දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

යහපත් ශිෂ්‍යයා තමන්ගේ ගුරු ගෞරවය අමතක නොකරයි

මහාචාර්ය 
පාතේගම ඤාණිස්සර හිමි
රජගහ නුවර උපතිස්ස හා කෝලිත නමින් මිත්‍රයන් දෙදෙනකු ජීවත් වූ අතර එම මිත්‍රයන් දෙදෙනාටම පන්සියය බැගින් පරිවාර පිරිසක් සිටියහ.
එදා දඹදිව පැවතුණ සමාජය තුළ පිරිසක් හසුරුවාගෙන ආගමික සහ අධ්‍යාත්මික පක්ෂයට බරවුන පිරිසක් ආකාරයෙන් උපතිස්ස කෝලිත යන මිත්‍රයන් දෙදෙනා ජීවත් වුණා. ඒ නිසාම මෙම යහළුවන් දෙදෙනාටම විශාල පිරිවරක් එක්ව සිටියා. එදා සමාජය තුළ පැවතුණ නාට්‍ය උත්සවයක් නැරඹීමට දවසක් මෙම ම්ත්‍රයන් දෙදෙනාත් සහභාගි වී සිටියා. කඳු මුදුණකට නඟිමින් එම කඳු මුඳුන සිට උත්සවය පැවැත්වීම එම නාට්‍යයේ ස්වභාවය වු අතර එය ගිරග්ග සමජ්ජ නම්න් හැදින්වූවා.
එම උත්සවය නැටුම් උත්සවයක් වූ අතර කවුරුත් එකට එක්කාසුවී නැටීම එහි ස්වභාවයයි. නැටුම් ,උත්සවයකදී නැටුම් නටන පිරිස සුළු පිරිසක් වන අතර එම නාට්‍ය නරඹන පිරිස විශාල පිරිසක් වීම නාට්‍යයක සාමාන්‍ය ස්වභාවයක් වුවද, ගිරග්ග සමජ්ජ උත්සවය සදහා සහභාගි වන සියලුම පිරිස ඔවුන්ට සිතෙන සිතෙන ආකාරයට නැටුම් නැටීම එහි ස්වභාවයක්ව පැවතුණා. විවිධ ආකාරයට විවිධ ඉරියව් අනුව එය ගොඩනගාගෙන තිබූ අතර භාරත සමාජය තුළ පැවති නාට්‍ය උත්සවවල ගිරග්ග සමජ්ජ නාට්‍ය උත්සවය ඉතාම ප්‍රබල ප්‍රකට නාට්‍ය උත්සවයක් ද වුණා.
කෝලිතත් ඔහුගේ පිරිවරත් උපතිස්සත් ඔහුගේ පිරිවරත් නර්තන උළෙල නැරඹීම සදහා කඳු මුදුනට නැගිනු ලැබුවා. එම නරතන උළෙල නැරඹීමට පුදුම ආසාවකින් සහභාගි වුවත්, එම උත්සවයේ ස්වභාවය තේරුම් ගත් උපතිස්ස, කෝලිත මිතුරන් දෙදෙනාම එම උත්සවය එතරම්ම වැදගත් නොවන එකක් බව නර්තනය නරඹන අතරතුර දෙදෙනාම වටහාගනු ලැබුවා. මනුෂ්‍යයාගේ සිතේ දියුණුවටත් , අධ්‍යාත්මික දියුණුවටත්, දැනුුමේ වර්ධනයටත් කිසිදු අංගයක් මෙම උත්සවය තුළ නොමැති වීමම එයට හේතු වුණා. සිතූ සිතූ ආකාරයට ඔවුන්ගේ මනාපයට අනුව නර්තනයක යෙදී සිතේ සතුටක් ඇති කර ගැනීම මෙම නාට්‍ය උළෙලෙහි ස්වභාවයයි. ජීවිතයට හරයක් නැති දැනුුමට අර්ථයක් නැති අවබෝධය සඳහා අර්ථයක් නැති නාට්‍ය උළෙලක් හැටියට ඔවුන් එය අවබෝධ කරගත්තා. බොහෝ පිරිස විවිධ නැටුමට සහභාගිව සතුටු වන අතරේ උපතිස්ස, කෝලිත දෙදෙනා නැටුමට සහභාගි නොවී නර්තනයේ යෙදෙන පිරිසගේ නර්තනයන් දෙස බලා සිතේ අසතුටක් ඇතිකර ගත්තා.
