්ගයෙන්, ඒ විල උදෙසාම එන්නේද, එකල්හි ඒ පුරුෂයා දකින යම් ඇස් ඇති පුරුෂයෙක්, “මොහු මේ පොකුණ වෙතම, ඊටම වැටී ඇති එකම මාර්ගයෙන් එන්නේය”යි කියන්නේද, පසුව ඒ පොකුණ වෙත පැමිණ, පොකුණට බැස, සිහිල් දිය ස්නානය කොට, පැන් බී, සියලු වෙහෙස පවසා නිවා, දාහය සංසිඳවා විඩාව දැවිලි සංසිඳවා, වන ලැහැබෙහි සුවසේ හිඳින හෝ නිදන ඒකාන්ත සුවයට පත් ඒ පුරුෂයා දකින්නේය. එසේම, සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. යම් සේ ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් නිරාශ්රව වූ චේතෝ විමුක්තියද ප්‍රඥා විමුක්තියද (අරහත් ඵල සමාධියද, අරහත් ඵල ප්‍රඥාවද ) මෙලොවදීම තමා විසින් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වාසය කරයිද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් නිරාශ්රව වූ චේතෝ විමුක්තියද ප්‍රඥා විමුක්තියද (අරහත් ඵල සමාධියද, අරහත් ඵල ප්‍රඥාවද ) මෙලොවදීම තමා විසින් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ ඊකාන්ත සැපයෙන වාසය කරන ඒ පුද්ගලයා දකිමි.සාරිපුත්තය, මම ගති නිස්සරණය නම් වූ නිවනද දනිමි. නිවනට යන මාර්ගයත් දනිමි. නිවනට යන ප්‍රතිපදාවත් දනිමි. යම් සේ පිලිපදින්නෙක් ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් නිරාශ්රව වූ චේතෝ විමුක්තියද ප්‍රඥා විමුක්තියද මෙලොවදීම තමා විසින් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වාසය කරයිද එයත් දනිමි.
බෞද්ධ ධර්මය ලොව පැතිරවීමේදී උත්තරීතර කේන්ද්‍රස්ථානය ලෙස වැජඹුණ ඉසිපතනාරාමය විනාශ වුයේ ද ඉතාමත් ඛෙදජනක අන්දමිනි෴
Welcome !
නමෝ බුද්ධාය !
Cross Browser Support
"අප්පමාදෙන සම්පාදෙථ" අප්‍රමාදයෙන් නිර්වානය පිණිස කටයුතු කරගනිවු !
This is an example of a large container with 5 columns
නිවැරදි ධර්මය සැමදා විද්‍යමාන නොවේ..... අධර්මයෙන් එය වැසීයමින් පවතී......
යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා නොගනීද... එවන් අයහට නොපමාව එම විපත දැන හඳුනා ඉන් මිදීමට උපකාරය පිණිස ද
යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා ගනීද... එවන් බුද්ධිමත් නැණවතුනට අංශුමාත්‍රයක හෝ උපකාරය පිණිස ද දරන උත්සාහයකි මේ.....
ඔබේ ප්‍රඥාව, ධෛර්ය, වීර්ය, කාලය යොදවා ඔබ පුහුණු කරන ධර්මය ඔබ සුගතිය කරා රැගෙන යනු ඇත.
දහම් විලේ මූලික අරමුණ සැදැහැවත් මිනිසුන් වෙනුවෙන් ඒ මඟ පෙන්වා දීමයි. ධර්මය අසන්න. ධර්මය පිළිපදින්න..
Here is some content with side images
බෞද්ධයන් වැඩි දෙනෙක් සිතා සිටින්නේ මරණින් මතු තමන් නැවතත් මේ මනුලොවම උපදින බවයි. නමුත් ඒ පින ඇත්තේ ඉතාමත් ම ස්වල්ප දෙනෙක්ට පමණක් බව බොහෝ දෙනා නොදනී. මේ නිසාම ඔවුන් බොහෝ අකුසලයන් සිදු කරන්නේ යළි කිසිදාක මේ මනුලොවට පැමිණෙන්නට නොහැකි වන තරමින් ය. යමෙක් පෙර පිනකින් මේ මනුලොව නැවත උපන්නත්, අනාගතයේ පිරිසිදු සත් ධර්මය ඉතා දුර්ලභ වීමෙන් එසේ මනුලොව උපදින්නන්ට බුදු දහමේ පහස ලබන්නට නොහැකි වේ.Read more...
යමෙක් නුවනින් සිතා නැවත මේ මනුලොව පැමිණෙනු වෙනුවට දිව්‍ය බ්‍රහ්ම සුගතියක උප්පත්තිය සඳහා ධර්මයෙන් පිහිට ලබන්නට උනන්දු වේ නම් හේ සැබෑ පුණ්‍ය වන්තයෙකි. අඩුම තරමින් වසර පනහක හැටක මනුලොව විඳින සැප දුක් අභිබවා කල්ප ගණනක දිව්‍ය බ්‍රහ්ම සැපය පිණිස හෝ මිනිසා අති දුර්භ වූ මිනිසත් භවය ප්‍රයෝජනයට ගත යුතුයි. ඒ සඳහා ඇති එකම ඵල සහිත මාර්ගය වන්නේ බුදු දහමේ පිහිට පමණකි. යම් කිසිවෙක් ඒ වෙනුවෙන් කටයුතු කරයිද, එසේ කටයුතු කිරීමට සිතයිද හේ බුදුධිමත් අයෙකි. Read more...
