දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

බුදු සසුනේ අවසානය සිදුවන අයුරු බුදු දහමින් ප්‍රකාශිත අනාගත ලොකයේ තතු


January 8, 2012 at 12:34 am | Lanka C News.

අද කියන්න බලාපොරොත්තු වන්නේ කොසොල් රජතුමා විසින් දුටු එකොලොස් වෙනි සිහිනය පිලිබද විස්තරයි. මෙ පිළිබදව කථා බහ කරන්න බොහෝ දේවල් තිබෙන නිසාත් එක ලිපියකින් මෙම කරැණු ඉදිරිපත් කරන්න අපහසු නිසාත් ලිපි කිහිපයකින් පහත මාතෘකා යටතේ මෙ පිළිබදව කරැණු ඉදිරිපත් කරන්නයි බලාපොරොත්තු වන්නේ.
01)කොසොල් රජුගේ 11 වන සිහිනය හා බුද්ධ ශාසනය අතුරැදහන් විම පිළිබද විස්තරය.
02)බුදු සමයේ අතුරැදහන්විම පිළිබදව ත්‍රිපිටයේ අන්තර්ගත දේශනා.
03)මෙකල නිර්වානය පසක් කල හැකි නොහැකි බව හා අධිගම යේ අතුරැදහන්විම පිළිබද විස්තරය.
04)කොසොල් රජතුමාගේ 11 වන සිහිනයේ සදහන් කරැනු හා වත්මන් සමාජිය අදාලත්වය.
මෙතැන් සිට ඉහතින් දක්වන ලද පිළිවලට කරැණු ඉදිරිපත් කරන්නයි බලාපොරොත්තු වන්නේ. ඊට මත්තෙන් කොසොල් රජතුමා විසින් දකිනා ලද 11 වන සිහිනය පිළිබදව සලකා බලමු.
පසේනදි කොසොල් රජතුමා
ස්වාමීනි ලක්‍ෂයක් වටිනා සඳුන්හරයක් කුණුමොරට විකුණන්නා දිටිමි. මෙයට කවර විපාකදැයි විචාළෝය.
බුදු රජානන්වහන්සේ.මීටත් අනාගතයෙහිම මාගේ ශාසනය පිරිහෙන්ට වන්කල්හි විපාකවන්නේය, තවද අනාගතයෙහි ප්‍රත්‍යයෙහි ලොල්වූ භික්‍ෂුහු බොහෝවන්නාහ ,ඔවුන් මා විසින් බොහෝ ප්‍රත්‍යයෙහි ලොල්බව මැඩ කියනලද ධර්‍මදෙශනාව චීවරාදී චතුර්විධ ප්‍රත්‍යය නිසා අනුන්ට දේශනාකෙරෙති, ප්‍රත්‍යය ලොභයෙන් මිදී නිස්සරණ පක්‍ෂයෙහි සිට නිර්වාණාභිමුඛ බව දෙසන්ට අසමර්ථවෙති, දායකයෝ හුදෙක් මාගේ ව්‍යංජන සම්පත්තිය හා මධුරසවරය අසා මාහැඟිවූ සිවුරු ආදිය දෙති, දෙනුකැමැතතා හුද වෙතියි කියාම දෙශනකරති, සමහර කෙනෙක් විධි මධ්‍යය සතරමන් සන්‍ඩියය මාලිගාවේ වාසල්දොරකඩය යනාදීවූ සථානවල හිඳ මදකටක් කහවණූවක් නිසාත් දෙශනා කෙරෙති. මෙසේ මා විසින් නිර්වාණය අගයකොට දෙසනලද ධර්‍මය චීවර පිණ්ඩපාත සෙනාසන ගිලාන ප්‍රත්‍යය යන චතුර්විධ ප්‍රත්‍යය හා මදටක් කහවනුවක් නිසා විකිණියකොට දෙන්නාහුය. මොවුන් ලක්‍ෂයක් අගනා හඳුන්හරක් කුණුමොරට විකුණන්නාවූන් වැන්නෝය. මේ කාරණයෙනුත් තොපට භයෙක් නැත්තේය. දොළොස්වෙනි සවප්නය කියවයි වදාළසේක.