එම අසතුට සිත තුළ දැඩි ලෙසට පැළපඳියම් වුණා. අපට සිතට සතුටක් ලැබෙන්න, දැනුුමක් ලැබෙන්න, අධ්‍යාත්මික වශයෙන් දියුණු පැත්තට බරවීම සදහා හොඳ ගුරුවරයකු හමුවට ගොස් දැනුමක් අවබෝධයක් ලබාගැනීමට හැකිනම් යහපත් බවට දෙදෙනාම කල්පනා කරන්නට යෙදුණා. මෙම එකම අදහස පිළිබඳව දෙදෙනාම සාකච්ජා කරන අවස්ථාව තුළ දෙදෙනාගේම අදහස් එකම ආකාරයෙන් ගැලපෙන බවට වැටහුණා. එම නිසා භාරත සමාජය තුළ හොද ආචාර්යවරයකු සිටින්නේ කොහේ්ද? යන්න සොයාගෙන යන අතර මඟදී, එක ගුරුවරයකු ළඟ මෙම දෙදෙනාට නතර වීමට සිදු වුණා. එම ගුරුවරයා නමින් සංජය ස්වාමීන් වහන්සේයි. ඒ කාලය තුළ පැවති විවිධ ආගම් අතර කිසියම් සමාජ මතයක් සමාජය තුළ පැළපැදියම් කිරීමට උත්සාහ දරන ගුරුවරයකු වූ සංජය ගුරුවරයා හමුවුණා. සිතට සැනසුමක් , සැනසිල්ලක් ලැබෙන යහපත් අර්ථයක් ලැබෙන දෙයක් සංජය ගුරුවරයා සමීපයෙහි ඇති බවට විශ්වාස කළ යහළුවන් දෙදෙනා එහි නතර වෙලා ඉගෙන ගත්තා. සංජය ගුරුවරයා උගන්වන සියලු පාඨමාලාවන්, සියලුම විෂයයන් ඉගෙන ගත් අතර, කාලය ගතවීමත් සමඟ ගුරුවරයා සතු සියලුම ශිල්ප ශාස්ත්‍ර ඉගෙන අවසන් නිසා ගුරුවරයා හා සමාන දැනුමක් ඔවුන් සතුව ඇති බවටත් තව දුරටත් ඉගෙන ගැනීමට අවශ්‍ය වුවත් ගුරුවරයා සතු සියලු දැනුම හදාරා අවසන් බව කල්පනා කළා. උපතිස්ස, කෝලිත ඇමතූ සංජය ගුරුවරයා ඔවුන්ට ප්‍රකාශ කරනු ලැබුවේ, ඔබ දෙදෙනාම මම හා සමානව ඉගෙන ගෙන තිබෙනවා. ඒ නිසා මම වගේ ගුරුවරයකු වන්න. මාත් සමඟ ගුරු සේවයෙහි යෙදෙමින් අනෙක් ශිෂ්‍ය පිරිසට ඉගැන්වීය හැකියි.
කෝලිතට තිබූ දැනුම පිපාසාව නිසා තව තවත් ඉගෙන ගැනීමට අවශ්‍ය වූ අතර උපතිස්සට ත් එවැනි ම අවශ්‍යතාවයක් තිබිණි. තමන් දන්න දැනුමෙන් ගුරුවරයකු ආකාරයට හිටියාට ඵලක් වන්නේ නැති බවත් තමාගේ මානසික අවශ්‍යතාවය ඉටුවන්නේ නැති බව සිතූ මිත්‍රයන් දෙදෙනාම සංජය ගුරුවරයාගේ ඉල්ලීමට එතරම් එකඟතාවයක් දැක්වූයේ නැහැ. තමාගේ දැනුම වැඩිකර ගැනීමේ අවස්ථාවන් ඒ තුළ නොමැති නිසා ඔවුන් දෙදෙනා එම අදහසට එකඟ වුනේ නැහැ. උපතිස්ස තරුණයා පාරේ ඇවිදගෙන යන විට ඉඳුරන් සන්සුන්, තැන්පත් ගමනින් ඉදිරියට ගමන් කරන කිසියම් කෙනකු හමුවුණා.