කවරෙක් වුව දිව්‍ය බ්‍රහ්ම සුගතියක උප්පත්තිය ලබා එහි අති දීර්ග කාලයක් පුරා ලබන්නා වූ අතිමහත් වූ සැපයන්ගෙන් මුලා නොවී තවදුරටත් ධර්මය පුරැදු කරයි නම්, එහිම පිරිනිවනට පත්වෙන්නට මෙන්ම බුදුවරැන් වෙතින් ධර්මය අසන්නට තරම් අති පුණ්‍ය වන්තයෙක් වෙයි...
This is a heading title
සදහම් සිසිල
ධර්ම ගරුත්වය ඇති වන්නේ අප තුල ධර්මය කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගෙන ඒ වැඩිදියුණු කර ගැනීමෙනි. ධර්ම රත්නය ගැන ශ්‍රද්ධාව ඇති කරගැනීමට ධර්ම රත්නයේ ගුණ සහ එහි අනන්ත බව දැනගත යුතුය. ධර්ම රත්නයෙහි ගුණ පිළිබඳව ඇති වැටහීමත් ඒ ගැන ඇති ශ්රද්ධාවත් අනන්ත සම්බුදු ගුණ....Read more...
අපගේ ශාස්තෘ වූ තිලෝගුරු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ජේතවනාරාමයහි වැඩවාසය කරන සේක් උතුම් වූ අනේපිඬුමහසිටානන් විසින් මෙහෙයවන ලදුව ඔහුගේ යහළු එක්තරා අන්‍යලබ්ධික තීර්ථකයන් පන්සියදෙනෙක් භාග්‍යවතුන් වහන්සේගෙන් ...Read more...
Lists in Boxes
Here are some image examples
යෝගියා සීලයක පිහිටා ඊට ආදර ගෞරවයෙන් යුතුව සීලය ආරක්ෂා කර ගතයුතු වේ. සීලයට අහිතකර කරැණු වන ක්‍රෝධ, වෛර, තෘෂ්නාව, මානය, කම්මැලිකම, කාමරාගී සිතුවිළි වැනි දේ වලින් සිතට බාදා ඇති නොවන පරිදි හැකිතාක් ආරක්ෂා විය යුතු....Read more...
ලංකාවේ අන්තිම රහත් හිමිනම මලියදේව මහ රහතන් වහන්සේ යැයි පොදු ජනයා තුළ මෙන්ම බොහෝ උගතුන් තුළ ද විශ්වාසයක් ඇත. මේ විශ්වාසය අදහස කොතෙක්දුර තර්කානුකුල දැයි විමසීම මේ ලිපියේ පරමාර්ථයයි. පළමුවෙන්ම මලියදේව රහත් හිමියන් ජීවත්වුණු රහත් හිමියන් ජීවත්වුණු වකවානුව....Read more...
Lists in Boxes
Here are some image examples
"මහණෙනි, යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ උතුම් සම්මා සම්බෝධිය අවබෝධ කළ සේක්ද, යම් රාත්‍රියක පිරිනිවන් පාන සේක්ද, ඒ අතරතුර යමක් වදාරත්ද, ප්‍රකාශ කරත්ද, ඒ සියල්ල එලෙසම සිදු වේ. වෙන ලෙසකට සිදු නොවේ. එමනිසා තථාගත යන නම යෙදී ඇත."Read more...
ධර්මදේශනාවන්ට සවන් දිය යුත්තේ කවර අරමුණක් උදෙසාද කියා අද බොහෝ දෙනෙක් නොදනී. බෞද්ධ හෝ අබෞද්ධ හෝ කවරෙකු වුව සත්ධර්මය ශ්‍රවනය කිරීමෙන් මේ මහා තෙරක් නොමැති සසරේ භයානක පැවැත්ම දැන නුවනින් විමසා අවබෝධ කර ගැනීම... Read more...
Lists in Boxes
Here are some image examples
ශ්‍රද්ධාව බලවත් කළ හැක්කේ කෙසේද...? බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝයා ගැන මෙන්ම කර්ම - කර්ම ඵල විශ්වාසය තදින් සිතට ගැනීමෙනි. අතිශයින් පැහැදීමක් ඇතිකර ගැනීමෙනි. වඩාත් ශ්‍රද්ධාව බලයක් බවට පත්කර ගැනීමෙනි.
Read more...
භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ යම් කෙනෙක් තුළ ශ්‍රද්ධාව තියෙනවා නම්, ශ්‍රද්ධා බලය තුළ එය පිහිටා සිටිනවා නම් ඒ තාක් එයා තුළ අකුසල් හට ගන්නවා කියන දේ සිද්ධ වෙන්නේ නෑ කියල. හිරි බලය තුළ පිහිටා සිටිනතාක් එයා තුළ අකුසල්... Read more...
ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න