මෙයින් කියවෙන්නේ අපගේ තිපලාගුරැ බුදුරජානනවහන්සේගේ සාශනය පිරිහෙන්නට වු කල, තථාගතයානන්වහන්‍සේ විසින් වස්තු සැපයිමි ආදි දුරලිය යුතුයැයි පවසන ලද ලෞකික සැප සමිපත් පසුපස හඹායන්නාවු භික්ෂුන් බොහෝ සෙයින් ඇති වන බවයි. එම භික්ෂුන් වහන්සේලා නිර්වාණ ගාමි ප්‍රතිපදාව මනා ලෙස අනුගමනය කරමින් ධර්මය දේශානා කිරිමට අසමර්ථ වෙති. හුදෙක්ම වස්තු ලාභය සදහා බුදුරජාණන්වහන්සේ විසින් මෙ සසරින් එතෙරවිම සදහා දේශනා කරන ලද ධර්මය විකුණති. පාරක් පාරක් ගානේ පවා විකුණති. ධර්මය දේශනා කිරිමෙ දීද ප්‍රථ්‍ය ලාභයෙන්ම දේශනා කිරිමි කරති. එසේ ප්‍රථ්‍ය දෙන්නන්ටම ඔවුන් පැහැදවිමටම දේශනා කිරිමි කරති. මෙම 11 වන සිහිනයේ අර්ථය වන්නේ මෙයයි.
ථතාගත ගෞතම අප බුදුරජාණන්වහන්සේගේ සසුනේ පිරිහෙන්නේ කෙසේද යන්න විස්තර කරනුයේ ආකාර පසකිනි.


01)ප්‍රතිවෙධ අන්තර්ධානය
02)ප්‍රතිපත්ති අන්තර්ධානය
03)පර්‍යප්ති අන්තර්ධානය
04)ලිංග අන්තර්ධානය
05)ධාතු අන්තර්ධානය යන ආකාර 05 නි.


දැන් මෙ එක එකක් සලකා බලමු. මෙකි කරැණු පිළිබද විස්තර මනෝරථපුරණි නමි වු අංගුත්තර නිකාය අටිඨකථාවෙ, ඒක නිපාතයේ 10 වන වර්ගයෙත්, ඒ හා සමානම විස්තරයක් සද්ධර්ම රතනාකරයේත් අන්තර්ගතයි. මෙහි දක්වනු ලබන ලිපියේ මුලාශයන් දෙකෙහිම සදහන් කරැණු ඇතුලත් කර සරල බසින් දක්වා ඇත.
01)ප්‍රතිවෙධ අන්තර්ධානය
සොවාන් මාර්ගඑය, ඵලය, සකෘදාගාමි මාර්ගය, ඵලය, අනාගාමි මාර්ගය, ඵලය, අර්භන් මාර්ග‍ය, ඵලය යන චතුර්විධ මාර්ගඵල ද, ආදි වූ මෙ හැම විදර්ශිනාදිය පිරිහෙන කල්හි සිවුපිළිසිඹීයාවෙහි පටන් ප්‍රතිලෝමයෙන් ප්‍රතිවෙධය පිරිහෙන්නේ ය. මෙසේ ප්‍රතිලොමයෙන් පිරිහී අවුත් සෝවාන් මාර්ග ඵලයට පිරිහී එයින් මාර්ගය එලය ශ්‍රාවකයන්ට පසක් කිරිමට නොහැකි විමෙන් හෝ අවසන් අධිගම ලාභියාගේ ජීවිතක්ෂයෙන් එනමි අවසන් මාර්ග, ඵල ලාභි ශ්‍රාවකයාගේ මරණයෙන් අධිගමශාසනය පිරිහුනේ නම් වේ. මෙය ප්‍රතිවෙද අන්තර්ඪා‍න නම් වෙයි.
