ලෝකයේ දකින දේ ඕන තරම් තිබෙනවා. තමාගෙන් බාහිරව තිබෙන ඒ දකින දේ අතර හැම දෙයක්ම බාහිරින් දකින දේ. නමුත් තමා යැයි සලකන මේ කයේ තිබෙනවා අභ්‍යන්තරව දකින දේ. උදාහරණයකට – මම, මගේ අත දෙස බලනවිට මේ අත මට තමා යයි සලකන රූපයක්. තව කෙනෙකුගේ අතක් මගෙන් බාහිරව සලකන රූපයක් මට. මම තමා යැයි සලකන රූපයත්, තමාගෙන් බාහිරව සලකන රූපයත් දෙකම දැක්කේ ඇසින්. ඇසක් ඒ මොහොතේ හට ගත් නිසායි මම රූපය දැක්කේ. සමහර වෙලාවට මගේ අත ඇසට පේනවා. අත පේන තැනට මම වටාපතක් ළං කළොත් ඇස් දෙක ඉදිරියේ ඒ දෙකම තිබෙනවා. මේ ඇස අභියස අත හා වටාපත දෙකම තිබෙද්දී මම බලන්නේ වටාපත දෙස. එවිට මගේ මනස සම්පූර්ණයෙන්ම යොමු වන්නේ වටාපතට. එසේනම් ඇස හටගත්තේ වටාපත මුල්කරගෙනයි. වටාපත මුල්කරගෙන ඇස හට ගනිද්දී අත ගැන අදහසක් ආවේ නැහැ. නමුත් අත එතැනම තිබෙනවා. ඒත් අත දැනගත්තේ නැහැ. අත දැන ගත්තේ නැතුව අත ගැන අදහසක් මනසට ගියේ නැහැ. ඒ කුමක් නිසාද, අත මුල් කරගෙන ඇස හට ගත්තේ නැති නිසා. ඒ වෙලාවේදී අතත්, වටාපතත් දෙකම එකළඟ තිබුණට බාහිර දේට ඇසත්, මනසත් යොමුවුණා. අභ්‍යන්තරව තමා යැයි සලකන අතටවත් මනස යොමු වුණේ නැහැ. මේ කයේ කෙතරම් දකින දේ තිබුණත් තමන් යයි සලකන මේ කය දෙස කණ්ණාඩියකින් හෝ වේවා සාමාන්‍ය ස්වරූපයෙන් හෝ වේවා මගේ මේ ඇස, කන, නාසය, මගේ කෙස්, මගේ ලොම්, මගේ සම, මගේ දත් ලෙස මොන දේ දැක්කත් දකිනවානම් දැකිය යුත්තේ ඇසෙන්. ඇස හට ගත්තේ මනස මුල් වුණොත් පමණයි. එසේනම් කයට කලින් ඇස දැන ගත්තේ මනස නිසයි. මනස මුල්වෙලා කියන දේ තේරුම් ගන්න පුලුවන්. මනස මුල්වෙලා ඇස හටගත්තොත් පමණයි පේන දේ මුල්වෙලා කය ගැන අදහසක් ගන්නේ. ඒ වගේම යි ඇසෙන දේත්. සම්මාදිට්ඨිය ඇතිවුණාම මෙය තේරුම් යනවා. කණත් සතරමහා ධාතුන්ගෙන් හටගත් මේ ශරීරය ඇසට පෙනෙනවා වගේම කනට ඇසෙන ස්වභාවයකින් යුක්තයි. තමා යැයි සලකන කය මුල්කරගෙන මා කථා කරනවා. එවිට මේ කයෙන් ශබ්ද පිටවෙනවා. තව තව ආකාරයට මේ කයෙන් ශබ්ද පිටවෙනවා. අපට සමහර වෙලාවට මේ කයේ ඉක්කා ඈනුම් යනවා. වාතය උගුරෙන් පිටවෙනවා. වාතය පහළින් පිටවෙනකොටත් ශබ්දය පිට වෙනවා. සමහර විට බඩේ ආහාරය දිරවන විට ගුරු ගුරු වගේ බඩේ ශබ්ද ඇසෙනවා. ඒ හැම එකක්ම කය මුල්කරගත් ශබ්ද. කයේ ශබ්ද තිබුණත් ඒකත් දැනගන්නේ මනස මුල්වෙලා. කණ හට ගත්තොත් පමණයි තමාගේ කයේ ශබ්දත් හට ගන්නේ. අප හිතමු තමාගේ බඩේ ගුරු ගුරු කියා ශබ්දයක් හට ගන්නවා කියා. ඒ ශබ්දය ඇසෙන වෙලාවේ ඔහු තමා කැමැති ගායකයෙකුගේ සිංදුවක් අසමින් ඉන්නවා. සිංදුවට, ශබ්දයට සම්පූර්ණයෙන්ම මනස මුල්වෙලා