තමන් දන්නා දැනුමටත් වඩා තමාගේ ගුරුවරයාගේ දැනුමටත් වඩා දැනුමක් හාමුදුරුවන් තුළ ඇතිබවට උපතිස්ස තරුණයා කල්පනා කරනු ලැබුවා. හාමුදුරුවන් පසුපස ඇවිදගෙන ගොස් එම ස්වාමීන් වහන්සේ නතර වූ ස්ථානයක නැවතී කතාබහ කිරීමට පටන් ගත්තා.ඔබ කවුද? යනුවෙන් විමසූවිට මම අස්සජී යනුවෙන් අස්සජී හිමියන් පිළිතුරු ලබාදුන්නා. නැවතත් ඔබගේ ගුරුවරයා කවුද ? යනුවෙන් විචාරණ විට මගේ ගුරුවරයා බුදුරජාණන් වහන්සේ බව අස්සජී හිමියන් වදාරණු ලැබුවා. බුදුරජාණන් වහන්සේ ලෝකයට උගන්වන දර්ශනය කුමක්ද? ඔහුගේ ප්‍රශ්නයට පිළිතුරු දුන් අස්සජී ස්වාමීන් වහන්සේ , එම දර්ශනය ටිකක් ගැඹුරුයි. එම දර්ශනය පිළිබඳව එතරම් වැටහීමක් මටත් නැහැ. මම අලුත පැවිදි වූ අයෙක් කිසියම් වූ සිද්ධියක් ඇතිවීමට බලපානු ලබන්නේ කිසියම් වූ හේතුවක් තවත් හේතුවක් නිසා කිසියම් ඵලයක් ඇතිවෙනවා. එය නැවතත් හේතුවක් වෙලා වෙනත් ඵලයක් ඇතිවෙන බවත් එම ගුරුවරයා උගන්වන්නේ මෙවැනි දහමක් යනුවෙන් අස්සජී හිමියන් වදාළාට පසු දැනුම පිපාසාවෙන් හිටි උපතිස්සගේ මනසෙහි කිසියම් පිරීමක් ඇතිවුණා.
මෙම ප්‍රකාශ කරන අදහස් තුළ කිසියම් දර්ශනයක් තිබෙන බව උපති්ස්ස ප්‍රකාශ කරනු ලැබූ අතර එම සිතිවිලිවලට උපති්ස්ස එම සිතිවිලිවලට උපතිස්ස සෝවාන් ඵලය දක්වා රැගෙන යනු ලැබුවා. මෙතන තිබෙන අලුත් ඤාණය මගේ යහළුවටත් දැනුවත් කළහොත් හොඳ බව උපතිස්ස කල්පනා කරනු ලැබුවා. තම මිත්‍ර කෝලිත හමුවී මම අද දවසේ අලුත් කාරණාවක් අසන්න ලැබුණා යැයි ප්‍රකාශ කළ විට එම කාරණාව කුමක්ද? යනුවෙන් කෝලිත විමසනු ලැබු විට මට අද අස්සජී හාමුදුරුවන් හමු වූ බව උපතිස්ස ප්‍රකාශ කරනු ලැබුවා.
අස්සජී හාමුදුරුවන්ගේ ගුරුවරයාත් බුදුහාමුදුරුවන් . බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ හේතුව සියල්ලට පලපාන බවලු. හේතුවක් නිසා ඵලයක් හටගන්නවා. එම ඵලය නැවතත් හේතුවක් වෙන තැනදී වෙනත් ඵලයක් ඇති වෙනවා කියලා. එය හරිම අලුත් දර්ශනයක් වගේම නව සොයාගැනීමක් අපේ සිතිවිලි ගමන් කළ මාර්ගයට වඩා වෙනස් මාර්ගයක් මේ තුළ විශාල ගැඹුරක් තිබෙන බවට පේනවා වගේ යනුවෙන් උපතිස්ස පැහැදිළි කරන විට උපතිස්ස ප්‍රකාශ කළ කරුණු කාරණා අසා කෝලිත තමන්ගේ යහළුවන් ධර්මය පිළිබදව වැටහීමක් ඇති වුණා. දැනුම සොයාගෙන යන පිරිසට කුඩා කාරණාවක් ප්‍රකාශ කරනු ලැබුවත් ඉක්මනින් අවබෝධ වෙනවා. කෝලිතත් යහළුවාගෙන් බණ අහල සෝවාන් වුණා. කෝලිතත් උපතිස්සත් යන දෙදෙනාම බුදුරජාණන් වහන්සේ වැඩ සිටින්නේ කොහේද? කියලා සොයාගෙන ගොස් බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා.