02)ප්‍රතිපත්ති අන්තර්ධානය
මෙසේ කල් යාමෙන් සිවි මාර්ගයන්ට ඵලයන්ට පත්විමට නොහැකිවු ශ්‍රාවකයෝ සිල් පමණක් රක්ෂා කරති. ඒසේ වුවත් උත්සාහ කර බැලිය යුතුයැයි කියා, ප්‍රතිපත්ති‍ ශිලාදි වූ ගුණධර්මයන් ආරක්ෂා කරමින් මතු නිවන් අපෙක්ෂාවෙන් ධ්‍යාන භාවනා ආදිය කෙරෙති. කල්යත්ම මෙසේ උත්සාහ කිරීමෙන් සුළු සමාධි මාත්‍රයක් හෝ ලැබ ගත නොහැකිව, චතුපාරිසුඩිසීලය පමණක් රක්ෂා කරමින් සිටිති. එයින් කල් යත් යත්ම “අපි සිල් රකිමු, භාවනා කරමු නමුත් මාර්ගයක් ඵලයක් සදහා එලබිය නොහැක. මෙකලට අර්‍ය ධර්ම ප්‍රතිවෙද කල නොහැකි (එනමි මාර්ග-ඵල ඉපදවිය නොහැකිය) යැයි නිගමනයට එලබෙන්නේය. එයින් කුසීත ව “අප කෙතෙක් ප්‍රයත්න කළත් නොවන දෙයක් නො වන්නේ මය. යැයි කියා ඔවුන් ඔවුන්ට චොදනා නොකරමින් ප්‍රතිපත්තිය ලිහිල්කොට එතැන් පටන් කුඩා අනු සිකපද නොසලකා හරිනු ලබයි. ඉන් පසු කල්යෑමෙ දි පචිති ඇවැත් හා තුලැසි ඇවත් වලට පැමිනෙයි. ඉන් පසු ගරැකාපත්තින්ටද එලැබ පරාජිකා පමනක් පවතියි. මෙසේ තිබියදී පවා සිවි පරාජිකාව රක්ෂා කර ගෙන සිටිනා භික්ෂුන්වහන්සේලා 100 ක් හෝ 1000 ක් ඇති තාක් පටිපත්ති සාශනය අතුරැදහන් නොවු බව කියනු ලැබෙ. මෙසේ සිවි පරාජිකා රකිනා අවසන් භික්ෂුවගේ සිල් බිදි යාමෙන් හෝ දවිගෙවි යාමෙන් ප්‍රතිපත්ති අන්තර්ධානය වුයේයැයි කියනු ලැබෙ.
03)පර්‍යප්ති අන්තර්ධානය
පරියන්ති නොහොත් පර්‍යප්ති අන්තර්ධානය නම් සකල ලොකාවබොධය පිණිස කරුණා නිධාන වූ බුදුරජුන් විසින් දෙශනා කළා වූ අටිඨකථා පාලි සහිත ත්‍රිපිටකයට අයත් බුද්ධ වචනයේ නො පැවැත්මයි. ත්‍රිපිටකය පවත්නා කල්හි ප්‍රතිවෙධ ශාසනය, ප්‍රතිපත්තිශාසනය පරියන්ති ශාසනය යන ත්‍රිවිධශාසනය ම පවතිනු ලැබෙතැයි සැලකේ.