තිබෙන්නේ. දැන් ඔහු දැනගන්නේ ඒ සිංදුවයි. තමන්ගේ කයේ ඇසෙන ශබ්දයවත් දැන ගත්තේ නැත්තේ මනස සම්පූර්ණයෙන් ගීතයට යොමුවෙලා නිසා. එසේනම් කය මුල්වෙලා තිබෙන ශබ්දයත් වුවත් දැන ගන්න මනස ඕනම යි. නාසයට දැනෙන ගඳ සුවඳ දැනගන්නත් නාසය මනස මුල්කරගෙන හට ගත්තොත් පමණයි. ඒ වෙලාවේ තමාගේ කයෙන් දැනෙන ගඳ සුවඳට වඩා බාහිරෙන් ප්‍රබල ගඳ සුවඳක් එනවානම් තමාගේ කයට මනස යොමුවෙන්නේ නැහැ. ඒ වෙලාවේ මනසට අරමුණු වන්නේ බාහිරරෙන් එන ගඳ සුවඳ. දිවට දැනෙන රස ගැන දැනගත්තේ ඔහු දැනගන්නේ මනස යොමුවෙලාම යි. කයට දැනෙන පහස දැන ගන්නෙත් මනස මුල්වෙලාම යි. ඔබ සිතන්න අප ඇවිදගෙන යනවා විශාල රස්නයක් තිබෙන පාරක. ඒ වෙලාවට අපට කය රස්නේ සහිත පොලොවේ අඩි තබා යනවිට දැඩි කටුක පහසක් දැනෙනවා. එය අප දැන ගන්නවා. ඒ සමඟම යම් සුළඟක් හමනවා. නමුත් කයට රස්නය දැනුන නිසා එයයි මනසේ වැඩ කරන්නේ. එවිට සුළඟ දැනගන්නේ නැහැ. තවත් පහසක් කයට දැනුනට මනස මුල්වෙන්නේ නැති නිසා එය දැන ගන්නේ නැහැ.බෞද්ධ ධර්මය ලොව පැතිරවීමේදී උත්තරීතර කේන්ද්‍රස්ථානය ලෙස වැජඹුණ ඉසිපතනාරාමය විනාශ වුයේ ද ඉතාමත් ඛෙදජනක අන්දමිනි෴
Welcome !
නමෝ බුද්ධාය !
Cross Browser Support
"අප්පමාදෙන සම්පාදෙථ" අප්‍රමාදයෙන් නිර්වානය පිණිස කටයුතු කරගනිවු !
This is an example of a large container with 5 columns
නිවැරදි ධර්මය සැමදා විද්‍යමාන නොවේ..... අධර්මයෙන් එය වැසීයමින් පවතී......
යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා නොගනීද... එවන් අයහට නොපමාව එම විපත දැන හඳුනා ඉන් මිදීමට උපකාරය පිණිස ද
යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා ගනීද... එවන් බුද්ධිමත් නැණවතුනට අංශුමාත්‍රයක හෝ උපකාරය පිණිස ද දරන උත්සාහයකි මේ.....
ඔබේ ප්‍රඥාව, ධෛර්ය, වීර්ය, කාලය යොදවා ඔබ පුහුණු කරන ධර්මය ඔබ සුගතිය කරා රැගෙන යනු ඇත.
දහම් විලේ මූලික අරමුණ සැදැහැවත් මිනිසුන් වෙනුවෙන් ඒ මඟ පෙන්වා දීමයි. ධර්මය අසන්න. ධර්මය පිළිපදින්න..
Here is some content with side images
බෞද්ධයන් වැඩි දෙනෙක් සිතා සිටින්නේ මරණින් මතු තමන් නැවතත් මේ මනුලොවම උපදින බවයි. නමුත් ඒ පින ඇත්තේ ඉතාමත් ම ස්වල්ප දෙනෙක්ට පමණක් බව බොහෝ දෙනා නොදනී. මේ නිසාම ඔවුන් බොහෝ අකුසලයන් සිදු කරන්නේ යළි කිසිදාක මේ මනුලොවට පැමිණෙන්නට නොහැකි වන තරමින් ය. යමෙක් පෙර පිනකින් මේ මනුලොව නැවත උපන්නත්, අනාගතයේ පිරිසිදු සත් ධර්මය ඉතා දුර්ලභ වීමෙන් එසේ මනුලොව උපදින්නන්ට බුදු දහමේ පහස ලබන්නට නොහැකි වේ.Read more...