උපතිස්ස පැවිදි වූවාට පසුව ශාරිපුත්ත නමින්ද, කෝලිත මිතුරා පැවිදි වූවාට පසු මොග්ගල්ලාන යන ශාසනික නාමයන් ලැබුණා. සැරියුත් හාමුදුරුවන්ටත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබු ධර්මය ඉතාම ඉක්මනින් වැටහීම නිසා සැරියුත් හාමුදුරුවන් බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා රහත් භාවයට පත්වුණා. මුගලන් හාමුදුරුවොත් පිළිවෙත් පුරල බුදුරජාණන් වහන්සේගෙන් බණ අහල රහත් භාවයට පත්වුණා. සංසාරිකව පූුරණය කරන ලද පාරම්තා සලකා බැලූ බුදුරජාණන් වහන්සේ එම දෙනමට ශාසනය තුළ අගතනතුරු ලබාදුන්නා. දකුණත් සව් සැරියුත් හාමුදුරුවන් වූ අතර වමත් සව් මුගලන් හාමුදුරුවන් වුණා.
අස්සජී ස්වාමීන් වහන්සේ ්එතරම් ඉහළට ගිය ස්වාමීන් වහන්සේ නමක් නොවේ. සැරියුත් හාමුදුරුවන් තම ගෝලයා වූවාට තම ගුරුවරයා අභිබවාගෙන ඉතාමත් ඉහළ තලයකටම නැගි උතුමෙකු වුවද, සැරියුත් හැමුදුරුවන් සැතපීමට පෙර හැමදාම වගේ අස්සජී ස්වාමීන් වහන්සේට නමස්කාර කිරීමේ පුරුද්දක් පැවතුණා. අස්සජී ස්වාමීන් වහන්සේ ලඟ වැඩ නොසිටියත් උන්වහන්සේ වැඩ සිටින දිශාවට වැඳීම සැරියුත් හාමුදුරුවන්ගේ සිරිත වුණා. සැරියුත් හාමුදුරුවන් කරන ක්‍රියාව දකින ඇතැම් ස්වාමීන් වහන්සේලා පුදුමයට පත්වුණා පමණක් නොවේ ව්මතියටත් පත්වුණා. ධර්ම මාර්ගයේ මෙතරම් දුරට ඉහළට ගිය සැරිියුත් හාමුදුරුවොත් ඊට පහළින් සිටින මුගලන් හාමුදුරුවන්ට වඳින්නේ මොකටද කියලා. එම කාරණාව බුදුරජාණන් වහන්සේටත් දැනගන්නට ලැබුණා.
තමන් කොපමණ ඉහළ තලයකට ගියත් ඒ ඉහළ තලයේ ඉඳගෙන බලන විට තමන්ට මුලින්ම ඉගැන්වූු ගුරුවරයා සිටින්නේ කෙතරම් පහළ තලයක වුවත් යහපත් ශිෂ්‍යයා තමන්ගේ ගුරු ගෞරවය අමතක නොකරන බවත්, තමන් ලබපු තත්වතානාන්තර පිළිබඳව සිතල තමන්ගේ ගුරුවරයා අමතක කරන්නේ නෑ. සැරියුත් මහ රහතන් වහන්සේත් ගුරුවරයාට සලකන මහ රහතන් වහන්සේ නමක් යනුවෙන් බුදුපියාණන් වහන්සේ දේශනා කරනු ලැබුවා.
වර්තමාන සමාජය තුළ සිටින බොහෝ පිරිසකට එම කතාම බොහොම වැදගත්වන පාඩමක් . තමන් ඉදිරියට ගිය විට ඉහළට ගිය විට පහළින් සිටි තමන්ට උදවු උපකාර කළ ඥාතීන් තමන්ට උදවු කළ ගුරුවරු තමන්ට උපස්ථාන කළ සමීප පිරිස අමතක කර ඉහළ සමාජයේ පිරිස සමඟ ජීවත් වීමට පටන් ගන්නවා. එය එතරම් යහපත් ක්‍රියාවක් නොවන බව සැරියුත් මහ රහතන් වහන්සේ ගේ කතාවෙන් පැහැදිළි වෙනවා.