කල්ගතවන කල කලියුගයේ රජවරැ අධාර්මික වෙති. මොවුන්ගේ නොදැහිමි බවින් වැසි මනාකොට නොවසියි. එයින් බොග ආදිය මනා ලෙස නොපැසෙයි. ඒවා මනා ලෙස නොපැසෙන කලිහි (මෙයින් අදහස් වන්නේ රටෙ දරිද්‍රතාවය පැතිර යන බවයි) භික්ෂු සංඝයාට දායකයන්ට මනා ලෙස දානය දිමට නොහැකි වෙයි. එසේ විමෙන් අතවැසියන් භික්ෂුන් ගත නොහැකිව භික්ෂුන්ගේ ගණන අඩු විමෙන්, මෙම නිසා කල්යත්ම පරියන්තිය පිරිහෙයි. ධර්මය අර්ථ වශයෙන් දැරිමට නොහැකි වෙයි. ඉන් පසු පෙළ වශයෙන් දරයි. ඉන් කලක් ගතවන විට සියලු පෙළද දැරිමට නොහැකි වෙත්. ඉන්මත්තේ මුලින්ම අභිධර්ම පිටකය පිරිහෙයි. අභිධර්ම පිටකය පිරිහෙනුයේ මත්තෙහි පටන්ය. මුලින්ම මහා ප්‍රකරණය පිරිහෙයි එය පිරිහුන පසු යමකය, කථාවත්තුව, පුද්ගල ප්‍රඥප්තිය, විභංගය, ධර්ම සංග්‍රහය පිරිහෙයි මෙසේ අභිධමිම පිටකය පිරිහුන කල, මත්තෙහි සිට සුත්‍ර පිටකය පිරිහෙයි. පළමුව අංගුත්තර නිකාය පිරිහෙයි. එයින්ද පළමුව ඒකාදස නිපාතය පිරිහෙයි එහි සිට ක්‍රමයෙන් ඒකක නිපාතය දක්වා පිරිහෙයි මෙසේ අංගුත්තර නිකාය පිරිහුන කල්හි මත්තෙහි සිට සංයුක්ත නිකාය පිරිහෙයි. මෙයින් පළමුව මහාවග්ගය පිරිහෙයි. ඉක්බිති සලායතන වග්ගය පිරිහෙයි. ඉන්පසු ඛන්ධක වග්ගයද, නිධාන වග්ගය, සගාථවග්ගය,
වශයෙන් සංයුක්ත නිකාය පිරිහුන කල්හි මත්තෙහි පටන් මජ්ජිමනිකාය පිරිහෙයි. මජ්ජිම නිකායේ මුලින්ම පිරිහෙනුයේ උපරි පන්නාසකයයි. ඉන් අනතුරැව මජ්ජිමපන්නාසකයද, මුලන්නාසකයද පිරිහෙයි. අනතුරැව මත්තෙහි පටන්, දිඝ නිකාය පිරිහිමට පටන් ගනියි. පළමුව පාටිය වග්ගය පිරිහෙයි. එයින්පසු මගාවගගයද, සිලක්ඛන්ධවග්ගයද පිරිහෙයි. මෙසේ දිඝ නිකාය පිරිහුන කල සුත්‍ර පිටකය පිරිහුනේ නමි වෙයි. ඉන්මත්තේ විනය පිටකය හා ජාතක කථා පමණක් දරයි. විනය පිටකය යහපත් ලජ්ජි භික්ෂුන් පමණක් දරයි. ලාභ කැමැති භික්ෂුන් සුත්‍ර පිටකය කියු කල එය අසන්නෙක් නැතැයි කියා ජාතක කථා පමනක්ම කියති. කල් යත් යත්ම ජාතකයද දැරිමට නොහැකි වෙයි. ජාතකයන්ගෙන් මුලින්ම වෙස්සන්තර ජාතකයේ සිට අපණ්නක ජාතකය දක්වා ප්‍රතිලොමයෙන් පිරිහෙයි. එකල්හි විනය පිටකය පමණක්ම පවතියි. මෙයද කල්යත්ම මත්තේ පටන් පිරිහී පළමුව පරිවාර පාළියද, අනතුරැව ඛන්ධකයද, භික්ඛනි විභංගයද, මහා විභංගය ද පිරිහෙයි අනුපිලිවලින් උපොසථ කර්ම ඛණ්ඩය පමණක් දරයි. එකල්හිද පරියන්තිය අතුරැදහන් නොවු සේ සලකණු ලබයි. යමිසේ මනුෂ්‍යයන් අතරෙහි සතර පදයෙන් යුක්ත ගාථාවකින් හෝ බුදුගුණයෙක් පවතී නම්, ඒ තැන් දක්වා ශාසනය පවත්නේ නම් වෙයි. යම් දවසෙක සදැහැති රජෙක් බුදුගුණ අසන්ට වුව මැනැවැයි සිතා ධර්ම දේශකයන් සොයා, නො ලැබ දහසින් බැදි පියැල්ලක් ඇතුපිට තබා “බුදු බණින් ගාථාවක් පමණ හෝ දත් කෙනෙක් මෙ දහසින් බඳ පියැල්ල ගෙණ භණ කියනු ලබත්වා යැයි” යි කියා නුවර බෙර ලවාත්, එසේ ධර්ම කථිකයෙක් නො ලැබ තුන්විටෙක බෙර ලැවූ කලැ ඒ දහසින් බඳ පියැල්ල ගෙණ බණ කියන්නක්හු නො ලැබත්ද (එනමි එක් බුදු බණ පදයක් හෝ දන්නා එක් අයෙක් හෝ මිහිපිට නැතිවු කල), පරියන්ති ශාසනය අන්තර්ධාන වූයේ නම් වේ.