යමෙක් නුවනින් සිතා නැවත මේ මනුලොව පැමිණෙනු වෙනුවට දිව්‍ය බ්‍රහ්ම සුගතියක උප්පත්තිය සඳහා ධර්මයෙන් පිහිට ලබන්නට උනන්දු වේ නම් හේ සැබෑ පුණ්‍ය වන්තයෙකි. අඩුම තරමින් වසර පනහක හැටක මනුලොව විඳින සැප දුක් අභිබවා කල්ප ගණනක දිව්‍ය බ්‍රහ්ම සැපය පිණිස හෝ මිනිසා අති දුර්භ වූ මිනිසත් භවය ප්‍රයෝජනයට ගත යුතුයි. ඒ සඳහා ඇති එකම ඵල සහිත මාර්ගය වන්නේ බුදු දහමේ පිහිට පමණකි. යම් කිසිවෙක් ඒ වෙනුවෙන් කටයුතු කරයිද, එසේ කටයුතු කිරීමට සිතයිද හේ බුදුධිමත් අයෙකි. Read more...

කවරෙක් වුව දිව්‍ය බ්‍රහ්ම සුගතියක උප්පත්තිය ලබා එහි අති දීර්ග කාලයක් පුරා ලබන්නා වූ අතිමහත් වූ සැපයන්ගෙන් මුලා නොවී තවදුරටත් ධර්මය පුරැදු කරයි නම්, එහිම පිරිනිවනට පත්වෙන්නට මෙන්ම බුදුවරැන් වෙතින් ධර්මය අසන්නට තරම් අති පුණ්‍ය වන්තයෙක් වෙයි...
This is a heading title
සදහම් සිසිල
ධර්ම ගරුත්වය ඇති වන්නේ අප තුල ධර්මය කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගෙන ඒ වැඩිදියුණු කර ගැනීමෙනි. ධර්ම රත්නය ගැන ශ්‍රද්ධාව ඇති කරගැනීමට ධර්ම රත්නයේ ගුණ සහ එහි අනන්ත බව දැනගත යුතුය. ධර්ම රත්නයෙහි ගුණ පිළිබඳව ඇති වැටහීමත් ඒ ගැන ඇති ශ්රද්ධාවත් අනන්ත සම්බුදු ගුණ....Read more...
අපගේ ශාස්තෘ වූ තිලෝගුරු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ජේතවනාරාමයහි වැඩවාසය කරන සේක් උතුම් වූ අනේපිඬුමහසිටානන් විසින් මෙහෙයවන ලදුව ඔහුගේ යහළු එක්තරා අන්‍යලබ්ධික තීර්ථකයන් පන්සියදෙනෙක් භාග්‍යවතුන් වහන්සේගෙන් ...Read more...
Lists in Boxes
Here are some image examples
යෝගියා සීලයක පිහිටා ඊට ආදර ගෞරවයෙන් යුතුව සීලය ආරක්ෂා කර ගතයුතු වේ. සීලයට අහිතකර කරැණු වන ක්‍රෝධ, වෛර, තෘෂ්නාව, මානය, කම්මැලිකම, කාමරාගී සිතුවිළි වැනි දේ වලින් සිතට බාදා ඇති නොවන පරිදි හැකිතාක් ආරක්ෂා විය යුතු....Read more...
ලංකාවේ අන්තිම රහත් හිමිනම මලියදේව මහ රහතන් වහන්සේ යැයි පොදු ජනයා තුළ මෙන්ම බොහෝ උගතුන් තුළ ද විශ්වාසයක් ඇත. මේ විශ්වාසය අදහස කොතෙක්දුර තර්කානුකුල දැයි විමසීම මේ ලිපියේ පරමාර්ථයයි. පළමුවෙන්ම මලියදේව රහත් හිමියන් ජීවත්වුණු රහත් හිමියන් ජීවත්වුණු වකවානුව....Read more...