04)ලිංග අන්තර්ධානය
කල්ගතවන විට සංඝයාගේ සිවුරැ ගැනිමි, පාත්‍ර ගැනිමි (එනමි සිවුරැ පිරිකර භාවිතා කරනා ආකාරය) අත පය හැකිලිමි හා දිගහැරිමි ආදිය, ඉදිරිය බැලිම වටපිට බැලිම ආදිය ජනයා පහදවන ආකාරයෙන් නොවෙයි.කල්ගතවෙත්ම නිගන්ඨ මහණුන් ලබු කැට අතින්ගෙන යන්නාක් මෙන් භික්ෂුන් පාත්‍රය අත් භාහුවෙ එල්ලාගෙන හැසිරෙති. තවත් කල්ගත වෙත්ම අතින් එල්ලාගෙන හෝ කත් කොනින් එල්ලාගෙන හැසිරෙති. සිවුරේ වර්ණය කල් යත්ම පඩු පෙවිමි නොකොට ඔටු ඇටවන් පැහැ කොට හැසිරෙති. තවත් කල් යත්ම පඩු පෙවිම අත්හැර දමයි. දහවල්ල සිදිම හා බදපටිය විදිම ද නොකරති. කප් බින්දුව පමණක් කොට පරිහරණය කරයි. නැවත බදපටිය විද කප නොකරයි. ඉක්බිති දෙකම නොකොට දහවල්ලද සිද පිරිබ්‍රාජකයන් මෙන් හැසිරෙයි. තවත් කලක් යන විට මෙයින් කවර වැඩැක්දැයි සිතා කුඩා කසාවත් කඩක් අතේ හෝ ගෙලෙහි පමණක් බැද භික්ෂුන් යැයි කියමින් හැසිරෙයි. එසේත් නැතගොත් කෙස් වල අලවාගෙන හෝ හැසිරෙයි. මොවුන් ඉතා දුශ්ෂිල වන අතර අන් මිනිසුන් කරන්නාවු කර්මාන්ත වල යෙදෙමින්ම, අඹුදරැවන් රක්ෂා කරමින් ජිවිත් වෙයි. මෙකල ද මිනිසුන් මහා සංඝයා වෙත දන්දෙමියි කියා දන් පවත්වනු ලබයි. බුදුරජානන්වහන්සේ දක්ෂිණවිභංග සුත්‍රයේ දේශනා කර ඇති අයුරැ “ආනන්දය මෙම සංඝගත දක්ෂිනාව එකල්හි පවා ගිනිය නොහැකි තරමි ප්‍රමාණකල නොහැකි එකක් වන බව දක්වා ඇත. තවත් කලක් ඉක්මිමෙන් විවිධ කටයුතු වල නියැලෙන මෙම සංඝයා මෙය අපට භාධාවකි. මෙයින් අපට වැඩැක් නැතැයි සිතා කසාවත සිද වනයේ දමයි (කසාවත ඉවත්කර දමති) මෙසේ අවසන් භික්ෂුවද කසාවත ඉවත්කර දැමු කල ශ්‍රමණ ලිංගය අතුරැදහන් වුයේ නමි වෙයි.
05)ධාතු අන්තර්ධානය
සම්‍යක් සමිබුදුවරයානන්වහන්සේලාගේ පරිනිර්වාණය, කෙලෙස් පරිණිර්වාණය, ස්කන්ධ පරිණිර්වාණය, ධාතු පරිණිර්වාණය වශයෙන් ත්‍රිවිධ වෙයි. එයින් ක්ලෙශ පරිනිර්වාණය බොධිමූලයෙහි වැඩහිඳ මාර බලය බිදහැර අලුයමැ ලොවුතුරා බුදු වූ ක්ෂ්ණයෙහි ම සිද්ධ වි ය. ස්කන්ධ පරිනිර්වායණය වෙසග මස මැදි පොහෝ දවස් විසා නැකතින් කුසිනාරානුවර මල්ලරජුන්ගේ උපවත්තන නම් සල් වනයේ දී විය. ධාතුපරිනිර්වාණය අනාගතයේ බොධිමූලයෙහි දී ම වෙයි.
එය කෙසේද යත්:-
මේ බුද්ධශාසනය පන්දහසක් අවුරුදු පැවැති කල සත්වයන්ගේ ශ්‍රද්ධා බුද්ධි මඳ වීමෙන් පුජාසත්කාර නොලබන්නා වූ ධාතු වරුන්වහන්සේ බුදුරජානන්වහන්සේ ජිවමාන කල කලාවු අධිෂ්ඨාන ලෙස ම පූජා සත්කාර කරන්නා වූ ස්ථානවලට රැස් ව ගොස් මේ ලංකාවීපයෙහි සිද්ධස්ථානවලට රැස්වෙමින් ඉනුත් අනුරාධපුරනුවර රුවන්මැලි මහසෑයට රැස් ව එතැනින් නික්ම නාග දිවයින රාජායතන නම් චෛත්‍යට රැස් වෙමින් කලක් පැවත,
මෙසේ බුදුරජුන්ගේ අධිෂ්ඨාන වූ ලෙස ම රැස් වූ හැම ධාතුවරුන්වහන්සේලා ම ඒ රාජායතන චෛත්‍යයෙන් නික්ම අපරාජිත ස්ථාන වූ බොධිමණ්ඩයෙහි ශ්‍රී මහා බෝධින්වහන්සේට පිට ලා පූර්වදිශාභිමුඛ ව වජ්රාසනාරූඩ ව බුදු රජුන් බුදු වන්ට වැඩ උන් දවසේ මෙන් දිව්‍ය බ්‍රරහ්ම නාග විමාන ආදී හැම තන්හි වැඩහුන් ධාතුන්වහන්සේලා හැම රැස් ව තමතමන් වහන්සේලා බුද්ධශරීරයෙහි පිහිටියා වූ ස්ථාන නො වරදවා ම ලලාටධාතු අකුධාතු දන්තධාතු ග්‍රීරීහ්වාධාතු ආදි වූ හැම ධාතුවරුන් වහන්සේලා ම ශරීරායව නො වරදවා පිහිටමින් දොළොස්රියන් බුද්ධ ශරීර මවාගෙණ බෝමැඩ බුද්ධලීලායෙන් වැඩඋන් කල්හි ධාතුශරීරයෙන් සවණක් ඝන බුද්ධ රශ්මිමාලාවන් දස දිග විහිදුවා සියලු ලොව වසන්ට වන්කල්හි ඒ දුටුවාවූ දිව්‍ය, බ්‍රර්හ්ම, නාග, යක්ෂ ආදීන් “අප බුදුන්වහන්සේගේ ධාතු පරිනිර්වාණය අද දවස් වන්නේ ය” යි මහත් සංවෙගයට පැමිණ “ධාතු කෙනෙකුන් වහන්සේවත් මෙයින් මතු දර්ශකනයෙක් දුර්ලභ ය. එසේ හෙයින් මේ අන්තිම දර්ශනයෙහි අපගේ ‍ ශක්ති පමණින් පූජා කොට මේ පශ්චිම දර්ශදනය දැක ගමුය” යි උනුන් හට කිය කියා පඤ්ච සුද්ධවාසයන් හැර දහසක් සක්වළ දිව්‍ය බ්‍රරහ්මාදීන් ඇසිල්ලකින් බොධිමණ්ඩලයට රැස් ව පුෂ්ප පහන් සුවද දුමි, නෘත්යය ගීත, වාද්යාදීන් අප්‍රමාණ වූ පුජාවට පටන් ගෙණ බුදුවු දවස් මෙන් බුදුරජුන් පුදන්ට පටන්ගත් කල්හි, ධාතුරූපය ද ඔවුන්ගේ චිත්ත ප්‍රසාද භාවය අධික වන ලෙස ප්‍රාතිහාර්‍යය දක්වා, පලක් බැඳ වැඩසිටිනා සේක. මෙ‍සේ පලක් බැද වැඩහුන් ධාතු ශරීරයෙන් මහා තේජෝ ස්කන්ධයක් හටගෙන එය බ්‍රහ්ම ලොකය දක්වා පැන නැඟී ‍මහත් අද්භූත ප්‍රභා දක්වමින් ධාතු ශරීරය ආදාහනකෘත්‍ය කොට ධාතුස්කන්ධයෙන් මඳකුත් ශේෂ‍ නො කොට කපුරැ දැවිගියාක් මෙන් ශාන්ත වූ කල්හි, ඒ හැම ප්‍රාතිහාර්‍යය දුටු පංච සුද්ධාවාසයන් හැර අවශෙෂ දිව්‍ය, බ්‍රහ්මාදීහු දුකට පැමිණ “අහො ! බු‍ද්ධෝ; අහො! බු‍ද්ධෝ” යනාදී ලෙස අපමණ වැලපිමෙන් යුක්තව “‍කිමෙක් ද? සබඳිනි! බලව, අද දවස් බුද්ධ ආලොකය භවාන්ධකාරයෙන් වැසි යන ලදි. යැයි තෙවරක් පැදකුණුකොට වැද තමතමන්ගේ තැන් වලටම යති. මෙය ධාතු අන්තරධානය නමිවෙ.
මෙසේ තුන් සසුනේම පැවැත්ම රදා පවතිනුයේ පරියන්ති ශාසනය හෙවත් ත්‍රිපිටකයේ අන්තර්ගත බුද්ධ දේශනය මතය. මේ සසුන නසනුයේ පිටස්තරයන් නොව මෙ සසුනේම උපන් හිස් පුරැෂයන් විසින් බව බුදුපියානන්වහන්සේ විසින් දේශිතයි. ඒ අනුව මෙකි කරැ‍ණු කොසොල් රජතුමා දුටු 11 වන සිහිනයේ අර්ථයන් හා සසදාගත යුතුය.
තථාගත බුදුපියානන්වන්සේගේ අමෘතයක් බුදුවු බුදු බණ ඇසිමට ලත් අප මහත් පුන්‍යවන්තයෝ වෙමු.උන්වහන්සේගේ ධර්මය අසා සිටි තිරිසන් සත්ත්වයින් පවා දෙවි ලොවිහි උපන් බව විමානවත්තු ආදි ත්‍රිපිටක දේශනයන්හි සවිස්තරව ඇත. ජිවමාන බුදුරජුන් වැනිවු උන්වහන්සේගේ සුභාෂිත ධර්මස්කන්ධය අනාගත පරපුරටද නිකලැල්ව දායාදකර දෙලොව සැප සාදාගැනිමට අපිත් උත්සුක විමට සුදුසු කාලය දැන් එලබ තිබෙ.
බුදුසරණයි!