Lists in Boxes
Here are some image examples
"මහණෙනි, යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ උතුම් සම්මා සම්බෝධිය අවබෝධ කළ සේක්ද, යම් රාත්‍රියක පිරිනිවන් පාන සේක්ද, ඒ අතරතුර යමක් වදාරත්ද, ප්‍රකාශ කරත්ද, ඒ සියල්ල එලෙසම සිදු වේ. වෙන ලෙසකට සිදු නොවේ. එමනිසා තථාගත යන නම යෙදී ඇත."Read more...
ධර්මදේශනාවන්ට සවන් දිය යුත්තේ කවර අරමුණක් උදෙසාද කියා අද බොහෝ දෙනෙක් නොදනී. බෞද්ධ හෝ අබෞද්ධ හෝ කවරෙකු වුව සත්ධර්මය ශ්‍රවනය කිරීමෙන් මේ මහා තෙරක් නොමැති සසරේ භයානක පැවැත්ම දැන නුවනින් විමසා අවබෝධ කර ගැනීම... Read more...
Lists in Boxes
Here are some image examples
ශ්‍රද්ධාව බලවත් කළ හැක්කේ කෙසේද...? බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝයා ගැන මෙන්ම කර්ම - කර්ම ඵල විශ්වාසය තදින් සිතට ගැනීමෙනි. අතිශයින් පැහැදීමක් ඇතිකර ගැනීමෙනි. වඩාත් ශ්‍රද්ධාව බලයක් බවට පත්කර ගැනීමෙනි.
Read more...
භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ යම් කෙනෙක් තුළ ශ්‍රද්ධාව තියෙනවා නම්, ශ්‍රද්ධා බලය තුළ එය පිහිටා සිටිනවා නම් ඒ තාක් එයා තුළ අකුසල් හට ගන්නවා කියන දේ සිද්ධ වෙන්නේ නෑ කියල. හිරි බලය තුළ පිහිටා සිටිනතාක් එයා තුළ අකුසල්... Read more...


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න
මඟඵල ලැබිය යුතු නම් අනුගමනය කළ යුතු ප්‍රතිපදාව
ලෝකයේ දකින දේ ඕන තරම් තිබෙනවා. තමාගෙන් බාහිරව තිබෙන ඒ දකින දේ අතර හැම දෙයක්ම බාහිරින් දකින දේ. නමුත් තමා යැයි සලකන මේ කයේ තිබෙනවා අභ්‍යන්තරව දකින දේ. උදාහරණයකට – මම, මගේ අත දෙස බලනවිට මේ අත මට තමා යයි සලකන රූපයක්. තව කෙනෙකුගේ අතක් මගෙන් බාහිරව සලකන රූපයක් මට. මම තමා යැයි සලකන රූපයත්, තමාගෙන් බාහිරව සලකන රූපයත් දෙකම දැක්කේ ඇසින්. ඇසක් ඒ මොහොතේ හට ගත් නිසායි මම රූපය දැක්කේ. සමහර වෙලාවට මගේ අත ඇසට පේනවා. අත පේන තැනට මම වටාපතක් ළං කළොත් ඇස් දෙක ඉදිරියේ ඒ දෙකම තිබෙනවා. මේ ඇස අභියස අත හා වටාපත දෙකම තිබෙද්දී මම බලන්නේ වටාපත දෙස. එවිට මගේ මනස සම්පූර්ණයෙන්ම යොමු වන්නේ වටාපතට. එසේනම් ඇස හටගත්තේ වටාපත මුල්කරගෙනයි. වටාපත මුල්කරගෙන ඇස හට ගනිද්දී අත ගැන අදහසක් ආවේ නැහැ. නමුත් අත එතැනම තිබෙනවා. ඒත් අත දැනගත්තේ නැහැ. අත දැන ගත්තේ නැතුව අත ගැන අදහසක් මනසට ගියේ නැහැ. ඒ කුමක් නිසාද, අත මුල් කරගෙන ඇස හට ගත්තේ නැති නිසා. ඒ වෙලාවේදී අතත්, වටාපතත් දෙකම එකළඟ තිබුණට බාහිර දේට ඇසත්, මනසත් යොමුවුණා. අභ්‍යන්තරව තමා යැයි සලකන අතටවත් මනස යොමු වුණේ නැහැ. මේ කයේ කෙතරම් දකින දේ තිබුණත් තමන් යයි සලකන මේ කය දෙස කණ්ණාඩියකින් හෝ වේවා සාමාන්‍ය ස්වරූපයෙන් හෝ වේවා මගේ මේ ඇස, කන, නාසය, මගේ කෙස්, මගේ ලොම්, මගේ සම, මගේ දත් ලෙස මොන දේ දැක්කත් දකිනවානම් දැකිය යුත්තේ ඇසෙන්. ඇස හට ගත්තේ මනස මුල් වුණොත් පමණයි. එසේනම් කයට කලින් ඇස දැන ගත්තේ මනස නිසයි. මනස මුල්වෙලා කියන දේ තේරුම් ගන්න පුලුවන්. මනස මුල්වෙලා ඇස හටගත්තොත් පමණයි පේන දේ මුල්වෙලා කය ගැන අදහසක් ගන්නේ. ඒ වගේම යි ඇසෙන දේත්. සම්මාදිට්ඨිය ඇතිවුණාම මෙය තේරුම් යනවා. කණත් සතරමහා ධාතුන්ගෙන් හටගත් මේ ශරීරය ඇසට පෙනෙනවා වගේම කනට ඇසෙන ස්වභාවයකින් යුක්තයි. තමා යැයි සලකන කය මුල්කරගෙන මා කථා කරනවා. එවිට මේ කයෙන් ශබ්ද පිටවෙනවා. තව තව ආකාරයට මේ කයෙන් ශබ්ද පිටවෙනවා. අපට සමහර වෙලාවට මේ කයේ ඉක්කා ඈනුම් යනවා. වාතය උගුරෙන් පිටවෙනවා. වාතය පහළින් පිටවෙනකොටත් ශබ්දය පිට වෙනවා. සමහර විට බඩේ ආහාරය දිරවන විට ගුරු ගුරු වගේ බඩේ ශබ්ද ඇසෙනවා. ඒ හැම එකක්ම කය මුල්කරගත් ශබ්ද. කයේ ශබ්ද තිබුණත් ඒකත් දැනගන්නේ මනස මුල්වෙලා. කණ හට ගත්තොත් පමණයි තමාගේ කයේ ශබ්දත් හට ගන්නේ. අප හිතමු තමාගේ බඩේ ගුරු ගුරු කියා ශබ්දයක් හට ගන්නවා කියා. ඒ ශබ්දය ඇසෙන වෙලාවේ ඔහු තමා කැමැති ගායකයෙකුගේ සිංදුවක් අසමින් ඉන්නවා. සිංදුවට, ශබ්දයට සම්පූර්ණයෙන්ම මනස මුල්වෙලා තිබෙන්නේ. දැන් ඔහු දැනගන්නේ ඒ සිංදුවයි. තමන්ගේ කයේ ඇසෙන ශබ්දයවත් දැන ගත්තේ නැත්තේ මනස සම්පූර්ණයෙන් ගීතයට යොමුවෙලා නිසා. එසේනම් කය මුල්වෙලා තිබෙන ශබ්දයත් වුවත් දැන ගන්න මනස ඕනම යි. නාසයට දැනෙන ගඳ සුවඳ දැනගන්නත් නාසය මනස මුල්කරගෙන හට ගත්තොත් පමණයි. ඒ වෙලාවේ තමාගේ කයෙන් දැනෙන ගඳ සුවඳට වඩා බාහිරෙන් ප්‍රබල ගඳ සුවඳක් එනවානම් තමාගේ කයට මනස යොමුවෙන්නේ නැහැ. ඒ වෙලාවේ මනසට අරමුණු වන්නේ බාහිරරෙන් එන ගඳ සුවඳ. දිවට දැනෙන රස ගැන දැනගත්තේ ඔහු දැනගන්නේ මනස යොමුවෙලාම යි. කයට දැනෙන පහස දැන ගන්නෙත් මනස මුල්වෙලාම යි. ඔබ සිතන්න අප ඇවිදගෙන යනවා විශාල රස්නයක් තිබෙන පාරක. ඒ වෙලාවට අපට කය රස්නේ සහිත පොලොවේ අඩි තබා යනවිට දැඩි කටුක පහසක් දැනෙනවා. එය අප දැන ගන්නවා. ඒ සමඟම යම් සුළඟක් හමනවා. නමුත් කයට රස්නය දැනුන නිසා එයයි මනසේ වැඩ කරන්නේ. එවිට සුළඟ දැනගන්නේ නැහැ. තවත් පහසක් කයට දැනුනට මනස මුල්වෙන්නේ නැති නිසා එය දැන ගන්නේ නැහැ.

